• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හල්ලොලුවට වෙඩි තියපු සිද්ධියේදී CCD එක හල්ලොලුවගේ නීතීඥ දොඩම්ගොඩගෙන් ජංගම දුරකතනය ඉල්ලයි! අධිකරණ නියෝගයක් අරන් එන්න දෙන්නම්! දොඩම්ගොඩ CCD අධ්‍යක්ෂට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News

May 20, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
හල්ලොලුවට වෙඩි තියපු සිද්ධියේදී CCD එක හල්ලොලුවගේ නීතීඥ දොඩම්ගොඩගෙන් ජංගම දුරකතනය ඉල්ලයි! අධිකරණ නියෝගයක් අරන් එන්න දෙන්නම්! දොඩම්ගොඩ CCD අධ්‍යක්ෂට ලිඛිතව දැනුම් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයකුව සිටි තුසිත හල්ලොලුව ගමන්ගත් වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා ඔහුගේ නීතිඥයා වන දිනේෂ් දොඩම්ගොඩ ගේ ජංගම දුරකථනය බාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය විසින් දැනුම්දීමක් කර ඇත.Sri Lanka Latest News

තුසිත හල්ලොලුව මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී නාරහේන්පිට වටරවුම පාර ප්‍රදේශයේ දී පසුගිය දා (මැයි 17) රාත්‍රී යතුරුපැදියකින් පැමිණි නාදුනන දෙදෙනෙකු විසින් ඔහුගේ වාහනයට වෙඩි තැබීමක් සිදුකර තිබුණි.

එම අවස්ථාවේ දී මෝටර් රථය තුළ තුසිත හල්ලොලුව ගේ නීතීඥවරයා වන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ සිටි අතර ඔහු ද සුළු තුවාල ලබා රෝහල්ගත කර තිබිණ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර ගනිමින් නාරහේන්පිට ප්‍රදේශයේ දී මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත මේවනවිට බාර දී ඇත.

ඉදිරි විමර්ශන කටයුතු සඳහා තමාගේ ජංගම දුරකථනය ඉල්ලා සිටීම සම්බන්ධයෙන් විරෝධයක් මතුකරන නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ, තමා වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, තමාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස තමාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම තමගේ වගකීමක් හා අයිතියක් බව පවසයි.

විමර්ශනයට අදාල කරුණු සම්බන්ධයෙන් තමා සම්බන්ධ වූ කාලයට අදාලව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් තමාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබා දෙන බව ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය වෙත දැනුම්දී ඇත.

එම කාරණය සඳහන් කරමින් නීතිඥ දිනේෂ් දොඩම්ගොඩ කොළඹ අපරාධ කොට්ඨාශයේ අධ්‍යක්ෂ වෙත කල ලිඛිත දැනුම්දීම මතු දැක්වේ.

විමර්ශනයක් සඳහා මාගේ ජංගම දුරකථනය භාර දෙන ලෙස කළ ඉල්ලීම සම්බන්ධවයි.

ඉකුත් 17 වෙනි සෙනසුරාදා රාත්‍රී, මා, මාගේ සේවාදායක තුසිත හල්ලොලුව මහතා සමග ජනාධිපති නීතීඥ නීති උපදේශන සේවාවකට සහභාගීවි, නාරාහෙන්පිට වට රවුම පාරෙන් ආපසු පැමිණීමේදී අප ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය සඳහා මාගේ ජංගම දුරකථනය ලබා දෙන ලෙස ඔබ විසින් ඊයේ (19) දින මා වෙත වාචිකව දැනුම් දෙන ලදී.

මා වෘත්තියෙන් නීතීඥයෙකු වන අතර, මාගේ සියළු සේවාදායක ලිපි ගොනු විස්තර ද එම දූරකථනයේ ගබඩා වී ඇති බැවින්, නීතීඥවරයෙකු ලෙස මාගේ වෘත්තීමය වගකීම සහ අයිතිය අනුව (The lawyer-client relationship) එකී තොරතුරුවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම මගේ වගකීමකි, අයිතියකි.

ඒ කෙසේ වෙතත්, එකී තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වන සහ ඒ බව මා හටත් සහතික වන පරිදි සහ මා විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කිරීමට නියමිත නඩුකරය විසින් නියම කරන මගපෙන්වීම් අනුව කටයුතු කිරීමට මම බැදී සිටිමි. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීරණයක් අනුව මගේ දුරකථනය ඔබේ විමර්ශනය සඳහා ලබා දීමට මම බැඳී සිටීමි.

එසේම, ඔබ විමර්ශනයට අදාල කරුණු සම්බන්ධයෙන් මා සම්බන්ධ වූ කාලයට අදාලව ගරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දෙන සීමා මායිම් පිළිබඳ මග පෙන්වීම් අනුව පමණක් මාගේ දුරකථන පරීක්ෂාවට ඉඩ ලබා දෙන බවද දන්වනු කැමැත්තෙමි.

එසේම, ඔබ විසින් ගරු ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය ලබා ගැනීමට අයැදුම් කරද්දී, මෙම ලිපිය අමුණා එම අයැදුම සමග ඉදිරිපත් කරන මෙන්ද දන්වනු කැමැත්තෙමි.
ස්තුතියි.

මෙයට
Dinesh D. Dodamgoda

Director DDC M PDF 337Download
SendShareShare
Previous Post

2019 ඇමැතිකම් කරද්දී තනතුරු කිහිපයකට පුද්ගලයන් පත්කිරීම! අල්ලස් කොමිසම හිටපු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාරට මහාධිකරණය හමුවේ නඩු පවරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චීන සමාගම් බදු සහන ඉල්ලා ජනාධිපතිට එව්ව ලියුමක පසුපස කතාව! වියට්නාමේ ඉඳන් ජනාධිපති ආපු ජෙට් එක සහ කොම්පැනියක් ගැන පාඨලීගෙන් තවත් හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!
Exclusive

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News
Exclusive

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

හැමෝම පුදුම කරමින් උදේ මන්ත්‍රීකමෙන් අයින් වුණු චමින්ද විජේසිරි හදිසි මාධ්‍ය හමුවක් කැඳවයි! සජබෙ ඇතුළේ අර්බූදයක් කියලා හිතපු අයට තරු විසිවෙන උත්තර ටිකක් දෙයි! ඊළඟට ගහන ගේම් එකත් කියයි! ඔන්න අහගන්න! VIDEOI Sri Lanka Latest News
Exclusive

පොලිසි නිලධාරීන් එක්ක ගැටුණාට සජබ මන්ත්‍රී චමින්ද අවුරුදු එකහමාරක් හිරේ! I Sri Lanka Latest News

Load More
ඊයෙත් හෙල්ලුණා! අදත් හෙල්ලුණා! බුත්තල-වැල්ලවායත් තුර්කිය වගේ වෙයිද?
Exclusive

ජපානය දෙදරයි! වැඩ නවතී! I Sri Lanka Latest News

ජපානයේ දකුණු ප්‍රදේශයේ කියුෂු දූපත ආසන්නයේ අද (28) රික්ටර් මාපක 7.1ක ප්‍රබල භූමිකම්පාවක් සිදුව ඇති බව ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය...

Read more
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.