• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජවිපෙම දේශද්‍රෝහියෙක් කරපු JR ජවිපෙම දේශප්‍රේමියෙක් කරයි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

April 13, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
ජවිපෙම දේශද්‍රෝහියෙක් කරපු JR ජවිපෙම දේශප්‍රේමියෙක් කරයි! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1987 ඉන්දු-ලංකා ගිවිසුමට කලකට පසු ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන කාලයේ එවක ජනාධිපති ජේ.ආර්. දරපු පීඩනය ගැන පසු කලක ඇමෙරිකානු සී.අයි.ඒ. රහස් ඔත්තු සේවා වාර්තාවක් හෙළිකර තිබිණි. ‘ජේ.ආර්. හිතුවා ඇමෙරිකාව හෝ ඔහුගේ විදේශ මිතුරන් ඔහුට උදව් කරයි කියලා. නමුත් ඒ කවුරුවත් ඔහුගේ උදව්වට ආවේ නැහැ. ඔහුට සිද්ධ වුණා ඉන්දියාව සමග ඩීල් එකකට යන්න…’Sri Lanka Latest News

සී.අයි.ඒ. වාර්තාව එලෙස සඳහන් කර තිබිණි. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට ජේ.ආර්. ලංකාවට ආ ඇමෙරිකානු නියෝජිත පීටර් ගොල්බ්‍රෙයිත්ට මෙසේ පවසා තිබිණි.

‘මම හමුදාවට නියෝග කළා. යාපනයම පුච්චලා අළු කරලා හරි මේ පිස්සව (ප්‍රභාකරන්) ඉවර කරලා දමන්න කියලා. නමුත් ඉන්දියාව ඒකට ඉඩ දුන්නේ නැහැ…’
ජේ.ආර්. එසේ කී බව සී.අයි.ඒ. වාර්තාවේ සඳහන් කොට තිබිණි.

‘පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේ තමයි ජේ.ආර්.ව ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න ගෙනිච්චේ…’

මෙහෙම කිව්වේ ඉන්දු-ලංකා ගිවිසුමට සහාය දුන් එවක මහජන පක්ෂ නායක විජය කුමාරතුංගය. විජය කිව්වා හරිය. ජේ.ආර්. ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න ගියේ පිස්සු බල්ලෙක් නාවන්න ගෙනියනවා වගේය. හැබැයි ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කළාට පසු ‘ද හින්දු’ පුවත්පතේ අපූරු කාටූනයක් පළවී තිබිණි. එහි තිබුණේ රජිව් කොටි වලිගය අල්ලාගෙන හති දම දමා ගහ වටේ දුවද්දී ජේ.ආර්. හාන්සි පුටුවක අසුන්ගෙන රජිව් දිහා බලාගෙන හිනාවෙවී ඉන්න පින්තූරයකි.

‘ඒ කියන්නේ ඉන්දු-ලංකා ගිවිසුමෙන් ජේ.ආර්.ව ට්‍රැප් කරන්න ආ රජිව්ව ජේ.ආර්. ට්‍රැප් කළා කියලද?’

ඉන්දියාවටත් ඒක තේරුම් ගියේ ප්‍රභාකරන් රජිව් ගාන්ධි ඝාතනය කළාට පසුවය.

නමුත් ජේ.ආර්.ව ද්‍රෝහියකු ලෙස හංවඩු ගහපු ජවිපෙ නායක විජේවීර කීවේ වෙන කතාවකි. පහත දැක්වෙන්නේ රෝහණ විජේවීර ඔහුගේ වචනවලින්ම ඉන්දීය ධනේෂ්වරය ලංකාව ගිලගන්නා ආකාරය කියපු හැටිය. එකල විජේවීර මෙවැනි ප්‍රකාශ කරන්නේ සැඟවී සිට කැසට්පටවලට හඬ කවලාය. මේ එලෙස කැසට් පටයකට හඬකවා කළ කතාවක කොටසකි.

‘ඉන්දියානු ධනවාදය අද රාජ්‍ය ඒකාධිපති ධනවාදය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මේ රාජ්‍ය ඒකාධිකාරී ධනවාදය කලාපීය රටවල් සම්බන්ධයෙන් දැඩි ආක්‍රමණශීලී ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව පැහැදිලියි. ඉන්දියානු ජනතාව ඉතා දුප්පත්. ඒ නිසා පසුගාමී ඉන්දියානු ධනවාදය මේ ඒකාධිපතීන්ගේ නිෂ්පාදනවලට අවශ්‍ය තරම් දේශීය වෙළෙඳපළවල් කරගන්න බැහැ. ඒ නිසා ඉන්දීය බැංකුකාරයන්ට කර්මාන්තකාරයන්ට තමන්ගේ රටින් පිටත වෙළෙඳපළවල් සොයන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් ඒගොල්ලන්ට දියුණු අසල්වැසි දුබල රටවල් එක්ක ඉන්දියාවේ වෙළෙඳ ප්‍රතිපත්ති, විදේශ ආයෝජන, කොන්ත්‍රාත්තු, බැංකු මේ ඔක්කොම ගොඩනැගිලා තියෙන්නේ විදේශ ප්‍රතිපත්තිය උඩය. මේ විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරවා ගන්න ඉන්දීය ධනේෂ්වර පන්තිය ඉතා කපටි විදියට ලංකාව යටත් කරගන්න දෙමළ ඊළාම් ත්‍රස්තවාදීන් යොදාගන්නකොට අනෙක් පැත්තෙන් ජයවර්ධන ද්‍රෝහියා සැබෑ තත්ත්වය ජනතාවගෙන් වසං කරලා රට ගිලගන්න ඉඩ දීලා හිටියා විතරක් නෙවෙයි ඉන්දියාවට වාසිදායක තත්ත්වයක් ඇති කරලා දුන්නා. අන්න ඒවායේ ප්‍රතිඵල තමයි ජූලි 29 අස්සන් කළ රට පාවාදීමේ හොර ගිවිසුම. මේ හොර ගිවිසුම ලංකාවේ මහජනයාට විතරක් නෙවෙයි. ජයවර්ධනගේම එක්සත් ජාතික පක්ෂයට, ඒකේ නායකයන්ට, ඇමැති මණ්ඩලයටත්, කොටින්ම අගමැතිටත් හොරෙන් කරපු කුමන්ත්‍රණයක්. රජිව් ගාන්ධි ලංකාවට ආවා මේ හොර ගිවිසුම අස්සන් කරන්න. කටුනායකින් හෙලිකොප්ටරයෙන් ඇවිත් ජනාධිපති මන්දිරයට රිංගා ගත්තේ හරියට හොරා හොරකමක් කරන්න ආවා වගේ. තෑගි ඔප්පුව ලියවා ගන්න ආපු රජිව් ගාන්ධි දේශප්‍රේමී ජනතා පුත්‍රයකු වූ විජිත රෝහණ භටයාගේ තුවක්කු බඳෙන් පාරක් කාලා ගියා. මේ ගිවිසුමෙන් ලංකාව ඉන්දියාවේ 20 වැනි ප්‍රාන්තය වෙනවා. ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පාවිච්චි කරන්න දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ගබඩාව දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ලංකාවේ විදේශ කටයුතු ආරක්ෂක කටයුතුත් ඉන්දියාවට භාරදෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ලංකාව ඉන්දියානු යටත් විජිතයක් බවට පත්කරලා තියෙනවා…..’

මේ, රෝහණ විජේවීර සැඟව සිට කැසට් පටයකට හඬකවා ජාතිය අමතා කළ කතාවය. ඔහු රජිව් ගාන්ධිට පහර දුන් විජිත රෝහණ සෙබළාව හැඳින්වූයේ දේශප්‍රේමී වීරයෙක් ලෙසය.

පසුගියදා ඉන්දීය අගමැති මෝදි ලංකාවට ආ වෙලාවේ විජිත රෝහණ පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කීවේ රජිව් ගාන්ධිට පහරදීම ගැන තමන් අදටත් කනගාටු නොවන බවය. නමුත් විජේවීර හෝ ජවිපෙ පක්ෂ නායක අනුර සහ ආණ්ඩුව මෝදිගේ සංචාරයෙන් මුළු ලෝකයටම පෙන්නුවේ විජිත රෝහණ රජිව් ගාන්ධිට පහරදීම පමණක් නොව, තම නායකයා වූ රෝහණ විජේවීර ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධ වී ආණ්ඩුවට එරෙහිව කැරැල්ලක් ගැසීමත්, ඒ ගිවිසුම අස්සන් කරපු ජේ.ආර්. දේශද්‍රෝහියෙක් ලෙස හංවඩු ගැසීමත් ගැන තමන් කනගාටු වන බවත්, එය ඓතිහාසික වරදක් බවත්ය. අනුරගේ ආණ්ඩුව මෝදි සමග අස්සන් කළ ගිවිසුම් ඉන්දියාව සමග ව්‍යාපාර කරන ගිවිසුම්ය. ඉන්දියාව සමග ත්‍රිකුණාමලය වරාය දියුණු කරන තෙල් ටැංකි දියුණු කරන ගිවිසුම්ය. මේ ගිවිසුම් ඉන්දු-ලංකා ගිවිසුමේම දිගුවකි. ඉන්දු-ලංකා ගිවිසුමේ සඳහන් වන්නේ ඉන්දියාවෙන් අහන්නේ නැතිව ශ්‍රී ලංකාවේ වරායන් සම්බන්ධයෙන් විදේශ රටවල් සමග ගනුදෙනු නොකරන බවය. අනුරගේ ආණ්ඩුව ත්‍රිකුණාමල වරාය ඉන්දියාව සමග සංවර්ධනය කිරීමට එකඟ වී තිබේ. තෙල් ටැංකි ගැනද ඉන්දු-ලංකා ගිවිසුමේ සඳහන් වූයේ ඉන්දියාවෙන් අහන්නේ නැතිව තෙල් ටැංකි සම්බන්ධයෙන් කිසිදු විදේශ රටක් සමග ගනුදෙනු නොකරන බවය. දැන් අනුර ඉන්දියාව සමග එක්ව තෙල් ටැංකි සංවර්ධනය කරන්න එකඟ වී තිබේ. එපමණක් නොව සාම්පූර් බලාගාරය හදන්නත් ඉන්දියාව සමග විදුලි බලය සම්බන්ධ කරන ජාලයක් හදන්නත් එකඟ වී තිබේ.

මෙහි වරදක් නැත. මෙය ඉන්දු-ලංකා ගිවිසුමේ දෙවැනි අදියරය. අනුරගේ ආණ්ඩුව මේ ගිවිසුම් අස්සන් කොට මෝදිව ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ නාමයෙන් පිදීමෙන් ජේ.ආර්. එදා අස්සන් කළ ඉන්දු-ලංකා ගිවිසුම දේශප්‍රේමී ගිවිසුමක් ලෙස පිළිගෙන තිබේ. ශ්‍රී ලංකා මිත්‍ර විභූෂණ ගෞරව නාමය නිර්මාණය කළේ මහින්දය. මහින්ද එය දුන්නේ මාලදිවයිනේ ජනාධිපති ගයුම්ට සහ පලස්තීන නායක අබ්බාස්ටය. මහින්දට පසු ජනාධිපති වූ මෛත්‍රීපාල, ගෝඨාභය හෝ රනිල් එම ගෞරව නාමය මෝදිට දුන්නේ නැත. මෛත්‍රී-රනිල් ආණ්ඩු කාලයේ මෝදි කිහිප වරක්ම ලංකාවට ආවේය.
අනුරගේ ආණ්ඩුව මේ ගෞරව නාමය මෝදිට දී මේ ගිවිසුම් අස්සන් කිරීමෙන් එදා දේශද්‍රෝහියෙක් කළ ජේ.ආර්.ව දේශප්‍රේමියෙක් කර ඇත.

‘ඒ කියන්නේ ජවිපෙට අනුව රෝහණ විජේවීර සහ ඔහුත් සමග මියගිය දේශපාලන මණ්ඩලය 60,000ක තරුණ තරුණියන් දේශද්‍රෝහීන්ද…?’

ඉන්දු-ලංකා ගිවිසුම අස්සන් කරන්න තමන් ගත් තීරණය හරිය කියා ඉතිහාසය තීරණය කරයි කියා ජේ.ආර්. වරක් මාධ්‍යවේදියකුට කීවේය. මේ ඒ ජේ.ආර්.ගේ වාරයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

2028 තීරණාත්මකයි! ආණ්ඩුවට කිසිම සැලසුමක් නෑ! අඩුමතරමේ පාර්ලිමේන්තුවේදීවත් සැලසුම ගැන පැහැදිලි කරන්න බෑ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

‘මගේ පඩි වැඩි වුණා… මගේ පඩි වැඩිවුණා..’ කියලා මහාචාර්යවරයා වේදිකාවේ කෑගැහුවාට ටිං ගාලා වැඩේ දීලා තියෙන්නේ මෙන්න මෙහෙමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.