• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

April 23, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
ජනාධිපතිතුමා 21 එළියට දානවා කියපු පාස්කු ප්‍රහාරයේ මහමොළකරු කෝ? ඒකත් පචයක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු එළියට දානවා කිව්වත් කොමිෂන් සභා වාර්තාව පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බවත් එදත් පාස්කු ප්‍රහාරය ගැන පච කියූ මේ ආණ්ඩුව අදත් පාස්කු ප්‍රහාරය ගැන පච කියමින් ජනතාව රවටන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

දේශපාලන ක්ෂේත්‍රය තුළ ධනවාදය, සමාජවාදය, කොමියුනිස්ට්වාදය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් විවිධ න්‍යායන් තිබුණත් ඒ අතරට එක්වූ අලුත්ම න්‍යාය වන්නේ මුසාවාදය හා පචවාදය බවත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ මාලිමාව ජනාධිපතිවරණයේ දී මහමැතිවරණයේ දී බොරු පච කියමින් දැන් අලුත් පචද කියමින් ටොම් පච දෙසන ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් බොරුකාර වංචාකාර රැවටිලිකාර ජනතාව අන්දවන රටේ ජනතාව අනාථ කර ආණ්ඩුවක් බවට පත්ව ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද තිස්සමහාරාමයේ ආසනයේ, ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති ජන හමුවක් අමතමිනි.

විදුලි බිල 33%කින් අඩු කරනවා කිව්වත් බලයට පැමිණි පසු මාස 6කට විදුලි බිල අඩු කළ නොහැකි බවට පැවසූ බවත් මේ නිසා පොදු ජනතාව කැලබී මහජන උපයෝගීතා කොමිසම හමුවට ගිය අවස්ථාවේ මහජන උපයෝගීතා කොමිසම 20%කින් විදුලි බිල අඩු කලා මිස රජය හෝ ජනාධිපතිවරයා එය අඩු නොකළ බවත් මේ පච ආණ්ඩුවට තවත් 13%ක් අඩු කිරීමට ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම තෙල් මිල සම්බන්ධයෙන් ද පැවසූයේ එවැනි කතාවක් බවත් බදු, දූෂණ හා වංචා, කොමිස් මුදල් ආදිය නිසා තෙල් මිල වැඩි බවත් මේවා ඉවත් කිරීම හරහා තෙල් මිල අඩු කළ හැකි යැයි පැවසුවත් තවමත් තෙල් මිල වැඩි බවත් අද වන විට ගොවියාට, ධීවරයාට, ව්‍යවසායකයාට ඉන්ධන සහනාධාරය පවා නොලැබෙන බවත් මිල සූත්‍රය පවා අහෝසි කරනවා කිව්වත් එය ද නොවූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය. ඉන්ධනවල බදු ඉවත් කළා නම් කොමිස් මුදල් නැති කළා නම් වරායේ ගොඩබාන ගානටම තෙල් ලැබිය යුතු වුවත් මොවුන් එදා කිව්වේ බොරු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

රජය කියන්නෙම බොරු විතරමයි

අයි එම් එෆ් ගිවිසුම පවා වෙනස් කරනවා කිව්වත් එය ද නොවූ බවත් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දෙනවා කිව්වත් රැකියා පවා ලබා නොදී ඇති බවත් කෘෂිකර්මාන්තයට අදාල පොහොර සහනාධාරය පවා හරියට නොමැති අවස්ථාවක අලි මිනිස් ගැටුම හා ගංවතුර නිසා සිදුවන වගාහානිවලට වන්දි පවා නොමැති බවත් බඩු මිල අඩු කරනවා කිව්වත් එය ද නොවූ බවත් හාල් පොල් කිරිපිටි මිල පවා වැඩි වී ඇති මොහොතක ලුණු අවශ්‍යතාවවත් සපුරාගත නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

3 වැනි පාරටත් මේ රජයේ බොරුවලට රැවටෙනවාද?

මේ බොරුවට හොරකමට වංචාවට රැවටිල්ලට ඇන්දවිල්ලට තවදුරටත් මෙරට ජනතාව රැවටෙනවාද නැද්ද කියා ජනතාව තීරණය කළ යුතු බවත් මොවුන් පරණ පච මෙන්ම අලුත් පච මල්ලක් ද ඉදිරිපත් කරන බවත් අයවැයේ වත් නැති සහන දෙන බවට බොරු කියමින් යන බවත් හැමතැනම බොරුව රැවටිල්ල ඇන්දවිල්ල බවත් මේ රජයට දැන් පච ලේබල් එක පවා වැදී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපති පළාත් පාලන ආයතන පනතවත් හරියට කියවලා නැහැ

මෙසේ පච කියූ ආණ්ඩුව මාලිමා අණ්ඩුවක් පළාත් පාලන ආයතනවල ඇති නොවන්නේ නම් එම පළාත් පාලන ආයතන සදහා මුදල් ප්‍රතිපාදන දෙන්නේ නැති බවට ජනාධිපතිවරයා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ප්‍රසිද්ධියේ කියා සිටින බවත් පළාත් පාලන ආයතන පනත ඉතා ශක්තිමත් බවත් ජනාධිපතිවරයා මෙය හරියට කියවා නැතිව පච කියමින් යන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

මේ විදිහට නම් 2028 ණය ගෙවන්න බැහැ

වත්මන රජයට මේ යන විදිහට යා නොහැකි බවත් බංකොලොත්භාවයෙන් මිදෙන්නේ ණය ගෙව්වොත් පමණක් බවත් ණය ගෙවන්න බැරි නම් බංකොලොත් බවත් 2028 සිට අප රටත් මෙතෙක් නොගෙවූ විදේශ ණය ගෙවන්න සිදුවන බවත් ඒ සදහා විදේශ විනිමය අවශ්‍ය වන බවත් ඒ වෙනුවෙන් ආර්ථික වර්ධනය හා රාජ්‍ය ආදායම ද වැඩි විය යුතු බවත් ඒ සදහා 2025 සිට 2028 දක්වා 5%කට වැඩි ආර්ථික වර්ධන වේගයක් අනුගමනය නොකලොත් ණය ගෙවන්න බැරිව පොලිම් යුගයකට යන බවත් එම නිසා ආර්ථිකය වර්ධනය කර ප්‍රසාරණය කළ යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කර්මාන්තශාලා වැඩි කර සංචාරක කර්මාන්තය දියුණු කර අපනයන ගමනාන්ත විවිධාංගීකරණය කළ යුතු බවත් රජය මේවා අවබෝධ කර නොගෙන රාජ්‍ය පාලනය ක්‍රියාත්මක කරන බවත් රජයට කිසිදු සැලසුමක් නොමැති බවත් 2028 බංකොලොත් වුනොත් බංකොලොත් වෙන්නේ වත්මන් රජයට සැලසුමක් නොමැති වීම හා හිටපු ජනාධිපතිවරයා විසින් 2033 ණය ගෙවන්න තිබූ අවස්ථාව 2028 දක්වා අඩු කර ගැනීම නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

SendShareShare
Previous Post

ඊයෙ රෑ වෙඩි තිබ්බා! කඳුළු ගෑස් ගැහුවා! අද මාතර බන්ධනාගාරය සම්පූර්ණයෙන්ම හිස් කරලා! I Sri Lanka Latest News

Next Post

හෙල්මට්වලින් ගහලා සිසුවකු මැරූ සිද්ධියට 11 දෙනෙක් අල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.