• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අනුර වික්‍රමසිංහද-රාජපක්ෂද-විජේවීරද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News

May 10, 2025
in Exclusive, Gurudawa
Reading Time: 6 mins read
A A
අනුර වික්‍රමසිංහද-රාජපක්ෂද-විජේවීරද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2001 මහ මැතිවරණය රනිල්ගේ යූ.ඇන්.පී.ය දින්නේ ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය බහුතරය නැතිවය. 2001 යූ.ඇන්.පී.ය දිනාගත්තේ ආසන 109කි. 2001 මහ මැතිවරණයේදී යූ.ඇන්.පී.ය ලංකාවෙන්ම ගත්තේ 45.62%ක ඡන්ද ප්‍රතිශතයකි. රනිල් භාරගත්තේ ඍණ ආර්ථිකයකි. ආර්ථිකය බින්දුවටත් පහළට වැටී තිබිණි. ජනාධිපති පුටුවේ සිටියේ චන්ද්‍රිකාය. ඇමැතිවරු දිවුරුම් දුන්නේ ඇය ඉදිරියේය. කැබිනට් මණ්ඩලයට නායකත්වය දුන්නේ ඇයය. වසරක් තුළ පාර්ලිමේන්තුව විසුරුවාලීමේ බලය ඇයට තිබුණු නිසා ආණ්ඩුව කොයි මොහොතේ හෝ කඩාවැටෙයි යැයි යූ.ඇන්.පී.යට ඡන්දය දුන් මිනිස්සුත් බියෙන් සිටියහ. රනිල් බලයට ආ විගස ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමක් අස්සන් කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රීලනිපයේ සහාය ඇතිව මවුබිම සුරැකීමේ ව්‍යාපාරය සහ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය යන දේශපාලන ව්‍යාපාර දෙකක් බිහිකර හාමුදුරුවරු පාරට ගෙන රට පුරා පෙළපාළි සහ උද්ඝෝෂණ පැවැත්වූහ. ඍණ ආර්ථිකය ධන කරගන්න රනිල් බදු වැඩි කරමින් සිටියේය. පළාත් පාලන ඡන්දයට දින නියම වූයේ 2002 මාර්තු මාසයේය. හරියටම මාස 04කට ආසන්න කාලයකදීය.Sri Lanka Latest News

එම පළාත් පාලන ඡන්දයට පක්ෂ නායක රනිල් සහභාගි වූයේ කොළඹ රැස්වීම්වලට පමණි. මැතිවරණ සටන භාරදුන්නේ නියෝජ්‍ය නායක කරු ජයසූරියට සහ ශ්‍රීලනිපයෙන් යූ.ඇන්.පී.යට එක්වූ එස්.බී. දිසානායකටය. ජනාධිපති එක් පක්ෂයකත්, අගමැති තවත් පක්ෂයකත් නිසා පළාත් පාලන මැතිවරණයේදී නායකයන් නිෂ්ක්‍රීය විය යුතු යැයි එකඟතාවක් තිබිණි.

හැබැයි පළාත් පාලන මැතිවරණයෙන් පළාත් පාලන ආයතන හතරක පහක බලය හැර අනෙකුත් සියලු පළාත් පාලන ආයතන යූ.ඇන්.පී.ය දින්නේය. යූ.ඇන්.පී.ය 60%කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් ගත්තේය. 1982 ජනමත විචාරණයේදී බණ්ඩාරනායකවරුන්ගේ නිජබිම වන් අත්තනගල්ල පරාජය වූයේ මැරකම් නිසා යැයි චෝදනාවක් විය. නමුත් ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට මැරකම් නොමැතිව අත්තනගල්ල යූ.ඇන්.පී.ය දින්නේය. ඒ වෙනකොට අත්තනගල්ල ජනාධිපතිගේ ආසනයය. මහින්දගේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන මහින්ද පරාජයට පත්විය. යූ.ඇන්.පී.ය මේ ජයග්‍රහණය ලබාගත්තේ ජනාධිපති බලය සහිත ශක්තිමත් විපක්ෂයකට මුහුණ දීලාය. පළාත් පාලන ආයතන 222න් 217ක් දින්නේය.
මේ 2002 පළාත් පාලන මැතිවරණය මතක් වෙන්නේ අද ජාතික ජන බලවේගය මුහුණ දුන් පළාත් පාලන මැතිවරණය දෙස බලන විටදීය.

ජවිපෙ මේ ඡන්දයට මුහුණ දුන්නේ තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවක් සහ ජනාධිපතිවරයෙක් සමගය. විපක්ෂය හෝදාගෙන ගොස් තිබිණි. කොයි තරම් හෝදාගෙන ගොස් තිබුණාද කියනවා නම් පොදුජන පෙරමුණේ සහ විපක්ෂයේ ප්‍රබල නායකයන්, හිටපු ප්‍රබල ඇමැතිවරු මහ මැතිවරණයට තරග නොකොට ඉවත් විය.

ජවිපෙ මහ මැතිවරණයෙන් 61.56%ක් අරන් තිබිණි. සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ කිසිම පක්ෂයකට තුනෙන් දෙකක ජනවරමක් හිමි නොවූ අතර, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ තුනෙන් දෙකක් හිමිවූ එකම පක්ෂය ජවිපෙය. රාජපක්ෂලා තුනෙන් දෙක හදාගත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරු බාගෙනය.

මෙවර පළාත් පාලන ඡන්දයේදී විපක්ෂය එළිමහනේ ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වූයේ නැත්තේ සෙනඟ නොඑනු ඇතැයි බියෙන්ය. ඔවුන් රැස්වීම් පැවැත්වූයේ ශාලාවලය. එළිමහන් ප්‍රසිද්ධ රැස්වීම් පැවැත්වූයේ ජවිපෙ විතරය. ඒ හැම රැස්වීමටම ජනාධිපති අනුර සහභාගි විය. සාමාන්‍යයෙන් ලංකාවේ පළාත් පාලන මැතිවරණ ඉතිහාසයේ ජනාධිපතිවරු රැස්වීම්වලට යන්නේ තෝරාබේරාගෙන කිහිපයකට පමණි. නමුත් අනුර මේ පළාත් පාලන මැතිවරණය ජනාධිපතිවරණයක් සහ මහ මැතිවරණයක් සේ සැලකීය. තමන්ගේ ඡන්දයක් සේ සැලකීය.

හැමෝම හිතුවේ ලංකාවේ සියලු පළාත් පාලන ආයතන උතුරු-නැගෙනහිරද ඇතුළුව ජවිපෙ 60%කට වඩා වැඩි ප්‍රමාණයකින් දිනයි කියාය. ජවිපෙ ලේකම් ටිල්වින් කීවේ මේ ඡන්දයෙන් තමන් 70%කට අධික ඡන්ද ප්‍රතිශතයක් ගන්නවා කියාය. අගමැතිනි හරිනි කීවේ ජනාධිපතිවරණයට සහ මහ මැතිවරණයට වඩා ඡන්ද සංඛ්‍යාවක් සහ ඡන්ද ප්‍රතිශතයක් ගන්නා බවය. 2024 මහ මැතිවරණය ජවිපෙ හැඳින්වූයේ 76 වසරක දූෂිත දේශපාලනඥයන් නොහොත් වල් පැළ ගලවා දමන ශ්‍රමදානය කියාය. මෙවර පළාත් පාලන ඡන්දය ජවිපෙ හැඳින්වූයේ 76 වසරක ශාපය අවසන් කරන භූමදානය කියාය.

එහි වරදක් නැත. ලංකාවේ ඉතිහාසයේ ජනාධිපතිවරණයකින් සහ මහ මැතිවරණයකින් මාස 6කට පසුව පවත්වන ඕනෑම පළාත් පාලන ඡන්දයක් ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය ජයගත් පක්ෂය දිනන්නේ ජනාධිපතිවරණයේදී මහ මැතිවරණයේදී ගත් ඡන්ද සංඛ්‍යාව සහ ඡන්ද ප්‍රතිශතය අභිභවා යමිනි.

මහින්ද 2005 ජනාධිපතිවරණයට ඉදිරිපත් වී ඡන්ද 50.29%ක් ගත්තේය. 2005 ජනාධිපතිවරණය පැවැත්වූයේ 2005 නොවැම්බර් 17ය. හරියටම ඊට මාස 4කට පසු පළාත් පාලන ඡන්දය පැවැත්වීය. මහින්ද එම පළාත් පාලන ඡන්දයේදී 55%කට වඩා ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය. පළාත් පාලන ආයතන 266න් 225ක් දිනාගත්තේය. ඒ කියන්නේ පළාත් පාලන ආයතන 83%ක් පමණ දිනාගත්තේය. ඒ අනුව බලන විට මහින්ද අතිවිශිෂ්ට ජයක් ලැබුවේය. ඒ, 2005 ජනාධිපතිවරණයේදී මහින්ද සමග තරග කළ ජවිපෙ නැතුවය. ජවිපෙ තරග කළේ වෙනමය. මහින්ද මේ ජයග්‍රහණය ලබන විට ඔහු ජනාධිපති වූවාට ශ්‍රීලනිපයේ නායකයාද නොවීය. ඔහුට පාර්ලිමේන්තුවේ බහුතරයක්ද නොවීය.

රණසිංහ ප්‍රේමදාස 1988 ජනාධිපතිවරණයේදී 50.43%ක් ගත්තේය. හරියටම ඊට වසර 3කට පසු පැවැති පළාත් පාලන මැතිවරණයේදී ඔහු ඒ ඡන්ද ප්‍රතිශතය වැඩිකරගෙන සියලු පළාත් පාලන ආයතන දිනාගත්තේය. 1988 ඔහු දින්නේ නැති දකුණේ සියලු දිස්ත්‍රික්කත් අනුරාධපුර දිස්ත්‍රික්කයත් දින්නේය.

2010 මහින්ද ජනාධිපතිවරණය දින්නේ 57.88%ක ඡන්ද ප්‍රතිශතයකිනි. හරියටම ඊට වසරකට පසු පැවැති 2011 පළාත් පාලන ඡන්දයේදී ඔහු 56.45%ක ප්‍රතිශතයක් ගත්තේය. ඒ, ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දිනා වසරකට පසුවය. වසරක් ගතවන විට ආණ්ඩුවකට තියෙන ජනප්‍රියතාව හීන වීම සාමාන්‍ය දෙයකි.

2004 මහ මැතිවරණය පැවැතියේ 2004 අප්‍රේල් මාසයේය. පළාත් සභා ඡන්දය පැවැතියේ ජූලි මාසයේය. එක්සත් ජනතා නිදහස් සන්ධානය චන්ද්‍රිකාගේ නායකත්වයෙන් 2004 අප්‍රේල් ඡන්දයෙන් 46.60%ක් ගත්තේය. ජූලි මාසයේ පැවැති පළාත් පාලන ඡන්දයේදී චන්ද්‍රිකාගේ නායකත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය 57.68%ක් ගත්තේය.

එතකොට ජනාධිපතිවරණය දිනා මහා විප්ලවයක් කොට මහ මැතිවරණයෙන් මෙරට සාම්ප්‍රදායික දේශපාලනය ශ්‍රමදානයක් කොට අතුගා දමා 61.56%ක් ගත්ත ජවිපෙ මාස 6කින් 43.26%කට වැටුණේ කොහොමද?

ලක්ෂ 24කට අධික ඡන්ද සංඛ්‍යාවක් නැති කරගත්තේ කොහොමද?

මේක අදහන්න බැරි විග්‍රහයකි. අනුරලා ඡන්ද කළේ සිංහල බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ බඳු වූ දළදා වහන්සේ ඡන්ද කාලේදී ප්‍රදර්ශනය කොට දේශපාලන වාසි ගැනීමටය. ගෝල්ෆේස් එකම හිස් ගොඩක් කළේද අද ලංකාවේ විපක්ෂයක් නැහැ කියා පෙන්වන්නටය. ඡන්දය මැද වියට්නාමයට ගියේද ඔහු මහා සිංහල බෞද්ධ නායකයකු බව පෙන්වන්නටය.

මේ ඡන්දයේ සැඟවුණු ජයග්‍රාහකයා සජිත් ප්‍රේමදාසය. හැමෝම හිතුවේ මේ පුංචි ඡන්දයෙන් ඔහුගේ දේශපාලනය භූමදානය කරන්නටය. ඡන්දයට දින 6කට පෙර තලවාකැලේ පැවැති මැයි රැලියේදී ඔහු කලින් පිටත්ව යෑම අල්ලාගෙන ඔහුට හතර වටින්ම මඩ ගැහුවේ ජාතික ජන බලවේගය, එක්සත් ජාතික පක්ෂය, පොදුජන පෙරමුණ එක මිටටය. එහෙත් ලංකාවේ ආණ්ඩු බලය ගන්න සූදානම් එකම විකල්පයත් එකම විකල්ප නායකයාත් ඔහු බව ජනතාව ඔප්පු කර පෙන්වූහ.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරණයක්, මහ මැතිවරණයක් පවත්වා මාස 6කින් පවත්වන පුංචි ඡන්දයකදී විපක්ෂයේ ඡන්ද අඩුවීම ස්වභාවිකය. රැල්ල යන්නේ එහෙමය. ඒත් මෙවර සජිත්ගේ සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සියලු පක්ෂ ඡන්ද වැඩිකර ගත්තේ ඒ රැල්ලේ උඩුගං බලා පිහිනමින්ය.

‘අනුරට මොකද වුණේ….?’

අනුර ජනාධිපති වූ විගස පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කරන තෙක් ඇන්දේ රනිල් වික්‍රමසිංහටය. ඔහු සාකච්ඡා කළේ බිස්නස්කාරයෝ සමගය. ජවිපෙ කතා කළේ ඔහු අයි.එම්.එෆ්. වීරයා වී සිටීම ගැනය. අයි.එම්.එෆ්. එකේ මචං වීම ගැනය. ඔහුට ලෝක බැංකුව දෙන ණය ගැනය.

පළාත් පාලන ඡන්දය ප්‍රකාශ කළාට පසු අනුර ඇන්දේ මහින්ද රාජපක්ෂටය. ඔහු දළදා ප්‍රදර්ශනය පවත්වා වියට්නාමයේ වෙසක් උත්සවයට ගොස් මහින්ද මෙන් සිංහල බෞද්ධ නායකයෙක් වෙන්න ගියේය.

අනුරට මිනිස්සු ඡන්දය දුන්නේ අනුර වෙන්නටය. ජවිපෙ පාක්ෂිකයන් අනුරට ඡන්දය දුන්නේ කළු විජේවීර නොව සුදු විජේවීර වෙන්නටය. අවසානයේ අනුරට අනුරව තේරුම් ගන්න බැරිවිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අරගලයෙන් පස්සේ ඉරාජ්ගේ නිවස තරුණයන් පිරිසක් විසින් කඩා දමන වීඩියෝ එක අවුරුදු 3කට පස්සේ එළියට එයි! මුලු නිවසම කඩලා ගිනිතිබ්බා! VIDEO I Sri Lanka Latest News

Next Post

චන්දිත දොස්තර මහත්තයෝ, අඳුරට වඩා ඉටි පහනත් මරු! Sri Lanka Latest News

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.