• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලොකු විනාශයක් අත ළඟයි! මේකද ලෝක විනාසේ? නාසා එක හොයාගත්ත අලුත්ම එක! Sri Lanka Latest News

May 17, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ලොකු විනාශයක් අත ළඟයි! මේකද ලෝක විනාසේ? නාසා එක හොයාගත්ත අලුත්ම එක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මේක මෑත කාලයේ අපගේ අභ්‍යවකාශයේ දක්නට ලැබෙන විශාලතම ග්‍රහකයක්. ග්‍රහකයක් යැයි අප හඳුන්වනු ලබන්නේ බොහෝ විට අභ්‍යවකාශයේ පාවෙමින් හෝ ගමන් කරමින් තිබෙන විවිධ ප්‍රමාණයේ පාෂාණමය කොටස්. මේවා බොහෝ අවස්ථාවල පෘථිවිය ආසන්නයෙන්ද ගමන් කරනවා. ඒ අනුව පසුගිය 2025 මැයි 09 දා පෘථිවිය ආසන්නයෙන් ගමන් කළ ග්‍රහකය අතිදැවැන්ත එකක්. එහි විෂ්කම්භය අඩි 960ක් (මීටර් 290ක්) පමණ වන අතර, එනම් එය හරියටම ‘බොයින්’ ගුවන් යානාවක් තරම් විශාලයි. තවත් ආකාරයකින් කියනවා නම් ක්‍රීඩාංගණයක් වගේ. මෙය පසුගියදා පැයට කිලෝමීටර් 48,900ක වේගයෙන් ගමන් කරනු ලැබුවා. අපගේ පෘථිවියට කිලෝමීටර් මිලියන 6.8ක දුරින් තමයි මෙය ගමන් කරනු ලැබුවේ. මෙය විශාල දුර ප්‍රමාණයක් ලෙස පෙනුණත් ‘කොස්මික්’ අභ්‍යවකාශ ප්‍රමිතීන්ට අනුව එය එතරම් විශාල දුරක් නොවෙයි. මෙම දුර ප්‍රමාණය ටිකෙන් ටික අඩුවෙමින් පෘථිවියට සමීප වෙනවා….’ Sri Lanka Latest News

අපගේ අභ්‍යවකාශය ආශ්‍රිතව ඇසෙන කුමක්ද මෙම ත්‍රාසජනක කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? අභ්‍යවකාශ විද්‍යාව ආශ්‍රිතව මෙම සුවිශේෂ කතාව කියා සිටින්නේ ලොව සුප්‍රකට ඇමෙරිකාවේ ‘නාසා’ (NASA – National Aeronautics and Space Administration.) ආයතනයයි. මෙය සිංහල බසින් ‘ජාතික ගගනගාමී හා අභ්‍යවකාශ පරිපාලන ආයතනය’ ලෙසින් අර්ථ දැක්විය හැකිය. ඇමෙරිකාවේ තිබෙන මෙම ආයතනය යනු ලෝකයේ අංක එකට තිබෙන අභ්‍යවකාශ විද්‍යාව ගැන පුළුල් පර්යේෂණ සිදුකරන සංවිධානයකි. එසේම ලොව සිදුකෙරෙන විවිධ ග්‍රහලෝකයන් වෙත රොකට් සහ අභ්‍යවකාශ යානාවන් යැවීමේ මහා මෙහෙයුම් ව්‍යාපෘති සිදුකරන්නේද මෙම ආයතනය විසිනි. මෙවැනි සුවිශාල පරියේෂණ ආයතනයක් විසින් එසේ නම් පසුගියදා සිදුකළ ඉහත ප්‍රකාශය කුමක්ද? ඔවුන් විසින් පසුගිය කාලයේ සිදුකළ පුළුල් අභ්‍යවකාශ ගවේෂණයක ප්‍රතිඵලවලට අදාළව ඉහත ප්‍රකාශය සිදුකර තිබිණි. එනම් මේ වනවිට අපගේ පෘථිවියට ආසන්නව පෘථිවිය වටා කරකැවෙමින් තිබෙන අතිවිශාල ග්‍රහකයක් පිළිබඳ එම පර්යේෂණ වාර්තා එළිදැක්වී තිබිණි. මෙලෙස අපගේ පෘථිවිය වඩා වේගයෙන් භ්‍රමණය වන විවිධකාරයේ ග්‍රහකයන් සහ වෙනත් විවිධ වස්තූන් ගැන එම සංවිධානය වසර පුරාම පර්යේෂණ සිදුකරයි. එහෙත් ඔවුන් පසුගියදා සිදුකළ නවතම පර්යේෂණයකින් සොයාගෙන ඇත්තේ මෙම සුවිශාල ග්‍රහකය දිනෙන් දින අපගේ පෘථිවියට ආසන්න වන බවයි. යම් හෙයකින් එවැනි ක්‍රියාවලියකදී මෙම ග්‍රහකය අපගේ පෘථිවියෙහි ගැටුණොත් සිදුවන මහා බියකර අනතුර ගැන විටෙක අදහාගැනීමට පවා නොහැකි වනු ඇත. ඇමෙරිකානු නාසා ආයතනය මෙලෙස පසුගියදා එළිදක්වන ලද පර්යේෂණ වාර්තාව තවදුරටත් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.

‘ඇපලෝ පන්තියේ ග්‍රහකයක් වන මෙය ‘2025 HYZ ලෙස නම්කර තිබෙනවා. පෘථිවිය අභ්‍යවකාශයේ ඇතිවිය හැකි අනතුරුවලින් අඛණ්ඩව අවදානමට ලක්ව ඇති අතර, එහිදී සමහර විට වඩාත්ම භයානක වන්නේ පෘථිවියට ආසන්නයෙන්ම ගමන් කරනු ලබන මෙවැනි ග්‍රහකයන් වෙයි. කක්ෂ සහිත අභ්‍යවකාශ වස්තූන් තවත් තර්ජනාත්මකව සමීපතාවයකින් ග්‍රහලෝකයට සමීප කරයි. පෘථිවිය යනු නිරාවරණය වූ වස්තුවකි. එහෙයින් අනතුර යන්න පැහැදිලිය. මෙයට පෙර පර්යේෂණ සිදුකළ සියලු ග්‍රහකයන්ට වඩා මෙම 2025 HYZ ග්‍රහකය ලොව පුරා අභ්‍යවකාශ විද්‍යාඥයන්ගේ අවධානය දිනාගෙන ඇත. ඔවුන් එසේ වන්නේ ඉදිරි කාලයකදී මෙම ග්‍රහකය මගින් පෘථිවියට විශාල හානියක් සිදුවිය හැකි යැයි තියෙන භීතිය නිසායි. මෙම ග්‍රහකය පසුගිය මැයි 09දා පැයට කි.මී. 48,900ක කැපීපෙනෙන වේගයකින් අපගේ පෘථිවියට සමීපව පියාසර කරනු ලැබුවා. දැනට පර්යේෂණවලට අනුව මේ මගින් ප්‍රථිවියට කෙටිකාලීනව තර්ජනයක් ඇති නොවුණත් ඉදිරියේදී එය යම් තර්ජනයක් සඳහා පියවර තැබිය හැකියි. මෙය පෘථිවි වායුගෝලයට ඇතුළු වුවහොත් බලපෑම ඉතා විනාශකාරී වනු ඇත. මෙම ග්‍රහකයේ පියාසර කිරීම පසුගියදා නාසා ආයතනයේ අතිසංකීර්ණ නවීන ‘ටෙලස්කෝප්’ දූරදර්ශකයක් මගින් ඉතා පැහැදිලිව නිරීක්ෂණය කර තිබෙනවා. එමෙන්ම අනෙක් දත්ත සියල්ලමද ලබාගෙන තිබෙනවා…’

දැන් ඔබ මෙම කතාවේ යම් සන්ධිස්ථානයක් වෙත පැමිණ සිටින්නේය. නාසා ආයතනයේ පර්යේෂණ මගින් සොයාගෙන ඇති අනෙක් සුවිශේෂ කරුණ වශයෙන් හෙළිවන්නේ මෙම විශාල ග්‍රහකය නැවත මෙම 2025 සැප්තැම්බර් 18 වැනිදා වනවිට පෘථිවියට තවත් සමීපව ගමන් කරනු ලබන බවයි. මෙහි නව ගමන් පථය හරියාකාරව අවබෝධ කරගැනීම සඳහා මෙම දිනවල නාසා ආයතනය තවත් නව පර්යේෂණයන් සිදුකරමින් සිටී. එනම් තවත් මාස 04කින් මෙම ග්‍රහකය මගින් පෘථිවියට යම් තර්ජනයක් එල්ල වන්නේදැයි සොයාබලයි. කෙසේ වෙතත් දැනට නාසා අභ්‍යවකාශ විද්‍යාඥයන් සොයාගත් කරුණුවලට අනුව එවිටද පෘථිවියට තර්ජනයක් සිදු නොවනු ඇතැයි පැවසෙයි. එසේ වුවද ඉදිරියේදී මෙම ග්‍රහකය තව තවත් පෘථිවියට ළඟාවන බවත්, එවිට සිදුවන අනතුරු උච්ච වීමට ඉඩ ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇත. එහෙත් ඒ සඳහා තවත් වසර ගණනාවක් පමණ ගතවීමට ඉඩ ඇතැයිද පැවසෙයි. මෙම විද්වතුන් ප්‍රකාශ කරන ආකාරයට සෞරග්‍රහ මණ්ඩලයේ මිලියන 1.2ක (ලක්ෂ 12ක්) පමණ ග්‍රහකයන් මේ වනවිට ඇති බවත්, මෙයින් ග්‍රහකයන් 36,000ක් පමණ පෘථිවියට ආසන්නයෙන් ගමන් කරන බවත් පැවසෙයි. මෙම ප්‍රමාණයෙන් ග්‍රහකයන් 1,784ක් පමණ අපගේ පෘථිවියට තර්ජනාත්මක තත්ත්වයෙන් ඇති බවත් අවධාරණය කර ඇත. එනම් නාසා ආයතනය විසින් එම ග්‍රහක ප්‍රමාණය ‘මුර ලැයිස්තුවට’ ඇතුළත් කර ඇත. පර්යේෂකයන් මෙම ග්‍රහකයන් කෙරෙහි ගැඹුරු අධීක්ෂණයකින් සිටියි. ඉහත ප්‍රකාශ කළ ‘2025 HYZ නමැති ග්‍රහකය ගැන ඇත්තේ අතිවිශාල අවධානයකි. ඔවුන් මේ වනවිට දවසේ පැය 24 පුරාම එම වස්තුව ගැන අවධානයෙන් සිටියි.

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ නිරන්තරයෙන් පාවෙමින් (පියාසර කරමින්) තිබෙන ග්‍රහකයන් නොහොත් විශාල පාෂාණමය වස්තූන් ගැන නොයෙකුත් අපූරු කතා හෙළිවෙයි. මේවායින් අපට පෙනෙන ඉක්මන් තර්ජනයක් පෘථිවියට එල්ල නොවුණද එම තර්ජනය නැතැයි යන්න කිසිවකුටත් කිව නොහැකිය. ඇමෙරිකාවේ නාසා අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය මෙම විෂය ගැන පැය 24 පුරාම පර්යේෂණ සිදුකරයි. කෙටිකාලීනව මෙම ග්‍රහකයන් මගින් පෘථිවියට තර්ජනයක් සිදු නොවුණද මේවායින් සිදුවූ මහා විනාශයන් රැසක් ගැන තොරතුරු ඉතිහාසය කියාපායි. මෙයට වසර මිලියන 66කට පෙර පෘථිවියේ ගැටුණු කිලෝමීටර් 15ක පමණ විෂ්කම්භයකින් යුත් ග්‍රහකයක් හේතුවෙන් ඇමෙරිකාවේ බොහෝ ප්‍රදේශවල විසූ සුවිශාල ඩයිනෝසර් සතුන් වඳවී ගියේය. එම ග්‍රහකය කි.මී. 15ක් පමණ වුවත් එයින් ලොව පුරා සිදුවන බලපෑම කි.මී. සිය දහස් ගණනක් පුරා විහිදෙයි. අභ්‍යවකාශ විශේෂඥයන් ප්‍රකාශ කරන්නේ මීටර් 10ක් පමණ පළල ඉතා කුඩා ග්‍රහකයක් පවා පෘථිවියේ ගැටුණහොත් එයින් සිදුවන විනාශය හා බලපෑම ජපානයට හෙලූ හිරෝෂිමා පරමාණු බෝම්බය හා සමාන බවයි. එහිදී පෘථිවියට දූවිලි ටොන් මිලියන 100-400ක් අතර ප්‍රමාණයක් එකතු කරන බවද පැවසෙයි. 2013 පෙබරවාරි 15දා රුසියාවට කඩාවැටුණු මීටර් 20ක පමණ විෂ්කම්භයකින් යුත් ග්‍රහකයක් නිසා එරටට විශාල හානියක් සිදුවිය. එනම් පුද්ගලයන් 1,491කට මාරාන්තික නොවූ තුවාල සිදුවූ අතර, ගොඩනැගිලි 7,200කට දැඩි හානි සිදුවිය. මෙයින් සිදුවූ විනාශය ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක් යැයි ගණන් බලා ඇත.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

මීඩියා ෂෝ නෑ! බොරු මාධ්‍ය ප්‍රකාශ නෑ! කොළඹ විපක්ෂනායක කාර්යාලයේ එක පිට එක සාකච්ඡා! VIDEO I Sri Lanka Latest News

Next Post

කොළඹ බලය අල්ලන්න මාලිමාවයි සජබෙයි සටන් කරද්දී කොළඹදීම හරිනි-බිමල්-සජිත් එකම තැනක හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.