හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් භාරයට ගත් T-56 ගිනි අවිය සම්බන්ධයෙන් සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය පවසනවා .Sri Lanka Latest News
ඊයේ (20) වන දහවල් කාලයේදී හැව්ලොක් නිවාස සංකීර්ණයේදී පොලිස් හාරයට ගන්නා ලද T-56 ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි සැකකාරිය හා තවත් කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
අවුරුදු 40 හා 68 යන වයස්වල පසුවන මෙම කාන්තාවන් දෙදෙනෙක් බත්තරමුල්ල හා කොළඹ 06 ප්‍රදේශ වල පදිංචිකාරිනියන් බව පැවසෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාරියන් අද (.21) දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වැල්ලවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.










