• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද ස්මාර්ට් ෆෝන් එක්ක අවුරදු සමරද්දී එදා 1660 දෙවන රාජසිංහ රජ්ජුරුවෝ අලුත් අවුරුද්ද සැමරුවේ කොහොමද? මෙන්න ඇසින් දුටු සාක්ෂි!  I Sri Lanka Latest News

April 14, 2025
in Exclusive
Reading Time: 12 mins read
A A
අද ස්මාර්ට් ෆෝන් එක්ක අවුරදු සමරද්දී එදා 1660 දෙවන රාජසිංහ රජ්ජුරුවෝ අලුත් අවුරුද්ද සැමරුවේ කොහොමද? මෙන්න ඇසින් දුටු සාක්ෂි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රොබර්ට් නොක්ස් යනු ශ්‍රී ලංකාවේ මහනුවර රාජධානි සමයේ රජකම් කළ දෙවන රාජසිංහ රජ සමයේදී සිරකරුවෙකු ලෙස රඳවාගෙන සිටි බ්‍රිතාන්‍ය ජාතික නාවිකයෙකි.Sri Lanka Latest News

ඔහුගේ පියා සමග ඉන්දියාවේ සිට බ්‍රිතාන්‍යය බලා යාත්‍ර කරමින් සිටියදී කුණාටුවකට හසුවූ ඔවුන් සිටි නෞකාව ලක්දිවට ගොඩගසා තිබිණි.

ඒ අනුව, ඔහු ඇතුළු පිරිස ලක්දිව රජුගේ සිරකරුවන් බවට පත්වූහ.

1660 අප්‍රේල් මස 04 වන දා ලංකාවේ සිරකරුවෙකු බවට පත්වූ බවත්, එදින ඔහුගේ වයස අවුරුදු 19 මාස 1ක් සහ දින 27ක් වූ බව රොබර්ට් නොක්ස් සිය ‘An Historical Relation of the Island of Ceylon’ ග්‍රන්ථයේ පෙරවදනෙහි සඳහන් කර තිබේ.

1679 ඔක්තෝබර් මස 18 වන දා නිදහස ලබන විට ඔහු අවුරුදු 19 මාස 6ක් සහ දින 14ක් සිරකරුවෙකු ලෙස ලංකාවේ ගත කර තිබිණි.

එම කාලය සම්බන්ධයෙන් ඔහු විසින් රචනා කරන ලද ‘An Historical Relation of the Island of Ceylon’ ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ මහනුවර යුගයේ සමාජය ගවේෂණය කිරීමට අතිශයින් වටිනා ග්‍රන්ථයක් වන්නේ, එවකට ජීවත් වෙමින් ලත් අත්දැකීම් ඔහු ම සටහන් කර තිබීම හේතුවෙනි.

ඔහු සිය ග්‍රන්ථයේ ලක්දිව එකල ‘අලුත් අවුරුද්ද’ සැමරූ ආකාරය සම්බන්ධයෙන් ද විස්තර කර තිබීම ලක්දිව සමාජයේ වැදගත් සංස්කෘතික උත්සවයක ඉතිහාසය ගවේෂණය කිරීමට ලැබුණු මහඟු මූලාශ්‍රයකි.

අලුත් අවුරුදු බද්ද

ඔහු සිය ග්‍රන්ථයේ 15 වන පරිච්ඡේදය අරඹන්නේ, ‘අලුත් අවුරුදු බද්දක්’ පිළිබඳ විස්තරයකිනි.

එම සටහන එම්.ඩී. ගුණසේන සමාගම විසින් පළ කරන ලද ඩේවිඩ් කරුණාරත්න විසින් කරන ලද ‘An Historical Relation of the Island of Ceylon’ ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය වන ‘එදා හෙළදිව’ ග්‍රන්ථයේ මෙසේ සඳහන් කර ඇත.

‘අලුත් අවුරුදු බද්ද මෙබඳු ය: අලුත් අවුරුදු දිනයෙහි රජතුමා විසින් චිරාගතව පවත්වාගෙන එනු ලබන සිරිත් විධි විශේෂයක් වෙයි. සාමාන්‍යයෙන් අලුත් අවුරුදු දිනය මාර්තු මාසයේ 26, 28 හෝ 29 දිනයකට එයි. (මෙම දින විවාදයට තුඩු දෙයි) මේ දවසෙහි උදෑසනක් සේ ම අවදි වන රජතුමා නැකැති නාවන්ගේ උපදෙස් පරිදි ඉස් සෝදා ස්නානය කරයි.’

අලුත් අවුරුදු බදු ගෙවීම තරාතිරම අනුව වෙනස් වන බව රොබර්ට් නොක්ස් සඳහන් කර තිබේ.

‘අධිකාරම්, දිසාපති ආදී රජයේ උසස් නිලධාරීහු තම තමන්ගේ ස්ථානාන්තර වශයෙන් ද, රට හා දිශා වශයෙන් ද අලුත් අවුරුදු පෙනුම් කත් සඳහා ගෙන එනු ලබන ද්‍රව්‍ය අතර, රත්රන්, ආභරණ, ලෝහමය තැටි, අවි ආයුධ, පිහියා සහ වස්ත්‍රාදිය ද වෙයි. මහ රජුට පරිත්‍යාග කිරීම සඳහා මෙබඳු (ද්‍රව්‍ය) නැති තැනැත්තෝ ඒ වෙනුවට මුදල් පරිත්‍යාග කරති.’ (එදා හෙළදිව – 172 පිට)

‘වෙළහෙළඳාම් ආදී නිදහස් රැකියාවන්හි නිරත වූ තැනැත්තන් විසිනුදු තමතමන්ගේ වත්කමේ – ආදායමේ ප්‍රමාණයට යම්කිසි මුදලක් අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් රාජකීය භාණ්ඩාගාරයට ගෙවිය යුතු ය.’

ඊට අමතරව, ‘සාමාන්‍ය රට වැසියා විසින් සිරිත් පරිදි කවදත් ගෙවනු ලබන අය බදු වනාහී මීපැණි, තෙල්, ධාන්‍ය, පැණි, ලාකඩ, වස්ත්‍ර, යකඩ, ඇත්දත්, දුම්කොළ හා මුදල් යනාදිය’ රජුට බදු වශයෙන් ගෙවන බව ද සටහන් කර තිබේ.

‘සිංහල අවුරුදු උත්සවය’

රොබර්ට් නොක්ස්, රජ මාලිගයේ ‘සිංහල අලුත් අවුරුදු උත්සවය’ ද නිරීක්ෂණය කරමින් ඔහු එය දුටු ආකාරය සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

‘සිංහල අවුරුදු උත්සවය වූකලී ලක් වැසියන් ඉතා වැදගත් කොට සලකන උළෙලකි. මේ දින රජ මාලිගයේ දොරටුවක් පාසා තොරන් බැඳ සරසති.’ (එදා හෙළදිව)

‘සිංහල අවුරුදු මංගල්‍යය දා බලමුළු පෙළ සැදී මහා වාසල අරක් ගනිති. උදෑසනක් සේ ම අවදි වන රජතුමා මීට කලින් ද කියූ පරිදි ස්නානය පිණිස පැන් ගෙට ප්‍රවිෂ්ට වන්නේ ය. එම උල්පැන් ගෙයි දියවඩන නිලධාරියා රජුට මෙහෙ පිණිස සැරසී සිටී. රජ්ජුරුවෝ හිස් සෝදා නාපියා සර්වාභරණ විභූෂිතව සන්නාහ සන්නද්ධව පෙළ සැදී සිට ගත් බල සෙනග පරීක්ෂා කිරීම සඳහා මාලිගාවෙන් නික්මෙති.’ (එදා හෙළදිව)

රස කැවිලි

අලුත් අවුරුදු කාලයේ ආහාර අතර විශේෂ තැනක් හිමි වන කැවුම් ඇතුළු රස කැවිලි කිහිපයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් විස්තර කර තිබේ.

  • කැවුම්

රොබර්ට් නොක්ස් අලුත් අවුරුදු කාලයේදී වර්තමානයේ පවා අතිශයින් ජනප්‍රිය කැවුම් පිළිබඳව සිය ග්‍රන්ථයේ සඳහන් කර තිබේ.

මීට වසර 365කට පෙර පවා කැවුම් රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගෙන ඇති බව ඔහුගේ සටහනෙන් පෙනී යයි.

‘ඔවුන්ගේ රස කැවිලි විවිධ ය. ඒ රස කැවිලි අතර ප්‍රධානත්වයක් ගන්නා කැවුම්, සහල් පිටියෙන් හා පැණියෙන් සාදා ගනු ලැබේ. සහල් පිටි අනා ගුලි ගසා කොළපතක තබා ඇඟිල්ලෙන් පැතලි කොට පැහෙන තෙල් ඇතිලියේ බහා පදමට කර වූ පසු තෙලෙන් එළියට ගනිති.’ (එදා හෙළදිව – 282 පිට)

  • අවුරුද්දට නැතිව ම බැරි කොණ්ඩ කැවුමේ කතාව

මේ අතර, කැවුම් සම්බන්ධයෙන් ඔහු අසා තිබූ ප්‍රවාදයක් ද එහි සඳහන් කර ඇත.

‘ඕලන්දක්කාරයන් පළමු කොට ලක්දිවට පැමිණි අවධියේ, ඔවුන්හට රාජකීය සංග්‍රහයක් කරනු කැමති වූ කන්දේ රජු, ඔවුන්ට කැවුම් පිස යවන ලෙස රාජ පුරුෂයන්හට නියම කළේ ය. එම කැවුම් කා පුදුමයට පත්වූ ලන්දේසීහු එපමණ ප්‍රණීත ආහාරයක් මිනිස් අතකින් නම් සෑදිය නොහැකි යැයි සිතා “මේවා ගස්වලින් කඩා ගන්නා දෙයක් දැ?” යි ඇසුවෝ ල!’ (එදා හෙළදිව)

  • අග්ගලා

ලක්දිව ජනයා අතර ජනප්‍රිය තවත් ආහාරයක් ලෙස ඔහු අග්ගලා හඳුන්වා තිබේ.

අග්ගලා සකස් කරන ආකාරය ද ඔහු විස්තර කර ඇත.

‘අග්ගලා නමින් තවත් අලුමුසුවක් වෙයි. බැදි හාල් පිටි පැණියෙන් අනා ගම්මිරිස්, කරදමුංගු හා කුරුඳු පොතු මඳ වශයෙන් මුසු කොට මෙම ගුලි සාදා ගනු ලැබේ. මේ ගුලි, ගුලි කිරීමෙන් පසු තද වෙයි. ගමන් බිමන් යාමේදී, සන්ධ්‍යා භෝජනය සඳහා පසුම්බිවල දමාගෙන යන්නේ මේ අග්ගලා ය.’ (එදා හෙළදිව)

  • අලුවා

‘මෙම අග්ගලා සාදන ආකාරයෙන් ම සාදා ගනු ලබන අලුවා නම් අහරක් ද ඇත. වෙනසකට ඇත්තේ හැඩය පමණකි. අග්ගලාව වටකුරු වූ අතර, අලුවා පැතලි ය. ආහාර අහේනියෙන් හාමත් වූ විට අලුවා කා ඉක්බිති වතුර බොනු ලැබේ. අතුරුපසට මන වඩන්නා වූ මෙම අලුවා ටිකක් අපි පලා එද්දී ගෙන ආවෙමු.’ (එදා හෙළදිව)

  • යක්පැටි

වණ්ඩු ආප්ප ලෙස සැලකිය හැකි රස කැවිලි වර්ගයක් පිළිබඳව ද රොබර්ට් නොක්ස් සටහන් කර තිබේ.

ඔහු එම රස කැවිලි විශේෂය නම් කර ඇත්තේ, යක්පැටි ලෙස ය.

‘යක්පැටි නම් තවත් අහරක් වෙයි. හාල් පිටි, පොල් හා හකුරුවලින් සාදනු ලබන මෙය රස අහරකි. හාල් පිටි, පැණි මුසු කොට අනා ගුලි කොට කොළයක ලා වණ්ඩුවේ තම්බා ගනිති. ඉතා මොළොක් වූ මෙය බුදින විට හකුරු සමග සුදු පාන් කන බවක් හැඟෙන්නේ ය.’

  • කුමුදු ජයවර්ධන
  • බීබීසී සිංහල

SendShareShare
Previous Post

මව්රටටම කිරි ඉතිරෙන සුබ අලුත් අවුරුද්දක් වේවා! I Sri Lanka Latest News

Next Post

දුක-කඳුල වෙනුවට සතුට-සම්පත රජකරවන සුබ අලුත් අවුරුද්දක් වෙනුවෙන් පෙළ ගැසෙමු! විපක්ෂනායක සජිත්ගේ අවුරුදු පැතුම!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.