• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News

May 23, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
හැව්ලොක් සිටියෙන් ඇල්ලූ රත්තරන් T56ට පොලිසිය දුමින්දව අත්අඩංගුවට ගනී! දුමින්දගේ කෝකියා සියල්ල වමාරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කොළඹ හැව්ලොක්සිටි සුපිරි නිවාස සංකීර්ණයේ නිවසක රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සඟවා තැබූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රීලනිප මහ ලේකම් හා හිටපු ඇමැති දුමින්ද දිසානායක අත්අඩංගුවට ගැනීමට පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයකටයුතු කර ඇත.Sri Lanka Latest News

මෙම ටී 56 අවිය හැව්ලොක්සිටි නිවස වෙත රැගෙන ගිය හිටපු ඇමැතිවරයාගේ අරක්කැමියා ද පොලිසිය මගින් පෙරේදා (23දා) රාත්‍රි අත්අඩංගුවට ගෙන තිබිණි. සැකකාර අරක්කැමියා පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇත්තේ මෙම අවිය හිටපු ඇමැතිවරයා විසින් තමාට ලබාදුන් බවය. එය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ 19වැනි මහලේ පදිංචි 68 හැවිරිදි කාන්තාවට භාරදෙන ලෙස තමාට උපදෙස් දුන් බව ද සැකකරු ප්‍රකාශ කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට ත්‍රස්තවාදී විමර්ශන ඒකකය වෙත භාර දුන් බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා කියා සිටියේය.

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට මෙම ටී 56 අවිය කොටස් එකලස් කර නිෂ්පාදනය කළ එකකි. එහි අංග 4ක කොටස් ඇති අතර එම අවිය පිළිබඳව වාර්තාවක් ලබාදීමට රජයේ රස පරීක්ෂක වෙත භාර දී ඇත.

මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති දුමින්ද දිසානායකගේ අරක්කැමියාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගන්නා අතර ඉන් අනතුරුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා හිටපු ඇමැතිවරයා ද අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව පොලිසිය පවසයි.

විමර්ශනවලදී හෙළි වී ඇති අන්දමට මෙම ටී 56 අවිය හැව්ලොක්සිටි නිවාස සංකීර්ණය වෙත ගෙනැවිත් ඇත්තේ මීට මාස 06කට පමණ පෙරය. ඒ වර්තමාන රජය විසින් බලපත්‍රලාභීන්ගේ ගිනි අවි එකතු කිරීම ආරම්භ කිරීමෙන් පසුවය.

කෙසේ වෙතත් මෙම අවියට කිසිදු බලපත්‍රයක් හෝ එය ලබාගත් ස්ථානයක් පිළිබඳ තොරතුරක් නොමැති බව පොලිසිය පවසයි.

හැව්ලොක්සිටිහි පදිංචි 68 හැවිරිදි කාන්තාව දුමින්ද දිසානායකගේ පවුලේ හිතවතකු වන අතර ඒ හිතවත්කම මත මෙම අවිය සහිත බෑගය එහි සඟවා තැබීමට භාර දී තිබී ඇති බව ද අනාවරණය වී තිබේ.

කෙසේ වෙතත් මෙම කාන්තාව එම අවිය සහිත බෑගය භාරගෙන ඇත්තේ එය ටී 56 අවියක් බව නොදැන බව ද විමර්ශනවලින් හෙළි වී ඇත. එම අවිය සෙල්ලම් ආයුධයක් යැයි සිතා ඔවුන් නිවසේ තබාගෙන සිට ඇත.

මෙම 68 හැවිරිදි කාන්තාවගේ ලේලිය විසින් ටී 56 අවිය අතේ රැගෙන හැව්ලොක්සිටි නිවාස සංකීර්ණයේ සෝපානය අසල සිටියදී එය දැක ඇති ආරක්ෂක නිලධාරියකු එය පරීක්ෂා කර තිබේ.

එහිදී එම කාන්තාව පවසා ඇත්තේ මෙම අවිය සෙල්ලම් ගිනි අවියක් බවයි. එහෙත් අවිය ඉස්තරම් වර්ගයේ ටී 56 අවියක් බව හඳුනාගත් ආරක්ෂක නිලධාරියා ඒ බව පොලිසියට දැනුම් දීමෙන් පසු මෙහි සුලමුල අනාවරණය විය.

Divaina

SendShareShare
Previous Post

එක ළඟ වාඩිවෙලා හිටියාට වැඩක් නෑ දෙන්නා සැකයෙන් නම් ඉන්නේ! මරික්කාර් හරිනිගෙන් ප්‍රශ්නයක් අහන ගමන් ඒ කිව්වේ මොකද්ද? කව්ද ළඟ වාඩිවෙලා ඉන්න දෙන්නා? VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුව ජනවරම පාවා දුන්නා! ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කිව්වේ IMF ගිවිසුම වෙනස් කරලා අලුත් ගිවිසුමකට යනවා කියලා! ඒ පොරොන්දුව කැඩුවා! ධන කුවේරයන් ආරක්ෂා කරලා අසරණ මිනිස්සු පිට විශාල බදු බරක් පටවලා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.