• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරලා කියපු පොහොසත් ලස්සන රට දැන් හැදෙනවද කියලා හදවතට තට්ටු කරලා බලන්න! මැතිවරණ ප්‍රචාරණ කටයුතුවල අන්තිම දවසේ සජිත් මුළු රටේම ජනතාවගෙන් ප්‍රශ්නයක් අහයි! VIDEO I Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ජාතික ආරක්ෂාව ගැන මහලොකුවට කතා කළ මාලිමා ආණ්ඩුව අද මිනීමරුවන් ඉදිරියේ දණ ගසා අවසන්..! පාතාල කල්ලි රටේ නීතිය අතට අරන්..! VIDEO &  PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණට වැඩි ජන වරම් දෙකක් ලබා දුන්නත් ඒ වරම් දෙකට සාධාරණයක් ඉටු නොකර මොවුන් දැන් ගමේ නගරයේ බලයත් ඉල්ලන්නේ ජනාධිපතිවරනයේ හා මහමැතිවරණයේදී දුන් පොරොන්දු කොපමණ ප්‍රමාණයක් ඉටු කර ද කියා ගැටලුවක් ඇති බවත් රට අනුරට සුබ නැකතින් ලබා දී පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ජනතාව අපේක්ෂා කළත් ඒ පොහොසත් රට හා ලස්සන ජීවිතය නිර්මාණය වෙනවාද කියා හදවතට තට්ටු කර බලන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කොලොන්නාව ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

බලයට පැමිණි පසු බඩු මිල අඩු කරනවා කිව්වත් හාල් පොල් කිරිපිටි මිල දරාගත නොහැකිව ඉහළ ගොස් ඇති බවත් රටේ ජනතාවගේ ලුණු ටිකවත් දී ගන්න රජයට බැරි බවත් බඩු මිල අඩු කරන පොරොන්දුව කඩ කලා සේම රැකියා විරහිත උපාධිධාරීන් 35000කට පළමු අයවැයෙන් රැකියා දෙනවා කිව්වත් අද එය ද කඩකර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදුලි බිල අඩු කරනවා කියා අමූලික බොරු ගොඩක් කිව්වා

රු.9000 විදුලි බිල 6000 කර 3000 බිල 2000ක් කර 33%කින් අඩු කරනවා කියු රජය බලයට පැමිණි පසු විදුලි බිල මාස 6කට අඩු කළ නොහැකි බවට නිවේදන නිකුත් කළ බවත් වේදිකාවේ විදුලි බිල අඩු කරනවා කිව්වත් බලයට පැමිණ මාස 6ක් යනතුරු විදුලි බිල අඩු කරන්න නැහැ කිව්ව නිසා ජනතාව මහජන උපයෝගීතා කොමිසම වෙත ගිය නිසා විදුලි බිල 20%කින් අඩු කළත් තවත් 13%ක් අඩු කරන්න තිබියදී මෙසේ විදුලි බිල වැඩි කරන බවත් මේ රජය බොරු කීමේ දේශපාලනය හරහා ජනතාව අනාථ කර ඇති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රජය IMF එකේ වහලෙක්

අද IMF එකට පොරොන්දු වු ආකාරයට විදුලි බිල වැඩි කරන්න රජය සුදානම් බවත් හිටපු ජනාධිපතිවරයා නිර්මාණය කළ ගිවිසුම ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරන බවත් රටටත් ජනතාවටත් හානිකර මෙම ගිවිසුම හරහා මැයි 6 වැනිදායින් පසුව මේ නව විදුලි බිල වැඩි කිරීම සිදු කරන බවත් විදුලි බිල වැඩි කරන තුරු විස්තීර්ණ ණය 4 වැනි පහසුකම නොලැබෙන බවත් එයට හේතුව මෙම ගිවිසුමේ කොන්දේසි රජය සම්පුර්ණ කර නොතිබීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජය දන්නෙ බොරු කියන්න විතරයි

මේ රජය බොරුවෙන් මුසාවෙන් මුලාවෙන් රටත් ජනතාවත් ලක්ෂ 220ත් අනාථ කර ඇති බවත් ⁣වරායේ ගොඩබාන මිලට තෙල් ලබා දෙන බවත් දූෂණ වංචා බදු නැති කර තෙල් අඩුවෙන් දෙනවා කිව්වත් අද ඒ පොරොන්දුවත් කඩ කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජයේ ප්‍රතිපත්තිය ප්‍රෝඩාව මුලාව

රැවටිල්ල ප්‍රෝඩාව මංමුලාව පෙරටු කර ගත් මෙම රජය ගොවියාට පොහොර සහනාධාරය මෙන්ම ගුණාත්මක පොහොර ලබා නොදෙන බවත් ඉදිරියේදී පොහොර සහනාධාරය ⁣අහෝසි වන බවත් වගා හානි දේපල හානි ආපදා හානි වන්දිවත් නොලැබෙන බවත් මේ රජය පොරොන්දු එකින් එක කඩ කරමින් සිටින ගමන් දැන් පරණ පචවලට අමතරව අලුත් පච ලැයිස්තුවක් ද කියමින් යන බවත් ජනතාව මෝඩයෝ ගාණට දාලා රජය කතා කරන බවත් අයවැයේවත් නැති සහනාධාර ආදිය ලබා දෙන බවට පවසමින් යන බවත් මේ හැම එකක්ම මැතිවරණය වෙනුවෙන් රජය කියන බොරු බවත් මේවාට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

බොරු කියල දිනන්න හදන්නේ මේ රජය

මේ බොරු කිය කිය පොරොන්දු කඩ කර කර නගරයේ බලය ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණ ජයගන්නා පළාත් පාලන ආයතනවලට පමණක් ප්‍රතිපාදන දෙන බවට පවසන බවත් ජනාධිපතිවරයා ප්‍රතිපාදන දුන්නත් නැතත් සමගි ජන බලවේගය විපක්ෂයේ සිට වැඩ කර ඇති නිසා වැඩ කරන හැටි දන්නා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරණ පච ඉවරයි. දැන් අලුත් ටොම්පච කියන්නේ

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා පැනවූ ප්‍රතිචාරක බදු පැනවීම දින 90කට නැවැත්වූයේ රජය ලිපියක් ලියු නිසා බවට ඇමතිවරයකු පවසන බවත් මේ සහනය අපට පමණක් නොව ලෝකයේ සෙසු රටවලට ද ලැබුණු බවත් අප රටේ දූත කණ්ඩායමක් ඇමෙරිකාවට ගොස් සාකච්ඡා කළ බවත් ඒ ගැන ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරනවා කිව්වත් අවසානයේ රජය විතරක් නිවේදනයක් නිකුත් කළ බවත් මේ රජය හැම තැනම කරන්නේ බොරුවයි මුසාවයි මුලාවයි පමණක් බවත් රට නොමඟ යැවිම කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජාතික ආරක්ෂාව රකින්න රජයට හරිහමං වැඩපිළිවෙළක් නැ

අද වන විට පාතාල කල්ලි මැර කල්ලි කුඩු කල්ලි සමාජයම අතට ගෙන ග්‍රහණයට ගෙන ඇති බවත් නිවසේ මහමඟ වැඩබිමේ උසාවියේ පවා මිනිස් ඝාතන කරන බවත් රජයට අනුව මේවා ජාතික ආරක්ෂක ගැටලු නොවන බවත් මේ වන විට සුරක්ෂිත දේශය අහිමි වී ඇති බවත් එවැනි තත්ත්වයක් උඩ ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්නම් කියා පුරසාරම් දොඩන බවත් මේ ඝාතන සංස්කෘතිය නිසා රටේ නීතියේ ආධිපත්‍යය නැති වී ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

උසස් පෙළෙන් උසස් ලෙසම ගේම ගහපු කොල්ලො කෙල්ලො! Sri Lanka Latest News

Next Post

ලයිට් බිල වැඩිකරනවා! ජනාධිපති කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.