• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලකයන්ට විතරක් නෙමෙයි දූෂිත නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න අනුර ලෑස්ති වෙයි! ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළියට එයි! PHOTOS I Sri Lanka Latest News

April 9, 2025
in Exclusive
Reading Time: 13 mins read
A A
දේශපාලකයන්ට විතරක් නෙමෙයි දූෂිත නිලධාරීන්ට එරෙහිවත් නීතිය ක්‍රියාත්මක කරන්න අනුර ලෑස්ති වෙයි! ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම එළියට එයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අල්ලස හා දූෂණය නැමැති අපරාධයෙන් දේශපාලන යාන්ත්‍රණය මුදා ගැනීමට වත්මන් රජය කටයුතු කර ඇති බැවින්, නිලධාරි යාන්ත්‍රණයද කඩිනමින් නිවැරදි මඟට පැමිණිය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.Sri Lanka Latest News

ඒ වෙනුවෙන් මාස 06ක කාලයක් මේ වන විට ලබා දී ඇති බවත්, නිලධාරී යාන්ත්‍රණය නිවැරැදි නොවන්නේ නම් ලබන මැයි මාසයෙන් පසුව ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද (09) පැවති “ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්ම 2025-2029” එළිදැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි.

මෙරට රාජ්‍ය ආයතන පද්ධතියේ ගෞරවය හා වටිනාකම් විනාශ කරමින් අල්ලස හා දූෂණය රජ වී ඇති බවත්, වත්මන් ආණ්ඩුව බලයට පත් වී ගෙවී ගිය මාස හය තුළ රාජ්‍ය සේවයේ කිසිදු ස්ථානයක් බිඳ වැටීමට ඉඩ නොතැබූ බවත් පැවසු ජනාධිපතිවරයා නිලධාරී යාන්ත්‍රණය වෙනස් වීමට තවදුරටත් සූදානම් නොවන්නේ නම් මෙම මැයි මාසයෙන් පසු එම නිලධාරීන් වෙනස් කිරීමට කටයුතු කරන බවද සඳහන් කළේය.

අල්ලස හා දූෂණය නැමැති අපරාධය නිසා ශ්‍රී ලංකාව ලෝකය තුළ දශක ගණනාවක් පසුපසට ගොස් ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මේ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීම දේශපාලන පළිගැනීමක් නොව මානුෂීය යුතුකමක් බවද අවධාරණය කළේය.

නීතියට අනුගත වන හා නීතියට බිය වන සමාජයක් ගොඩනැඟිය යුතු අතර ඊට දේශනා, වැඩමුළු ප්‍රමාණවත් නොමැති බවත්, අපරාධයකට දඩුවමක් ලැබෙන බව ප්‍රායෝගිකව තහවුරු කළ යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.

ගමේ බොරලු පාරෙන් ආරම්භ වූ අල්ලස හා දූෂණය පුරවැසියාගේ දෑස් අන්ධ වන ඖෂධ ගෙන ඒම දක්වාත්, සරල තැනින් ආරම්භ වූ අල්ලස හා දූෂණය අතිශය අමානුෂිකත්වය දක්වාත්, ප්‍රාදේශීය සභාවේ සිට මහ බැංකුවෙහි සොරා කන තත්ත්වය දක්වාත් පැතිර තිබෙන බව පැවසූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම කටයුතුවලට හිටපු පාලකයන් ආරක්ෂාව සැපයූ බවද සිහිපත් කළේය.

රාජ්‍ය පරිපාලන ආයතනවල සහ නීතිය පසිඳලන ආයතනවල කිහිප දෙනෙකුගෙන් සහ සන්නද්ධ අපරාධකරුවන්ගෙන් සමන්විත අල්ලස හා දූෂණය ක්‍රියාත්මක කරන චෞර වළල්ලක් නිර්මාණය වී ඇති බවද පැවසූ ජනාධිපතිවරයා, එය මේ වන විට හඳුනාගෙන ඇති බවත් ඉදිරියේදී ඊට විසඳුම් ක්‍රියාත්මක කරන බවත් අනාවරණය කළේය.

අල්ලස හා දූෂණය රටින් තුරන් කර දැමීමේ වගකීම ඊලඟ පරම්පරාවට භාර නොදෙන බවත් වත්මන් ආණ්ඩුව යටතේ ඊට විසඳුම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවට වසරකට පෙර නිදහස ලබා ගත් ඉන්දියාව ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ඉදිරියට ගෙන යාමේ ප්‍රතිඵලයක් ලෙස අභ්‍යාවකාශ තරණය සහ මෘදුකාංග ක්ෂේත්‍රයේ දැවැන්ත ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට කටයුතු කර ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ දේශපාලන අධිකාරිය ගත් තීන්දු තීරණ නිසා 2022 දී බංකොලොත් රාජ්‍යයක් බවට පත් වූ බවද කියා සිටියේය.

ජනතාවගේ සෑම රුපියලකටම වගකියමින් ජාතික න්‍යාය පත්‍රයක් ඔස්සේ ශ්‍රී ලංකාව ලෝකය ඉදිරියේ ඔසවා තැබීමේ වගකීම වත්මන් ආණ්ඩුව ඉටු කරමින් සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

එසේ කිරීම තුළින් යුක්තිය පසිඳලන ආයතන පිළිබඳ විශ්වාසනීයත්වයක් පුරවැසියා තුළ ඇති කළ හැකි බවද අපරාධයක් සිදු කර නීතියෙන් බේරී යාමට කිසිදු අවස්ථාවක් නොමැති බව ජනතාවට ඒත්තු ගැන්විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් පැවසීය.

“ජාතික දූෂණ විරෝධී 2025-2029 ක්‍රියාකාරි සැලැස්ම” මගින් රට “සුපිළිපන් දේශයක් කරා” ගෙන යාම අරමුණ වී ඇති අතර ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රමුඛ සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක නිර්මාණය කර ඩිජිටල් තාක්ෂණය ඔස්සේ එය නිරීක්‍ෂණය කළ හැකි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

අධ්‍යාපනය සහ ප්‍රජා සහභාගීත්වය, ආයතනික ශක්තිමත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කිරීම සහ නීතිය සහ ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය සඳහා ඉඩ සලසන උපායමාර්ගික ප්‍රමුඛතා ක්ෂේත්‍ර සඳහා මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කර ඇත.

රටක අභිවෘද්ධිය සහ ප්‍රගමනය උදෙසා අල්ලස හා දූෂණය තුරන් කිරීම වඩාත් තීරණාත්මක සාධකයක් වන අතර, ශ්‍රී ලංකාව තුළ, එකී යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හඳුනාගත හැකිය. ඒ අනුව, අල්ලසින් තොර සමාජයක් නිර්මාණය කිරීම උදෙසා සියලු අංශ හරහා ක්‍රියාත්මක වන ශක්තිමත් ජාතික දූෂණ විරෝධී ප්‍රතිපත්තියක් සකස් කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබීය.

මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේ දී, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, සියලුම පාර්ශවකරුවන්ගේ සහාය ඇතිව, ජාතික හා පළාත් මට්ටමින් වැඩසටහන් පවත්වන ලද අතර, භාෂා ත්‍රිත්වයෙන් පුවත්පත් දැන්වීම් සහ සමාජ මාධ්‍ය ජාල හරහා දූෂණ ගැටලු පිළිබඳ මහජන මතය තක්සේරු කිරීම සඳහා සිදු කරන ලද පුළුල් සමීක්ෂණයක්ද එයට ඇතුළත් විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, විනිසුරුවරු , රාජ්‍ය නිලධාරීන්, පෞද්ගලික අංශය, අන්තර්ජාතික සංවිධාන, සිවිල් සමාජ සංවිධාන, ප්‍රජා පාදක සංවිධාන, ආගමික කණ්ඩායම්, විවිධ අවශ්‍යතා ඇති කණ්ඩායම් , ජනමාධ්‍ය, තරුණයින්, ළමුන් ඇතුළු සමස්ත මහජනතාව මෙන්ම විදේශීය රාජ්‍ය අත්දැකීම් සහ සියලුම පළාත්වල විවිධ කණ්ඩායම්වලින් රැස් කරන ලද යෝජනා, ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීමේදී සැලකිල්ලට ගෙන තිබේ.

මෙම දූෂණ විරෝධී ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කරමින්, දූෂණයට එරෙහිව සටන් කරන, දුෂණය පිටු දකින පුරවැසියන් පිරිසක් , දුෂණයට එරෙහිව සටන් කිරීමට සියලු ආකාරයෙන් සහාය දෙන දේශපාලන කැමැත්තක්, නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පසුතලයන් සහ සුපිළිපන්න රාජ්‍ය සේවයක් සමග සියලුම ක්ෂේත්‍රයන්හි සුපිළිපන් බව ඇති කරමින්, අනාගත පරපුරට සුපිළිපන්න රටක් උදා කර දීමට සියලුදෙනාගේ සහාය අපේක්ෂා කෙරේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකියෝ ඉසමටා මහතාද මෙම උත්සව සභාව ඇමතූ අතර මෙතෙක් පැවැති පාලකයින්ගේ වැරැදි තීන්දු තීරණ නිසා ශ්‍රී ලංකාවෙන් ඈත්ව ගිය ආයෝජකයන් වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ නිසා නැවත ශ්‍රී ලංකාවට සමීප වෙමින් සිටින බව තානාපතිවරයා පැවසීය.

විනිවිදභාවය සහ යහපාලනය තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා මූලික කුලුනු බව දැඩි ලෙස විශ්වාස කරන බැවින්, ජපානය ලොව පුරා දූෂණය වැළැක්වීමේ පියවරයන්ට සහාය දක්වන බවද ජපාන තානාපතිවරයා කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසූසා කුබොටා මහත්මියද මෙහිදී අදහස් දැක්වූ අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ පළමු ජාතික බදු ගෙවන්නන්ගේ සංගණනයේදී සිදු කළ සමීක්ෂණයට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 84% ක් දූෂණය, බදු ගෙවීමට ඇති කැමැත්තට සෘජුවම බලපාන බව පෙන්වා දී තිබෙන බවද සඳහන් කළාය. දූෂණය ආයෝජන වළක්වන බවත් ව්‍යාපාර කිරීමේ පිරිවැය වැඩි කරන බවත් තිරසාර සංවර්ධනය සහ මානව ආරක්ෂාව අඩාල කරන බවත් දූෂණය නිසා සංවර්ධනය වෙමින් පවතින රටවලට වාර්ෂිකව ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 1.3කට අහිමි වන බවත් කොබොටා මහත්මිය පෙන්වා දුන්නාය.

මෙවර අයවැය කතාවේදී ජනාධිපතිවරයා පෙන්වා දුන් පරිදි බදු ගෙවන්නන්ගේ සෑම ශතයකටම රාජ්‍යය වගකිව යුතුය යන ක්‍රියාකාරී සැලැස්ම ශ්‍රී ලාංකික සමාජයේ පරිවර්තනය සඳහා මාර්ග සිතියමක් වනු ඇති බවද ඇය ප්‍රකාශ කළාය.

අගවිනිසුරු මුර්දු නිරූපා බිඳුෂිණි ප්‍රනාන්දු, නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක , අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති හිටපු මහාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්.එස්.ඒ.දිසානායක යන මහත්ම මහත්මීහුද, ත්‍රිවිධ හමුදාපතිවරුද ,පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහුද, රාජ්‍ය නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-04-09

SendShareShare
Previous Post

CIDය බුද්ධි අංශ නිලධාරියෙක් අත්අඩංගුවට ගනී!  I Sri Lanka Latest News

Next Post

ට්‍රම්ප්ගේ බදු ගැහිල්ලෙන් කර්මාන්ත බේරගන්න ආණ්ඩුව මොනවද කළේ? හෙට අනුර පක්ෂ නායකයන්ට කරපු දේවල් ටික කියනවා!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.