• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙම හොල්ලන්න යන සුසන්තිකා – දර්ශා මොඩ්ල් ගලේවෙල පුංචි තරුෂි! අතේ සතේ නැතිව ලෝකට ගිය ගමනක්! Sri Lanka Latest News

April 27, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ලෝකෙම හොල්ලන්න යන සුසන්තිකා – දර්ශා මොඩ්ල් ගලේවෙල පුංචි තරුෂි! අතේ සතේ නැතිව ලෝකට ගිය ගමනක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තරුෂි කිව්වාම එක වරම අපේ මතකයට එන්නේ ඔලිම්පික් ගිය තරුෂියි. නමුත් මේ කියන්න යන්නේ ඇය ගැන නෙවෙයි. පසුගියදා රන් පදක්කමක් අපේ රටට ගෙනාව පුංචි තරුෂි ගැනයි අද කතාව. තරුෂිලා අපේ රටට කීර්තියක් ගෙනාවට ඔවුන් ගතකළේ සුඛෝපභෝගී ජීවිත නම් නෙවෙයි. ඒ ජීවිත පිටිපස්සේ තියෙන්නේ මහා කටුක අත්දැකීම්.
ඇය නමින් තරුෂි අභිෂේකා. ජීවත් වෙන්නේ ගලේවෙල නිලගම ප්‍රදේයේ. ඇය ක්‍රීඩා කටයුතු සිදුකරන්නේ ආර්ථික දුෂ්කරතා රැසක් මැද බවයි අපට දැනගන්න ලැබුණේ. මෙවර පැවැත්වුණු වයස අවුරුදු 18න් පහළ 6 වැනි දකුණු ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලේ මීටර් 800 තරග ඉසව්වට ඇය සහභාගි වුණේ දහසක් දුෂ්කරතා මාධ්‍යයේයි. මේ තරගාවලියේදී අපේ රට වෙනුවෙන් රන් පදක්කමක් හිමිකර දුන්නේ ඇයයි. ඊට අමතරව අනෙකුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 4ක් අපේ රටට දිනා දුන්නා. තරගාවලියේ පදක්කම් සටහනේ 9 වැනි ස්ථානයේ අපේ රට රැඳී සිටීමට තරුෂිගෙන් ලොකු පිටිවහලක් ලැබුණා. මේ තරගාවලිය සඳහා රටවල් 47ක් සහභාගි වී සිටියා. ඇය මේ රන් පදක්කම දිනාගෙන තිබුණේ යොවුන් ක්‍රීඩා උළෙලක වසර 10කට පසුව වීම සුවිශේෂත්වයක්. Sri Lanka Latest News

අනේකවිධ බාධක මැඬගෙන ශ්‍රී ලාංකේය ධජය බැබළවූ තරුෂි බැලීමට ඇගේ මව, නිවුන් සහෝදරයාද සමග කටුනායක ගුවන් තොටුපළට පැමිණ තිබුණේ පොදු ප්‍රවාහන සේවයේයි. තරුෂිට සිටින්නේ නිවුන් සහෝදරයකු සහ බාල සහෝදරියකි. තරුෂිගේ මේ ජයග්‍රාහී ගමන ගැන ඇගේ මව වන නිලානි ජයසූරිය මහත්මිය මාධ්‍ය වෙත පවසා සිටියේ මෙවැනි අදහසක්.

‘මගේ උපන්දිනය යෙදිලා තිබුණේ පසුගිය 18 වැනිදාට. එදා තමයි දුව සහභාගි වෙන අවසන් තරග තියෙනවා කිව්වේ. දුව යන්න කලින් මම කිව්වේ පුතේ ඔයා මට මේ සැරේ දෙන්න පුළුවන් වටිනාම තෑග්ග ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙනත් දෙන්න කියලා. එයා දිනලා ඉවරවෙලා හැපි බර්ත්ඩේ අම්මා, මං ඔයාගේ උපන්දින තෑග්ග දුන්නා කියලා කිව්වා. අපි තරගය ෆෝන් එකෙන් නරඹමින් හිටියා. මෙහෙට හරියට සිග්නල් නැහැ. දුව දුවනවා විතරයි දැක්කේ. තරගය අවසන් කරනවා දැක්කේ නැහැ. ෆෝන් එක අතේ තියාගෙන මගේ අත වෙව්ලනවා. දුව පළමුවැනියාද, දෙවැනියාද කියලා දැක්කෙ නැති නිසා හරි දෙගිඩියාවෙන් හිටියේ. දුව කියලමයි ගියේ අම්මා මම ගෝල්ඩ් මෙඩ්ල් එක ගේනවා කියලා. මල්ලි කතාකරලා කිව්වා, අක්කා දුව ගෝල්ඩ් මෙඩ්ල් එක ගත්තා කියලා. එතකොට මට ඇඬුණා සතුටට. මට අදහාගන්න බැරිවුණා. දරුවෝ දෙන්නා ඉපදුණු දවසේ ඉඳලා මම මාර දුකක් වින්දේ. මේ දරුවා ඉපදුණේ අඩු බර දරුවෙක් විදියට. ඒ නිසා දුව බේබි රූම් එකේ පවා හිටියා. නමුත් මාස 7 වෙද්දී දරුවා ඇවිදින්න උත්සාහ කළා. අඩු වයස නිසා දරුවාගෙ කකුල් ඇදයි වගේ මට දැනුණා. එතකොට වෛද්‍යවරු කිව්වා මෙයාගේ ඇඟ බර අඩු නිසා ඉක්මනින් ඇවිදිනවා කියලා.’

‘එදා ඉඳලා දරුවා කළේ මාව පුදුමකරවන වැඩ. මුල්ම ගුරුතුමිය වුණේ මුදිතා ගුණරත්න මහත්මිය. ඇය තමයි දුවව ක්‍රීඩාවට යොමුකළේ. ඉස්සෙල්ලාම මෙයා දැක්ක ගමන් කියලා තිබුණා පුතේ ඔයාට දුවන්න පුළුවන් කියලා. ඒ ගුරුතුමිය කිව්වා අම්මේ මෙයාට දුවන්න සපත්තු දෙකක් අරන් දෙන්න කියලා. අපි එතකොට ඩෙක් ෂූස් කියලා දෙයක් දැනගෙන හිටියේ නැහැ. සමස්ත ලංකා මුල්ම ගෝල්ඩ් මෙඩ්ල් එක ගෙනාවේ මගේ දරුවායි. මුදිතා මැඩම් යටතේ ගෙනාවේ.’

‘අපි පාන්දර 1ට කටුනායක ගුවන් තොටුපළට ගියා. අපි මල් පොකුරු දෙකක් අරන් ගියේ. අපිට මල් පොකුරු ඇරෙන්න දරුවා වෙනුවෙන් දෙන්න වෙන කිසිම දෙයක් තිබුණේ නැහැ…’ ඇය කඳුළු සලමින් පවසා සිටියා.

තරුෂිගේ මවුපියන් ඩෙක් ෂූස් කියලා දෙයක් අහලවත් තිබුණේ නැහැ. තරුෂි ක්‍රීඩාවට යොමු වුණේ ආර්ථික අපහසුතා රැසක් මැදයි. තරුෂිගේ මව දුෂ්කරතා රාශියක් මැදයි තරුෂිව ලොකුමහත් කරලා මේ තත්ත්වයට පත්කරනු ලැබුවේ.

‘අපි ඩෙක් ෂූස් කියලා දෙයක් දන්නේ නැහැ. අපිට අවබෝධයක් තිබුණෙත් නැහැ. මගේ තාත්තා එයාට අරන් දුන්නා කැන්වස් සපත්තු දෙකක්. ඒ කැන්වස් සපත්තු දෙකෙන් තමයි කෙල්ල ස්පෝර්ට් මීට් එකක ඉස්සෙල්ලාම දිව්වේ දඹුල්ල ඉස්කෝලේ. දැන් ඩෙක් ෂූස් සපත්තු දෙකක් රුපියල් 75,000 – 80,000ක්විතර වෙනවා. ස්පයිස් සපත්තු ජෝඩුවක් ලක්ෂ එක හමාරක් දෙකක් වගේ වෙනවා. ඒවා ගන්න අපිට වත්කමක් නැහැ. දුව කියන්නේ අම්මා මම එකක්වත් අතහරින්නේ නැහැ, මෙඩ්ල් ගේනවා, ඔලිම්පික් වෙනකල් මගේ ගමන යනවා කියලා….’ තරුණියේ මව එසේ පවසා සිටියේ සතුටු කඳුළු පිරි දෑසින් යුතුවයි.

තරුෂිගේ ඉදිරි බලාපොරොත්තුව වන්නේ බහරේන්හි පැවැත්වෙන ආසියානු යොවුන් මලල ක්‍රීඩා උළෙලෙන් පදක්කමක් දිනාගැනීම බව ඇය මාධ්‍ය වෙත පවසා තිබුණා.
බොහෝ වෙලාවට ක්‍රීඩා බලධාරීන් කරන්නේ ජයග්‍රාහණයක් ලැබුණාම විතරක් ඒ ක්‍රීඩකයා හෝ ක්‍රීඩිකාව මල් මාල දාලා පිළිගන්න එක. නමුත් මෙවැනි සැඟවුණු දක්ෂයන්ට අතදීමට අපේ රටේ ක්‍රීඩා බලධාරීන් වගබලාගත යුතුයි. තරුෂිගේ පවුලට ජීවත්වීමට ඔවුන් සතුව බිම් අඟලකවත් අයිතියක් නැති බවයි අපට දැනගන්න ලැබුණේ. ඔවුන්ගේ නිවසට යාමට ඇත්තේද ඉතා දුෂ්කර මාර්ගයක්. තරුෂිගේ මේ ජයග්‍රහණය දැනගෙන බොහෝ දෙනකු ඇගේ නිවස වෙත ආවේ ජයග්‍රාහණයේ සතුට බෙදාගැනීමටයි.
මේ වගේ ජයග්‍රාහී තැනකට එන්න දරුවෝ කොයි තරම් දුක් විඳිනවද? දිනුවාම විතරක් මාධ්‍යයත් ඔවුන් ගැන සොයා බලනවා. පුවත් පළකරනවා. ක්‍රීඩා අමාත්‍යාංශය මෙවැනි අගහිඟකම් ඇති දරුවන් වෙනුවෙන් මීට වඩා පහසුකම් සැලැස්විය යුතුයි. තරුෂි ජයග්‍රහණය ලබා දිවයිනට පැමිණි දිනයේ ඇගේ මවුපියන් ඇය පිළිගැනීමට ගුවන් තොටුපළට ගිහින් තිබුණේ පොදු ප්‍රවාහන සේවයේ. නමුත් බොහෝ දෙනෙක් සමාජ මාධ්‍යයේ තරුෂිගේ මවුපියන්ට දෝෂාරෝපණය කර තිබුණේ මව නැතිබැරි කම් කියමින් දියණියට අවමන් කරන බවයි. එසේ වුවත් ඔවුන් ගෙවන දුක්ඛිත ජීවිතය ගැන දන්නේ ඔවුන්ම පමණයි. මේ ගැන බලධාරීන්ගේ අවධානය යොමුකර, ඔවුන්ට හැකි පමණින් පහසුකම් සලසා දීමට කටයුතු කරන්නේ නම් එය මාහැඟි සත්කාරයක් වනවා නොවේද? මන්ද හෙට දවසේ තවත් පදක්කමක් දිනාගනිමින් අපේ රටට කීර්තියක් අත්කර දීමට ඇයට ශක්තිය ඇති නිසයි.

ගම්වලින් එන දරුවන් ජාත්‍යන්තරයට ගිහින් තරග කරන්නේ සුඛෝපභෝගී කෑම කාලා නෙවෙයි. ගමේ තියෙන කෑම කාලා. මේ රටේ ධනවත් ව්‍යාපාරිකයන් ඕනෑ තරම් ඉන්නවා. මෙවැනි දක්ෂ දරුවන් ගැන ඔවුන්ගේ අවධානය යොමුකරන්න පුළුවන් නම් ඉතා වටිනවා. මෙවැනි දරුවන්ට ඔවුන්ගේ අනුග්‍රාහකත්වය ලබාදීමයි කළ යුතු වන්නේ. මෙවැනි දක්ෂයන් දිරිමත් කළ යුතුයි. මේ වගේ දියණියක් බිහිකළ ඒ අම්මාටත් අනේක වාරයක් පින් ලැබිය යුතුයි.

අපේ රටේ ධජය ලොවක් ඉදිරියේ ලෙළදෙවන්නට කටයුතු කළ තරුෂිට සුබ පැතුම් එක්කරන ගමන් අපි ප්‍රාර්ථනා කරන්නේ මෙවැනි දක්ෂතා ඇති සැඟවුණු මල් කැකුළු විකසිත කරන්නට බලධාරීන්ගේ අවධානය පෙරටත් වඩා යොමුවේවා කියලායි.

Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මැයි මුල අනුර වියට්නාමයට යනවා! I Sri Lanka Latest News

Next Post

දළදා දැක්මෙ VIP කතාව ඇත්තටම නරකද? ‘මව්රට’ හොයාගත්ත ඇත්ත මෙන්න! Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.