• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව ඇතුළේ අර්බූදය දැන් එළියට ඇවිල්ලා! ජනාධිපතිතුමා කරපු කතාවෙන් ඒක ඔප්පු වුණා! දැන් මාලිමාවයි-ජවිපෙයි හරියට එළහරකයි-මීහරකයි වගේ! VIDEO I Sri Lanka Latest News

May 15, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේ අද (15) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මෙසේ පැවැසීය,Sri Lanka Latest News

‘‘පළාත් පාලන ආයතන 339 න් ජාතික ජනබලවේගය බහුතර බලයක් ලබාගත් පළාත් පාලන ආයතන 151 ක් තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ කණ්ඩායම් බහුතරය ලබාගත් පළාත් පාලන ආයතන 132 ක් තිබෙනවා. ඒ වගේම උතුරු නැගෙනහිර බහුතර බලයක් ලබාගත් පළාත් පාලන ආයතන 56 ක් තිබෙනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය නිකුත් වීමත් සමග විපක්ෂ නායකතුමාත් විශේෂ ප්‍රකාශයක් නිකුත් කරනු ලැබුවා. විපක්ෂයට බහුතරය හිමි පළාත් පාලන ආයතනවල බලය විපක්ෂයේ සියලු කණ්ඩායම් එකතුවී පිහිටවිය යුතු බවත් ඒ සඳහා නායකත්වය ලබාදීමට විපක්ෂ නායකතුමා කටයුතු කරන බවත් සඳහන් කර තිබුණා. ඒ වගේම විපක්ෂයට බලට හිමි පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නායකයින් සමඟ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතාත් සාකච්ඡා කර තිබෙනවා. එ් වගේම එක වැඩපිළිවෙළක් යටතේ මෙම පළාත් පාලන ආයතන ජනතාවාදී පළාත් පාලන ආයතන බවට පරිවර්තනය කරන්න සියලු දෙනාම එකතුවී වැඩ කරමු කියන මතයේ තමයි විපක්ෂ නායකතුමා සිටින්නේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම පිළිබඳව සහ විපක්ෂයට බලය හිමි පළාත් පාලන ආයතනවලත් බලය කෙසේ හෝ තහවුරු කරගන්නවා කියන පණිවිඩය මාධ්‍ය වෙත ලබාදිමට ආණ්ඩුවේ මැති ඇමැතිවරු කටයුතු කර තිබුණා.

ඒ වගේම විපක්ෂය බලය තහවුරු කිරිමට උත්සහ කරන පළාත් පාලන ආයතනවල බලය මාස තුනක් ඇතුළත කෙසේ හෝ ආණ්ඩුව ලබාගන්නා බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙන බවත් නීති වෙනස් කර හෝ එය සිදුකරන බවට හැගවෙන අදහසක් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ජාතික ජනබලවේගයට බලය ලැබෙන්නේ නැති පලාත් පාලන ආයතනවලට මුදල් ලබානොදෙන බව ජානාධිපතිවරයා පළාත් පාලන මැතිවරණයට පෙර ප්‍රකාශ කළා. එය අනියම් ආකාරයේ ජනතාව බියගැන්විමක්. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ බිය ගැන්විම්වලට යටත් නොවී විපක්ෂයට වැඩි බලයක් ලබාදෙන්න රටේ ජනතාව කටයුතු කර තිබෙනවා. ලක්ෂ 23 කින් ජාතික ජනබලවේගයේ ඡන්ද අඩු කරන්න ජනතාව මෙවර පළාත් පාලන මැතිවරණයේදී කටයුතු කර තිබුණා. බලයට පත්වෙලා මාස 6 ක් තුළ සාමාන්‍යයෙන් ආණ්ඩුවක ජනප්‍රියතාවය කඩාගෙන වැටෙන්නේ නෑ. ඒ වගේම ජනතාව විශාල ප්‍රමාණයක් ස්වාධීන කණ්ඩායම්වලට ඡන්දය දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ වගේම ජනතාව විපක්ෂයේ කණ්ඩායම්වලට ඡන්දය දෙන්න කටයුතු කරලා තිබුණා. ඒ නිසා ආණ්ඩුවට වඩා
බහුතර සභිකධුර සංඛ්‍යාවක් ලබාගන්න විපක්ෂයේ කණ්ඩායම්වලට හැකියාව ලැබී තිබෙනවා.

ඒ වගේම ආණ්ඩුව බලය ලබා ගත්තේ ක්‍රමයේ වෙනසක් ඇති කරන්න. ඒ වගේම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරන්න තමයි ජාතික ජනබලවේගය බලය ඉල්ලුවේ. ඒ වගේම ජාතික ජන බලවේගයෙ ඇති කරන බව කියු ක්‍රමයේ වෙනසක් රට තුළ ඇතිවෙලා නෑ. මීට පෙර සිටි පාලකයන් කටයුතු කළ ආකාරයටම වර්තමාන ජනාධිපති අනුර දිසානායකත් කටයුතු කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදී බලය ආපසු හරවන්න තමයි ජනාධිපති අනුර දිසානායක උත්සහ කරන්නේ. ඒ වගේම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිම පිළිබඳව නිතියක් තිබෙනවා. පළාත් පාලන ආයතනවල බලය පිහිටුවිමට තිබෙන නිතිය ගැන නොදැනද ජනාධිපතිවරයා කතා කරන්නේ. බහුතර සභික සංඛ්‍යාවක් ලබාගත් පලාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න කිසිදු ප්‍රශ්නයක් නැ. නමුත් කිසිම කණ්ඩායමක් බහුතර බලයක් ලබා ගත්තේ නැතිනම් අනිවාර්යෙන්ම එම පළාත් පාලන ආයතනයේ සභාපති , උපසභාපති , නගරාධිපති තේරිමට ඡන්දයක් තිබිය යුතුයි. ජනාධිපතිවරයා ඒ ඡන්දය නොතියා ඉන්නද කටයුතු කරන්නේ. අනිවාර්යෙන් ඡන්දයක් තිබිය යුතුයි. එයයි පළාත් පාලන නීතිය. නමුත් ඒ නීතිය වෙනස් කරන්න තමයි ජනාධිපතිවරයා කටයුතු කරන්නේ. පළාත් පාලන සභිකයන්ට ස්වාධීනව තින්දු තීරණ ගැනිමට තිබෙන හැකියාව ජනාධිපතිවරයාගේ යටපත් කරන්න උත්සහයක් දරනවා. එය භයානක තත්ත්වයක්. ජාතික ජනබලවේගයේ පරාජය පිළිගන්න ආණ්ඩුව සුදානම් නෑ. ජාතික ජන බලවේගයේ පරාජයට හේතුව පිළිබඳව විශ්ලේෂනයක් කරන්න ආණ්ඩුව අපොහොසත් වෙලා තිබෙනවා. ආණ්ඩුවට ඡන්ද අඩුවුණේ විපක්ෂය නිසා නෙවෙයි. ඔවුන් ජනතාවට දුන්න පොරොන්දු ඉටු නොකළ නිසයි. ආණ්ඩුවට ජනතා ආකර්ශනය ගන්න නම් ජනතාවට බොරු නොකිය පොරොන්දු වුණ දේවල් ඉටු කරන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. ජනතාව බියට පත් කරලා , ජනතා නියෝජිතයන් බියට පත් කරලා ජනතා ආකර්ශනය ලබා ගන්න බෑ. ජනතා විමුක්ති පෙරමුණේ සම්මේලනයේදී ජනාධිපතිවරයා සිදුකළ කතාව නිසා ආණ්ඩුවේ තවත් ඡන්ද අඩු වුණා.

ඒ වගේම පළාත් පාලන ආඥා පනතේ තිබෙන නීති වලට ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනා යටත් විය යුතුයි. ඒ වගේම ජනාධිපතිවරයා ප්‍රකාශ කළා ඔහු නීතියට යටින් සිටිනවා කියලා. නමුත් දැන් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය දෙස බැලුවහම පෙනෙන්නේ නීතියට උඩින් ජනාධිපතිවරයා සිටින බවයි. අලුත් පළාත් පාලන නීති සකස් කරන විට එම කමිටුවේ ප්‍රධාන කාර්යය භාර්යයක් සිදුකළේ අනුර දිසානායක මහත්තයා. පරදින පිරිසට මෙම ඡන්ද ක්‍රමය තුළ වාසියක් තිබෙනවා. ඒ නිසා අනුර දිසානායක විපක්ෂයේ සිටින විට වර්තමාන ක්‍රමය ගෙන එන්න දැඩි උත්සාහයක් ගත්තා. ආණ්ඩු බලය ගත්තාට පසු පළාත් පාලන මැතිවරණ ක්‍රමය රටට ගැලපෙන්නේ නෑ කියලා අනුර දිසානායක මහත්තයා ප්‍රකාශ කරනවා. පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න විපක්ෂය ඉල්ලිම් කරද්දි ආණ්ඩුව විපක්ෂයේ ඉල්ලිම් පිලිබඳව සලකා බැලුවේ නෑ. පළාත් පාලන නිතිය නරක් වුණාට කරන්න දෙයක් නෑ. පළාත් පාලන නීතිය රටේ දැනට ක්‍රියාත්මක වන නීතියක්. රටේ නිතියට අනුව සියලු දෙනාටම කටයුතු කළ යුතුයි. පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනල්ලා පළාත් පාලන නිතිය වෙනස් කරන්න ආණ්ඩුවට හැකියාව තිබෙනවා. නමුත් බය කරලා , ප්‍රජාතන්ත්‍ර විරෝධිව කටයුතු කරන්න ආණ්ඩුව හැකියාවක් නෑ.
ඒ වගේම ජනාධිපතිවරයා නීතිය යටතේ සිටිය යුතුයි. නීතියට උඩින් ජනාධිපතිවරයාට කටයුතු කරන්න හැකියාවක් නෑ.

ඒ වගේම ඉතිහාසය අමතක කරන්න නොහැකියි කියලා ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කර තිබෙනවා. අනුර දිසානායක මහතා ඇතුළු පිරිස රටේ ඉදිරි ගමන වළක්වන්න පසුගිය කාලයේ සිදුකළ දේවල් පිලිබඳව කාටවත් අමතක කළ නොහැකියි. රටේ ඉදිරි ගමන වෙනුවෙන් වැඩ නොකර රටේ ඉදිරි ගමන නවත්වන්න තමයි අනුර දිසානායක මහතා ඇතුළු පිරිස කටයුතු කළේ. ඒ වගේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සෑම දේම ජනාධිපතිවරයා කරනවා. , ලෝක බැංකුව කියන සෑම දේම ජනාධිපතිවරයා කරනවා. ඉන්දිය අගමැති කියන සෑම දේම ජනාධිපතිවරයා සිදුකරනවා. අනුර දිසානායක මහත්තයාලා වසර 60 ක් තුළ හදපු මතයට වඩා හාත්පසින්ම වෙනස් මතයක් තමයි අනුර දිසානායක ඇතුළු පිරිස දරමින් සිටින්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය අමතක කරලා අවසානයි. ඔවුන් සම්පුර්ණයේම වමාංශික ප්‍රතිපත්ති දැන් අමතක කරලා තිබෙන්නේ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණට සහ ජාතික ජන බලවේගයට එකට ගමන් කිරීමට නොහැකියි කියන කාරණ දැන් සනාථ වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජන බලවේගයේ අර්බුදය දැන් එළියට ඇවිත් තිබෙන්නේ. ඉදිරියට මෙම අර්බුදය රටේ සියලුම දෙනාට දැක ගන්න හැකියාව තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ සිටින්නේ වමාංශික අදහස ගෙන යන්න විශාල අරගලයක් සිදුකළ පිරිසක්. නමුත් අද වනවිට ඔවුන් අන්ත දක්ශිණාංශික දේශපාලනයට අවතීර්ණ වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාට අභියෝගය තිබෙන්නේම ඇතුළතින්. අවුරදු 60 ක් ගොඩනගපු දේශපාලන මතවාදය වෙනස් කළ නිසා තමයි ඇතුළතින්ම ජනාධිපතිවරයාට අභියෝගයක් පැමිණ තිබෙන්නේ. ඒ නිසා දේශපාලනික වශයෙන් රට අර්බුදයකට ගමන් කරනවා.

SendShareShare
Previous Post

“හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේදී ! Sri Lanka Latest News

Next Post

ලක්ෂ 276ක් පාඩු කරලා! ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඉරාන්ගේ ක්‍රිකට් කමිටුව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Load More
එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News
Exclusive

එල්-නිනෝ වික්ටෝරියාව ගිලගනී! පරණ තෙල්දෙණිය ටවුමත් දැන් පේනවා! I Sri Lanka Latest News

පවතින දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් පහත බැසීමත් සමග පැරණි තෙල්දෙණිය නගරයේ නටබුන් යළිත් මතුවීමට...

Read more
භික්ෂුව එදා රජවරුන්ට නිවැරදි උපදෙස් ලබා දුන්නා! ඔබතුමන්ලා මේ රට ගොඩනගාවි යැයි අපට විශ්වාසයක් තිබෙනවා! අභියෝග ජයගන්න ශක්තියක් වෙන්න අපි සූදානම්! අපි මොනවත් බලාපොරොත්තු වෙන්නේ නෑ! කසාවතින් බැබළුණු භික්ෂු උපදේශක සභාවේදී මහාචාර්ය අගලගඩ සිරිසුමන හිමියෝ සජිත් ප්‍රමුඛ සමගි ජන බලවේගයට අනුශාසනා කරයි! VIDEO I Sri Lanka Latest News

‘කහකඩ පාතාලය අද කොළඹට..’! රටේ ප්‍රශ්නවලදී භික්ෂූන් වහන්සේලාට ඉදිරියට එන්න බැරි තත්ත්වයක් හදන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි! සඟ සමුළුවේදී අගලකඩ හිමියන්ගෙන් අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

සජිත් කෑගල්ලට ඇවිත්! වතුකරයේ ජනතාවගේ ඉඩම් අයිතිය තහවුරු කරන බවට ප්‍රකාශයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

උතුරු නැගෙනහිර කරපු උණුසුම් සංචාරයෙන් පසු ජිනීවා මහකොමසාරිස් අනුරව හමුවෙයි! ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙනවා! ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් නිවේදනයක්! PHOTOS I Sri Lanka Latest News

රාජ්‍යතාන්ත්‍රික අවුලක්? එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් ටර්ක්ගේ ධුර කාලය දීර්ඝ කරන යෝජනාවට ලෝකයේ රටවල් 144ක් ඡන්දය දෙද්දී ලංකාව ඡන්දය දීමෙන් වැළකී ඉඳලා! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාව මාලිමාවේ එකක් නෙමෙයි! මම විරුද්ධ වුණාම මට කට වහගෙන ඉන්න කිව්වා! මාලිමා නායකත්ව මණ්ඩලයේ-මෙහෙයුම් කාරක සභාවේ-විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායකගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.