• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම අහන මෝදි-අනුර අත්සන් කරන ආරක්ෂක ගිවිසුම මොකද්ද? I Sri Lanka Latest News

April 5, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ආචාර වෙඩිමුර 21ක්! රාජ්‍යතාන්ත්‍රිකයෝ රැසක්! හමුදා ආචාර පෙළපාලියක්! අශ්වාරෝහකයන් පෙළක්! කරට අත දාගෙන මෝදි අනුරට ලොකු වෙල්කම් එකක් දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගු කාලයක සිට පවතින ආරක්‍ෂක සබඳතා පිළිබඳ මෙරට ආරක්‍ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබේ.Sri Lanka Latest News

එම ප්‍රකාශය මගින් තුයියකොන්තා මහතා පෙන්වා දෙන්නේ, දෙරට දශක ගණනාවක සිට සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරන බවයි.

විශේෂයෙන් ආරක්ෂාව හා සම්බන්ධ කටයුතුවලදී ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් යනාදිය හේතුවෙන් ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත්ව ඇති බවය.

විශේෂයෙන් ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ විෂයානුබද්ධ පුහුණුවීම් ලබාදෙන බවද තුයියකොන්තා මහතා සිය ප්‍රකාශයේ කරුණු දක්වා තිබේ.

ආරක්‍ෂක ලේකම්වරයාගේ විශේෂ ප්‍රකාශය

“ශ්‍රී ලංකාව සහ ඉන්දියාව දශක ගණනාවක් මුළුල්ලේ සුහදශීලී ආරක්‍ෂක සබඳතාවන් පවත්වා ගනිමින් කටයුතු කරනු ලබන අතර, ආරක්ෂාව හා සම්බන්ධ සංවාද, ඒකාබද්ධ යුද සහ නාවික අභ්‍යාස, සම්බන්ධ පුහුණු වැඩසටහන් මෙන්ම වැඩමුළු ආදී ද්වීපාර්ශ්වික වශයෙන් වැදගත් ක්‍රියාකාරකම් තුළින් මෙම සබඳතා ශක්තිමත්ව ක්‍රියාත්මක කරනු ලබයි.

මීට සමගාමීව ඉන්දියාව විසින් වාර්ෂිකව ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 750කට පමණ අදාළ විෂයානුබද්ධ පුහුණුවීම් ලබා දෙයි. 

ඉන්දියා – ශ්‍රී ලංකා ආරක්‍ෂක හවුල්කාරිත්වය ඔස්සේ ශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අමිල මෙහෙවරක් සිදු කෙරෙන අතරම මේ දක්වා එම සහයෝගය අඛණ්ඩව ලබාදීම විශේෂත්වයකි.

2023 වර්ෂයේ පැවති ආරක්‍ෂක සංවාදයේදී, ද්වීපාර්ශ්වික ආරක්‍ෂක සහයෝගීතාව සහ සම්බන්ධතාවන් වඩාත් කාර්යක්ෂමව හා විධිමත් ආකාරයකින් අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින්, ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ඔස්සේ ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශ්වයම එකඟත්වය පළවිය. 

ශ්‍රී ලංකාව අනෙකුත් ‍රටවල් සමග පවතින රාජ්‍යතාන්ත්‍රික සබඳතා සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා විසින් මෙම වසරේ ජනවාරි මාසයේදී නිකුත් කරන ලද චක්‍රලේඛයෙහි දැක්වෙන උපදෙස් ප්‍රකාරව, ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින අවබෝධතා ගිවිසුම ඉතා ගැඹුරින් පරීක්ෂා කොට සමාලෝචනය කර ඊට අදාළ වන පරිදි සාකච්ඡා පවත්වා ඇත. 

ඒ අනුව එළඹි නිගමනයන්ට අනුව සකස් කරනු ලැබූ අවසන් අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමට පෙර ඒ සඳහා අවශ්‍ය අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියද නිසි අයුරින් ලබාගැනීමට කටයුතු කරන ලදී. 

මෙම අවබෝධතා ගිවිසුම යටතේ සිදු කරනු ලබන සහයෝගීතා ක්‍රියාකාරකම් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වඩාත් උචිත භාවිතයන්ට අනුකූලව සිදුකෙරෙන අතර, එමගින් ශ්‍රී ලංකාවේ හෝ ඉන්දියාවේ ජාතික ප්‍රතිපත්ති හෝ නීති පද්ධති කෙරෙහි කිසිදු බලපෑමක් ඇති නොකෙරේ. 

තවද මෙම අවබෝධතා ගිවිසුම යටතේ සහයෝගීතා ක්‍රියාකාරකම් සිදු කරනු ලබන අවස්ථාවන්හිදී, දෙපාර්ශ්වයේ ජාතික හා හමුදාමය නීති සහ රෙගුලාසි මෙන්ම එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියට අදාළ මූලධර්ම සහ අරමුණු වලට ගරු කිරීමට ඉන්දු- ශ්‍රී ලංකා දෙපාර්ශ්වයම කැපවී සිටින අතර, එම ක්‍රියාකාරකම් මගින් දෙරටේ ස්වෛරීභාවයේ සමානාත්මතාවය, භෞමික අඛණ්ඩතාව මෙන්ම දෙපාර්ශවයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම හා උල්ලංඝනය නොකිරීම යන මූලධර්ම ඇතුළත් වේ. 

දෙරට අතර මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම මගින් දෙරටේ ආරක්‍ෂක සබඳතා සඳහා ශක්තිමත් පදනමක් සකස් කෙරෙන අතර එමගින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් සතු දැනුම හුවමාරුකර ගැනීමේ  වැඩසටහන්, පුහුණුවීම්, ජ්‍යෙෂ්ඨ හමුදා මාණ්ඩලික සාකච්ඡා, තොරතුරු හුවමාරු වැඩසටහන්, සීඝ්‍රයෙන් දියුණු වන ආරක්‍ෂක මෙන්ම ආරක්‍ෂක තාක්‍ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රයේ සහයෝගීතාවය යන විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් සහතික කිරීම සඳහා අත්‍යවශ්‍ය පියවරයන් වඩා වෘත්තීයමය ආකාරයකින් සිදුකිරීම සහතික කෙරේ. 

මාස තුනක පූර්ව දැනුම්දීමකින් අවසන් කිරීමට අදාළ පාර්ශ්වයන්ට ඇති අයිතිය සහිතව වසර 5ක් සඳහා බලාත්මක කිරීමට යෝජනා වී ඇති මෙම අවබෝධතා ගිවිසුම ඉන්පසු වසර තුනක් දක්වා අඛණ්ඩව පවත්වා ගනිමින් ඊට අදාළව එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමට හා ඒ ඔස්සේ ලබාගන්නා නිගමන ඔස්සේ ගිවිසුම අවසන් කිරීම සමාලෝචනය කිරීමට යටත්ව, එසේ කිරීමට අවශ්‍ය නම්, පෙර කී පූර්ව දැනුම්දීමට සමාන දැනුම්දීමක් ඔස්සේ ගිවිසුම අවසන් කිරීමට ද හැකියාව ඇත”.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකා ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ නියෝජිතයන් සජිත් හමුවෙයි! ට්‍රම්ප්ගේ බද්ද හමුවේ ලක්ෂ තුනහමාරකගේ රස්සා ඇතුළු ඇඟළුම් කම්හල් ආරක්ෂා කරගන්න හැටි කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෝදි කොළඹ ඉද්දී පෙරටුගාමීන් කොළඹ තියන්න ගිය විරෝධතාවකට පොලිසිය උසාවියෙන් තහනමක් ගනී!  I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.