• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව අහුවුණා! ඉන්දියාව එක්ක ගහන ගිවිසුම් හත නිසා ලංකාවත් අහක යන යුද්ධයකට පැටලිලා! UN එකට නොගිහින් පාකිස්තානයට එරෙහිව 1960 ඉඳන් තියෙන ගිවිසුමක් අත්හිටුවන්න ඉන්දියාවට පුළුවන් නම් ලංකාව ගැන මොන කතාද? අනුර කරපු වැඩෙන් බණ්ඩාරනායක 1962 ඉන්දු-චීන යුද්ධෙදි කළා වගේ සාමයේ මැදිහත්කරුගේ භූමිකාව අපට අහිමි වුණා! ජාත්‍යන්තර සබඳතා අතින් 75 වසරක තිබ්බ දුර්වලම ආණ්ඩුව මේක! Sri Lanka Latest News

May 3, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාව අහුවුණා! ඉන්දියාව එක්ක ගහන ගිවිසුම් හත නිසා ලංකාවත් අහක යන යුද්ධයකට පැටලිලා! UN එකට නොගිහින් පාකිස්තානයට එරෙහිව 1960 ඉඳන් තියෙන ගිවිසුමක් අත්හිටුවන්න ඉන්දියාවට පුළුවන් නම් ලංකාව ගැන මොන කතාද? අනුර කරපු වැඩෙන් බණ්ඩාරනායක 1962 ඉන්දු-චීන යුද්ධෙදි කළා වගේ සාමයේ මැදිහත්කරුගේ භූමිකාව අපට අහිමි වුණා! ජාත්‍යන්තර සබඳතා අතින් 75 වසරක තිබ්බ දුර්වලම ආණ්ඩුව මේක! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ වනවිට ඇතිව තිබෙන්නේ දැඩි උණුසුම් දේශපාලන තත්ත්වයකි. දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික වශයෙන් පැවැති සුහදත්වය බිඳවැටී ඇති අතර, එය යුදමය වාතාවරණයක් දක්වා වර්ධනය වෙමින් පවතින බව දැකගත හැකිය. ශ්‍රී ලංකාවට ඉතා සමීප රටවල් දෙකක් බැවින් එම රටවල බලපවත්නා මෙම වාතාවරණය ශ්‍රී ලංකාවට රාජ්‍යතාන්ත්‍රික වශයෙන් බලපෑම් කරන්නේ කොයි ආකාරයෙන්ද යන්න දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් දයතිලක මහතා මෙලෙස විවරණය කළේ The Life Traveler යූටියුබ් නාලිකාවට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. Sri Lanka Latest News

මාධ්‍යවේදියා
ඉන්දු- පාකිස්තාන ගැටුම මොන ආකාරයට ශ්‍රී ලංකාවට බලපායි කියලා ඔබ විශ්වාස කරනවද?

ආචාර්ය දයාන් ජයතිලක
ඉන්දියාවයි පාකිස්තානයයි දෙකම න්‍යෂ්ටික බලවතුන් බව අපි තේරුම් ගන්න ඕනේ. ඉන්දියාවට දරුණු ත්‍රස්තවාදී ප්‍රහාරයක් කාශ්මීර ත්‍රස්තවාදීන්ගෙන් එල්ල වුණා. නමුත් ඉන්දියාව වැනි අධිතාක්ෂණික හැකියාවක් තියෙන රටක් වේවා තාම ඒක සාක්ෂියක් ඉදිරිපත් කරලා නෑ පාකිස්තානය මේ ත්‍රස්තවාදී ක්‍රියාවට උල්පන්දම් දුන්නා හෝ ඒක කෙරෙව්වා හෝ ඒක කළා හෝ ඒකට ආශීර්වාද කළා කියලා. නමුත් ඉන්දියාව දරුණු පියවරක් අරගෙන තියෙනවා 1960 අස්සන් කරපු ඉන්දු ගංගාවේ ජලය පාකිස්තානය සමග බෙදාගැනීමේ ගිවිසුම අත්හිටුවන්න. ඒ කියන්නේ මාවිල්ආරු සිද්ධියේ මහා විශාල මුද්‍රණයක් මේක. පාකිස්තානයේ පැවැත්මටත්, පාකිස්තානයේ අස්වැන්නටත්, ආහාරපාලවලට, විදුලිබලයට සියල්ලටම බලපානවා ඉන්දු ගඟේ වතුර සැපයීම ඒකපාර්ශ්වීයව වැළැක්වීම නිසා. ඒ නිසා මේක යුද්ධයක් බවට පත්වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක න්‍යෂ්ටික නොවෙයි කියලා මම කියන්නේ නෑ. නමුත් කලාපයට ඉතා දරුණු විදියට අහිතකර විදියට බලපාන බව නම් සක්සුදක් සේ පැහැදිලියි.
අපි ඉගෙනගත යුතු පාඩමක් මෙතැන තියෙනවා. ඉන්දියාවට පුළුවන් නම් කිසිම සාක්ෂියක් ලෝකෙට ගෙනහැරපාන්නේ නැතුව එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහිල්ලා පෙන්වන්නේ නැතුව 1960 ඉඳන් පාකිස්තානයත් එක්ක යුද්ධ තුනක් හරහා පවත්වාගෙන ගිය ගිවිසුමක් ඒකපාර්ශ්වීයව නවත්වන්න, එහෙනම් ඉන්දියාව මත කලාපයේ අනෙක් අසල්වැසි රාජ්‍යයන් තමන්ගේ විදුලිබලයට හෝ තෙල්වලට හෝ වෙන කිසිම දේකට රැඳීපවතින එක කෙතරම් මෝඩද කියලා අපිට තේරුම් ගන්න පුළුවන්.

මාධ්‍යවේදියා
මේක ශ්‍රී ලංකාවට බලපාන තත්ත්වයක් වුණොත්, ශ්‍රී ලංකාව මොන ආකාරයටද ඊට ප්‍රතිචාර දැක්විය යුත්තේ?

ආචාර්ය දයාන් ජයතිලක
අපි දන්නෑ ශ්‍රී ලංකාව කොයි වගේ දැලක අහුවෙලා තියෙනවද කියලා. හේතුව මේ ආණ්ඩුව අවුරුදු 76ක් මේ රටේ සිටි ආණ්ඩුවලට වඩා වෙනස්ව කියනවා අස්සන් කරපු ගිවිසුම ඉන්දියාවෙන් අහන්නේ නැතුව තමන්ගේ රටේ පාර්ලිමේන්තුවට හෝ ජනතාවට කියන්න බැහැ කියලා. ඉතින් අපි දන්නේ නෑ කොයි විදියට අපිව පටලවලද කියලා ඉන්දියාවත් එක්ක. දැන් ඉන්දියාව පාකිස්තානයත් එක්ක ගහගන්න ඔන්න මෙන්න. පාකිස්තානයේ සගයා හැටියට චීනයත් ඉන්නවා. ඉතින් අපි දන්නේ නැති දේවලට අපිව පටලවලා තියෙන්නේ. දැන් අපේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහත්මයා විනාඩි 15ක දුරකතන සාකච්ඡාවක් කළා අගමැති මෝදි සමග මේ ත්‍රස්තවාදී ක්‍රියාව හෙළාදැකලා. ඒක හොඳ දෙයක්. අපි වෙන රටවලින් එවපු, පුහුණුව ලබපු ත්‍රස්තවාදීන්ගෙන් අවුරුදු 30ක් බැට කෑවා. ඉතින් අපිට හොඳට ඒ වේදනාව තේරෙනවා.

දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා ඉන්දියාවෙයි, ලංකාවෙයි ජනතාව සහෝදර ජනතාවක් කියලා. නමුත් පාකිස්තානයේ ජනතාවයි ලංකාවේ ජනතාවයි කියන්නෙත් සහෝදර ජනතාවක් තමයි. මේ යුද්ධය වෙන්න යන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතරනේ. ඉන්දියාව සහ පාකිස්තානය අතර කිසිදු ගැටුමකට අපි විරුද්ධයි, අපි ප්‍රාර්ථනා කරනවා මේ තියෙන ප්‍රශ්නවලට සාමකාමී විසඳුමක් සොයනවා කියලා එතුමාට කියන්න තිබුණා. එහෙම සංයුක්තව කියන්න තිබුණා. ඔය ගිවිසුම් 7 පැටලුණේ නැත්නම් ලංකාවට තිබුණා, බණ්ඩාරනායක මහත්මයා 1962 කළා වගේ ඉන්දු-චීන යුද්ධයේදී, අපිට පුළුවන්කම තිබුණා මේ දෙගොල්ලෝ අතර මේ යුද්ධය වළක්වන්න යම් අතරමැදි කාර්යයක් කරන්න. නමුත් ඒ හැකියාව ලංකාවට දැන් නතර කරලා තියෙන්නේ. අපිට නොකියන ගිවිසුම් හත නිසා. ඉතින් අපිට කරන්න තිබුණේ සහ කළ යුතුව වන්නේ පාකිස්තානය සහ ඉන්දියාව අතර එක පැත්තක් ගැනීම නෙවෙයි. මේ දෙදෙනා අතර සාමය සඳහා කලාපීය වශයෙන් ආසියාතික මහාද්වීපය වශයෙන් සහ ලෝකයට පවා අපේ හඬ නගලා මේ දෙගොල්ලන්ගේ ප්‍රශ්නය පුළුවන් තරම් සමථයකට ගෙන ඒමට කටයුතු කිරීම.

කලාපයේ අනෙක් රටවලුත් එක්ක අපිට එකතු වෙලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඒක තමයි අපි වෙනුවෙන් කරගන්න පුළුවන් හොඳම දේ. නමුත් දැන් අපිට පැහැදිලිවම සංඥාවක් ලැබිලා තියෙනවා මොන හේතුවක් උඩ හෝ උදාහරණයක් විදියට ගත්තොත් තමිල්නාඩුවේ බෝට්ටු ලංකාවට ඇවිත් මසුන් හොරකම් කරගෙන යනවනේ. කවදා හරි ඔය ප්‍රශ්නයේදී තමිල්නාඩුව මොකක් හරි ස්ථාවරයක් ගත්තොත් අපි දන්නවද ඉන්දියාව අපේ විදුලිබලය හෝ බලශක්තිය හෝ වෙන කිසිම දෙයක් සම්බන්ධයෙන් ඒකපාර්ශ්වීයව ස්විච් එක නිවලා දාන්නේ නෑ කියලා. අපිට එහෙම කියන්න බෑ. ගඟක් සම්බන්ධයෙන් එහෙම කරන්න පුළුවන් නම් කිසිම සාක්ෂියක් ලෝකෙට ගෙනහැර පාන්නේ නැතුව, අපි වගේ කුඩා දූපතකට මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා මේ ගිවිසුම් පුළුවන් තරම් ඉක්මනට රටේ ජනතාවට පහදා දෙන්න ඕනේ. එහෙම නොකළොත් ලංකාවේ අනිවාර්යයෙන්ම ඊළඟට ප්‍රජාතන්ත්‍රවාදීව එන නායකයා හෝ නායිකාව මෙවැනි ගිවිසුම් සමාලෝචනය කරලා ජනමත විමසුමකට ඉදිරිපත් කරන්න ඕනේ.

මාධ්‍යවේදියා
මේ තත්ත්වය කලාපයේ බොහෝ රටවලට තර්ජනයක් වෙලා තියෙන්නේ. මේ කලාපයට එල්ල වෙලා තියෙන න්‍යෂ්ටික තර්ජනයත් එක්ක අපි ඉන්දියාව සමග පමණයි තාම සාකච්ඡා කරලා තියෙන්නේ. අපි කලාපයේ අනෙක් රටවල් සමගත් සාකච්ඡා කළ යුතුයිද?

ආචාර්ය දයාන් ජයතිලක
අවුරුදු 76ක් තිස්සේ කළාට වඩා හොඳට කරනවා කියලානේ මේ ආණ්ඩුව කියන්නේ. නමුත් මම නම් කියන්නේ ජාත්‍යන්තර සම්බන්ධකම්, ඒ කියන්නේ අයි.එම්.එෆ්. සම්බන්ධයෙන් හෝ ඉන්දියාව සම්බන්ධයෙන් හෝ ජාත්‍යන්තර සම්බන්ධකම් බාහිර සම්බන්ධකම් සම්බන්ධයෙන් අවුරුදු 76ක් තිස්සේ පැවැති ආණ්ඩු සහ පාලනයන් අතරින් වඩාත්ම දුර්වල ආණ්ඩුව මේක. ලංකාවේ වෙන ආණ්ඩුවක් තිබුණා නම් ඔවුන්ට හැකියාවකුත් තියෙනවා ඔවුන් කරන්නෙත් කලාපීය වශයෙන් අනෙක් රටවල් සමග සාකච්ඡා කරලා රාජ්‍ය නායකයෝ එක්ක සාකච්ඡා කරලා පොදුවේ ඉන්දියානු පාකිස්තාන නොවන අනෙක් රටවල් සහ කලාපයේ රටවල් මෙහෙට ගෙන්වාගෙන හෝ අපේ විදේශ ඇමැතිවරයා හෝ දූතයෙක් එහෙට යවලා සාර්ක් කලාපයේ රටවල් බහුතරයක සාම යෝජනාවක් ඉතා ඉක්මනින් අද හෙටම ඉදිරිපත් කිරීම. නමුත් ඒක කරන්න බෑනේ. එක පැත්තක් එක්ක අස්සන් කරපුවාම දම්වැල් දාගෙන අපිව ගැටගහගත්තාම එහෙම කරන්න බෑ. නැත්නම් ඇයි එහෙම කරන්නේ නැත්තේ? මෙතැන කතාකරපුවාම සහෝදර ජනතාව කියලා එක ජනතාවක් විතරක් නම්කළේ? මුළු කලාපයේම ජනතාව අපේ සහෝදර ජනතාව නෙවෙයිද? එක රටක් විතරද ලංකාවේ සහෝදර ජනතාව? ඒක එක පැත්තකට බරවෙන ඒකපාර්ශ්වීය ප්‍රකාශයක්. ඒක නොකළ යුතුව තිබුණා.

මාධ්‍යවේදියා
මේ තත්ත්වය අපේ වෙළෙඳාමට, අපනයනයන්ට මොන වගේ බලපෑමක් කරයිද? ඉදිරියේදී ආහාර අර්බුදයක් ඇතිවෙන්න පුළුවන්ද මේ නිසා?

ආචාර්ය දයාන් ජයතිලක
පාකිස්තානයේ ගොවිතැනට කෙළින්ම බලපානවා වතුර සැපයීම නතර කිරීම. තව ටික කාලයක් යයි ඒක ඍජුව බලපාන්න. නමුත් එය දැන් ඒකපාර්ශ්වීයව තාවකාලිකව නවත්තලා තියෙන්නේ. දැන් ඒක අනිවාර්යයෙන්ම පාකිස්තානයට විතරක් නෙවෙයි, පාකිස්තානයත් එක්ක ඉන්දියාවත් එක්ක සම්බන්ධ හැම රටකටම මේක බලපානවනේ. විශේෂයෙන්ම ට්‍රම්ප්ගේ තීරුබදු ප්‍රශ්නයත් එක්ක ආසියාතික අපි එකතු වෙන්න ඕනනේ. ඒකනේ ගිනිකොනදිග ආසියාවේ නැගෙනහිර ආසියාවේ කරන්නේ. ජපානයයි චීනයයි වියට්නාමයයි මැලේසියාවයි ආසියානු රටවලුයි ඔක්කොම එක ස්ථාවරයක් කරා එනවා. නමුත් මෙතැන දකුණු ආසියාවේ එහෙම කරන්න අවශ්‍යතාව තියෙද්දී ඒක කරන්න බැරි මෙන්න මේ ගහගන්න යන නිසා. ත්‍රස්තවාදී ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔප්පු කරන්න බැරිනම්, එක සාක්ෂියක්වත් ලෝකෙට කියන්න බැරි නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියන්න බැරි නම්, එක්සත් ජාතීන්ගේ සංවිධානයට කියලා ඕගොල්ලන්ගේ විශේෂ දූතයෙක් එවලා මේක හොයලා බලන්න, මෙව්වා තමයි අපිට තියෙන සාක්ෂි කියලා, එහෙම කියන්නේ නැතුව අසල්වැසි රටකට විරුද්ධව යුද ප්‍රකාශ කරපුවාම සම්පූර්ණයෙන්ම දකුණු ආසියාව සාර්ක් කලාපයේ ආර්ථිකය සහ ජන ජීවිතය පැද්දෙන්න පටන් ගන්නවා. අස්ථාවර වෙනවා.

ට්‍රම්ප් කරපු දේට නොදෙවැනි දෙයක් තමයි ඉන්දියාව මේ අවස්ථාවේදී කරන්නේ. වුවමනාවට වඩා ප්‍රතිචාරත් දක්වලා. ඒ ත්‍රස්තවාදීන්ව හොයලා ලෝකෙ කෙළවරටම ගිහිල්ලා විනාශ කරනවා කියන එකට අපිත් අප්පුඩි ගහන්න ඕනේ. ඒකට පුළුවන් උදව්වක් දෙන්න ඕනේ. නමුත් රටවල් දෙකක් අතර මේ ප්‍රශ්නේ ගිනියම් වුණා. විශේෂයෙන්ම න්‍යෂ්ටික අවි සහිත රටවල්. ඒක ලොකු ප්‍රශ්නයක්. පාකිස්තානයේ තර්කය අනුව පාකිස්තානය කියන්නේ අපි ඉන්දියාව වගේ අර්ධද්වීපයක් නෙවෙයි. අපි මහා විශාල රටක් නෙවෙයි. අපි සාපේක්ෂ වශයෙන් පුංචි රටක්. ඉතින් ඉන්දියාවේ හමුදාව කඩාගෙන ආවොත් පාකිස්තානය ඇතුළට අපිට ඉඩක් නෑ. ඒ නිසා යම්කිසි මොහොතකදී අපේ පැවැත්ම සඳහා න්‍යෂ්ටික අවි පාවිච්චි කිරීම ගැන සලකා බලන්න ඕනේ. ඒක තමයි ඒගොල්ලන්ගේ ධර්මය. ඒක හරිද වැරැදිද කියන එක වෙන එකක්. ඉතින් අපි මේ ගිනි කන්දේ පාමුල පොඩි හට් එකක් ගහගෙන ඉන්න කට්ටියක් වගේනේ ලංකාව කියන්නේ. අපි මෙතැන මැදිහත් වෙන්න ඕනනේ ක්‍රියාශීලීව එක පැත්තක් ගන්නේ නැතුව. සමස්ත කලාපය ගැන හිතලා. අපේ වුවමනාවන් ගැන හිතලා. මේ රටවල් දෙක අතර සාමයක් ඇතිකරන්න. මේකට තිරිංග ගහන්න. ඒකට නම් ඇත්ත වශයෙන්ම අතරමැදියෙක් වෙන්න ඕනේ. අතරමැදියෙක් වෙන්න නම් නිර්පාක්ෂික පුද්ගලයෙක් වෙන්න ඕනේ. නමුත් එහෙම නෙවෙයිනේ මේ ආණ්ඩුව ස්ථානගත වෙලා තියෙන්නේ. අපිටත් කියන්නේ නැතුව.

The Life Traveler යූටියුබ් නාලිකාවෙනි
(සැකසුම – චානක ලියනගේ)

SendShareShare
Previous Post

ඉන්දියාවයි පාකිස්තානයයි යුද්ධයකට තල්ලු කරපු කාශ්මීර වෙඩික්කරුවන් 6 දෙනා ශ්‍රී ලන්කන් යානයකින් ලංකාවට පැන්නාද? බුද්ධි තොරතුරකින් කටුනායක රත්වෙයි! ආරක්ෂාව තර කරයි!  I Sri Lanka Latest News

Next Post

පරණ පච පැත්තක තියා අලුත් පච අරන් ගමේ බලය අල්ලන්න එන මාලිමාව! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.