• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බලි බැලුවට වඩා අලි බලපු වජිරගේ ඇහැ! Sri Lanka Latest News

April 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
බලි බැලුවට වඩා අලි බලපු වජිරගේ ඇහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බාධක කම්කටොලු මැදින් ‘මව්රට’ පුවත්පත මෙතෙක් පැමිණි වසර 06ක ගමනට මුලින්ම කැලෑ කොලමේ අපේ සුබ පැතුම් එක්කරනවා. අදත් අපි කැලෑ කොලමෙන් මේ සූදානම් වන්නේ වනජීවී ලෝකයේ තවත් එක් සොඳුරු ඉසව්වකට ඔබව එක්කර ගෙන යෑමටයි. Sri Lanka Latest News

අලි බැලිල්ලයි බලි බැලිල්ලයි කවදාවත් එපා වෙන්නේ නැති දෙයක් විදියටයි අපේ ජන වහරේ කියැවෙන්නේ. ඒ කියමන සත්‍යයක් කරමින් අලි බැලිල්ලට පුංචි කාලේ පටන්ම මහත් ආශාවක් හා උනන්දුවක් දැක්වූ, වනජීවී ඡායාරූප ශිල්පියෙක් මට මුණගැහුණා. අපි නොදුටු වන අලින් රැසකගේ දුර්ලභ ඡායාරූප සහ තොරතුරු ගොන්නක් ඔහු සතුව පවතිනවා. විජිර විජේගුණවර්ධන නම් වූ මේ සුවිශේෂ පරිසරවේදියා සමග කරපු සාකච්ඡාවක් කැලෑ කොලමේ පාඨක ඔබ වෙනුවෙන් මෙලෙස දිගහැරෙනවා.

වජිර, ඔබ අලි ඇතුන් ගැන උනන්දුවක් දක්වන්න පටන්ගත්ත විදිය ගැන මුලින්ම කියන්න?
මම ඉපදෙනකොටත් අපේ ගෙදර අලි පස්දෙනෙක් හිටියා. ඉන් එක අලියෙක් තාත්තට පරම්පරාවෙන් ලැබුණු අලියෙක්. අනිත් අලින් තාත්තා මිලදී ගත්තා. ඒ අලින් එක්ක තමයි මගේ කුඩා කාලය ගෙවුණේ. ඒ කාලේ බොහෝ දෙනෙක් අලින්ව යොදාගත්තේ දැව කොටන් අදින්න. නමුත් මගේ තාත්තා ඒ සම්ප්‍රදාය වෙනස් කරලා බේරුවල, බෙන්තොට වගේ ප්‍රදේශවල හෝටල්වල සංචාරකයන්ට අලින් පිට යන්න අවස්ථාව නිර්මාණය කළේ මුල් වරට. ඒ වගේ ඒ කාලේ පාසල් නිවාඩුවට අපේ පවුලේ හැමෝම යාල හෝ විල්පත්තු වනෝද්‍යානවල දින 5ක කාලයක් ගතකරන්න යනවා. වනාන්තරය සහ වන අලින් සමග ඇතිවුණු ඒ බැඳීම නිසාම තමයි මට පොඩි කාලෙදීම අලින් ගැන ලොකු උනන්දුවක් ඇතිවුණේ.
අලින්ව ඡායාරූපගත කරන්න ඔබ යොමුවුණේ කොහොමද?
මම උසස් අධ්‍යාපනය හදාරන්න එංගලන්තයට ගියා. ආපහු ලංකාවට ආවේ 1997දී. ලංකාවට ආවට පස්සේ තමයි මම ඒ කටයුත්තට පිවිසුණේ.
ඔබ ඒ විදියට ලබාගත්ත, බොහෝ දෙනෙක් නොදැකපු, වන අලි ඇතුන් රැසකගේ දුර්ලභ ඡායාරූප ගොන්නක් ඔබ සතුව තිබෙනවා කියලා මම අහලා තියෙනවා. ඒ ගැනත් යමක් කිව්වොත්?
2000 වසර විතර වෙනකල්ම යාල ගොඩක් ප්‍රසිද්ධ වුණේ අලින්ට. මම කුඩා කාලේ යාලේ හිටියා මහ ඇතා, පොඩි පූට්ටුවා, ලොකු පූට්ටුවා කියලා ඇත්තු තුන්දෙනෙක්. මම ඒ ඇත්තුන්ව දැකලා තියෙනවා. නමුත් අවාසනාවකට මට ඒ කාලේ උන්ගේ ඡායාරූප ලබාගන්න බැරිවුණා. ඒ ගැන මම කනගාටු වෙනවා. නමුත් ඉන් පස්සේ යාලේ හිටපු සහ වර්තමානයේ ඉන්න අලි ඇතුන් රැසකගේ ඡායාරූප ලබාගන්න මට හැකියාව ලැබුණා. ඡායාරූප ගැනීම සඳහා මම ගොඩක් වෙලාවට යොදාගන්නේ ෆාස්ට් ලෙන්සස්. ඒ වගේම ඡායාරූපකරණය ගැනත් මම හැදෑරීමක් කළා. මොකද ඒ කාලේ අද වගේ ඡායාරූප සංස්කරණය කරන්න බැහැ. විශේෂයෙන්ම වනජීවී ඡායාරූප. ඒ නිසා ගන්න ඡායාරූපය නිවැරැදිව එකවරම ලබාගන්න සිදුවෙනවා. වර්තමාන ඡායාරූප ශිල්පීන්ටත් මට කියන්න තියෙන්නේ වනජීවී ඡායාරූපකරණය ගැන, ආලෝක තත්ත්වය ගැන, තමන් භාවිත කරන කැමරාව ගැන හොඳ අවබෝධයක් හැදෑරීමක් ඇතිව මේ කටයුත්තට යොමුවෙන්න කියලා.
ඔබ කලාවැව වනජීවී ඉසව්වට බොහෝ ප්‍රිය කරනවා කියලා මම අහලා තියෙනවා. ඔබ ඡායාරූපකරණයට යොමුවූ 90 දශකයේ අගභාගයේ සහ වර්තමානයේ කලාවැව ආශ්‍රිතව සිදුවෙලා තියෙන වෙනස්කම් ගැන යමක් සඳහන් කරන්න?
ඒ කාලේ බොහෝ වෙලාවට අපි කලාවැවට අලි බලන්න යන්නේ හවසට. අද වගේ පාරවල් එහෙම හැදිලා තිබුණේ නෑ. ඒ නිසා අපි උදේ ගිහින් ගමේ අයගෙන් පාරවල් ගැන විස්තර දැනගෙන හවසට තමයි අලි බලන්න යන්නේ. ඒ වගේම ඒ කාලේ අලින්ගෙන් ගමේ අයට අද වගේ කරදර තිබුණේ නෑ. ඒ කාලේ අලි රංචුව ටිකක් කලින් වැවට එනවා. නමුත් වර්තමානයේදී ඒක වෙනස් වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ඒකට බලපාලා තියෙනවා කියලයි මම හිතන්නේ.
අද නව තාක්ෂණික දියුණුවත් එක්ක වනජීවී ඡායාරූපකරණයට බොහෝ දෙනෙක් යොමුවෙලා තියෙනවා. නමුත් ගුණාත්මක වනජීවී ඡායාරූප අපට දැකගන්න ලැබෙන්නේ ඉතාම සීමිතව. මේකට හේතුව මොකක්ද?
බොහෝ අය ඡායාරූප ගන්න වන අලින් ඉන්න තැන්වලට ගිහින් ඒ සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන්ට බාධා වෙන විදියට හැසිරෙනවා. එතකොට ඒ සතුන් බයවෙලා කැලෑවදිනවා. ඒ වෙලාවට ගන්න පින්තූර ස්වභාවික නැහැ. මොකද අලින් ඒ වෙලාවට කලබල වෙලා ඉන්න නිසා. වනජීවී ඡායාරූපකරණයේ තියෙන මූලික සිද්ධාන්තයක් තමයි අපි පින්තූර ගන්න සතාගේ ස්වභාවික චර්යාවට බාධා වෙන්න බෑ කියන එක. ඒ කියන්නේ සතාගේ ස්වභාවික හැසිරීම, ඉරියව්වට අපෙන් බාධාවක් වුණොත් ඒ ඡායාරූපයේ ගුණාත්මක බවක් නැතිවෙනවා. ඒ නිසා ඉවසීම කියන දේ ඡායාරූප ශිල්පියෙක් සතුව තිබිය යුතු මූලිකම ගුණාංගය බව කියන්න ඕනේ. ඉවසීමෙන් බලාගෙන ඉඳලා තමයි සතාගේ ස්වභාවික ඉරියව්වක් ඡායාරූපයට නගන්න ඕනේ.
වර්තමානයේ අලි – මිනිස් ගැටුම බොහෝ උග්‍ර වෙලා තියෙනවා. මේ ගැටුමට විසඳුම් දෙන්නේ කොහොමද?
අලින් ගම්වදින්න තියෙන ප්‍රධානම හේතුවක් තමයි අලිමංකඩවල් ආවරණය වෙන විදියට ජනාවාස බිහිවීම. අලින්ට කැලෑවකින් කැලෑවකට සංක්‍රමණය වෙන්න තියෙන මාර්ග මිනිස්සු විසින් අහුරලා තියෙනවා අද වෙද්දී. ඒ මාර්ග යළිත් විවෘත කරන්න ක්‍රමයක් තියෙනවා නම් අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් වේවි. ඒ වගේම මේ ප්‍රශ්නෙදී ගම්වාසීන්ගෙ පැත්තෙන්, ගොවීන්ගෙ පැත්තෙනුත් අපි හිතන්න අවශ්‍යයි. සාමාන්‍ය ගොවියෙක් තමන්ට අලින්ගෙන් කොච්චර හානි වුණත් ඒ සතාගේ ජීවිතයට හානියක් කරන්න කල්පනා කරන්නේ නෑ. නමුත් විශාල වියදමක් කරලා මහාපරිමාණයෙන් වගාකරන අය තමයි අනවසර විදුලි වැටවල් දාලා තමන්ගේ වගා බිම් අලින්ගෙන් ආරක්ෂා කරගන්න හදන්නේ. මේකට මම යෝජනා කරන දේ තමයි, වන අලින් යම් වගා බිමකට හානියක් කළොත්, ඉතා කෙටි කාලයකින් ඒ සඳහා වන්දියක් ගෙවීමට හැකි ක්‍රමවේදයක් ආණ්ඩුව විසින් සැකසීම. එහෙම වන්දියක් ලැබෙනවා නම් ගොවීන් විදුලි රැහැන් එළන්න, තුවක්කු බඳින්න, හක්කපටස් තියන්න යොමුවෙන්නේ නැහැ. දැනටත් වගා හානි වන්දි ලබාදෙන ක්‍රමවේදයක් තියෙනවා. නමුත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවීම සහ එය ඉතා වෙහෙසකර කාර්යයක් නිසා ගොවීන්ට ඒ වන්දි ලබාගැනීමට ඉතා අපහසු වෙලා තියෙනවා. ඒ නිසා ගොවීන් ඒ ක්‍රමය ගැන වැඩි විශ්වාසයක් නෑ. නමුත් ක්ෂණිකව වන්දි පිරිනමන ක්‍රමයක් තියෙනවා නම් මේ වන අලි ගැටුම බොහෝ දුරට අවම වෙන්න ඉඩ තියෙනවා.
ඔබ සතුව තියෙන වන අලින්ගෙ ඡායාරූප සහ තොරතුරු අනාගත පරපුරට දායාද කරන්න මොකක් හරි වැඩපිළිවෙළක් ඔබ යොදලා තියෙනවද?
ඔව්, මම 2009දී පොතක් එළිදැක්වූවා. ඒ පොතේ වන අලින් රැසකගේ ඡායාරූප සහ තොරතුරු ඇතුළත් වෙනවා. ඒ වගේම ඒ පොතෙන් මම බලාපොරොත්තු වුණා අලි ඇතුන් ආරක්ෂා කිරීමට පාඨකයා පොලඹවන්න. ඒ අනුව, වනජීවී ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන් කිහිප දෙනකුගේ විශේෂ ලිපිත් මම ඒ පොතට ඇතුළත් කළා. වන අලින් ඉන්න ප්‍රදේශවල ජනතාවට එම සතුන් හරහා යම් මුදලක් උපයාගැනීමට මඟක් විවර කරලා දෙන්න පුළුවන් නම්, ඒ ගම්වාසීන්ම වන අලින්ව ආරක්ෂා කරන්න වඩාත් උනන්දු වෙනවා. එතකොට වන අලින්ගේ ජීවිත රැකගන්න වෙන මොනවත් කරන්න ඕනේ නෑ, මොකද ගම්වාසීන්ම ඒ සතුන්ව රැකබලා ගන්නවා. මෙවැනි ප්‍රායෝගික විසඳුම් ලබාදෙන්න පුළුවන් නම් මේ අලි-මිනිස් ගැටුම කියන එක අවසන් කරන්න එච්චර අමාරු නැහැ.
අලි ඇතුන් රැකගැනීම ගැන වත්මන් ඡායාරූප ශිල්පීන්ට ඔබට ලබාදෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
වනජීවී ඡායාරූපයකින් ජනතාවට විශාල පණිවුඩයක් ලබාදෙන්න පුළුවන්. ඒ තමයි ඡායාරූපයේ ඉන්න සත්වයා අලියෙක්, ඇතෙක් හෝ වෙනත් කුමන හෝ සතෙක් වුණත් ඒ සත්වයාව රැකගැනීමේ වටිනාකම කියන දේ. ඒ සතාව අනාගත පරපුරට දැකගන්න, සංරක්ෂණය කරගැනීමේ වටිනාකම මේ ඡායාරූපයකින් සමාජයට සහ වගකිව යුත්තන්ට සන්නිවේදනය කරන්න ඕනේ. ඒක ලොකු සමාජ මෙහෙවරක් වෙනවා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඊයේ ට්‍රම්ප්ගේ ප්‍රකාශයට කලින් සජිත් ජුලි චන්ග් හමුවෙලා! I Sri Lanka Latest News

Next Post

එදා කැරැල්ලෙදි මියගිය සහෝදරවරු කිව්වේ අපි කරන මේ අරගලය හරි කියලා අනාගත පරම්පරාව කියයි කියලා! අනේ ඒ අනාගත පරම්පරාව බලය අරන් කියනවා 87 ඉන්දියාවට ගැහුවේ අපරාදේ කියලා! ගිවිසුම්වලට බොරුවටනෙ විරුද්ධ වුණේ කියලා! කියපු එකයි කරන එකයි අතර පරතරය මෙන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.