ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එළඹෙන මැතිවණයට කළුතර දිස්ත්‍රික්කයෙන් තරඟ කරන සංජීව එදිරිමාන්න මහතාගේ තලංගම ප්‍රදේශයේ පිහිටි නිවසක මුරකරු සහ සුනඛයා අභිරහස් ලෙස මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.
තලංගම පොලීසියට ලැබුණු තොරතුරක් මත අද (23) උදෑසන අදාළ නිවස පරික්ෂා කිරීමේදී මුරකරුගේ සහ සුනඛයාගේ සිරුරු හමුවී තිබේ.
මීට දින කිහිපයකට පෙර මුරකරු මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරන අතරමෙලෙස මියගොස් ඇති පුද්ගලයා 72 හැවිරිදි කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.










