ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.Sri Lanka Latest News
ඒ පසුගිය 24 වනදා අදාළ පොලිස් සැරයන්වරයා හා පුද්ගලයෙකු අතර බහින්බස්වීමක් අතරතුරදී සිදුකළ පහරදීමක් සම්බන්ධයෙනි.
අදාළ පොලිස් නිලධාරියා විසින් පහරදීමක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතී.
එම සිදුවීම ගොකරැල්ල පොලිස් වසමේ ඉබ්බාගමුව – මඩගල්ල මාර්ගයේදී අධික වේගයෙන් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු හා කාන්තාවක් පොලිස් නිලධාරීන් විසින් පරීක්ෂා කිරීමට යාමේදී ඇතිවූ බහින් බස් වීමකින් සිදුව ඇති බවට කරුණු අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් විමර්ශනයක් ආරම්භ කර විඩීයෝ දර්ශනයට අදාළ පුද්ගලයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ගොකරැල්ල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික් I පොලිස් අධිකාරිවරයා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.










