දිවයිනේ විශාලතම ගංජා ජාවාරම්කරු බවට ආරක්ෂක අංශ සැක පළකරන ඇඹිලිපිටියේ පදිංචි ජේ.ඒ.ජයසිංහ හෙවත් ‘බතල හීන්මහත්තයා’ නමැත්තාට අයත් රුපියල් කෝටි 10ක පමණ වටිනා දේපොළ අද (28) නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් තහනම් කරනු ලැබීය.Sri Lanka Latest News
ඊට ඇඹිළිපිටිය මහ රෝහල ඉදිරිපිට පිහිටි ෆාමසියක් සහිත තෙමල් ගොඩනැගිල්ලක්,චන්ද්‍රිකා වැව ඉදිරිපිට පිහිටි හෝටලයක් ඇතුළත්ය.
මෙම දේපළ අදාළ පුද්ගලයාගේ බිරිඳගේ නමින් මිලදීගෙන ඇති අතර ඒ සඳහා මුදල් උපයාගත් ආකාරය ප්‍රකාශ කිරීමට ඔවුන්ට නොහැකි වී තිබේ.
ඒ අනුව අදාළ දේපළ දින 7ක කාලයකට තහනම් කෙරුණි.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු සැකකරු හෙට (29) වැල්ලවාය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.










