පසුගිය දින කිහිපය පුරාම දේශපාලඥයන් කිහිප දෙනකුගේම නිවෙස්වල රාත්‍රී භෝජන සංග්‍රහයන් පැවැති අතර සරත් පොන්සේකා මහතාද එවැනි රාත්‍රි භෝජන සංග්‍රහයක් එජාප මන්ත්‍රිවරුන් කිහිපදෙනකු වෙනුවෙන් පැවැත්වීමට කටයුතු කොට තිබිණ.
ඒ අනුව ඊයේ (24) රාත්‍රියේදී ඒ මහතාගේ නිවෙසේ පැවැති මෙම රාත්‍රි භෝජන සංග්‍රහයට මන්ත්‍රිවරුන් 11 දෙනකු එක්වී සිට ඇති බව දැනගන්නට ඇත.
ඒ අතර රන්ජන් රාමනායක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සන්දිත් සමරසිංහ වැනි මන්ත්‍රිවරුන් සහභාගිව සිට ඇත.
කෙසේෙවෙතත් මෙහිදී පොන්සේකා මහතාගේ ප්‍රතිපත්තිවලට සහාය පළ කරමින් අදහස් දක්වා ඇති බහුතරයක් මන්ත්‍රිවරුන් ඒ මහතා ජනාධිපතිවරණයට පැමිණෙන්නේ නම් සහාය පළ කිරීමට සූදානම් බවද දැනුම් දී ඇති බව පැවසේ.










