පළාත් පාලන ආයතනවලට මන්ත්‍රීවරුන් පත් කිරීමේ දී ඇති වූ යම් යම් මතවාදී ගැටුම් නිසා සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශ කළත් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉතා නම්‍යශීලී, ඇහුම්කම් දෙන අයකු නිසා අප මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත් එම සාකච්ඡාවලින් පසු ඉදිරියේ දී යම් යම් තීරණ ගන්නා නිසා ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරන බවට සමගි ජන බලවේගයේ නායකවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා පැවසූ බවත් ගාල්ල ආසන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
එබැවින් වෙනත් ගැටලු නොමැති බවත් වෙනත් දේශපාලන පක්ෂවල අවශ්‍යතාවලට අනුව කටයුතු කරන්න අවශ්‍ය නොමැති බවත් සැබවින්ම ප්‍රාදේශීය නායකයන්ගේ වෙනුවෙන් පෙනී සිටි බවත් එය යුතුකමක් බවත් තමාට පෞද්ගලික මන්ත්‍රීකම් අවශ්‍ය නොවන බවත් තමාගේ ඉල්ලීම්වලට සජිත් ප්‍රේමදාස මහතා ඇහුම්කන් දුන් නිසි පෙර පරිදිම අදාළ තනතුරුවල කටයුතු කරන බවත් හෙතෙම පැවසීය.










