චීනයේ අගනගරය වූ බීජිං නුවරින් ආරම්භ වී ඇති කොරෝනා දෙවැනි රැල්ල හේතුකොටගෙන මේ වනවිට දිනපතා වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය අනාවරණය කරයි.
ඒ අනුව ඊයේ (20) දිනයේදී බීජිං නුවරින් කොරෝනා රෝගීන් 27 දෙනකු සොයාගැනීමට චීන සෞඛ්‍ය අංශ සමත්ව තිබේ.
මේ තත්ත්වය මත චීන බලධාරීන් නැවත් වතාවක් සිය සෞඛ්‍ය නීතිරීති දැඩි කිරීමට සැලසුම් කරමින් සිටින බව වාර්තා වේ.










