• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සීගිරියට උඩින් පායන මන්දාකිණිය බලන්න පිදුරංගල කඳු මුදුනට මහ රෑ ගිය ගමන! මොන තරම් චමත්කාරජනකද? ඇයි සීගිරිය රෑට විවෘත නොකරන්නේ? Sri Lanka Latest News

May 11, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සීගිරියට උඩින් පායන මන්දාකිණිය බලන්න පිදුරංගල කඳු මුදුනට මහ රෑ ගිය ගමන! මොන තරම් චමත්කාරජනකද? ඇයි සීගිරිය රෑට විවෘත නොකරන්නේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසරය කියලා කියන්නේ හරි අපූරු විෂයක්. ඒ විෂය රසවිඳින එකත් හරිම සුන්දර අත්දැකීමක්. සමහරු පරිසර ඡායාරූපකරණය හරහා පරිසරය විඳිනවා. තවත් අය භූමි අලංකරණ ඡායාරූපකරණය තුළින් පරිසරය විඳිනවා. ඇතැමුන් චිත්‍ර නිර්මාණය කරලා ඒ තුළිනුත් පරිසරයේ සුන්දරත්වය විඳිනවා. නමුත් අද අපි කැලෑ කොලමෙන් ඔබට කියන්න යන්නේ තරමක් වෙනස් ආකාරයකට පරිසරයේ සුන්දරත්වය අත්විඳින්න ලැබුණු අවස්ථාවක් ගැන. ඒ, ඝන අන්ධකාරයෙන් වැසීගිය රාත්‍රියක වනාන්තර කලාපයක සංචාරය කරන්න අපිට ලැබුණු අවස්ථාවක්. සද්දන්තයන්ගේ ගෝරනාඩු හඬ මෙන්ම කොටින්, දිවියන්, වලසුන් නඟන බියකරු හඬට සවන් දෙමින් නිශාචර වන සතුන්ගේ අද්භූත චර්යාවන් දැකගනිමින් අපිට මේ විදියට යන්න ලැබුණේ සීගිරිය පිදුරංගල ප්‍රදේශයට. අතීත පුරාවෘත්ත, ජනප්‍රවාද, ඉතිහාස කතා හා අවියෝජනීයව බැඳී ඇති සීගිරිය පිදුරංගල ප්‍රදේශයේ රාත්‍රී සංචාරයක් කියන්නේ අපූරු අත්දැකීමක්. අපේ මේ ගමනට පරිසරයට සතා සිවුපාවාට ආදරය කරන මිතුරන් කීප දෙනෙක් එකතු වෙලා හිටියා. මේ වගේ විශේෂ චාරිකාවක් යන්නත් විශේෂ හේතුවකුත් අපිට තිබුණා. ඒ තමයි එදින රාත්‍රියේ සීගිරි පර්වතයට ලම්බකව හරි මුදුනින් මන්දාකිණියක් දක්නට ලැබීමයි. Sri Lanka Latest News

එදින සවස් වරුවේ පැවැති තද වර්ෂාව නිසා අපේ ගමනට තරමක බාධාවක් එල්ල වුණා. පිදුරංගල රජමහා විහාරයට අපි යන විටත් ඒ වර්ෂාව ආරම්භ වෙලා තිබුණේ. විහාරාධිපති හිමියන්ගෙන් අපේ ගමනට අවසර ලබාගෙන වැස්ස තුරල් වෙනතුරු අපි එහි කාලය ගතකළා. කාලය ගතවෙමින් යද්දී වැස්ස අඩුවෙන බවක් දකින්න නොලැබීම නිසාම අපේ ගමන අතහැර දමන්නට සිදුවේවි යන බියකුත් අපි හැම දෙනාගෙම හිත්වල හොල්මන් කරන්නට වුණා. කොහොමින් කොහොම හරි මධ්‍යම රාත්‍රිය එළඹෙනවාත් එක්කම කාලගුණය යහපත් අතට හැරුණා. ඒත් සමගම අපේ ගමන් සගයා වුණු කසුන් මල්ලීත් සමග අපි තිදෙනා සීගිරි ගිරිශිඛරය තරණය කරන්නට සූදානම් වුණා.

දහවලට දකින්නට නොලැබෙන නොයෙක් සතුන්ගේ හඬින් රාත්‍රී පරිසරය සක්‍රීයයි. තොරතෝංචියක් නැතිව ඇහෙන මැඩියන්ගේ හඬින් වගේම රැහැයියන්ගේ කන් බිහිරි කරවන හඬින් අපේ දෙසවන් පිරීගියේ අපිටත් නොදැනුවත්වමයි. පැයකට ආසන්න කාලයක් පුරා දුෂ්කර ගමනක යෙදුණු දක්ෂිණත්, මමත්, තිළිණ මල්ලීත් අපේ ගමනාන්තයට ළඟා වුණේ ඉහින් කනින් දාඩිය මුගුරු වගුරුවාගෙනයි. අපිට කලින් එහි ළඟාවුණු කසුන් මල්ලි, ‘අයියේ තරු පිරුණු ලෝකයක් උඩ තියෙනවා…’ යනුවෙන් කෑගසන්නට වුණේ මින් පෙර කිසිදා නොවිඳි සුන්දර අත්දැකීමකින් මුසපත් වූ ආකාරය කියාපාමින්. එය වචනයෙන් විස්තර කරන්න බැරි ආශ්වාදජනක අත්දැකීමක්.

අපේ ගමනේ අරමුණ වුණේ මන්දාකිණිය නිරීක්ෂණය කිරීමයි. ඉතින් ඒ විෂයේ ප්‍රාමාණික දැනුමක් ඇති තිළිණ කළුතොටගේ මල්ලි, තරු පොකුරු, මන්දාකිණිය, ග්‍රහ ලෝක, උල්කාපාත වර්ෂා සහිත රාත්‍රී අහසේ චමත්කාරය ගැන අපිට පැහැදිලි කළේ හිතේ කිසිදු ලෝභකමකින් තොරවයි. ඒ රාත්‍රී අහසේ සුන්දරත්වය විඳින අතරතුරේ මට සිහිපත් වුණේ මීට වසර 1500කට පමණ පෙර කාශ්‍යප රජතුමා සීගිරි ආලකමන්දාවේ ඉඳන් මේ ආශ්වාදජනක අත්දැකීම විඳගන්නට ඇතිද කියලයි. එදා මිනිස්සු සීගිරි ගල මුදුනේ ඉඳන් මේ සුන්දරත්වය අත්දැකලා ඒ හැඟීම් කුරුටු ගී විදියට කැටපත් පවුරේ ලියන්න ඇති කියලත් මට සිහිවුණා. ඒ වගේම ඒ කාලේ මේ ප්‍රදේශය නොනිදන නගරයක්ව පවතින්නට ඇති කියලත් මම විශ්වාස කරනවා. පිදුරංගල කඳු මුදුනට දිස්වෙන සීගිරි ආලකමන්දාවේ සුන්දරත්වය විඳිමින් ඉන්න අතරේ ඉරබටු තරුව නැගෙනහිර අහස් කුසේ මෝදුවෙමින් තිබුණා.

පිදුරංගල කඳුමුදුනේ සිට සීගිරි පර්වතයට ඉහළින් ක්ෂීරපථය දකින්න ලැබෙන එක ඉතා දුර්ලභ සිදුවීමක්. මන්දාකිණියේ බැබළෙන තරු මිලියන ගණනකින් හැඩවුණු රාත්‍රී අහසේ සුන්දරත්වය වචනයෙන් විස්තර කරන්න බැරි තරම්. ඉතින් ලොව වඩාත්ම ආකර්ෂණීය සංචාරක ගමනාන්තයන්ගෙන් එකක් වන සීගිරිය පිදුරංගල පරිසර කලාපය මීට වඩා දියුණු විය යුතු බවයි මගේ පෞද්ගලික අදහස. ඊට රාත්‍රී සංචාරයන්ද ඇතුළත් කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. සංචාරකයන්ට සීගිරිය පිදුරංගල වෙත රාත්‍රී සංචාරයන් සැලසුම් කිරීමට අවස්ථාව සලසා දීමට සංචාරක බලධාරීන් කටයුතු කළොත් එය අපේ රටේ සංචාරක කර්මාන්තයේ දැවැන්ත ඉදිරි පියවරක් වනු නොඅනුමානයි. අලුයම ඉර උදාව නරඹන්න පෙළගැසී සිටින විදේශිකයන් දකින විට මට හිතුණේ අපේ පුංචි රට කොයි තරම් පින්වන්තද යන්නයි. වන සතුන් ඇතුළු ස්වභාවික සම්පත්වලින් අනූන මේ සුන්දර දිවයින සංචාරක ක්ෂේත්‍රයේ අද්විතීය කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න අපේ රටේ බලධාරීන්ට හැකියාව ලැබේවා කියලා පිදුරංගල කඳු මුදුනේ ඉඳන් ප්‍රාර්ථනා කරමින්, අදට කැලෑ කොලමේ මේ සටහන අවසන් කරනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සුද්දියන්ට ජංගි මහනවා කියලා මඩ ගැහුවා! ප්‍රේමදාස බය නැතිව ගමේ ඇඟලුම් පටන් ගත්තා! හැබැයි කතාව මිනිස්සුන්ට දැන් අමතකයි! Sri Lanka Latest News

Next Post

පුංචි ඡන්දෙදි ගන්න තිබ්බ ලොකු ජයග්‍රහණයක් කකුලෙන් ඇදලා පොඩි කරපු සජබ ඇතුළේ කුමන්ත්‍රණය…! I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.