දේශපාලනයට සම්බන්ධ වී සිටින සුලු පිරිසක් ක්‍රීඩාව විහිලුවකට ගෙන ඇති බවට හිටපු ක්‍රිකට් නායක රොෂාන් මහානාම බරපතළ චෝදනාවක් එල්ල කළේය.
ජාතික ඔලිම්පික් කමිටු මූලස්ථානයේ පැවැති උත්සවයකට එක්වෙමින් මහානාම මේ බව සදහන් කර සිටියේය.
මේ නිසා ක්‍රීඩාවට යම් බලපෑමක් සිදුව ඇති බවත්, අපගේ වගකීම ක්‍රීඩාව ඉදිරියට රැගෙන යාම බවත් හෙතෙම අවධාරණය කර සිටියේය.










