• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිධානයේ අයිරින් සහ බඹරු ඇවිත් හෙලන්! Sri Lanka Latest News

May 31, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මාලනීගේ රංගනයේ තිබෙන සුවිශේෂම කාරණය ඇය කිසිම රංගන පාසලකින් හෝ සිනමා පාසලකින් රංගනය හදාරලා නැහැ. මාලනී සිය රංගනය ඉගෙනගන්නේ තමාගේ ජීවිතයෙන්. තමාට සිදුවූ සමාජයීය අත්දැකීම්වලින්. තමා සමාජය දුටු ආකාරයෙන්. මේ කියන කාරණාවලින් තමයි මාලනී සිය රංගනය හැදෑරුවේ’ යනුවෙන් මා සමග ප්‍රකාශ කළේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය. Sri Lanka Latest News

හෙළ සිනමාවේ නිළි රැජින මාලනී ෆොන්සේකාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නිදහස් චතුරස්‍රයේ සිදුවීමෙන් අනතුරුව එම දේහය සහිත චිතකයට ගිනි දල්වා ටික වේලාවක් යනවිට මා හට ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හමුවිය.

මාලනීගේ රංගන ශෛලිය පිළිබඳ මා විමසූ කාරණයට පිළිතුරක් ලබාදෙමින් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මේ බව පැවැසීය.
තවදුරටත් මාලනීගේ රංගනය ගැන අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් මෙසේද පැවැසීය.

‘මාලනීගේ රංගනය ගැන කියන්න ගොඩක් දේවල් තියෙනවා. තවත් විශේෂම දෙයක් තමයි, මාලනීගේ රංගනය සම්බන්ධයෙන් කිසිම විචාරකයෙක් විවේචනාත්මකව විචාරයක් ලියලා තියෙනවා මං දැකලා නැහැ. ඕනෑම රංගනවේදියකුගේ සුළු අඩුපාඩුවක් හෝ ඒ කාලයේ විචාරක ඇසට හමුනොවන්නේ ඉතා කලාතුරකින්. විචාරකයකුගෙන් දොසක් අහන්නේ නැතුව සිටීම තුළින්ම මාලනීගේ රංගන ප්‍රතිභාව ගැන හිතන්න පුළුවන්.’

‘මාලනීගේ රංගන පරාසය ඉතා පුළුල්. එසේම චරිතවලට ඇතුළු වීමට මාලනීට තිබෙන්නේ පුදුම හැකියාවක්. කලාත්මක, වාණිජ සිනමා පට කියලා මාලනීට කිසිම භේදයක් නැහැ. ඒ ඕනෑම සිනමා පටයක ඕනෑම චරිතයකට ඇය උපරිම ලෙස සාධාරණය කරනවා.

“නිධානය’ චිත්‍රපටයේ උදේට රඟපාන මාලනී හවසට ‘කවුද රජා’ චිත්‍රපටයේ රඟපානවා. එහෙම කරන්න නම් සුවිශේෂ හැකියාවක් තියෙන්නම ඕනේ. එහෙම කරලත් ඒ දෙවර්ගයේම චිත්‍රපට චරිතවලට උපරිම සාධාරණීකරණයක් කිරීමට හැකියාවක් මාලනීට තිබුණා. ඒකයි විශේෂත්වය.’

‘මහාචාර්යතුමනි, මාලනී ෆොන්සේකා කොහොමද එකවර විවිධ චරිතවලට ප්‍රවේශය ගන්නේ? ඒක ඉතා අභියෝගාත්මක කාරණයක් නේද?’ යනුවෙන් මම තවත් පැනයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට යොමු කළෙමි.

‘ඔව්, ඒක පහසු දෙයක් නෙවෙයි. මාලනී ඉගෙනගත්තේ ජීවිතය නමැති රංගන පාසලෙන්. තමන්ගේ ජීවිතයම ඇය රංගන පාසලක් කරගත්තා. ඇයගේ මුහුණේ හැම විටම ළෙන්ගතු, දයාබර, අව්‍යාජ සිනාවක් තිබෙනවා. ඇයගේ මෙම සිනාව මාලනීගේ නිහතමානීත්වයේ සංකේතයක් කිව්වොත් නිවැරැදියි.’

‘සමහර වෙලාවට ඇය සිනාසෙන්නේ තමන්ගේ ජීවිතයේ දුක් වේදනා කම්කටොලු හිතේ තබාගෙන. ඕනෑම දුකක් හිතේ තබාගෙන එය අන් අයට නොපෙන්වා ළෙන්ගතුව සිනාසීමේ පුදුම හැකියාවක්, දැඩි ආත්ම විශ්වාසයක් මාලනී තුළ තිබුණා…’ යනුවෙන්ද ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ප්‍රකාශ කළේය.

‘මහාචාර්යතුමනි, සිංහල සිනමාව තුළ මාලනීට හිමිවන්නේ කුමක්ද? මම තවත් පැනයක් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ට යොමු කළෙමි.
‘සිංහල සිනමාවට එතෙක් මෙතෙක් පහළ වූ ශ්‍රේෂ්ඨතම කාන්තාව මාලනී ෆොන්සේකා. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. ඊට කලින් හිටියේ රුක්මණී දේවි. රුක්මණී දේවිට මාලනී වගේ විශාල පරාසයක වැඩ කරන්න ලැබුණේ නැහැ. මාලනී සිංහල සිනමාවේ අතිවිශාල පරාසයක වැඩ කළා.’

‘සිංහල සිනමාව විජය, මාලනී, එච්.ආර්. ජෝතිපාල යන කලාකරුවන් කුලුනු 3ක් ලෙස බර දරාගෙන හිටියා කිව්වොත් කවුරුත් ඊට විරුද්ධ වෙන එකක් නැහැ…’ යනුවෙන් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ඊට ප්‍රතිචාර දැක්වීය.

‘මාලනීගේ විශිෂ්ටතම චරිත නිරූපණය කුමක්ද කියලා මහාචාර්යතුමාට කියන්න පුළුවන්ද?’
‘මාලනී සිංහල සිනමාවේ අභියෝගාත්මකම චරිත රැසක් කළා. ඇයගේ හැම රඟපෑමක්ම විශිෂ්ටයි. මං හිතන්නේ එයිනුත් මාලනීගේ විශිෂ්ටතම රංගනය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘නිධානයේ’ අයිරින්ගේ චරිතයයි.’

’අයිරින්ගේ චරිතයේ තිබෙන අභ්‍යන්තර කරුණු ඉතා සියුම්ව මාලනී තම මුහුණෙන් පෙන්නුම් කරන ආකාරය විශිෂ්ටයි…’ යනුවෙන් ප්‍රකාශ කළ ජ්‍යෙෂ්ඨ මහාචාර් සුනිල් ආරියරත්නයන් මාලනී ෆොන්සේකා රංගනවේදිනිය ගැන සිදුකළ කෙටි කතාබහ එසේ අවසන් කරන විට මාලනීගේ දේහය චිතකයේ දැවෙමින් තිබිණි.

මාලනී ෆොන්සේකා රංගනවේදිනිය සමග වසර කිහිපයකට පෙර පුවත්පතකට කළ සම්මුඛ සාකච්ඡාවක කොටස් පහත පළකරන්නේ එමගින් මාලනී ෆොන්සේකා රංගනවේදිනියගේ ප්‍රතිභාව ගැන යම් වටහාගැනීමක් ගත හැකි නිසාය. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් සමග මාලනී රංගනවේදිනිය ගැන කළ කෙටි කතාබහ සහ මාලනී මීට පෙර මා සමග දැක්වූ අදහස්වලින් මාලනියගේ රංගන ප්‍රතිභාවේ රහස කුමක්දැයි වටහාගැනීමට අපහසු නොවනු ඇත.

‘අපේ පවුලේ සහෝදර සහෝදරියන් 11 දෙනෙක් හිටියා. ඒ තරම් විශාල පවුලක් නඩත්තු කරන එක ආර්ථික පැත්තෙන් එක්තරා අභියෝගයක්. කොහොම හරි අම්මයි තාත්තයි එකතු වෙලා අපි 11 දෙනා උස්මහත් කළා. ඒ අත්දැකීම් විශාල සෙවණක් විදියට මගේ ජීවිතේ පුරා තැන්පත් වෙලා තිබුණා.’

‘එකට එකතු වෙලා පුළුවන් විදියට සතුටෙන් ජීවත් වෙන එක මං කුඩා කාලෙදී හොඳින්ම අත්වින්දා. අද පවතින තරගකාරී සමාජය සමග පවුල් සංස්ථාවල බොහොම දුරස්ථවීම් දැකගන්න පුළුවන්. එමගින් කුඩා ළමයින් බොහෝ මානසික පීඩාවන්ට ලක්වෙනවා. නමුත් මගේ කුඩා කාලෙදී ඒ වගේ දෙයක් අත්වින්දේ නැහැ.’

‘සහෝදර සහෝදරියන් 11 දෙනා සමග මගේ තිබුණේ පුදුමාකාර බැඳීමක්. තවමත් ඒ දයාව සෙනෙහස අප අතර තියෙනවා. ඔවුන් සමග කුඩා කාලේ සිට මට තිබුණු විවිධ අත්දැකීම් මගේ රංගන ජීවිතයට බෙහෙවින් බලපෑවා. සාමූහික ප්‍රයත්නයක සාර්ථකත්වය මං මුලින්ම දුටුවේ මගේ පවුලෙන්…’

‘බෞද්ධ ආචාර්ය විභාගය සමත් වුණු මගේ තාත්තා පොතපතට දැක්වූයේ විශේෂ උනන්දුවක්. තාත්තා මුද්‍රණාලයක වැඩකරපු නිසා පොත්පත් කියවීමට නිතරම මට අවස්ථාව උදාවුණා.’

‘මගේ සීයා ඒබ්‍රහම් සිල්වා මහතා නූර්ති නාඩගම්වලට සම්බන්ධ වෙලා හිටපු ප්‍රසිද්ධ පුද්ගලයෙක්. පොඩි කාලේ චිත්‍රපට බලන්න අපේ පවුලේ 11 දෙනා එකපාරට එක්ක යන එක හරි අමාරුයි.’

“කැලෑ හඳ’, ‘පුරුෂ රත්නය’ වගේ චිත්‍රපට බැලූ කාලය මට යන්තම් මතකයි. මගේ ලොකු අයියා ආනන්ද ෆොන්සේකායි මායි ගුවන්විදුලියේ ළමා පිටියේ වැඩසටහන්වලට කුඩා කාලෙදීම සම්බන්ධ වුණා. කැලණිය ගුරුකුල විද්‍යාලයට ගිය මං පාසල් වේදිකා ප්‍රසංගවලින් කලාවට එක්වුණා. මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ එච්.ඩී. වීරසිංහ මහතාගේ ‘නොරත රත’. පාසල් වේදිකාවට පින් සිද්ධ වෙන්නයි මට ඒ නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබුණේ…’ යනුවෙන් මාලනී ෆොන්සේකා රංගනවේදිනිය ප්‍රකාශ කළාය.
මීට අමතරව වේදිකා නාට්‍ය කිහිපයක් සම්බන්ධයෙන්ද මාලනී ෆොන්සේකා රංගනවේදිනිය මා සමග අදහස් පළ කළාය.

එදා මාලනී ෆොන්සේකා රංගනවේදිනිය සිනමාව හා ඇය රඟපෑ චරිත කිහිපයක් ගැන අදහස් පළ කළේ මෙසේය.
“අක්කර පහ’ චිත්‍රපටයේ කුමාරි ලෙස මාව තෝරාගත්තාට පස්සේ ලෙස්ටර්ගේ චිත්‍රපටයක රඟපාන්න ලැබීම ගැන මං හිටියේ පුදුමාකාර සතුටකින්. මුලින්ම ඔහුගේ ‘ගොළු හදවත’ චිත්‍රපටයේ රඟපාන්න සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වුණත් මාව තේරුණේ නැහැ. ‘අක්කර පහ’ චිත්‍රපටයේ කුමාරි තම මල්ලිගේ බරත් අරගෙන ජීවත් වෙන්න උත්සාහ දරන ගැහැනියක්. මගේ පුද්ගලික ජීවිතයේදී සහෝදරියන් සමග ගතකළ ජීවිත අත්දැකීම් මේ චරිත නිරූපණය සඳහා බෙහෙවින් ඉවහල් වුණා. තමා මුදල් එකතු කළ කැටේ කඩලා කුමාරි මල්ලිට සල්ලි දෙනවා. ඒ වෙනකොටත් කැට කඩලා මට පුරුද්දක් තිබුණා…’

‘රංගනයේදී විශාල බරක් මගේ හිතට ගන්න ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉඩ දුන්නේ නැහැ. මං නිදහසේ චරිතයට පිවිසුණාට පසුව සුළු වෙනස්කම් තමයි ආචාර්ය ලෙස්ටර් කරන්නේ…’

‘ජී.බී. සේනානායක සූරීන්ගේ කෙටිකතාවක් ඇසුරෙන් ආචාර්ය ලෙස්ටර් නිර්මාණය කළ ‘නිධානය’ චිත්‍රපටය සඳහා මාව තෝරාගැනීමෙන් අනතුරුව ඒ අයිරින්ගේ චරිතය ගැන මට විශාල වශයෙන් පැහැදිලි කළා. අයිරින් කියන චරිතය ගැන ආචාර්ය ලෙස්ටර්, තිස්ස අබේසේකර, සුමිත්‍රා පීරිස්, ගාමිණී මට නිතරම කියලා දුන්නා…’

‘අයිරින්ට උපන් ලප 3ක් තිබුණා. මගේ උපන් ලප සුමිත්‍රා පීරිස් මහත්මිය දැක්කේ ‘නිධානය’ චිත්‍රපටය රූගත කිරීම් ආසන්න වෙද්දී.’

‘ගාමිණී ෆොන්සේකා වැනි මහා පෞරුෂයක් තිබෙන කලාකරුවකු සමග රඟපාන්න ලැබීමත් වාසනාවක්. ගාමිණී ෆොන්සේකාගෙනුත් අයිරින්ගේ චරිතය රඟපාන්න විශාල පිටිවහලක් ලැබුණා.’

‘රාජගිරියේ ඔබේසේකර වලව්වේ තමයි ‘නිධානය’ රූගත කිරීම් කළේ. ඔබේසේකර වලව්වට ඇතුළු වෙනකොටම අයිරින්ට අවශ්‍ය මානසිකත්වය මට ඉබේම ඇතිවෙනවා..’
‘ගෙදර පරිසරයටත් සැමියාගේ පෞරුෂයටත් හිරවී ගැමි සාරධර්ම රැකගැනීමට වෙරදරන කුල කාන්තාවක් වශයෙන් මං අයිරින්ගේ චරිතය දකිනවා…’

“එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපය ධර්මසේන පතිරාජ අතින් නිර්මාණය වෙනකොට ‘අහස් ගව්ව’ චිත්‍රපටයෙන් මං ඔහුව හඳුනාගෙන තිබුණා. ‘එයා දැන් ලොකු ළමයෙක්’ සිනමා පටයේ සුසිලාගේ මල්ලිට රඟපෑවේ මගේම මල්ලිමයි. ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන ගමන් තමන්ගේ පවුල රැකගන්න වගකීමක් සුසිලා දරනවා. ධර්මසේන පතිරාජ බොහොම සැහැල්ලුවෙන් නළු නිළියන් මෙහෙයවන අධ්‍යක්ෂවරයෙක්.’

“බඹරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන්ගේ චරිතයට මාව තෝරාගත්තට පස්සෙයි පතිරාජ මට පිටපත දුන්නේ. පැයක් යන්න කලින් මං පිටපත එක දිගට කියවාගෙන ගියා. ඒ තරමටම ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයයේ තිර පිටපත ඉතා රසවත්ව ලියලා තිබුණා. ඒ වෙලාවෙම මට හෙලන් කියන්නේ මොන වගේ ගැහැනියක්ද කියලා අවබෝධ වුණා.’

“නිධානය’ චිත්‍රපටයේ අයිරින් අභ්‍යන්තරයට නැඹුරු වූ චරිතයක්. ‘බඹුරු ඇවිත්’ චිත්‍රපටයේ හෙලන් මතුපිටින් දිවයන චරිතයක් පමණයි. හිතේ අභ්‍යන්තරය සමග සිදුවෙන ගනුදෙනුවක් හෙලන් ළඟ නැහැ. මුහුදුකරේ මිනිසුන්ගේ ජීවිතවල විවෘතභාවය හෙලන් තුළින් මතුවී පෙනෙනවා. ඔවුන් කිසි දෙයක් හංගන්නේ නැහැ. ඇන්ටයියා වගේ හිත හොඳ මනුස්සයෙක් සමහර වෙලාවට ආදරේට කතාකරන්නෙත් කුණුහරුපයක් කියලා…’

‘කල්පිටියේ තමයි ‘බඹරු ඇවිත්’ රූගත කළේ. විජය, ජෝ, කලං, කොස්තා, සෝමසිරි දෙණිපිටිය, සිරිල් වික්‍රමගේ, පතිරාජ ඇතුළු අපි කට්ටිය හරිම විනෝදෙන් තමයි ‘බඹරු ඇවිත්’ සිනමා පටය රූගත කළේ.

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

ලොකු ලොකු නම් තියෙන තවත් හිටපු මැති ඇමැතිවරු ඇතුලු ලොක්කන් 20ක් ඇතුළට ගන්න සියල්ල ලෑස්තියි! Sri Lanka Latest News

Next Post

ඉදිරි පැය 36 අවදානම්! අලුත් නිවේදනයක් නිකුත් වෙයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.