• About us
  • Contact us
Wednesday, June 17, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සුද්දියන්ට ජංගි මහනවා කියලා මඩ ගැහුවා! ප්‍රේමදාස බය නැතිව ගමේ ඇඟලුම් පටන් ගත්තා! හැබැයි කතාව මිනිස්සුන්ට දැන් අමතකයි! Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
සුද්දියන්ට ජංගි මහනවා කියලා මඩ ගැහුවා! ප්‍රේමදාස බය නැතිව ගමේ ඇඟලුම් පටන් ගත්තා! හැබැයි කතාව මිනිස්සුන්ට දැන් අමතකයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඇමෙරිකා එක්සත් ජනපදයේ වත්මන් ජනාධිපතිවරයා විසින් ලොව රටවල් සමූහයක් සඳහා පනවා ඇති තීරුබදු තහංචිය නුදුරු අනාගතයේදී වඩාත් දැඩි ලෙසින් ශ්‍රී ලාංකාවට බලපාන බව විද්වතුන්ගේ අදහසයි. එහි වඩාත් බලපෑම, මෙරටින් ඇමෙරිකාව සඳහා අපනයනය කරන භාණ්ඩ වෙතින් 50%ක් පමණවූ ඇඟලුම් වෙතින් උපයන විනිමය ආදායම අහිමිවීමට පවත්නා ඉඩ ප්‍රස්ථාව වර්ධනය කිරීමකි. එයින් කියැවෙනුයේ, එදා ප්‍රේමදාස ජනපති සමයේ ප්‍රතිපාක්ෂිකයන්ගේ දැඩි විරෝධය මධ්‍යයේ, දිවයින පුරා ආරම්භ කොට, පසු කලෙක මෙරටට විදෙස් විනිමය ඉපයීමේ ප්‍රමුඛත්වයට පත්වූ, ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තය නියත ලෙසින්ම අවදානමකට පත්වන බවයි. Sri Lanka Latest News

මා මතකය නිවැරදි නම්, ඒ 1991 වසර ආරම්භයේ එක්තරා දිනකි. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා සිය සුපුරුදු උදෑසන නිලධාරී හමුව සුචරිත නිවෙස් කාර්යාලයේ කැඳවා තිබුණු අතර, එදින සාකච්ඡාව සඳහා මා වෙතද කැඳවීමක් ලැබිණි. ඒ එවකට ආයෝජන මණ්ඩලයේ ප්‍රධානියකු වූ බිමල් පද්මපෙරුම මහතා වෙතිනි.

මෙදින සාකච්ඡාවේදී ජනාධිපති ප්‍රේමදාස මහතාගේ විශේෂ අවධානය යොමුවූයේ, මෙරට විදෙස් විනිමය ආදායම කඩිනම් වර්ධනයක් ළඟාකර ගැනීම සඳහා ඇඟලුම් කර්මාන්තයේ වහා වෙනස්කම් සිදුකිරීමකි.

මෙම සාකච්ඡාව නිමවී ගතවූයේ දින කිහිපයක් පමණි. එවක ඇඟලුම් කර්මාන්තයේ නියුතු වූ සියලු ප්‍රමුඛ පෙළේ කර්මාන්තකරුවන් සහ එම කර්මාන්ත හා සම්බන්ධ සියලු රාජ්‍ය නිලධාරීන් සමගින් ජනාධිපති ප්‍රේමදාස මහතා විශේෂ සාකච්ඡාවක් කැඳවීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති ප්‍රේමදාස මහතා පැවැසුවේ, මෙරට ප්‍රමුඛ පෙළේ ඇඟලුම් කර්මාන්තශාලා බහුතරයක් කටුනායක සහ බියගම වෙළෙඳ කලාපය හා ඒ අවට ප්‍රදේශවල පිහිටා ඇති බවත්, එහි සේවය සඳහා පැමිණෙන දහස් සංඛ්‍යාත තරුණ තරුණියන් දුරබැහැර ගම්බද ප්‍රදේශ වෙතින් යොමුවන බවත්ය. එලෙස පැමිණෙන මෙම තරුණ තරුණියන් දහසකුත් එකක් දුෂ්කරතා මධ්‍යයේ සිය රැකියාව කළද, තමන් ලබන සීමිත ආදායම, තම ගම් ප්‍රදේශවල යැපුම් සාමාජිකයනට යොමුකිරීමට ප්‍රමාණවත් නොවූ හෙයින්, ඔවුන්ගෙන් අයෙකුන් කෙටි කලකදී රැකියාවට සමුදීම හෝ එම නව සමාජ රටාවට ඇබ්බැහි වී, සිය පවුල් හා සමාජ ජීවිතය පිළිබඳ නිවැරදි කළ නොහැකි ගැටලු ඇතිකරගන්නා බව ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙහිදී සැබෑ සමාජ අත්දැකීම් හා එය සනාථ කිරීම සඳහා සංඛ්‍යාලේඛන ගෙනහැර දක්වමින් පැවසීය.

තමන් සතු සමාජ හිතකර යෝජනා වඩාත් සුදුසු අවස්ථාවේදී ඉදිරිපත් කොට, එය කෙසේ හෝ ක්‍රියාවට නංවා හැකි ඉක්මනින් යහපත්වූ ප්‍රතිඵල සැබෑකර ගැනීමට ප්‍රේමදාස මහතා සැබෑ දක්ෂයෙක් විය. ඒ අනුව යමින් ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම සාකච්ාඡාවේදී කිසිවෙක් අපේක්ෂා නොකළ යෝජනාවක්ද ඉදිරිපත් කළේය.
ඉන් කියැවුණේ, ඇඟලුම් කර්මාන්තයේ නියුතු ශ්‍රමිකයන්, වෙළෙඳ කලාපීය ඇඟලුම් කම්හල්වල සේවයට පැමිණෙනවා වෙනුවට ඇඟලුම් කම්හල්, ශ්‍රමිකයන් සොයා ගම වෙතට ගෙනයා යුතු බවයි. වඩාත් පහසුකම් සහිතව නාගරික ප්‍රදේශ අශ්‍රිතව සිය ඇඟලුම් කම්හල් ස්ථාපිත කොට තිබූ, මෙම සාකච්ඡාව සඳහා සහභාගි වූ සියලු ආයෝජකයන් මෙම අදහසට සිය අකැමැත්ත පළකළද, ජනාධිපති ප්‍රේමදාස මහතා සිය ස්ථාවරය වෙනස් නොකොට, එය ක්‍රියාත්මක කිරීම තුළින් කම්හල් හිමිකරුට හා සේවකයන්ට ලැබෙන වාසිය හා එමගින් කර්මාන්තය කෙටි කලක් තුළදී ලබන දියුණුව සමගින් ශ්‍රී ලංකාවට විදෙස් විනිමය ඉපයීම කෙටි කලක් තුළදී වර්ධනය වන ආකාරය පෙන්වා දුණි.
මෙලෙසින් ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව ඇඟලුම් කම්හල් පිහිටුවන ආයෝජකයන් සඳහා පහත සඳහන් වූ සුවිශේෂ පහසුකම් සැපයීමට ජනාධිපති ප්‍රේමදාස මහතා මෙහිදී යෝජනා කරන ලදී.

● උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයිනේ සියලු දිස්ත්‍රික්ක ආශ්‍රිතව මෙවන්වූ ඇඟලුම් කම්හලක් ඉදිකිරීමට සුදුසු බිමක්, ඉඩම් විෂය හා බැඳි ආයතනික දායකත්වයෙන් කඩිනමින් සොයාදීම.
● එකී නිෂ්පාදන කම්හල් සඳහා අවශ්‍ය මාර්ග, විදුලිය හා ජලය ආදී මූලික පහසුකම් ප්‍රමුඛතා පදනමක් යටතේ රේඛීය රාජ්‍ය ආයතනවල සහායෙන් කඩිනමින් සැපයීම.
● මෙහි ඉදිවන කම්හල් ගොඩනැගිලි පිළිගත් පිරිවතර යටතේ කඩිනමින් ඉදිකිරීම හා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණ සහාය අවශ්‍යතාව මත රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙතින් ලබාදීම.
● මෙම කම්හල් සඳහා අත්‍යාවශ්‍ය වූ යන්ත්‍ර සූත්‍ර හා මහන මැෂින් සමගින් සීමිත වාහන ප්‍රමාණයක් විශේෂ ආයෝජන පහසුකම් යටතේ ආනයනය කිරීමේ අවසරය.
මෙකී පහසුකම් යටතේ ඇඟලුම් කර්මාන්ත ශාලා ගම් මට්ටමින් ඉදිකිරීමේ එකඟතාව ආයෝජකයන් විසින් පළකිරීමෙන් පසු, එකී ආයෝජකයන් විසින් සිය යෝජිත ඇඟලුම් කම්හල තුළින් සපුරාලිය යුතු කොන්දේසි කිහිපයක්ද, ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් පහත සඳහන් පරිදි ඉදිරිපත් කරන ලදී.
● ඇඟලුම් කම්හල සඳහා සේවකයන් බඳවා ගැනීමේදී, හැකිතාක් දුරට කම්හල පිහිටි ප්‍රදේශයේ ජනසවිලාභී පවුල් සඳහා ප්‍රමුඛත්වයක් ලබාදීම.
● බඳවාගනු ලබන සේවක සේවිකාවන් සඳහා සේවා අවස්ථාවන්හීදී පෝෂ්‍යදායී දේශීය ආහාර වේලක් ආයතනය අනුග්‍රහයෙන් සැපයීම.

මෙලෙසින් සැලසුම් වූ ගම් මට්ටමින් ඉදිවන ඇඟලුම් කම්හල මාස හයක කාලයක් තුළ සිය නිෂ්පාදන කාර්යය ආරම්භ කළයුතු යැයි ජනාධිපති ප්‍රේමදාස මහතා මෙහිදී ප්‍රකාශ කිරීමෙන් පසු, එම අවස්ථාවට සහභාගි වූ ආයෝජකයන් කිහිප දෙනෙක් මෙම වැඩසටහන පිළිබඳ සැබෑ ලෙසින් පැහැදී, සිය නව ඇඟලුම් කම්හල්, යෝජිත ග්‍රාමීය ප්‍රදේශ ඇසුරේ කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත පළකළහ.

එකී වැඩපිළිවෙළ අනුගමනය කළ ඇඟලුම් ක්ෂේත්‍රයේ සෙසු ආයෝජකයන් මෙන්ම, මෙම කර්මාන්තය වෙනුවෙන් අගමැතිවරයා විසින් ලබාදුන් ආකර්ෂණීය පහසුකම් දුටු නව ආයෝජකයන් රැසක්, මෙම කඩිනම් ඇඟලුම් කම්හල් වැඩසටහන සඳහා එක්විය. ජනතා හිතකාමී මෙම ව්‍යාපෘතිය කඩිනමින් අරඹා ඉලක්ගතව නිමකොට එහි ප්‍රතිලාභ උපරිම වශයෙන් ජනතාව වෙත ලබාදීම ප්‍රේමදාස මහතාගේ අපේක්ෂාවක් විය.

ඒ අනුව යමින් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බලාපොරොත්තුව වූයේ දෙවසරක් තුළදී, දිවයින පුරා ඇඟලුම් කම්හල් 200ක් අරඹා, ඒ තුළින් අවම වශයෙන් නව රැකියා අවස්ථා 100,000ක් ඇති කරලීමයි.

ඉහත සාකච්ඡාවෙන් අනතුරුව දිවයිනේ දසදෙස කඩිනමින් ඇඟලුම් කම්හල් ඉදිවිය. එකී ඉදිකිරීම් කාර්යයන් නිවැරදිව සිදුවන්නේද යන්න ප්‍රේමදාස මහතා නිරතුරුව සුපරීක්ෂාවෙන් සිටි අතර, අවස්ථාව ලැබූ විගස පූර්ව දැනුම්දීමකින් තොරව, මෙම ඇඟලුම් කම්හල් ඉදිවීමේ ප්‍රගතිය ක්ෂේත්‍ර චාරිකා මගින් සොයාබැලීය.
මෙවන් වූ අයුරකින් ඇඟලුම් කම්හල් ඉදිවීම් කාර්යයන් නිමවූ විගස, අදාළ ප්‍රදේශ වෙතින් සේවකයන් බඳවාගෙන කම්හලේ සේවය හැකි ඉක්මනින් ආරම්භ කරන ලෙස ප්‍රේමදාස මහතා උපදෙස් දුණි. එමෙන්ම, එලෙසින් සිය නිෂ්පාදන කාර්යයන් ආරම්භ කරන සෑම ඇඟලුම් කම්හලක්, ජනාධිපතිවරයාගේ නිල නිරීක්ෂණයක් සිදුකෙරෙන දිනයක් නියම විය.

එම දිනය වනවිට කම්හලේ ප්‍රවේශ මාර්ග සියල්ල කම්හලට අවශ්‍ය ලොරි හා කන්ටේනර් රථ ප්‍රවාහනය කළ හැකි ආකාරයෙන් සකස්වූ අතර, ඒ හේතුවෙන් මෙරට ග්‍රාමීය මාර්ග රැසක් නවීන පහසුකම් සමගින් පිළිසකර විය. එමෙන්ම ඉදිවූ සෑම ඇඟලුම් කම්හලක් ආශ්‍රිතව හෝරා ස්ථම්භයක් (ඔරලෝසු කණුවක්) ස්ථාපිත කළ අතර, එය මෙම ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ සංකේත ලෙසින් අදද දක්නට ලැබේ.

ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ කඩිනමින් ඉදිකිරීම් කාර්යයන් නිමවීම යාපහුව බඩල්ගම කම්හලින් වඩාත් කඩිනමින් සිදුවිය.
ගම් උදාව ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ඉදිවූ ප්‍රථම උදාගම ඇසුරේ මෙම කම්හල ස්ථාපිත වීමත් එම ආදර්ශ ගම්මානවල තරුණ තරුණියන් මෙම ඇඟලුම් කම්හල් සේවාව සඳහා තෝරාගැනීම ඇගයිය යුතු කාර්යයකි.

එමෙන්ම මෙම ව්‍යාපෘතියේ සමස්ත ක්‍රියාවලිය සඳහා ආරම්භයේ දායක වූ අයකු ලෙස ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ වගකීම් රැසක් අප මූලිකත්වය දැරූ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය හා අනුබද්ධිත සෙවණ මාධ්‍ය සේවය වෙත පැවරුණි.

මෙලෙසින් සාර්ථකව ක්‍රියාත්මක වූ ඇඟලුම් කම්හල් 200 වැඩසටහනේ ජනාධිපති ප්‍රේමදාස මහතාගේ ප්‍රථම නිල නිරීක්ෂණ චාරිකාව 1991 වසරේ සැප්තැම්බර් මස 15 දින යාපහුව බඩල්ගම ඇඟලුම් කර්මාන්ත ශාලාවේදී සිදුවිය. මෙම වැඩසටහනේ මුල්ම කර්මාන්ත ශාලාව කුමාර දේවපුර මහතාගේ ආයෝජන ව්‍යාපෘතියකි. එදින මුල් වරට විදෙස් රටක ඇඟලුම් ඇණවුමක් කොළඹ නගරයෙන් සැතැපුම් සියගාණක් දුරින් පිහිටි යාපහුවේ සිට කොළඹ වරාය වෙත කන්ටේනර් මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සිදුවිය.
එකී වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා පූරෝගාමී වූ ප්‍රේමදාස ජනාධිපතිතුමන්ට මෙන්ම මෙම අතිශය වෙහෙසකාරී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා දායක වූ හැමට එය වඩාත් සතුට දනවන දිනයක් විය.

මෙදින යාපහුව ඇඟලුම් කම්හල් නිරීක්ෂණයෙන් පසු රැස්ව සිටි ජනතාව ඇමතූ ජනාධිපති ප්‍රේමදාස මහතා මෙසේ පැවැසීය.
‘අද අප සංවර්ධන ක්‍රියාවලයේ තවත් වැදගත් මතක සටහනක් සනිටුහන්වන දිනයක්. නිවාස හිමි සමාජයක් වෙනුවෙන් හිසට සෙවණක් ලබාදීම අරමුණු කොට, එදා උදාගම් ව්‍යාපාරය ආරම්භ කළ මෙම ඓතිහාසික භූමියේ අපේ රටේ ආර්ථිකය සවිමත් කිරීම උදෙසා ගම තුළ ඇඟලුම් කම්හල් පිහිටුවා, අප රටට අත්‍යාවශ්‍ය වූ විදෙස් විනිමය මේ ගම් ප්‍රදේශයේ තරුණ තරුණියන් විසින්ම ඉපයීම මොනතරම් ආශ්චර්යයක්ද? එය සැබැවින්ම මෙතෙක් අප දුටු සිහිනයක් සැබෑවීමක් නොවේද?’

ප්‍රේමදාස මහතා එදා පැවසූ ලෙසින්, වසරක පමණ කාලයක් තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශ ඇතුළු දිවයින පුරා දුෂ්කර ගම් ප්‍රදේශ සඳහා මුල් තැනක් දෙමින්, දිවයිනේ දසත ඉදිවූ ඇඟලුම් කම්හල් සහ එමගින් නිෂ්පාදිත අපනයනය ඉලක්කගත වූ ඇඟලුම් හේතුවෙන්, මෙරට අපනයන ආදායම වාර්තාගත ලෙසින් වර්ධනය වූ බව, ශ්‍රී ලංකා මහබැංකු වාර්තා පෙන්වා දේ. එකී වාර්තාවන්ට අනුව 1991 වසරේ 22.6ක්ව පැවැති මෙරට අපනයන ඉපයුම, 1992 වසරේදී 25.6ක වර්ධනයක් සහ ඇඟලුම් කම්හල් වැඩසටහන අතිශයින්ම සාර්ථක වූ 1993 වසරේ අපනයන ඉපයුම, 26.6ක වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කිරීම, ආර්ථික ක්ෂේත්‍රයේ විද්වතුන් පෙන්වා දෙන ආකාරයට ඇඟලුම් කම්හල් වැඩසටහනේ මෙම ව්‍යාප්තගත සංවර්ධනය හේතුවිය.

1991 සැප්තැම්බර් මස 15 දින ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් ආරම්භ කළ මෙම ඇඟලුම් කම්හල් නිරීක්ෂණ වැඩසටහන නොකඩවා සතියකට අවම වශයෙන් එක් කම්හලක් හෝ නිල වශයෙන් නිරීක්ෂණය වන පරිදි සකස් විය.

රටේ ජනාධිපතිවරයා ලෙසින් කවර හෝ වගකීම් පැවරී තිබුණද, ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ නිර්මාණය වී, මෙරට ආර්ථිකය සවිමත් කිරීම සඳහා ගමේ තරුණ තරුණියන්ගේ දායකත්වයෙන් නිෂ්පාදන කර්යයන් සිදුකළ මේ සෑම ඇඟලුම් කම්හලක, නිෂ්පාදන ක්‍රියාකාරම් පෞද්ගලිකව නිරීක්ෂණය කිරීමට ප්‍රේමදාස මහතාට දැඩි ඕනෑකමක් විය.

1993 වසර අවසානයේ ඇඟලුම් කම්හල් 200, නිෂ්පාදන කාර්යයන් ආරම්භ කිරීම ඉලක්කගතව මෙම වැඩසටහන දියත්වූ අතර, 1993 අප්‍රේල් මාසය වන විට, මෙකී කර්මාන්ත ශාලා 125ක්, සිය නිෂ්පාදන කාර්යයන් අරඹා, ජනාධිපති නිරීක්ෂණය සඳහා දින නියම කොට තිබිණි. කෙසේ වුවද, ජනාධිපති ප්‍රේමදාස මහතාගේ නිරීක්ෂණයට ලක්වූ අවසන් ඇඟලුම් කම්හල වූයේ, එකි වැඩසටහනේ, 116 වැනි කම්හල වූ ලක්ෂපාන අඹගමුව කෝරළේ ඇඟලුම් කර්මාන්ත ශාලාවයි. 1993 අප්‍රේල් මස 29 දින පස්වරුවේදී මෙම ඇඟලුම් කම්හල නිරීක්ෂණය සිදුවිය.

ඉන් අනතුරුව පැවැති ජනහමුව අමතා කතා කළ ජනාධිපති ප්‍රේමදාස මහතා,
‘අද අප රටට අත්‍යාවශ්‍ය වූ විදෙස් විනිමය සපයන ප්‍රධාන ව්‍යාපෘතිය බවට මෙම ඇඟලුම් කම්හල් වැඩසටහන පත්ව තිබෙනවා. මෙම වැඩසටහන හේතුවෙන් ගමේ රැකියා විරහිත තරුණ තරුණියන් හට සමාජ ගරුත්වය හිමි රැකියාවක, තම නිවසේ ඇසුරේ සිටම නිරත වීමට අවස්ථාව හිමිවෙනවා. ඔවුන් ඒ තුළින් ලබන ආදායම ගම තුළම වැයකිරීම නිසා ගමේ අර්ථිකය සවිමත් වනවා. එමෙන්ම මෙම කර්මාන්ත ශාලාවේ සේවා කාර්ය මණ්ඩලය ප්‍රදේශයේ සිංහල හා වතු ආශ්‍රිත ද්‍රවිඩ තරුණ තරුණියන්ගෙන් සමන්විත වීම නිසා මෙම වැඩසටහන වඩාත් අර්ථවත් වී තිබෙනවා’ යැයි පැවැසීය.

මෙදින මෙම අදහස ඉදිරිපත් කොට ගතවූයේ දින දෙකක් පමණි, එළඹි මැයි මස 01 දින කොළඹදී සිදුවූ බෝම්බ ප්‍රහාරයකින් ජනාධිපති ප්‍රේමදාස මහතා ජීවිතක්ෂයට පත්විය. එතැන් සිට ගතවූ මාස කිහිපය තුළ ඇඟලුම් කම්හල් 200 වැඩසටහන යටතේ සැලසුම් කොට ඉදිකිරීම් ඇරඹි, ඇඟලුම් කම්හල් නිෂ්පාදන කාර්යයන්, ගම් මට්ටමින් සිය නිෂ්පාදන කාර්යයන් සිදුකළද, නොබෝ දිනකින් එකී වැඩසටහනේ පැවැති මූලික සිද්ධාන්ත එලෙසින්ම ආරක්ෂා කරමින් එකී වැඩසටහන ක්‍රියාත්මක වීම සිදුනොවීය.
ගමට මුල්තැනක් දෙමින්, ගමේ ශ්‍රමික දායකත්වයෙන් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන, එයින් බැහැර වෙමින් කම්හල් සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වඩාත් පහසුවෙන් සොයාගත හැකි ප්‍රදේශ තුළ නැවත ස්ථාපිත විය.

කෙසේ වුවද එදා එම කර්මාන්තය තුළින් ඇතිවූ ප්‍රභේදය, එදා අද කාලපරිච්චේදය තුළ, මෙරටට විදෙස් විනිමය උපයන ප්‍රමුඛතම කර්මාන්ත බවට මෙම ඇඟලුම් කම්හල් 200 වැඩසටහන හේතු වූ බව සදාතනික සත්‍යයක්වී ඇත.

ලක්විජය සාගර පලන්සූරිය.

SendShareShare
Previous Post

මාලිමාව ගණන් දන්නෙ නැද්ද? 50% තියෙන සභාවල ඕන හැටියකට පිහිටුවගන්න! හැබැයි 50% නැති සභාවලට අත තියන්න ලෑස්ති වෙන්න එපා! ඒවයේ බහුතරය තියෙන්නේ විපක්ෂයට! පුත්තලමේ සභා 12න් 9කම අපි බලය පිහිටුවනවා! සජබය ප්‍රමුඛ විපක්ෂය පුත්තලමේ බලය අල්ලන්න ලෑස්තියි! VIDEO I Sri Lanka Latest News

Next Post

සීගිරියට උඩින් පායන මන්දාකිණිය බලන්න පිදුරංගල කඳු මුදුනට මහ රෑ ගිය ගමන! මොන තරම් චමත්කාරජනකද? ඇයි සීගිරිය රෑට විවෘත නොකරන්නේ? Sri Lanka Latest News

MORE NEWS

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News
Exclusive

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News
Exclusive

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

වාහන ‌රටින් ගෙන්වන්න පුලුවන් ගැසට් එක හෙට අනිද්දාම එළියට එනවා! ගේන්න පුලුවන් වාහන වර්ග-ඩොලරයට ආපහු වෙන්න යන දේ මෙන්න! Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව පාවිච්චි කරපු වාහන ගෙන්වීමේ කොමිස් එක අයින් කරයි! Vezel ලක්ෂ 20කින්-Wagon R ලක්ෂ හතාමාරකින්-Yaris ලක්ෂ 10කින් යළි ඉහළට? I Sri Lanka Latest News

Load More
මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මුලින්ම මෝලම් ගහලා වැඩේ පටන් ගත්තේ ලක්මාලි! දැන් මාලිමා මන්ත්‍රී අරුණත් පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

මාර්ගයට එක් කළ නව ලංගම බස් රථයක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවකට මාලිමා මන්ත්‍රී අරුණ පනාගොඩ මහතා එක්ව සිටියේ මෙසේය.Sri...

Read more
සෙනසුරාදා CIDයෙන් අත්අඩංගුවට ගත්තා! අද ඇප අරන් ගෙදර ගියා!  I Sri Lanka Latest News

අල්ලස් කොමිසම අත්අඩංගුවට ගත් යෝෂිතට කොළඹ මහේස්‍ත්‍රාත් අධිකරණයෙන් ඇප දෙයි! රටින් පිටවෙන්න බෑ! I Sri Lanka Latest News

වෙසක් පුන් පෝ දිනයේ විපක්ෂනායක සජිත් ලොකු පිංකමක් කරයි! පොළොන්නරුව ජඹුරවෙළ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ මුල් ගල් තියයි! ඉස්සර අමාරු කාලවලදී හිටපු රජවරු ජනතාව අත්හැරියේ නෑ! අපිත් මේ අමාරු වෙලාවේ ජනතාව අත්නොහරිමු! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඇත්ත කියලා ගෙදර යන්නම්..! බොරු කියලා රජවෙන්නෙ නම් නෑ..! මම මිනිස්සුන්ව අන්දන්නේ නෑ..! Sri Lanka Latest News

‘පළාත් සභා කල් දමන බියගුළු අනුරගේ වියරුව පරදවමු!’ සජබය සටන තවත් තද කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බොරතෙල් මිල වැඩි වෙද්දි ලංකාවේ තෙල් මිල වැඩි වෙනවා නම් බොරතෙල් මිල අඩු වෙද්දි ලංකාවේ තෙල් මිල අඩු වෙන්න ඕනෑ! දැන් බොරතෙල් මිල යුද්දෙට කලින් තිබ්බ ගාණටම ඇවිත්! වහාම තෙල් මිල අඩු කරන්න! VIDEO I Sri Lanka Latest News

මාලිමාව සහ ගෝඨාගේ අවතාරය! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! Sri Lanka Latest News

ගෝඨාගේ තීන්දුව අද නෙමෙයි හෙට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.