• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාවින්දිගේ ඉණෙන් පහළ පණ නෑ! රනුලි එකම අවුරුද්දේ O/L – A/L දෙකම කරලා ඉහළින්ම පාස්! මේත් උසස් දරුවෝ දෙන්නෙක්! Sri Lanka Latest News

May 4, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
කාවින්දිගේ ඉණෙන් පහළ පණ නෑ! රනුලි එකම අවුරුද්දේ O/L – A/L දෙකම කරලා ඉහළින්ම පාස්! මේත් උසස් දරුවෝ දෙන්නෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල පසුගිය සතියේ නිකුත් වුණා. ඒත් එක්ක විභාගය විශිෂ්ට විදියට සමත් වුණු බොහෝ දෙනෙක් ගැන මාධ්‍ය වාර්තා කරලා තිබුණා. දිවයිනේ ප්‍රථමයා වෙච්ච දරුවෝ, දිස්ත්‍රික්කයෙන් ප්‍රථමයා වෙච්ච දරුවෝ, වැඩිම ‘ඒ’ සාමාර්ථ ලබාගත්ත දරුවෝ ගැන මේ විදියට කියැවුණා. දක්ෂයන් අතර අතිදක්ෂයෝ බිහිවෙලා ඉන්නවා. ඉතින් අපි අද ඔබට කියන්නේ මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලින් ඉහළම දක්ෂතා පෙන්වපු දරුවන් දෙන්නෙක්ගේ කතා දෙකක් ගැනයි. Sri Lanka Latest News

කලා අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී ඉඳලා දිවයිනේ පස්වැනි ස්ථානය ලබාගෙන තිබුණේ කාවින්දි ගිතාංජලී සිසුවිය. විශේෂ අවශ්‍යතා සහිත සිසුවියක් වූ ඇය අධ්‍යාපනය ලැබුවේ රක්වාන ඇඹිලිපිටිය දෙමුවාත මහා විද්‍යාලයෙන්. ඇගේ ඉණෙන් පහළ කොටස අර්ධ අකර්මණ්‍යතාවකට ලක්ව තිබීම නිසා ඇයට සාමාන්‍ය කෙනකුට මෙන් ඇවිදීමට හැකියාවක් නැහැ. උපතේදීම ආබාධිත සිසුවියක් නොවන ඇය මෙම තත්ත්වයට මුහුණ දී තිබුණේ පසුකාලීනවයි. නමුත් ඇය මෙම ආබාධිත තත්ත්වය උසස් පෙළ විභාගයට අභියෝගයක් කියලා හිතුවේ නැහැ. ඉතා සැහැල්ලුවෙන් විභාගයට පෙනීසිටි කාවින්දි, සිය ජයග්‍රහණය ගැන අදහස් පළ කළේ මේ විදියටයි.

‘මම 9 වසරේදි රෝගී තත්ත්වයකට ගොදුරු වුණා. ඒකෙන් පස්සේ මට ඇවිදින්න අමාරු වුණා. 9 සහ 10 පන්තිවලට ඉස්කෝලේ යන්නම ලැබුණේ නැහැ. ගොඩාක්ම ගෙදර ඉඳන් තමයි මම ඉගෙන ගත්තේ…’

දරුවකු කොයිතරම් අසරණ වුණත්, ඒ දරුවා මවුපියන්ට මැණිකක්. කාවින්දිගේ මව තම දරුවාට කොයි තරම් අභියෝග ආවත් ඇයට ශක්තියක් වෙන්න කටයුතු කළා. ඇගේ ඒ ජීවිතයට තනිව උරදුන්නේ දස මසක් කුස දරන් උස්මහත් කළ මව විතරයි. පියා තම පවුල අතහැර ගියත් කාවින්දිගේ මව ඒ අඩුව ඇයට දැනෙන්නට ඉඩ දුන්නේම නැහැ. ඇය රෑ නිදිවර්ජිතව මැහුම් ගෙතුම් කටයුතු කරමින් මුදල් ඉපයූවේ තම දියණියගේ ප්‍රතිකාරවලට සේම අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීම උදෙසායි.

කාවින්දි සියලු දුක් දරාගෙන උසස් පෙළ කඩඉම ජයගත්තත් ඇයට ඇති ඊළඟ අභියෝගය වන්නේ ඇගේ ශල්‍යකර්මයයි. මේ සඳහා විශාල මුදලක් අවශ්‍ය බව ඇය පැවැසුවේ මේ විදියට.

‘මගේ උකුල් ඇට හන්දිපත් දෙක දිරාපත් වෙනවා කියලා තමයි දොස්තරවරු කියන්නේ. කෘත්‍රිම උකුල් ඇට සන්ධි දෙකක් බද්ධ කරන්න ඕනේ කියලා වෛද්‍යවරු නිර්දේශය කළා. ඉතින් ඒ ඔපරේෂන් එක කරන්න ලක්ෂ 30ක පමණ මුදලක් වැයවෙනවා…’

ඇය වෙනුවෙන් උපකාර කරන්න, ඇගේ ඒ ශල්‍යකර්මය සාර්ථකව කරගැනීමට ශක්තියක් වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් උදව් කරලා ඇගේ අනාගතය ලස්සන කරන්න දායක වෙන්න. ඒක මහඟු පුණ්‍යකර්මයක් වෙයි.

සමහර දරුවන් විභාග අභියෝග තමන්ගේ කරගෙන සාර්ථක කරගන්නේ කිසිම බැරෑරුම්කමක් නොගෙනයි. අභියෝග කියන්නේම හැම කෙනකුගේම ජීවිතවල කොටසක්. අපි අභියෝගවලට මුහුණ දෙන තරමටම තමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ.

මේ කියන්න යන්නේ උසස් පෙළ ප්‍රතිඵලවලින් දස්කම් පෙන්නූ තවත් එවැනි දක්ෂ දියණියක් ගැන. එකම අවුරුද්දේ සාමාන්‍ය පෙළ විභාගයට ‘ඒ’ 9ක් අරගෙන මාස 6ක් ඇතුළත උසස් පෙළට මුහුණදීලා ‘ඒ’ 3ක් ගන්නවා කියන එක ලේසි පහසු කාර්යයක් නම් නෙවෙයි. රනුලි පොඩි කාලේ ඉඳලම ගණිත විෂයයට දක්ෂයි. ඇය තම පියා දරුවන්ට උගන්වන දේවල් කුඩා කාලයේ සිටම පන්තිවල පිටුපසට ගිහින් බලාගෙන හිටියා. කවදා හරි මහාචාර්යවරියක් වෙලා උගන්වන්න ආසාවක් ඇතිවුණේම මේ හේතුව නිසයි. මේ බලාපොරොත්තුව කුඩා කාලයේ ඉඳලාම රනුලිගේ හිතේ තිබුණා. ඒ නිසාම රනුලිගේ මවුපියන් ඇගේ ඒ සිහිනය සැබෑ කරගන්න යෝධ සෙවණැල්ලක් වගේ ඇය පිටුපසින්ම හිටියා.

ඇගේ සම්පූර්ණ නම රනුලි කවිත්‍යා විජේසිරිවර්ධන. ඇය මුල සිටම අධ්‍යාපනයෙන් වෙනස් දෙයක් කරනවා කියලා හිතලා කටයුතු කළා. එකම වර්ෂයේ සාමාන්‍ය පෙළත් උසස් පෙළටත් මුහුණ දීලා විශ්වවිද්‍යාල වරම් ලැබීමේ අභියෝගය ඇය ජයගෙන තියෙනවා. රනුලිගේ පියා කොළඹ විශ්වවිද්‍යාලයේ හිටපු දේශකවරයෙක් වගේම සංයුක්ත ගණිතය උගන්වන ප්‍රවීණ දේශකයෙක්. සම්මතයක් විදියට සාමාන්‍ය පෙළින් පස්සේ අවුරුදු 2ක් ඉන්න ඕනේ උසස් පෙළට මුහුණ දෙන්න. ඒත් රනුලිගේ කැපවීම නිසා ඇයට ඒ තරම් කාලයක් බලන් ඉන්න වුණේ නැහැ. ඇය කොයිතරම් දක්ෂද කිව්වොත් 2024 මැයි මාසේ සාමාන්‍ය පෙළට මුහුණදීලා ‘ඒ’ 8යි ‘බී’ එකක් ලැබිලා තිබුණේ. ‘බී’ ලැබිලා තිබුණේ ඉංග්‍රීසි සාහිත්‍යය විෂයටයි. ඒ උණුසුමේම ඇය උසස් පෙළට මුහුණ දුන්නේ 2024 දෙසැම්බර් මාසයේදියි. ඇයට ඕනේ වුණේ තමන්ගේ තාත්තා වගේම ගණිත අංශයෙන් මහාචාර්යවරියක් වෙන්නයි. ඒ ඉලක්කයට රනුලි වැඩ කළා. ඇය හැදෑරූ විෂයන් වුණේ සංයුක්ත ගණිතය, භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාවයි. එම විෂයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලැබී ඇගේ සිහින බලාපොරොත්තු මල්ඵල ගැන්වී තිබුණා. ලැබූ ජයග්‍රහණය ගැන ඇය සතුට පළකළේ මේ විදියටයි.

‘මම පාදුක්ක සිරි පියරතන විද්‍යාලයෙන් ශිෂ්‍යත්වය සමත්වෙලා තමයි කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුළත් වුණේ. මම හරි නම් උසස් පෙළට මුහුණ දෙන්න තිබුණේ 2026 වර්ෂයේ, ඉස්කෝලෙන් උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලීමක් කළා. නමුත් ඒකට අවස්ථාවක් ලැබුණේ නෑ. පාසලෙන් අයැදුම් කරන්න බැරි නිසා තමයි මම අස්වෙලා පෞද්ගලික අයැදුම්කරුවකු ලෙස උසස් පෙළ විභාගයට පෙනීසිටියේ. මේ තීරණය ගත්තේ හිතේ හරිම දුකෙන්. ඒත් අඩු වයසෙන් කැම්පස් යන්න ඕනේ නිසා මම ඒක කළා. මේ ජයග්‍රණයේදි මගේ මව සහ පියා යෝධ සෙවණැල්ලක් වගේ මගේ පිටිපස්සෙන් හිටියා. විශ්වවිද්‍යාල මහචාර්යවරියක් වෙන එක තමයි මගේ එකම බලාපොරොත්තුව.’

‘සාමාන්‍ය පෙළට මම ගොඩාක් සූදානම් වුණේ නැහැ. ක්ලාස් ගියෙත් නැහැ. මාසයක් දෙකක් ඇතුළත තමයි ඕලෙවල්වලට සූදානම් වුණේ. ඒ ලෙවල්වලට තමයි වැඩිපුර බරක් දීලා වැඩ කළේ….’

රනුලි දිවයිනේ ප්‍රමුඛතම පාසලක් වන කොළඹ විශාඛා විද්‍යාලයේයි අධ්‍යාපනය ලැබුවේ. ඒත් පාසල්වල සම්මතය වන්නේ අවුරුදු දෙකක් අධ්‍යයන කටයුතු කිරීමෙන් පසුව පාසලෙන් උසස් පෙළ විභාගයට පෙනීසිටීමට අවස්ථාව ලබාදීමයි. නමුත් රනුලිට අවශ්‍ය වුණේ ඉක්මනින්ම උසස් පෙළ කඩඉම ජයගෙන විශ්වවිද්‍යාල අධ්‍යාපනයට පිවිසීමයි. මේ නිසාම රනුලි විශාඛා විද්‍යාලයෙන් සමුගන්න තීරණය කළේ ඒ කඩඉම ජයගන්නයි. පාසලෙන් සමුගෙන, පෞද්ගලික අයැදුම්කාරියක් විදියට තමයි රනුලි උසස් පෙළට මුහුණ දුන්නේ. පාසලෙන් අස්වීමම රනුලිට අභියෝගයක් වුණා. ඒත් ඒ වගකීම ඇය තනිවම දරාගත්තා. ඒ මතකය රනුලි අවදි කළේ මේ විදියටයි.

‘මුලින්ම ඒ ලෙවල් කරන එක ගැන බයක් තිබුණා. ඒ වුණාට ඒක නැතිවෙලා ගියා පේපර් ක්ලාස්වල ලකුණු එනකොට. ටොප් ටෙන් අතර වගේ ඉන්නකොට මට විශ්වාසයක් ඇති වුණා. මට කරන්න පුළුවන් කියලා හිතුවා. මම දන්න අක්කලා අයියලාගෙනුත් අහගෙන සිලබස් කවර් කරගත්තා. මම ප්ලෑන් එකකට තමයි වැඩ කළේ…’

රනුලි නියමිත වයසට පෙර උසස් පෙළට මුහුණ දිමේ අභියෝගයට සූදානම් වූ ආකාරය එලෙසයි විස්තර කර තිබුණේ. දැන් ඇය කොළඹ හෝ මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි.

රනුලි, දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලේ වැඩිමලායි. රනුලිගේ මව වන නිලූකා රාජපක්ෂ මහත්මියද උපාධිධාරී ගුරුවරියක්. පියා ප්‍රවීණ සංයුක්ත ගණිත දේශක සඳුන් වානගුරුයි. බොහෝ දෙනකුගේ අකමැත්ත මැද තමයි රනුලි විශාඛාවෙන් සමුගෙන තිබුණේ. ඒ ගැන රනුලිගේ මවුපියන් පැවැසුවේ මෙවැන්නක්.
‘ඒක ලොකු අභියෝගයක් වුණා. අපි දෙන්නා ගොඩාක් ඒ ගැන සාකච්ඡා කළා. අපි කතාවෙලා තමයි අවසන් තීරණය ගත්තේ. දුවත් කිව්වා තාත්තේ මම බය නැහැ, විභාගයට මුහුණ දෙමු කියලා. මටත් විශ්වාසයක් තිබ්බා දුවගේ දක්ෂතාව නිසා. ඒ තලයට යන මට්ටමක් මට දැනුණා. කිසිම කෙනෙක් කැමැති වුණේ නැහැ පාසලෙන් අස්වෙලා මේ වගේ දේකට යොමු වෙනවාට. නමුත් අපි දෙන්නා කතාවෙලා තමයි තීරණය ගත්තේ. පිටරටවල දරුවෝ අවුරුදු 21 වගේ වෙනකොට උපාධිය අරගෙන රැකියාවලට යොමු වෙනවා. ලංකාවේ දක්ෂතාව අනුව ඉක්මනට විභාග පාස්කරන්න ක්‍රමවේදයක් නැහැ. අපේ රටේ අධ්‍යාපන ක්‍රමවේදය වෙනස් විය යුතුයි. සාමාන්‍ය ආකාරයට උසස් පෙළ කරලා එනකොට ජීවිතේ හොඳ කාලේ මඟහැරෙනවා. බොහෝ දේවල් මඟ හැරිලා යනවා. ඒක නිසා අපි තීරණය කළේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වුණු වහාම උසස් පෙළට යොමු කරන්න ඕනේ කියලා…’

මෙවර උසස් පෙළට මුහුණදී සමත්වූ සියලු දූ දරුවන්ට වගේම රනුලි දියණියටත් කාවින්දි ගීතාංජලී දියණියටත් වාසනාවන්ත අනාගතයක් උදාවේවා කියලා ‘මව්රට’ පුවත්පතේ ශුභාශිංසනය අපි මේ විදියට පිරිනමනවා…

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ඩොලර් උල්පතක් වෙච්ච ඇල්ලේ ආරුක්කු නවයේ පාලමේ තවත් උල්පතක්! මහා විනාශයක් වෙන්න කලින් පිළියම් යෙදුවොත් හොඳයි! I Sri Lanka Latest News

Next Post

15 දෙනෙක් ඇවිත් අනුරාධපුර පූජා භූමිය ලේ විලක් කළ සිද්ධියේ ඇහින් දුටු සාක්ෂිය! ටවුමේ හතර වටේටම වෙඩි තිබ්බා! 215 දෙනෙක් මැරුවා! කොටි විල්පත්තුවට පැන්නේ මම හිටපු බස් එකෙන්! Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.