• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරට ඇති අවසන් උත්තරය! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
අනුර ඉදිරියේ අලුත් අභියාචනාධිකරණ විනිසුරුවන් තිදෙනෙක් දිවුරයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැලවත්ත ඇතුළේ මේ මොහොතෙත් අද්භූත දේවල් සිද්ධ වෙමින් පවතින බවට ආරංචි පැතිරෙනවා. හෙට දවසේ තවත් ගිනිකෙළි සංදර්ශන වැලක් බලාගන්න ඔයාලටත් අවස්ථාව ලැබෙයි. ඇත්තටම මෙතැන පැහැදිලිවම හරිනිට සහ අනුරට එරෙහි කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙනවා. ඒක එක පැත්තකින් හරිනිව එලවන කුමන්ත්‍රණයක්. අනිත් පැත්තෙන් අනුරව යටත් කරන කුමන්ත්‍රණයක්. Sri Lanka Latest News

රටේ රාළ හිතනවා තරමක් දුරට හරි මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ආසියාවේ බලවතුන් දෙන්නා ඉන්නවා කියලා. හැබැයි ඒක තවමත් එළියට නොපෙන්වන අභ්‍යන්තර සටනක්. මේ පැලවත්ත කුමන්ත්‍රණයේ මහමොළකරු කවුද කියලා ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පැල්වත්ත කිව්ව ගමන් ඕනෙ කෙනෙක්ගේ ඔළුවට එන්නේ ටිල්වින්. හැබැයි දැන් පැලවත්තට Second offers කෙනකුත් ඉන්නවා. ඒ බිමල්.

බිමල් සභානායක ධුරයට අමතරව ටිල්වින්ගේ මාධ්‍ය ප්‍රකාශක වැඩෙත් කරනවා. පැලවත්තේ සිද්ධවෙන කුමන්ත්‍රණ, කුමන්ත්‍රණයක් නොවෙන බව සරලව රටේ ජනතාවට පෙන්වා දීම තමයි මේ දවස්වල බිමල්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ. බිමල් කුමන්ත්‍රණය කොච්චර තනුක කරලා තියනවාද කියනවා නම් ජෙප්පන්ට සහ ජෙබයියන්ට පේන්නේ එතැන කුමන්ත්‍රණයක් නැති විදිහයි.

ටිල්වින් – බිමල් කුමන්ත්‍රණයේ හරිනිට චාන්ස් එකක් නැති තරම්. අනුරට ලොකු පීඩනයක් දෙමින් ඉන්නවා. මේ දක්වා ආණ්ඩුවේ අසාර්ථකවීම්වලට හේතුව අනුර වැඩිපුර මාලිමාවට සහ ඉන්දියාවට බරව වැඩකිරීම බවත්, ඉක්මනින් අනුර යන ට්‍රැක් එක මාරුකරලා ටිල්වින් කියන ට්‍රැක් එකට අනුරව ගන්න දරන උත්සාහයක් තමයි මෙතැන තියෙන්නේ. අනුර එතැනට වෙනස් වෙනවා නම් අනුරට චානස් තියෙනවා.

ටිල්වින් කියන ගමන යන්න නම් දැන් මෙයාලට මාලිමාව ඉක්මනින් සුද්ද කරගන්න ඕනෙවෙලා තියනවා.Clean Sri Lanka දැන් Clean මාලිමා දක්වා වෙනස් වෙලා. වල් පැල ගලවලා මල් පැල හිටවපු අයටත් මල් පැල කියලා හිටවලා තියෙන්නේ වල්පැල බව දැන් පිළිගන්න සිද්ධ වෙලා. හැබැයි ඉතින් වල්පැල වුණත් බෙහෙතට ඕනෙ වෙන බව රනිල් දන්නවා. දැන් ටිල්වින්ගේ මේ project එක කාලරාමු සහිතව ක්‍රියාත්මක කරන්න ටිල්වින් – බිමල් සන්ධානය ලෑස්තියි.

අදියර පහක් යටතේ වැඩපිළිවෙළ ඉදිරියට යන්න සියලු කටයුතු සුදානම්. ඒකයි රටේ රාළ කිව්වේ හෙට අනිද්දටම පැලවත්තෙන් තවත් පිපිරුම් ශබ්ද ඇහෙයි කියලා. මේ යන්නේ පළමු අදියරයි. මේ තමයි සුදානම් කිරීමේ කාලපරිච්ඡේදය. ඊළඟට එන්නේ ප්‍රහාරයයි. ප්‍රහාරයෙන් පස්සේ එන්නේ අත්පත් කරගැනීමයි. ඇත්පත් කරගත්තට පස්සේ තමයි ටිල්වින්ගේ කෙටිකාලීන වැඩපිළිවෙළ සහ දිගුකාලීන වැඩපිළිවෙළ එන්න නියමිත.

වැඩේට සුදානම් වෙන බව බිමල්ගේ හැසිරීමෙන් ඔයාලටත් තේරෙනවා ඇති. බිමල් කියන්නේ අපි දැන් ඡන්ද අවසන් කරලා ඉන්නේ. ඡන්ද තුනම දිනුවා. දැන් වැඩ ටික හදාගෙන ඩ්‍රයිව් කරගෙන යන්නලු තියෙන්නේ. බිමල් කියන ඒ කතාව අස්සේ රටේ රාළ කියපු සියලු දේ තියනවා. බිමල් හරියට සරල කරලා මහ භයානක දෙයක් කියනවා.
හැබැයි රටේ රාළ එකක් දන්නවා. ඒ තමයි ඔය වැඩේ කවදාවත් කරන්න බෑ. මේ රට කවදාවත් තනි පක්ෂ පාලනයකට ගෙනියන්න බෑ. අවුරුදු 76ක් සර්වජන ඡන්ද බලයේ අයිතිය භුක්ති වින්ද මේ රටේ ජනතාව ප්‍රජාතන්ත්‍රවාදීව තමන්ගේ නායකයන් පත් කරගත්තා. දැන් මේ රටේ ජනතාවට ආපහු හැරෙන්න බෑ. ජවිපෙට ඕනෙ විදියට හැරෙන්න ජනතාව ලෑස්ති නෑ. ඒක නිසා ජවිපෙට වෙන්නේ ජනතාව කියන විදියට හැරෙන්න.

ඒකට හොඳම උදාහරණය තමයි රණවිරු සමරුව. රණවිරු සමරුවට සහභාගි වෙන්නේ නෑ කියලා මහ උද්දච්චකමෙන් හිටපු අනුර කුමාරට ජනතා බලයට යටත් වෙලා ඇවිත් රණවිරුවන් ඉස්සරහා දණ ගහන්න සිද්ධ වුණා. මාලනි ෆොන්සේකාගේ අභාවය ඉස්සරහා අනුර විතරක් නෙවෙයි මුළු ආණ්ඩුවටම දණගහන්න සිද්ධ වුණා. ඒකම තමයි මෙතැනදීත් ජවිපෙට වෙන්නේ. ටිල්වින් හිතනවා නම් මාලිමාවේ සෙට් එක අයින් කරලා ඔය පාර්ලිමේන්තුවේ ඉන්න ජවිපෙ වැඩ බැරි ටාසන්ලා ටිකට කැබිනට් ඇමැතිකම් ටික දීලා, බිමල්ට අගමැතිකම දුන්නාම වැඩේ හරි යයි කියලා රටේ රාළට කියන්න තියෙන්නේ ටිල්වින්ට වැරදිලා කියලයි.

මේ විදියට මේ ආණ්ඩුව ඉස්සරහට ගියත්, ඔය ටිල්වින් කරන්න හදන විදියේ ආණ්ඩුවකින් ඉස්සරහට ගියත් ගමන නම් වැඩි දුර නෑ. මොකද ටිල්වින් කරන ගොබ්බ වැඩවලින් ආර්ථික අර්බුදයට උත්තර ලැබෙන්නේ නෑ. කරගෙන තියන ගොන් වැඩ මදිවට තවත් ගොන් වැඩ කරන්න යෑමෙන් වෙන්නේ ගෙදර යෑම ඉක්මන් වීම විතරයි. ඇත්තටම මෙතැන උත්තරයක් හදනවා නම් හදන්න පුළුවන් අනුරට විතරයි.

ඒ ටිල්වින්ලා, බිමල්ලා කියන මෝඩ උත්තරවලින් නම් නෙවෙයි. අනුරට මොළේ කලඳක් හරි තියෙනවා නම්, අනුර කල්පනා කරන්න ඕනේ තනි පක්ෂ පාලනයක් ගැන නෙවෙයි. මේ අවුරුදු පහ කරලා ජනාතවගෙන් ගුටි නොකා ගෙදර යන විදියක් ගැනයි. ඒකට අවශ්‍ය කරන උත්තරය මාලිමාවත් එක්ක හදන්න බෑ. ජවිපෙ අය එක්කත් කරන්න බෑ. දෙගොල්ලො එකතු වෙලා දැන් මේ යන ක්‍රමයටත් බෑ. අනුරට තියෙන්නේ එකම උත්තරයයි.

ඒ තමයි අනුරගේ නායකත්වයට යටතේ සර්වපාක්ෂික ආණ්ඩුවක් හදන එක විතරයි. ඒ ආණ්ඩුවේ මුදල් ඇමැති ධුරය, ප්‍රතිපත්ති සැලසුම්, විදේශ ඇමැති ධුරය, අධ්‍යාපන, රාජ්‍ය පරිපාලන වගේ අමාත්‍යාංශ වෙනස් කරන්න ඕනෙ. ඒවාට හොඳ බඩු මාලිමාව ඇතුළේ නෑ. ඒවා සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ විපක්ෂයෙන් හොයාගන්න වෙනවා. වෙන නම් උත්තරයක් අනුරට නෑ. ඒ වගේම ඒ සර්වපාක්ෂික ආණ්ඩුවට සහය ලබාගැනීම සඳහා මහජන කවුන්සිලයක් එළියේ හදන්න ඕනේ. අන්තිම මොහොතේම හරි අනුර ඔතැනට තල්ලු වෙන්න පුළුවන්.

හරි එහෙනම් ගිහින් එන්නම්.
ජයවේවා.
මීට,
රටේ රාළ.

SendShareShare
Previous Post

තුසිත හල්ලොලුවත් ඇතුළේ! I Sri Lanka Latest News

Next Post

රට ඇතුළේ ඩෙංගු-චිකුන්ගුන්යා වසංගත තත්ත්වයට ඇවිත්! සෞඛ්‍ය අංශවලින් බරපතළ අනතුරු ඇඟවීමක්! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.