• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සබරගමුවේ නවකවධයෙන් සිසුවෙක් දිවිනසා ගත්තා! හින්දු විද්‍යාලයේ අපයෝජනයෙන් සිසුවියක් දිවිනසා ගත්තා! රටේ අධ්‍යාපනය පාඨශාලාවෙන් මල්ශාලාවටද? Sri Lanka Latest News

May 12, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
සබරගමු සිසුවා සියදිවි නසා ගත් හේතුව හොයන්න මහාචාර්යවරුන් තුන්දෙනකුට බාර දෙයි! පොලිසියත් පරීක්ෂණ අරඹයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මලා තාත්තලා දරුවන්ව උස්මහත් කරලා පාසලකට සරසවියකට යවන්නේ දහසක් සිහින බලාපොරොත්තු තබාගෙන. ඉපදුණු දා ඉඳලා උස්මහත් කරන්නේ කොයිතරම් දුකක් විඳලද? සරසවියට යොමුකරන්නේ කොයිතරම් කැපකිරීම් කරලද? ඒ වගේ දරුවකුගේ ජීවිතයක් විනාශ කරලා සමාජය මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ඒත් මේ සමාජයේ මනුෂ්‍ය වේශයෙන් ඉන්න සමහරු කටයුතු කරන්නේ තිරිසනුන් ලෙසයි. ශිෂ්‍ය වේශයෙන් සිටින නරුමයන් වගේම ඇතැම් ගුරුවරු වේශයෙන් සිටින නරුමයනුත් මේ සමාජයේ සිටිනවා. Sri Lanka Latest News

සබරගමු සරසවියේ තාක්ෂණ ඉංජිනේරු පිඨයේ අධ්‍යාපනය ලබපු 23 හැවිරිදි චරිත් දිල්ශාන් සිසුවා පසුගිය අප්‍රියෙල් 28 වැනිදා ගම්පොළ ඉහළගම තම නිවසට පැමිණියේ පෙරදින සරසවියේ පැවැති අවුරුදු උත්සවයට සහභාගි වීමෙන් අනතුරුවයි. චරිත් දිල්ශාන් 29 වැනිදා සිය නිවස පිටුපස ගෙල වැලලාගෙන තිබුණේ තම මවුපියන්ගේ වගේම තමාගේද සිහින බලාපොරොත්තු බොඳකරගනිමින්. මේ මරණයට හේතුව නවකවධය බව චරිත්ගේ ඥාතීන් මෙන්ම සරසවියේ මිතුරන්ද සනාථ කර තිබුණා. චරිත් සිය අත් අකුරින් ලිපියක්ද ලියා තබමින් මරණයට හේතුව සඳහන් කර තිබුණා.

‘මට බය නැතුව කියන්න පුළුවන් අද වෙනකම් කාටවත් වැරැද්දක් කරලා නැහැ. මෙච්චර කාලෙකට මට වුණු දේවල් දන්නේ මම විතරයි. මම අවුරුදු ගානක් තිස්සේ ඩිප්ප්‍රෙෂන් තියාගෙන හිටියේ. ඒ දේවල් මම වෙන කාටවත් අද වෙනකල් කිව්වේ නැහැ. මේ දවස් ටිකේ මට ඒක හොඳටම වැඩිවුණා. ඒක නැති කරගන්න මම මාර විදියට ට්‍රයි කළා. ඒත් වැඩක් වුණේ නැහැ. මගේ ජීවිතේ බලාපොරොත්තු ගොඩාක් තිබ්බා. හොඳට ඉගෙනගෙන කාටවත් කරදරයක් නොවී ජීවත් වෙන්න. මේ දේට අම්මා තාත්තා කාගෙවත් කිසිම වැරැද්දක් නැහැ. මම මේ දේ කරන්නේ නැතුව ජීවත් වෙන්න මාර විදියට ට්‍රයි කළා. මම ගෙනාපු ආයුෂ මෙච්චරයි වෙන්න ඇති. මේ තත්ත්වෙට ආවාමයි ඒ වේදනාව තේරෙන්නේ….’

මෙලෙස චරිත්ට දිවි නසාගැනීමට හේතුව විශ්වවිද්‍යාලයේදී ඔහුට දරාගැනීමට නොහැකි ආකාරයේ නවකවධයකට මුහුණදීමට සිදුවූ නිසා බවට බොහෝ පාර්ශ්වවලින් චෝදනා එල්ල වුණා. චරිත්ගේ මවුපියන් මාධ්‍යයට ඒ පිළිබඳ අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘එහෙට ගියාට පස්සේ මගේ පුතාගේ බෙල්ල එල්ලෙව්වාලු, යට කලිසමත් ගැලෙව්වාලු. මෙහෙම මෙහෙම තල්ලු කළාලු. බිත්තියක ඔළුව වැදෙව්වාලු, හැට්ට කට්ටකින් මගේ පුතාට ඇන්නාලු. එහෙම වධදීලා කබඩ් එකක් ඇතුළට තල්ලු කළාලු, ගෙදර ආවට පස්සේ අම්මට මුහුණ දුන්නෙත් නැහැ….’
චරිත් තම මිතුරකුට වට්ස්ඇප් පණිවුඩයක් යවමින් පවසා තිබුණේ නවක වධ දෙන සිසුන් තමාව යට ඇඳුම පිටින් නේවාසිකාගාරය පුරා ඇවිද්දවූ බවයි. ඒ වගේම ඔවුන්ගෙන් පහරකෑ බවද පවසා තිබුණා. තමාට මේ පීඩාවල් දරාගැනීමට නොහැකි බවද එම පණිවුඩවල ඔහු සඳහන් කර යවා තිබූ බවයි විමර්ශනවලදී හෙළිවී තිබුණේ. මවුපියන් පැවසූ ආකාරයට ඔහුගේ මිතුරකුද මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නකි.

‘අප්‍රේල් 26 වැනිදා චරිත් කොට කලිසමක් ඇඳගෙන කාමරයට ආවා. කොට කලිසමක් ඇඳගෙන ආවා කියලා අපේ තට්ටුවේම ඉන්න ජ්‍යෙෂ්ඨයෝ ටිකක් දැක්ක. ඒ නිසා ඔවුන් චරිත්ව ගෙනිහිල්ලා තිබුණා. අපි යද්දිත් චරිත් මේසයක් උඩ පුටුවක් තියලා කලිසම පිටින් ස්ලැබ් එක අල්ලගෙන හිටියා. ඒ යද්දී එයාගේ ඇස්වල කඳුළු තිබුණා. එයාට අමානුෂික ලෙස වධ දීලා තිබුණා. අපි ගියාට පස්සේ අපේ සහෝදරයකුට බලකළා යට කලිසමක් ගේන්න කියලා. එයාට ඒක අන්දන්න කිව්වා. ඇන්දුවාට පස්සේ එයාව යට කලිසම පිටින් තිබ්බා. මැදවච්චියෙන් ආව අයියා කෙනෙක් චරිත්ව උස්සලා යට කලිසම පිටින් අයිනක තිබ්බ යකඩ කබඩ් එකට විසිකළා. ඊට පස්සේ චරිත්ගේ බෙල්ලෙන් අල්ලලා ඉස්සරහට පස්සට තද කරලා කුණුහරුපෙන් බැන්නා. ඊට පස්සේ යට කලිසම පිටින් උඩම තට්ටුවේ හාවෝ පැන පැන යන්න කිව්වා.’

චරිත් කියන්නේ අහිංසක දරුවෙක්. ඔහු ලැජ්ජාශීලීව හැදුණු දරුවෙක් වෙන්න ඇති. එවැනි අයකුට මෙවැනි අසාමාන්‍ය දේවල් දරාගන්න හැකියාවක් නැහැ. ඒ නිසා ඔහු මානසික ඇදවැටෙන්න ඇති. ඒ ඇදවැටීම ඔහුට දරාගැනීමට නොහැකි වන්නට ඇති. සමාජයට මුහුණ දෙන්න නොහැකි වෙන්න ඇති.
බලධාරීන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වුවත් නිසි පිළිතුරක් ලැබී තිබේද යන්න තව තවත් සිතා බැලිය යුතුයි. අධ්‍යාපන අමාත්‍යාංශය විසින්ද මෙම සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරමින් පවතින බව දැනගන්නට තිබේ.

මේ පිළිබඳ චරිත්ගේ පියා කළ පැමිණිල්ලකට අනුව පුස්සැල්ලාව පොලිසියෙන් විමර්ශන අරඹා තිබෙනවා. තම පුතාගේ වියෝව පිළිබඳ චරිත්ගේ පියා පැවැසුවේ මෙවැන්නකි.

‘මගේ පුතා මට නැතිවුණා. නමුත් ඉදිරියට පැමිණෙන සරසවි සිසුන්ට මේ වගේ නවකවධයක් නොදීම සඳහා ඒ අයට නීතිය ක්‍රියාත්මක කරන ලෙස මම ඉල්ලා සිටිනවා…’

රාජ්‍ය විශ්වවිද්‍යාලයක් තුළ ශිෂ්‍යයකුට කොයි තරම් ආරක්ෂාවක් සැපයිය යුතුද? කවුද මේවාට වගකිව යුතු වන්නේ කියන දේ හොයලා බලලා මේ සිදුවීමට සාධාරණ විසඳුම් ලබාදිය යුතුයි. වැරදි කළ පුද්ගලයන්ට නිසි දඬුවම් ලබාදිය යුතු වෙනවා. මන්ද නැවතත් මෙවැනි සිදුවීමක් නොවන්නට මේ නිසා නවක ශිෂ්‍යයන් පවා විශ්වවිද්‍යාලයකට පා තබන්නට බියවීම වැළැක්විය නොහැකියි.

මෙවැනි කනගාටුදායක වධ බන්ධනයන්ට ලක්වූ තවත් සිදුවීමක් පසුගිය 29 වැනිදා අපට ඇසුණේ පාසලකින්. ඒ, මානසික ආතතිය නිසා දරුවෙක් ජීවිතයෙන් සමුගත් පුවතක්. දිල්ෂි අම්ෂිකා කියන 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි දැරිය සියදිවි නසාගෙන තිබුණේ මහල් 7ක ගොඩනැගිල්ලකින් පහළට පැණීමෙන් බවයි පරීක්ෂණවලදී හෙළිව තිබුණේ. ඒ, ඇයට පාසලේ ගුරුවරයකු අතින් සිදුවුවා යැයි කියන අකටයුත්තක් හේතුවෙන් බවයි ඇගේ මවුපියන් පවසා සිටියේ.

පාසලක් කියන්නේ දරුවෙකු යහමගට ගන්න තැනක්. තවත් අතකින් දරුවෙකුගේ මනස හදන තැනක්. මානුෂීය ගුණධර්ම කියාදෙන තැනක්. ඒ තැනින් දරුවෙකුට වරදක් වෙන්න පුළුවන්ද? විශේෂයෙන් ගුරුවරයෙක් දරුවෙකු යහමගට ගන්නවා වෙනුවට ඔහුගේ අතින් ඒ දරුවාට වරදක් සිදුවන්නට පුළුවන්ද? කෙසේ වෙතත් මේ දැරිය ජීවිතයෙන් සමුගන්න තිරණය කළේ ගුරුවරයකුගෙන් සිදුවූ අකටයුත්තක් හේතුවෙන් බවයි මවුපියන් පවසන්නේ.
මේ සම්බන්ධව බම්බලපිටිය පොලිසිය හා කොටහේන පොලිසිය පරීක්ෂණ සිදුකරමින් පවතින බවයි දැනගන්නට ලැබුණේ. ගුරු දෙවිවරු අතර මෙවැනි අතළොස්සක් වූ අමානුෂික ගුරුවරුන්ද ඉන්න බව මේ සිදුවීමෙන් පැහැදිලි වෙනවා. තම ආදරණීය දියණියගේ මානසික මට්ටම විවිධ අවස්ථාවල කඩාවැටුණු ආකාරය, දියණියට සමාජයෙන් සිදුවූ අසාධාරණය කොයි තරම්ද කියලා මේ මවුපියන්ගේ වචන සාක්ෂි දරනවා. තම කුසින් දරා අවුරුදු 15ක් උස්මහත් කළ දියණියට සිදුවූ අසාධාරණය ගැන ඇගේ මව පවසා සිටියේ මෙවැන්නකි.

‘එයාට එයාගේ පාසලේ ගුරුවරයෙක් කළ කරදරයක් තමයි එයාව මේ තත්ත්වයට පත්කළේ. එයා දක්ෂ ළමයෙක්. එයාව මානසික රෝගියෙක් බවට අන්තිමට පත්කළා. මම ඒ හින්දා මගේ ළමයව බම්බලපිටිය රාමනාදන් හින්දු කාන්තා විද්‍යාලයෙන් අස්කරගත්තේ ඒ ඉස්කෝලෙට ආයෙ යවන්න බැරි හින්දා. මගේ දරුවා බොරු කියන්නේ කියලා පාසලෙන් කිව්ව නිසා මම දරුවාව පෞද්ගලිකව වෛද්‍යවරයෙක් වෙත යොමුකළා. මම කොටහේන ගුඩ්ෂෙපර්ඩ් පාසලට යොමුකළා. ගුරුවරු දුවට ගොඩාක් උදව් කළා. දෙපාරක්ම දුව ක්ලාන්ත වෙලා පාසලේදී වැටුණා. අම්මා ඔයා කිසිදේකට බයවෙන්න එපා, දුවව පාසල් එවන්න කියලා පන්ති භාර ටීචර් කෝල් කරලා කිව්වා. ආපහු ඔයා ජීවිතයක් පටන්ගන්න කියලා නැවත පාසල් යැව්වා මම. මගේ දරුවා රෝහල්ගත වෙලා එයාට කවුන්සෙලින් දීලා එයාව යම් දුරකට හොඳ තත්ත්වයකට ගේන්න මම කටයුතු කළා.’

‘දුව යන පෞද්ගලික පන්තියක ගුරුවරයෙක් හැමෝම ඉස්සරහා එයාව නැගිට්ටවලා එයාට මේ ගැන කියලා තියෙනවා. ඔයා පොලිස් කේස් එකක් තියෙන ළමයෙක්, ඔයා ආපහු මේ ක්ලාස් එකට එන්න එපා කියලා. එදා එහෙම් කිව්වායින් පස්සේ එයා මානසිකව ඇදවැටුණා. එකෙන් තමයි එයාගේ ඩිප්ප්‍රෙෂන් තත්ත්වය වැඩිවුණේ. අලුත් ඉස්කෝලේ ළමයි මේක දැනගෙන හිටියේ නැහැ. එදායින් පස්සේ ඒ ළමයි හැම ළමයෙක්ම දැනගෙන මෙයාව තනි කළා. හැම තැනකදිම තනි වුණා. එයාගේ යාළුවන්ගෙන් එයා වෙන්වුණා. එයාට ඒක දරාගන්න බැරිවුණා. එයා වින්ද වේදනාව අම්මා කෙනෙක් විදියට මම විතරයි දන්නේ. මේ සමාජයේ ජීවත් වෙන්න බැහැ කියලා තමයි එයා මේ තීරණය ගත්තේ. මගේ දරුවාට වුණු මේ දේ වෙන කිසිම දරුවකුට වෙන්න එපා. එයාගේ ලස්සන ජීවිතය නැති කරගත්තා. ඒක මේ ලෝකෙට තේරුමක් වෙන්න ඕනේ.’

‘මොනවාද වුණේ කියලා අපි කිසිම දෙයක් දන්නේ නැහැ. ඒ ගුරුවරයා තාමත් එම පාසලේ සේවය කරනවා. මගේ දරුවා ඇහුවේ ඒකයි වැරදි කරපු නැති මාව ඉස්කෝලෙන් එළියට ගත්තා. වැරදි කරපු කෙනා තාම ඉස්කෝලේ ඉන්නවා. එයාට ඔයාලා මොකද්ද කරන්නේ කියලා තමයි දුව ඇහුවේ. අන්තිම මොහොත වෙනකල් මම එයත් එක්ක හිටියේ. විනාඩි 5න් මගේ දරුවාව මිස් වුණේ. ඉස්කෝලේ යන්නේ නැතුව ගෙදරමයි දරුවාත් එක්ක හිටියේ. එයා කලිනුත් මේ වගේ තීරණයක් ගත්තා. මම ඒකෙන් බේරගත්තා. ඒත් එදා මට බේරගන්න බැරිවුණා. මගේ දරුවා හැම අතින්ම හොඳ දක්ෂ දරුවෙක්. මේ ලෝකෙට හොඳ දරුවෙක් නැතිවුණා.’

අම්මෙකුගේ හදවත ඒ විදියට හඬාවැටෙනවා. මොහොතින් මොහොත ඇය මැරි මැරී ඉපදෙනවා. පියා කිසිවක් නොකියා දුක දරාගැනීමට නොහැකිව ඉකි ගසමින් මාධ්‍ය හමුව ඉදිරියේ කඳුළු සලමින් සිටියා. ඒ අම්මාගේ දුක අපේ හදවත්වලටත් එලෙසම දැනුණා කිසිවක් කරකියා ගැනීමට නොහැකිව ඔවුන් අසරණ වෙලා. ඔවුන්ගේ ජීවිත මානසිකව කඩාවැටිලා. මේ දරුවා පාසලෙන් පමණක් නෙවෙයි ටියුෂන් පන්තියෙනුත් පීඩනයට ලක්වුණා. ඒත් ඒ වෙනුවෙන් ප්‍රශ්න කරන්න, විසඳුම් ලබාදෙන්න වගකිව යුත්තන් කටයුතු කර තිබුණේ නැහැ.

මව ගිහින් පාසලේ විදුහල්පතිවරයාට මේ සිදුවීම දැනුම් දුන්නත් ඔහු ඊට නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවයි පැවැසෙන්නේ.
කොටහේන ප්‍රදේශයේ සුපිරි නිවාස සංකීර්ණයක අටවැනි මහලෙන් පැන මේ දැරිය සිය ජීවිතය හානිකරගෙන තිබුණා. දැරිය කොළඹ ජාතික රෝහලෙන් මානසික පීඩනයට ප්‍රතිකාර ලබමින් සිට ඇති බවද අනාවරණ වී තිබුණා. බම්බලපිටියේ පාසලක ඉගෙනුම ලබමින් සිටියදී ඇයව කොටහේන ප්‍රදේශයේ පාසලකට මවුපියන් විසින් මාරුකර තිබුණේ දැරියගේ පීඩනය දරාගැනීමට නොහැකි නිසාවෙනි. එක අසාධාරණයක් නිසා මේ දැරියව සමාජයේ කිහිප තැනකින්ම කොන්කර තිබුණා.

මේ අසාධාරණකම්වලට හරිහැටි නීතිය ක්‍රියාත්මක කළානම් මේ අහිංසක දරුවන් දෙදෙනාම අදත් ජීවතුන් අතර සිටින්නට තිබුණා. තවත් අතකින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ බලධාරීන් මේ සිදුවිම්වල වරදෙහි මුල සොයා ඒවාට හරි හැටි පිළියම් යෙදුවා නම් මෙවැනි ඛේදවාචකයක් සිදු නොවන්නට ඉඩ තිබුණා. එහෙම වුණා නම් අනාගතයේදිවත් තවත් දරුවෙක් මෙවැනි ජීවිත හානියක් නොකර ගනු ඇත.

චරිත්ගේ නවකවධ සිද්ධිය සම්බන්ධව සබරගමු සරසවියේ සිසුන් 6 දෙනා මේ මස 16 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගතකර තිබෙනවා. තවත් සිසුන් 04 දෙනකුද සමනලවැව පොලිසියට භාරවී ඇති බවයි දැනගන්නට ලැබුණේ. පාසල් සහ සරසවි දරුවන්ගේ මනස මුහුකුරා ගිහිල්ලා නැහැ. ජීවිත අත්දැකීම් අඩුයි. ඔවුන්ට ප්‍රශ්න දරාගැනීමට යම් තරමකට අපහසුයි. විශ්වවිද්‍යාලයට තේරීපත්වන්නේ බොහෝ විට ගම්වල අහිංසක දරු දැරියන්. ඔවුන් මේ සමාජයේ තැලිලා පොඩි වෙලා නැහැ. ඔවුන්ට විශ්වවිද්‍යාලයක් තුළින් හඳුනාගන්න ලැබෙන්නේ අලුත් සහෝදර සහෝදරියන් පිරිසක්. තමන් තමන්ට ආදරය කරනවා වගේම, අනෙකාගේ ජීවිතයටත් ඒ වටිනාකම ලබාදිය යුතුමයි.

ඉදිරි අනාගතයේදී දරුවන්ට මෙවැනි අකටයුතුකම් සමාජයෙන් සිදුවීම වළක්වාගත යුතුමයි. තම ආදරණීයයකුට මානසික ආතතියක් තිබේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ගන්න අවශ්‍යයි. මොකද ඩිප්ප්‍රෙෂන් කියන තත්ත්වයට කෙනකු පත්වුණොත් ඔවුන් ගන්නා තීරණ අවදනාම්සහගත වෙන්න පුළුවන්. මේ සරසවි සිසුවා අවසානයේ ලියා තිබූ ලිපියෙහි සඳහන් වූ ‘ඒ තත්ත්වයට පත්වුණු කෙනෙක් විතරයි ඒ වේදනාව දන්නේ…’ යන්නෙන් ඒ ආතතියේ බරපතළ බව මනාව පැහැදිලි වෙනවා. ඒ වගේම, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පසුගිය මාසයේ පාසල් 40ක දරුවන් 3,343ක් ඇසුරෙන් කළ අධ්‍යයනයකින් හෙළිව තිබුණේ එම දරුවන්ගෙන් 18%ක් මානසික ආතතියෙන් (ඩිප්ප්‍රෙෂන්) පෙළන බවත්, 9.4% සියදිවි නසාගැනීමට සැලසුම් කර ඇති බවයි.

ඔබගේ ආදරණියයකු මානසික ආතතියකින්, සිත්තැවුලකින් පසුවෙනවා නම් 1926/ 1333/ 0707308308 යන දුරකතන අංක අමතා සහනයක් ලබාගන්න පුළුවන්. ඒ සඳහා කිසිදු මුදලක් අයකරන්නේ නැහැ. ඒ වගේම 100%ක් රහස්‍යභාවය සුරැකීමට ඔවුන් බැඳී සිටිනවා.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අනුර වියට්නාමේ ගිහින් ආපු සුපිරි ‘එම්බ්‍රියර් ලෙගසි 600’ අතිසුඛෝපභෝගී ප්‍රයිවට් ජෙට් එකේ ඇතුළට ගිහින් බලමුද? පිස්සු හැදෙනවා..! PHOTOS I Sri Lanka Latest News

Next Post

කිව්වේ නම් 6000 විදුලි බිල ආපු ගමන් 3000 කරනවා කියලා! 3000 විදුලි බිල 2000 කරනවා කියලා! දැන් 30%කින් විදුලි බිල ඉහළ දාන්න හදනවා! ජනතාව පීඩාවට පත්කරන මේ තීන්දුව වහාම අකුලගන්න! නැතිනම් ආණ්ඩුවට එරෙහිව රටම පෙළගස්සනවා! විපක්ෂනායක විශේෂ නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.