• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුළු රටම කතා කරපු ජයකොඩි වලව්වේ මීළඟ හිමිකරු රියැදුරු රෝහිතද? තර්ජන-ගර්ජන මැද මුල් වරට මාධ්‍ය වෙත කරන හෙළිදරව්වයි මේ! Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මුළු රටම කතා කරපු ජයකොඩි වලව්වේ මීළඟ හිමිකරු රියැදුරු රෝහිතද? තර්ජන-ගර්ජන මැද මුල් වරට මාධ්‍ය වෙත කරන හෙළිදරව්වයි මේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඩවත – ගණේමුල්ල මාර්ගයේ වැලිපිල්ලෑව හන්දියට නුදුරින් පිහිටා තිබෙන තෙදවත් මන්දිරයකි. සියවසකට කිට්ටු පැරැණි සුවිසල් වෘක්ෂ ගහනයකින් වටවී ඇති හෙයින් මාර්ගයට පැහැදිලිව දර්ශනය වන්නේ මන්දිරය මධ්‍යයෙන් නැගී ඇති ශ්වේත වර්ණ සමචතුරස්‍රාකාර කුලුන පමණි. ජයකොඩි වලව්ව ලෙස ප්‍රකට මෙම වලව්වේ අවසන් හිමිකරු වූ කමලවර්ණ ජයකොඩි මහතා 2007 ජුනි මස 17 වැනි දින අවසන් ගමන් ගිය හෙයින් වලව්වේ වර්තමාන භාරකාරිය ලෙස 2025 වනතුරු කටයුතු කළේ ඔහුගේ බිරිය වූ කාන්ති ස්වර්ණමාලි මීදෙණිය ජයකොඩි මහත්මියයි. එහෙත් මීට සති 3කට පමණ ඉහතදී ඇයද රෝගී තත්ත්වයක් හේතුවෙන් අවසන් ගමන් ගිය අතර, මේ වනවිට එම වලව්වේ භාරකාරීත්වය සහ රුපියල් කෝටි සිය ගණනක් වටිනා බව පැවැසෙන එම දේපළවල අයිතිය හිමිවන්නේ කාටද යන්න සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබේ. ජයකොඩි වලව්වේ වසර ගණනාවක් තිස්සේ සේවය කළ රියැදුරු රෝහිතට එම දේපළ හිමිවන බවට ඇතැමුන් ප්‍රකාශ කළද මෙතෙක් ඒ සම්බන්ධයෙන් අධිකරණ නියෝගයක් ලැබී නොමැත.Sri Lanka Latest News

එවන් පසුබිමක ජයකොඩි වලව්වේ රියැදුරු රෝහිත, ප්‍රථම වරට මාධ්‍යයට ප්‍රකාශයක් ලබාදෙමින් එම දේපළවල අයිතිය සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳ කරුණු දැක්වීමක් පසුගියදා සිදුකළා. පහත පළවන්නේ ADARATA NEWS යූටියුබ් නාලිකාවෙන් උපුටාගත් ජයකොඩි වලව්වේ රියැදුරාගේ එම අදහස් දැක්වීමයි.

‘මම වලව්වේ මැඩම්ව දන්නේ චූටි කාලේ ඉඳලා. මම ඉස්කෝලේ ගියෙත් වලව්වේ ඉඳලා. මැඩම්ගේ අතින් අල්ලගෙන මම වත්තේ හැම තැනම ඇවිදිනවා. ඒ විදියට මම හිටියේ. මැඩම් තමයි මට ඇඳුම් පැලඳුම් ඔක්කොම ගෙනත් දෙන්නේ. ඒ කාලේ ඉඳන් මම බලා හදාගෙන මැඩම්ලා පස්සෙන්ම හිටියා. ඊට පස්සේ මම මැඩම්ලාගේ ගෙදර ඉන්න ගමන්ම ඉස්කෝලේ ගිහින් ඇවිල්ලා වත්තේ ඇවිදලා කරලා හිටියේ. මැඩමුයි මහත්තයයි වත්තේ මායිමක්වත් දන්නේ නැති ගානට හිටියේ. ඉතින් වත්තේ ඇවිදින්න මාත් එක්ක යනවා මගේ අතින් අල්ලගෙන. ඒ විදියට මම හැදුණා. වත්තට අල්ලපු ගෙදර තමයි මම ඉපදුණු ගෙදර. මැඩම් එහෙ එනවා. මහත්තයත් එනවා. අපේ සීයයි මහත්තයගේ සීයයි ඥාතිකමක් තියෙනවා. අපේ සීයගේ නංගි කෙනෙක් තමයි මහත්තයගේ සීයා කසාද බැඳලා තියෙන්නේ. ඒ ඥාතිකම උඩ එදා ඉඳන් මම හිටියා. මට වෙනම කියලා කාමරයකුත් දීලා මම වලව්වෙම තමයි හැදුණේ. ඊට පස්සේ මහත්තයාගේ වැඩවලට මම සහභාගි වෙනවා.

මහත්තයා ඊට පස්සේ මන්ත්‍රීකමට ඉල්ලුවා අසූ ගණන්වල විජය කුමාරතුංගත් එක්ක. ඒ වැඩකටයුතුවලටත් මම හිටියා. ඒ හැම දේම බලාගෙන, ඒ දෙන්නගේ ඔක්කොම වැඩකටයුතු කරනවා. මහත්තයා මන්ත්‍රී කාලේ මාව යැව්වා මන්ත්‍රී ආරක්ෂක වශයෙන්. මහත්තයයි නෝනයි කතාකරලා මට ඩ්‍රයිවින් ලයිසන් එක අරගෙන දුන්නා. මම ඒ කටයුතු කරගෙන හිටියා. ඒ දෙන්නා මට දරුවෙකුට වගේ සලකගෙන තමයි හිටියේ. මට කිසිම අඩුපාඩුවක් කළේ නෑ. මට බයිසිකලයක් පවා අරගෙන දුන්නා.
ඊට පස්සේ මහත්තයා අසනීප වුණා. මහත්තයා ගාව ළඟ හිටියෙත් මම. ඒ කාලේ ඉඳන් මම වැඩකටයුතු ඔක්කොම කළා. මහත්තයා නැතිවුණාට පස්සේ නෝනගේ අක්කාව එක්කරගෙන ආවා. ඒ කොවිඩ් කාලේ. අක්කා අසනීප වුණා. එයාට පපුවේ අමාරුවක් හැදුණා. ඒ වෙලාවේ මම තමයි ඔක්කොම කටයුතු කළේ. නෑදෑයෝ කවුරුවත් හිටියේ නෑ. ආවෙත් නෑ, හොයලා බැලුවෙවත් නෑ. රාගම ඉස්පිරිතාලෙදී අක්කා නැතිවුණාට පස්සේ බොඩි එක පවා බාරගත්තේ මම. ඒකෙත් අවසන් කටයුතු කළේ මම. ඥාති කියන කවුරුවත් ආවේ නෑ. මැඩම්ගේ ඥාති ආවා. මහත්තයගේ ඥාති ආවේ නෑ කවුරුවත්.

පස්සේ මහත්තයගේ කොළඹ කට්ටිය ඇවිල්ලා (මහත්තයගේ අක්කගේ ළමයි) මැඩම්ව කාමරේක දාගෙන හිරකරගෙන ඔප්පු ලියාගන්න ගියා. මැඩම් ගිහින් රාගම පොලිසියේ පැමිණිලි කළා. ඊට පස්සේ ඒගොල්ලන්ට එන්න තහනම් කළා. ඒ කට්ටියගේ ළමයි තමයි ඇවිල්ලා මෙහෙම බලපෑම් කළේ. මැඩම්ව කොළඹ ගෙනිහින් කුලියට කාමරයක් අරගෙන නවත්තන්න හදලා තිබුණා. මැඩම් මට කිව්වා ‘රෝහිත මම මේකේ කසාද බැඳපු දවසේ ඉඳන් හිටියා රෝහිතලත් එක්ක. මම කීයටවත් යන්නේ නෑ රෝහිත කොළඹ කාමරයක් අරගෙන කුලියට ඉන්න. ඒ තත්ත්වෙට මම වැටිලා නෑ’ කියලා. මේගොල්ලෝ වලව්ව විකුණන්න ලෑස්ති කරලා, මැඩම්ව කොළඹ ගෙනියන්න හැදුවේ. මැඩම් පොලිසි ගිහින් ඒක නවත්තගත්තා. ඊට පස්සේ මේ වෙනකන් ඒ කිසි කෙනෙක් මෙහෙ ආවේ නෑ. මැඩම් කෑවද බිව්වද කියලාවත් හොයලා බැලුවේ නෑ. මැඩම් හැම දෙයක්ම ඩයරි එකේ ලියලා තියෙනවා. ඒ ඔක්කොම ඉදිරිපත් කරලා තියෙනවා. ඒකේ තියෙනවා මෙයාට අරියාදු කළා කියලා, මෙයාගේ ඉඩම් ලියාගන්න ගියා කියලා, ගණේමුල්ල බැංකුවකින් සල්ලි අරගෙන තියෙනවා කියලා. ඒකට නීතිඥවරියක් වශයෙන් බර්නි අල්විස් මැඩම් කතා කළා. එයා මැඩම්ට කිව්වා ‘කාන්ති ඔයා මේකට නිකන් ඉන්න එපා, ඔයා නීතියෙන් ක්‍රියාමාර්ග ගන්න’ කිව්වා. නමුත් මැඩම් ලැජ්ජාව නිසා ඒ කිසිම දෙයක් කළේ නෑ. ඒ වෙනකල් මේ කිසිම කෙනෙක් ආවෙවත් නෑ. මම තමයි හැම දෙයක්ම කළේ. අන්තිමට මැඩම් මට කිව්වා ‘රෝහිත මෙහෙම මට සලකන්න ගිය ආත්මේ මගේ දරුවෙක්’ කියලා.

අන්තිම කාලේ මැඩම්ගේ විළුඹවල් ඉදිමෙන්න ගත්තා. ඇවිදින්න අමාරු වෙනකොට මාව අල්ලගෙන තමයි තරප්පු පෙළ බැහැලා ඇවිත් කාර් එකේ නැගලා යන්නේ එන්නේ.
අවසානයේදී මැඩම්ට මුත්‍රා කරන එක පාලනය කරගන්න බැරුව ගියා. ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනිච්චාම බෙහෙත් වගයක් දුන්නා. ඒ මුත්‍රා අමාරුව නිසා මැඩම් කැමැති වුණේ නෑ කවුරුවත් ගෙදර එනවට. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ 11 වැනිදා මැඩම් ඇඳ ගාව වැටුණා. එදා මම කොළඹ යන්න හිටියේ. සේවකයෝ මට කතා කරලා කිව්වා මැඩම් තාම නැගිටලා නෑ කියලා. මම යනකොට ඇඳ ගාව වැටිලා හිටියා. ඊට පස්සේ මම ඩොක්ටර්ව ගෙන්නුවා. එතකොට මැඩම් ඩොක්ටර්ට කිව්වා ‘මට කිසි ලෙඩක් නෑ’ කියලා. ඊට පස්සේ මැඩම්ගේ අතේ තිබුණු තැල්මකට මම වෙද මහත්තයා ගෙන්නලා වෙදකම් කළා. මම පොඩි කාලේ ඉඳන්ම මැඩම් හැම තැනම යන්නේ මා එක්කමයි. මම යන්නේ නැත්නම් මැඩම් එයාගේ ගමන කැන්සල් කරනවා. ඒ විදියට තමයි හිටියේ.

අන්තිම දවසෙත් මම මැඩම්ට කෑම කවලා ටීවී බැලුවා. මැඩම් මට කිව්වා ‘රෝහිත මට නිදි මතයි. කාමරේට එක්කගෙන යන්න’ කියලා. මම කාමරේට එක්කගෙන ගියාම මැඩම් කිව්වා ‘රෝහිත යන්න එපා, මා ගාවින් ඉන්න’ කියලා. ටික වෙලාවකින් මැඩම්ට නින්ද ගියාට පස්සේ මම පහළට ආවා. හවස හතරහමාරට විතර මායි තවත් සේවකයෙකුයි මැඩම්ට තේ එක අරගෙන කාමරේට ගියා. වෙනදා එහෙම ගිහින් දොරට ගහද්දී ‘එන්න එන්න රෝහිත නේද?’ කියලා මැඩම් අහනවා. නමුත් එදා කතා කළේ නෑ. ඊට පස්සේ මම දොර ඇරලා බැලුවා. නමුත් මැඩම් කතා කළේ නෑ. මම 1990ට කතා කරලා ඒ අයව ගෙන්නගත්තා. එයාලා පරීක්ෂා කරලා බලලා කිව්වා ‘මඩම් නැතිවෙලා, ඔයාලාගේ වෛද්‍යවරයෙක් ඉන්නවා නම් ගෙන්නලා ඒක තහවුරු කරගන්න’ කියලා. මම ඒකත් කළා.

පස්සේ මම රාගම පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. හදිසි මරණ පරීක්ෂක මහත්තයි පොලිසියයි ඇවිල්ලා ඉන්නකොට නියෝජ්‍ය පොලිස්පති කෙනෙක් ඇවිල්ලා හදිසි මරණ පරීක්ෂකවරයාට තර්ජනය කළා. එයා දැන් විශ්‍රාමිකයි. මීට කලිනුත් එයා මාව වලව්වෙන් අයින් කරන්න ඕනේකමට මාව දණගස්සලා, පිස්තෝලයක් ඔළුවට තියලා කිව්වා ‘කොළඹ කට්ටිය දැන් වලව්ව පාලනය කරන්නේ, අයින් වෙන්න ඕනේ’ කියලා තර්ජනය කළා. ඒකට මම රාගම පොලිසියේ පැමිණිලි කළා. පොලිස් කොමිසමට ගියා. මානව හිමිකම් එකට ගියා. නමුත් කිසිම විසඳුමක් වුණේ නෑ. මැඩම්ට කිසිම දෙයක් කරලා නැතුව ඒ අය දැන් දේපළවලට තමයි ඇහැගහගෙන ඉන්නේ. අන්තිමට මේගොල්ලෝ කාන්තා හා ළමා එකේ පැමිණිල්ලක් කරලා තිබුණා මම මැඩම්ව හිරකරගෙන ඉන්නවා කියලා. ඊට පස්සේ තමාරා මැඩම් ඇවිල්ලා, මැඩම්ගෙන් කටඋත්තරයක් අරගෙන තියෙනවා. ඒ කටඋත්තරේදී මැඩම් කියලා තියෙනවා ‘රෝහිත මාව බලාගන්නේ, සේවකයන්ට පඩිනඩි ගෙවන්නේ, මට කිසිම ප්‍රශ්නයක් නෑ, කොළඹ ගෑවිච්ච කෙනකුට මම වලව්ව දෙන්නේ නෑ, දුන්නත් දෙන්නේ රෝහිතට’ කියලා. තමාරා මැඩම් ගාව ඒ පැමිණිල්ල තියෙනවා.

මෘත දේහය දින 6ක් තියාගෙන හිටියා. මරණේ වැඩ කටයුතුවලට මැඩම්ගේ පාර්ශ්වයේ ඥාතීනුත් උදව් කළා. ඊට පස්සේ ගේට්ටු කඩාගෙන, ලෝයර්ස්ලා එක්ක වලව්ව ඇතුළට ඇවිල්ලා මේ විදියට දැන් බලපෑම් කරනවා. මට මරණ තර්ජන කරනවා.

පුංචි කාලේ මැඩම් මගේ අතින් අල්ලගෙන ගියා. අවසානයේ මැඩම්ට මගේ අතින් අල්ලගෙන යන්න සිද්ධ වුණා. අවසාන කාලේ මැඩම්ගේ සියලු කටයුතු කළේ මම. ඉන්න සේවකයෝ හැමෝම ඒක දන්නවා. කවුරුවත් ඒ වැඩවලට ආවේ නෑ කැත නිසා. මම තමයි ඒ ඔක්කොම කළේ. අන්තිම මොහොතෙත් මැඩම් කිව්වා ‘රෝහිත ගිය ආත්මේ මගේ පුතෙක්. රෝහිත නැතුව මට ඉන්න බෑ’ කියලා. ඒක කිව්වේ සිරිනන්ද ඉස්සරහදී.

මේගොල්ලෝ මරණය සැකයි කිව්වා. ඊට පස්සේ මිනීමැරුම් චෝදනාව යටතේ උසාවි නියෝගයක් ගත්තා. ඊට පස්සේ මැඩම්ගේ ඥාතීනුයි, මහත්තයගේ ඥාතීනුයි අතර ගැටීමක් ඇතිවුණා. මැඩම් ඩයරි එකේ ලියලා තියෙනවා ‘රෝහිතට බොඩි එක භාරදීලා, පාංශුකූලය දීලා දවසක් ඇතුළත අවසන් කටයුතු කරන්න’ කියලා. ඒ අනුව තමයි නඩුකාරතුමා තීරණය කළේ මට මැඩම්ගේ බොඩි එක භාරදෙන්න. ඒ වෙලාවේ කිව්වා ඔයා මේ වැඩකටයුතු කරගෙන යන්න, ඔයාට ආරක්ෂාව දෙනවා, මරණේ වැඩකටයුතු ලස්සනට කරන්න කියලා. ඒ කියපු විදියටම මම කටයුතු කළා.

මැඩම් හිටියට මුල ඉඳලම වලව්ව බලාකියා ගත්තේ මම. ඒ කාලේ ඉඳලම මැඩම් කිසිම දේකට මැදිහත් වුණේ නෑ. මම තමයි සියලු පාලන කටයුතු කළේ. ඒ විදියටම දැනටත් මම පාලනය කරගෙන යනවා. අන්තිමට මැඩම්ට සල්ලි බාගේ නැතුව යනකොට බේත් ටිකවත් ගන්න සල්ලි නැතුව ගියා. එතකොට මැඩම් මට ලිඛිතව දීලා තියෙනවා රෝහිත මේක වැටෙන්න දෙන්න එපා, ලයිට් බිල් වතුර බිල් ගෙවන්න තියෙනවා. ෆිල්ම්වලට, වෙඩින්වලට ෆොටෝ ගන්න සල්ලිවලට දෙන්න කියලා. ඒ දීපු ලියුම් මා ළඟ තියෙනවා.
මගේ බලාපොරොත්තුව මේ වලව්ව විනාශ වෙන්න නොවී, ඉදිරි පරම්පරාවට මේක දැකබලාගන්න ආරක්ෂා කරනවා.

දැන් මගේ ජීවිතයට, මගේ දරුවන්ට, නෝනට මරණ තර්ජන තියෙනවා. ඒ ගැන මම රාගම පොලිසියේ පැමිණිලි කරලා තියෙනවා. හිටපු නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ කට්ටියගෙන් මට මරණ තර්ජන තියෙනවා. ඔහු දැන් විශ්‍රාමිකයි. කලින් මට තර්ජන කළා වගේම දැනටත් මට තර්ජන තියෙනවා. මරණ පරීක්ෂණය වෙලාවෙත් කොරනල් මහත්තයට එයා තර්ජනය කළා. කොරනල් මහත්තයත් රාගම පොලිසියේ පැමිණිල්ලක් දාලා තියෙනවා රාජකාරියට බාධා කළා කියලා. මගේ ජීවිතේ තියෙන්නේ ලොකු අනතුරක. ඉතින් මගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මම පොලිසිය දැනුවත් කරලා තියෙනවා.

මම හිතනවා මේ නඩුවේ ඉදිරි තීන්දුව අනුව සාධාරණයක් වෙයි කියලා. මේක මිලක් නියම කරන්න බෑ. ලංකාවේ තියෙන හොඳම වලව්ව තමයි මේක. මැඩම් නැතිවෙන්න දින හතරකට කලින් මගෙන් ඉල්ලීමක් කළා. අවට පාසල් කීපයක ළමයි ගෙන්නලා වළව්වේ උඩ තට්ටුවට නග්ගලා පෙන්නන්න කියලා. නමුත් මට ඒ ඉල්ලීම ඉෂ්ට කරගන්න බැරිවුණා. නමුත් මම ඉදිරියේදී ඒ දේ කරනවා. මේක ගරාවැටෙන්න දෙන්නේ නෑ. රැකබලා ගන්නවා කොහොම හරි.

වලව්වේ ලයිට් බිල එනවා මාසෙකට රුපියල් 50000ක් විතර. වතුර බිල්, ටෙලිෆෝන් බිල් එනවා. සේවක පඩිනඩි ගෙවන්න ඕනේ. අලුත්වැඩියා කටයුතු කරන්න ඕනේ. ඒ හැම දේම බොහොම ලොකු කැපවීමකින් මම මේ දක්වා කරගෙන ආවේ. ඉදිරියටත් මම ඒක කරනවා.

මැඩම් අවස්ථා දෙකකදී ලියකියවිලි ලෑස්ති කරගෙන මට කතා ‘රෝහිත යමු, මම මේක රෝහිතට ලියලා දෙනවා’ කියලා. මම උනන්දුවක් වුණේ නෑ, මම ගියේ නෑ. රෝහිතට ඇරෙන්න මේක රැකබලාගන්න වෙන කාටවත් බෑ කිව්වා.

වලව්වට මුලදී තිබිලා තියෙනවා අක්කර දෙදාස් අටසිය ගානක්. ගණේමුල්ල ඩිස්පැන්සරිය, බස් ස්ටෑන්ඩ් එක, බස් ඩිපෝව, ගෙවල් සීය, කොමාන්ඩෝ රෙජිමේන්තුව, ජයකොඩි මහා විද්‍යාලය, පොල්හේනේ ඉස්කෝලේ වගේ දේවල් සඳහා මේගොල්ලන්ගේ ඉඩකඩම් විශාල ප්‍රමාණයක් පරිත්‍යාග කරලා තියෙනවා. දැන් තියෙන්නේ වලව්වත් එක්ක අක්කර 4ක වගේ ප්‍රමාණයක්. විකුණන හැම එකකටම මම විරුද්ධ වුණා. මම අන්තිම මොහොතේ කිව්වා අක්කර 10ක ප්‍රමාණයක්වත් වලව්ව සතුව තියාගන්න කියලා. ඒත් ඒකට ඒගොල්ලෝ උනන්දු වුණේ නෑ. අඩුම ගානේ මැඩම්ගෙයි මහත්තයගෙයි ෆොටෝ එකක්වත් වලව්වේ නෑ. පාර්ලිමේන්තුවෙන් මහත්තයට ලැබුණු බෙන්ස් කාර් එක තාම තියෙනවා. අලුත් කාර් එකක් ගත්තෙත් නෑ. කාර් එකේ ට්‍රාන්සර් පේපර්ස් පවා මට අවුරුදු දෙකකට කලින් අස්සන් කරලා දීලා තියෙනවා. නමුත් මම ඒකවත් ට්‍රාන්සර් කරන්න දැම්මේ නෑ. වෙන කෙනෙක්නම් ඒවා මේ වෙද්දී දාගෙන.

මම මගේ දරුවෙකුට වඩා මේ වලව්වට ආදරෙයි. ඒ නිසා මම මේක විනාශ වෙන්න දෙන්නේ නෑ. මේක ආරක්ෂා කරගන්නවා….’

ADARATA NEWS යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

පිල්ලෙයාන්ගේ සිද්ධියට රනිලුයි ගම්මන්පිලයි මැද්දට පැන්නේ ඇයි? මෙන්න ගහන්න යන ගේම් එක! VIDEO I Sri Lanka Latest News

Next Post

අපරාධකරුවන් ආණ්ඩුව ඇතුළට ඇවිල්ලා! පුබුදු කා ගැනද මේ කියන්නේ? Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.