• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වසර 75ක් පිරුණු මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ අධ්‍යාපනික-සංස්කෘතික ප්‍රදර්ශනය විවෘත කිරීමට විපක්ෂනායක සජිත්ට ආරාධනා! කයිවාරු නැතිව රට ගොඩගන්න හැමෝම කළ යුතු යුතුකම් කොටස සජිත් අවධාරණය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

May 14, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
වසර 75ක් පිරුණු මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයේ අධ්‍යාපනික-සංස්කෘතික ප්‍රදර්ශනය විවෘත කිරීමට විපක්ෂනායක සජිත්ට ආරාධනා! කයිවාරු නැතිව රට ගොඩගන්න හැමෝම කළ යුතු යුතුකම් කොටස සජිත් අවධාරණය කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බංකොලොත් රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒමට සැවොම අත්වැල් බැද ගත යුතු බවත් එහි දී රාජ්‍ය පාර්ශ්වයට මෙන්ම විරුද්ධ පාර්ශ්වයටත් සිවිල් සමාජයටත් වගකීමක් ඇති බවත් තමන්ට අදාළ වගකීම හරියට ඉටු කිරීමෙන් වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ආ හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

2028 අප රටට තීරණාත්මක වසරක් බවත් 2028 සිට ණය ගෙවන්න සිදුවන බවත් අයි.එම්.එෆ්. එක 2033 ණය ගෙවන්න ප්‍රමාණවත් යැයි පැවසුවත් හිටපු ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය එය 2028 දක්වා අඩු කර ගිවිසුම් ගත වී ඇති බවත් මේ නිසා 2028 වන විට ණය ගෙවීමට නම් ඉහළ මට්ටමක ආර්ථික වර්ධනයක් අවශ්‍ය බවත් එය 5%ක වර්ධනයක් විය යුතු බවත් විශේෂඥයන් පවසන බවත් ඊට අමතරව රාජ්‍ය ආදායම වැඩි කර අපනයනය ප්‍රවර්ධනය කර විදේශ සංචිත වර්ධනය කළ යුතු බවත් මේවා කළ නොහැකි වුවහොත් නැවත වරක් අප රට ආර්ථික සමාජීය දේශපාලනික ඛේදවාචකයක් කරා යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

මාතර ඌරාපොළ ශ්‍රී රතනජෝති පිරිවෙන් විද්‍යායතනයට වසර 75ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන අධ්‍යාපනික සහ සංස්කෘතික ප්‍රදර්ශනය සඳහා අද (13) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එක්විය. ඒ ස්‍යාමෝපාලි වංශික මහානිකායේ ශ්‍රී රෝහණ පාර්ශ්වයේ ශ්‍රීමත් මහනායක ඓතිහාසික සිත්තම්ගල්ලෙන රජමහා විහාරාධිපති මහා විහාර වංශාලංකාර ශ්‍රී සුගත ශාසනධජ සද්ධම්ම කීර්ති ශ්‍රී ධම්මරක්ෂිත විනය විශාරද මහෝපාධ්‍යාය, ශාස්ත්‍රපති අතිපූජ්‍ය අගලබඩ පියසිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ආරාධනයක් අනුවය.

මේ යථාර්ථය අවබෝධ කර ගත යුතු බවත් රට කඩා වැටුනොත් දේශපාලන ජාති ආගම් කුලමල පන්ති භේදයෙන් තොරව සැමටම එය බලපාන නිසා සෑම අවස්ථාවකම රටට අගයක් එකතු කළ යුතු බවත් එම අගය එකතු කිරිම අධ්‍යාපන හා සෞඛ්‍ය, කර්මාන්ත, සංවර්ධන, කෘෂිකාර්මික, සේවා ආදී ක්ෂේත්‍ර පදනම් කර ගත යුතු බවත් කතාවෙන් පමණක් නොව ක්‍රියාවෙන් ද සංවර්ධනය මහපොළොවේ යථාර්ථයක් කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් අධ්‍යාපනය තුළින් නූතනවාදී අධ්‍යාපනයක් ලබා දිය යුතුයි

නිදහස් අධ්‍යාපනය තුළින් රටේ දූදරුවන්ට නිදහස් නිවහල් අධ්‍යාපනය තුළ නූතනවාදී අධ්‍යාපනයක් ලබා දීම අප සැමගේ වගකීම බවත් ලෝකයේ දියුණුම රටවල් දෙස බලන විට එම රටවල අධ්‍යාපනික පද්ධතිය ඉතාම ශක්තිමත් බවත් ඒ ශක්තිය ලබන්නේ යාවත්කාලීන වීම, නූතනවාදී වීම තුළ බවත් ජාත්‍යන්තර ශ්‍රම වෙළෙදපොළට ඔබින ආකාරයේ විෂය නිර්දේශයක් නිර්මාණය වීමෙන් පාසල් දූදරුවන්ට නව අධ්‍යාපනික ක්‍රමවේද හරහා නූතනවාදී අධ්‍යාපනයක් ලබා දීම තුළ දියුණු ලෝකයේ රටවල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළටම ගොස් ඇති බවත් ෆින්ලන්තය, දකුණු කොරියාව, ජපානය, යුරෝපා රටවල්, ඇමෙරිකාව ආදී රටවල් ඒ සදහා උදාහරණ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

අධ්‍යාපනය සහ සෞඛ්‍ය මානව අයිතියක් විය යුතුයි

නූතන ලෝකයේ නූතන අධ්‍යාපනයේ බොහෝ රටවල් උපයෝගී කර ගන්නා උපකරණ අප රටේ නොමැති බවත් සුහුරු පුවරු, පරිගණක යන්ත්‍ර, ටැබ් යන්ත්‍ර ආදිය අප රටේ නිදහස් අධ්‍යාපන පද්ධතිය තුළ නොමැති බවත් අධ්‍යාපනය මානව අයිතියක් ලෙස සලසා එම අඩුපාඩු සපුරා ගන්නට කැපවිය යුතු බවත් නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය ආදී ජන ජිවිතයට බලපාන බොහෝ ක්ෂේත්‍ර මානව අයිතීන් විය යුතු බවත් සිවිල් හා දේශපාලන අයිතීන් පමණක් නොව සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, අධ්‍යාපනය සහ සෞඛ්‍යය ද මේ යටතට අයත් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

දළ දේශීය නිෂ්පාදිතය ඉහළට නැංවීම ගැන කතා කරන බවත් එයට ඒක පුද්ගල දායකත්වය කොපමණ ද කියා ගණනය කරන බවත් මේ ගැලපීම වර්ධනය කරන්න නම් පුද්ගල කුසලතාව, මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කළ යුතු බවත් ඒ සදහා නිදහස් අධ්‍යාපනය දියුණු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නේය.

SendShareShare
Previous Post

රස්සාවක් කරලා පරස්ථාවක් කරගන්න වයසේ ඉන්න ලංකාවේ තරුණ තරුණියන් ගැන දුක හිතෙන හෙළිදරව්වක්! Sri Lanka Latest News

Next Post

හපුතලේට අමුතු සුළඟක්! I Sri Lanka Latest News

MORE NEWS

මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News
Exclusive

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News
Exclusive

OT දෙනවා! ට්‍රාන්ස්පෝට් දෙනවා! දැන් රස පරීක්ෂක දෙපාර්තමේන්තුව රෑ 10 වෙනකම් වැඩ! I Sri Lanka Latest News

Load More
මාලිමාවට ඒ පාර ‘මල්’ ප්‍රශ්නයක්! රත්නපුර මාලිමා මන්ත්‍රී හිටපු විදුහල්පති ශාන්ත පද්මකුමාරගේ ඉඩමකින් පොලිසියට ‘මල්’ පැල හමුවෙලා! පොලිසිය අත්අඩංගුවට ගත්තේ මොන මල්ද ? කොපමණ ප්‍රමාණයක්ද ? පොලිසිය විසින් මල් වගාවක් අත්අඩංගුවට ගන්න හේතුව කුමක්ද? ඒ මල්පැලවලට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවාද? සජබෙ අජිත් පී පෙරේරාට ප්‍රශ්න ගොඩක්! මල් පැල වේෂයෙන් ආපු වල් පැල හඳුනගන්න ජනතාවට බැරි වුණු එක ගැන කනගාටුයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර කරන්න යන වැඩෙන් මෙච්චර කල් නම ආරක්ෂා කරගත් විනිසුරුවරුන්ට වගේම අනුරටත් වෙන්න යන දේ සජබෙ අජිත් පෙරේරා තේරෙන භාෂාවෙන් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිවරයා සිදු කිරීමට සූදානම් වන ව්‍යවස්ථා සංශෝධනය හරහා නම ආරක්ෂා කරගත් විනිසුරුවන්ට පවා විශ්‍රාම යෑමට සිදුවන්නේ නම කැත කරගෙන බව...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

තත්ත්වය බරපතළයි! තෙල් මිල ගැන කතාකරන්න ඛනිජ තෙල් සංස්ථාව අනුරගෙන් හදිසි හමුවක් ඉල්ලයි! මිල වැඩිවීමක් අත ළඟ වගේ..! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

හොරණ ටියුෂන් පංති හිමිකාරයෙක් ‘අයිස්’ එක්ක අල්ලයි! I Sri Lanka Latest News

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

කෝටි දෙකක මුදලක් කොල්ල කෑවා කියපු හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා එළියට එයි! I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

පොහොර සහනාධාරෙත් හරියට නෑ! දෙන පොහොරත් බාලයි! උපකරණවලටත් වැට් ගහලා! මාලිමා ආණ්ඩුව ගොවියව හාන්සිම කළා! විපක්ෂනායක සජිත් අනුරාධපුරේ ගොවීන් එක්ක! PHOTOS & VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.