• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

 සැකයි කියලා ඕන වෙලාවක පොලිස් නිලධාරියෙක්ට ඔයාගේ ෆෝන් එක චෙක් කරන්න පුළුවන්ද? මෙන්න නීතිය! I Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
දැන් බීලා එලවන්නේ බලාගෙන! අරන් ගිහින් බැලුම් පිම්බිලි නෑ! පොලිසිය අලුත් ගැජට් එකක් ‌අරන්!
Share on WhatsAppShare on Facebook

ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලු ම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී ඇත. Sri Lanka Latest News

පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය පවසයි.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ, යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් බව පොලිසිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එබැවින් යම් පුද්ගලයෙකු යතුරුපැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරීක්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලු ම පොලිස් නිලධාරීන් සඳහා උපදෙස් ලබා දී ඇත බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ අතර, සිය අවශ්‍යතාවක් සඳහා බැංකුවට ගිය පුද්ගලයින් දෙදෙනෙකු මාර්ගයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පරීක්ෂා කරනු ලැබීමේදී සිදුවූ බව කියන ගැටලුසහගත තත්ත්වයක් පිළිබඳ කාන්තාවක් ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ පළකර තිබූ සටහනක් සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

එම කාන්තාව සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක සඳහන් කර තිබුණේ රාත්‍රී කාලයේදී ATM යන්ත්‍රයකින් මුදල් ලබා ගැනීමට ගිය පුද්ගලයින් දෙදෙනෙකුට මාර්ගයේ රාජකාරී සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු විසින් වාචිකව හිරිහැර කරනු ලැබ ඇති බව සහ එක් තරුණයෙකුගේ ජංගම දුරකතනය බලහත්කාරයෙන් පරීක්ෂා කර ඇති බව ය.

රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන්ට සිවිල් වැසියෙකුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට අවසරයක් තිබෙනවා ද? මේ, බීබීසී සිංහල සේවය ඒ පිළිබඳව කළ සොයා බැලීමකි.

‘සාධාරණ සැකයකින් තොරව පරීක්ෂා කරන්න බැහැ’

බීබීසී සිංහල කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග කියා සිටියේ, පොලිස් නිලධාරියෙකුට සාධාරණ සැකයකින් තොරව පුද්ගලයෙකුගේ දුරකතනයක් පරීක්ෂා කිරීමට නොහැකි බව ය.

“යම් කිසි ආකාරයකින් පුද්ගලයෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට හානියක් නොවන ආකාරයේ පරීක්ෂාවක් නම් සිදුකරන්නේ එතැනදී පරීක්ෂා කරන පොලිස් නිලධාරීන්ට සහය දෙන එක වැදගත්.

“එහෙම නැතිව පොලිස් නිලධාරියෙකු පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය සාධාරණ සැකයකින් තොරව පරීක්ෂා කිරීමට කිසිදු හැකියාවක් නැහැ. මොකද ජංගම දුරකතනය කියන්නේ ඒ ඒ පුද්ගලයාගේ පෞද්ගලිකත්වයට සම්බන්ධ දෙයක්.

“පොලිස් නිලධාරියෙකුට යම් කිසි පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න පුළුවන්. ඒ පරීක්ෂා කිරීමට ලක් කරන තැනැත්තා සම්බන්ධයෙන් පොලිස් නිලධාරියෙකුට යම් ආකාරයේ සාධාරණ සැකයක් ඇතිවෙනවා නම් පමණයි.”

“උදාහරණයක් විදිහට ගත්තා ම පුද්ගලයෙක් පාරේ ඇවිදන් යද්දී පොලිස් නිලධාරියෙක්ට හැකියාවක් නැහැ එක පාර ම ‘මට ඔයාව සැකයි’ කියලා ෆෝන් එක චෙක් කරන්න. එතැනදී යම් ආකාරයකින් සාධාරණ සැකයක් තියෙන්න ඕන එවැනි පරීක්ෂාවක් කරන්න.

“උදාහරණයක් විදිහට අපි බැලුවොත් රාත්‍රී කාලයේදී පාරේ ඉන්න පුද්ගලයෙකුව පොලිස් නිලධාරියෙක් පරීක්ෂා කරනවා කියලා. එතැනදී ඒ පුද්ගලයාගෙන් අහන ප්‍රශ්නවලට දෙන උත්තර පරස්පරයි හරි සැකයක් ඇතිවෙනවා වගෙයි නම්, එහෙමත් නැත්නම් කිසි ම සාධාරණ හේතුවක් නැතිව නම් පාරේ ගැවසෙන්නේ, ඔය වගේ කරුණුවලදී රාජකාරියේ ඉන්න පොලිස් නිලධාරියෙකුට හැකියාව තියෙනවා ඒ පුද්ගලයාගේ ශරීර පරීක්ෂාව වගේ ම, බෑගය වගේ ම ජංගම දුරකතනය පරීක්ෂා කරන්න.

“මොකද ඒ තැනැත්තා යම් අපරාධයක් කරන්න හෝ එහෙමත් නැත්නම් එවැනි දේකට සම්බන්ධ පුද්ගලයෙක් ද කියන එක ගැන නිවැරදිව සොයා බලන්න වෙනවා. මොකද එතැන යම් ආකාරයේ සාධාරණ සැකයක් ඇතිවන නිසා,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

පොලිස් නිලධාරියෙක්ට සාධාරණ සැකයක් තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ජංගම දුරකථනය පරික්ෂා කරන්න පුළුවන්.
ඡායාරූප ශීර්ෂ වැකිය,’පොලිස් නිලධාරියෙකුට සාධාරණ සැකයක් තියෙනවා නම් ඒ පුද්ගලයාගේ ජංගම දුරකතනය පරීක්ෂා කරන්න පුළුවන්’

ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද?

යම් ආකාරයකින් පොලිස් නිලධාරියක් විසින් සාධාරණ සැකයකින් තොරව පුද්ගලයෙකුගේ ජංගම දුරකතනයක් පරීක්ෂා කිරීමක් සිදු කරනු ලැබුවහොත් ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග මොනවා ද යන්න බීබීසී සිංහල සේවය කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පැවසුවේ, එවැනි අවස්ථාවකදී සිදුවීම සිදුවූ පොලිස් බල ප්‍රදේශයේ ඉහළ නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට හැකියාව ඇති බව ය.

“යම් ආකාරයකින් පොලිස් නිලධාරියක් කිසිදු සාධාරණ සැකයකින් තොරව තමන්ගේ ජංගම දුරකතනය පරීක්ෂාවකට ලක් කළොත් ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා අදාළ පොලිස් බල ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට හෝ පොලිස් අධිකාරීවරයාට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්න. එහෙමත් නැත්නම් ඒ පුද්ගලයාට හැකියාව තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරන්න.

“නිල ඇඳුමෙන් හෝ සිවිල් ඇඳුමෙන් ඉන්න පොලිස් නිලධාරියෙක් මාර්ගයකදී ඔබව පරීක්ෂා කිරීමකට ලක් කරනවා නම්, ඒ පරීක්ෂා කරන්න හදන නිලධාරියාගේ අනන්‍යතාව සනාථ කරන්න කියලා ඔහුගේ රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කරන්න කියලා ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්,” පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ය.

‘අඩු ම පැමිණිල්ලක්වත් තියෙන්න ඕන’

සාධාරණ සැකය මත පොලිස් නිලධාරියෙකුට යම් පුද්ගලයෙකුගේ ජංගම දුරකතනය පරීක්ෂා කිරීමට නොහැකි බව ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය බීබීසී සිංහල සේවය වෙත පැවසුවේය.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් ඔහු පෙන්වා දුන්නේ, එවැනි පරීක්ෂාවකට යම් පුද්ගලයෙක් ලක් කරන්නේ නම් එම පුද්ගලයාට එරෙහිව පැමිණිල්ලක් තිබිය යුතු බව ය.

“පොලිස් නිලධාරියෙකුට පාරේ යන කෙනෙක්ව නතර කරලා ඒ කෙනාගේ ෆෝන් එක ඇතුළේ තියෙන්නේ මොනවා ද කියලා චෙක් කරන්න අවසරයක් නැහැ. ෆෝන් එක කියන්නේ ඕනෑ ම පුද්ගලයෙකුගේ පෞද්ගලික දෙයක්. එහෙම චෙක් කරනවානම් ඒ පුද්ගලයාට එරෙහිව පැමිණිල්ලක් හෝ තියෙන්න ඕන. නැතිව සාධාරණ සැකය කියලා ෆෝන් එක ඇතුළේ තියෙන දේවල් පරීක්ෂා කරන්න බැහැ. එහෙම දේකට මුහුණ දුන්නොත් පොලිස් මූලස්ථානයට ගිහිල්ලා පැමිණිල්ලක් කරන්න,” යනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය වැඩිදුරටත් පැවසුවේ ය

  • බීබීසී සිංහල
SendShareShare
Previous Post

ලොකු පැටී ලංකාවට ගොඩබහී! මෙන්න වීඩියෝව! VIDEO I Sri Lanka Latest News

Next Post

අපි තනිවෙලාද? නෑ බයවෙන්න එපා! අලුත්ම ග්‍රහලෝකයක් නාසාවෙන් හොයාගත්තා! Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.