• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අලින්ට කරන සේවාවට අලියත් ඔළුව පාත් කරන කාසිකොටේ අලි කුමාර! Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
අලින්ට කරන සේවාවට අලියත් ඔළුව පාත් කරන කාසිකොටේ අලි කුමාර! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

තමන් ආදරය කරන දේ වෙනුවෙන් කැපවී, අතේ ඇති මුදල් වියදම් කරමින් සමාජයට රටට නිහඬ සේවයක් කරන දුර්ලභ ගණයේ මිනිසුන් අතළොස්සක් අදත් අපේ සමාජයේ ජීවත් වෙයි. කැලේ කොළේ සතාසිවුපාවන් තමන්ගේ දරුවන් මෙන් රැකබලා ගන්නා එවැනි අරුමපුදුම ආදරණීය මිනිසෙක් ගැනයි අද අපි කැලෑ කොලමෙන් කතාකරන්නේ. ඔහු ජීවත් වෙන්නේ අඹන්පොළ ගැටදිවුල කාසිකොටේ අලි උමඟ පිහිටි ප්‍රදේශයේ. රෙදි පාපිසි අලෙවි සැලක් එම ස්ථානයේ පවත්වාගෙන යමින්, ඉතා දුෂ්කර දිවියක් ගෙවන ඔහු, කිසිදු ආර්ථික හෝ වෙනත් ආත්ම ලාභයකින් තොරව රාත්‍රිය පුරා නිදිවර්ජිතව, පාර හරහා මාරුවන අලි ඇතුන්, දුම්රියේ සහ වෙනත් වාහනවල ගැටීමෙන් ආරක්ෂා කරගැනීමට සුවිශාල කැපකිරීමක් සිදුකරන, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම අලි ඇතුන්ට ආදරය කරන්නෙක් ලෙස හඳුන්වා දිය හැකිය.

වන සත්ව ලෝලී කා අතරත් ජනප්‍රිය චරිතයක් වී සිටින ඔහුව බොහෝ දෙනා හඳුන්වන්නේ ‘කාසිකොටේ අලි කුමාර’ යන ආදරණීය නමින්. පහත පළවන්නේ කැලෑ කොලමේ අපි ඔහු සමග සිදුකළ කෙටි සංවාදයකි. Sri Lanka Latest News

මුලින්ම ඔබ ගැන විස්තර ටිකක් කියන්න….?
මම පාපිසි, කොට්ට වගේ දේවල් විකුණන පොඩි කඩයක් පවත්වාගෙන යනවා. ඒක කරන අතරතුර තමයි වන අලින් ආරක්ෂා කරගන්න කටයුතු කරන්නේ.
අලින්ව ආරක්ෂා කරගන්න කටයුත්තට ඔබ කොහොමද යොමුවුණේ?
අලින්ට ආරක්ෂිතව මාර්ගය හරහා මාරුවීමට උමඟක් මේ දවස්වල හදනවා. ඒකේ කටයුතු තවම ඉවර නෑ. ඒ නිසා අලි නිතරම රේල් පාර උඩින් තමයි අනිත් පැත්තේ කැලෑවට යන්නේ. ඉතින් අනතුරු වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩියි. අලි විශාල ප්‍රමාණයක් මේ වෙනකොටත් දුම්රියේ ගැටිලා මියගිහින් තියෙනවා. ඉතින් මම කල්පනා කළා මට පුළුවන් විදියට ඒ අලි ඇතුන් බේරගන්න කටයුතු කරන්න ඕනේ කියලා. අව්වක් වැස්සක්, රැයක් දවාලක් බලන්නේ නැතුව මම මේ සත්තුන්ගේ ජීවිත බේරගන්නේ කාගෙන්වත් කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. සතෙක්ගේ ජීවිතයක් බේරගන්නවා කියන්නේ මහා පින්කමක්. ඒ පිනෙන් ලැබෙන සතුට විතරයි මම බලාපොරොත්තු වෙන්නේ.
ඔබ දැන් කාලෙක ඉඳන් මේ අලින්ව පාර මාරුකරන කටයුත්ත සිදුකරනවා. මේ අතරතුර කාලයේ සිදුවෙච්ච අමතක නොවෙන සිදුවීමක් එහෙම තියෙනවද?
මෝටර් බයිසිකල්වල, වෙනත් වාහනවල අලින් ගැටෙන්නේ බොහෝ වෙලාවට රාත්‍රී කාලයේ. ඒකට හේතුව තමයි මේ ස්ථානයේ විදුලි ආලෝකය හරිම අඩුයි. මම රෑට ටෝච් එකක් අරගෙන තමයි ඒ එළියෙන් අලින්ව පාර මාරුකරන්නේ. මම බලධාරීන්ගෙන් අවස්ථා කීපයකදීම ඉල්ලා සිටියා මේ ස්ථානයට වීදි පහන් කිහිපයක් යොදලා ආලෝකය සපයා දෙන්න කියලා. නමුත් තවම ඒ කටයුත්ත ඉටුවුණේ නැහැ. කවුරු හරි මැදිහත් වෙලා මේ ස්ථානයට විදුලි ආලෝකය ලබාදෙන්න පුළුවන් නම් ඒක අලින්ගේ වගේම මිනිසුන්ගේ ජීවිත ආරක්ෂා කරගන්න ලොකු උපකාරයක් වෙනවා.
සමහරු රෑට වාහනවල හෝන් ගහලා, හෙඩ් ලයිට් ගහලා අලින්ව කුලප්පු කරනවා. එහෙම කරන්න එපා කිව්වම මට බණින අවස්ථාත් තියෙනවා. නමුත් මම කරන්නේ හොඳ වැඩක්. කාටවත් හානියක් නෙවෙයි. ඒ නිසා මම ඒ බැණුම් ගණන් නොගෙන මගේ රාජකාරිය කරනවා.
මේ ස්ථානයෙන් පාර මාරුවෙන අලි ඇතුන් ඔබව හොඳට හඳුනනවා කියලා ඇතැම් අය කියනවා. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?
අලි 30ක 40ක කණ්ඩායමක් ඉන්නවා මෙතැනින් නිතරම පාර මාරුවෙන. ඒ සත්තු මාව හඳුනනවා. මම පේන්න ඉන්නවා නම් විතරයි එයාලා පාර මාරුවෙන්නේ. නැත්නම් ඈතට වෙලා බලාගෙන ඉන්නවා මම ඇවිත් අඬගහනතුරු. ඊට පස්සේ එයාලා පාර මාරුවෙලා, හොඬවැල උස්සලා, ඔළුව පාත් කරලා මට ආචාර කරලා තමයි ආපහු කැලෑවට යන්නේ. මම එයාලාව ආරක්ෂිතව පාර මාරුකරපු එකට කළගුණ දැක්වීමක් විදියටයි එහෙම කරන්නේ. ඒ තරම් ගුණයක් සහ මතකයක් ඒ සතුන් තුළ තියෙනවා.
ඔබ සිදුකරන මේ කටයුත්තට ගම්වැසියන්ගෙන් ලැබෙන සහාය මොන වගේද?
ලොකු සහායක් ඒ අයගෙන් ලැබෙනවා. ගමේ අයගේ වගාවන්ට අලින්ගෙන් හානි සිදුවෙනවා බොහෝ වෙලාවට. ඒත් ඒ මිනිස්සු මේ සත්තුන්ට හරිම ආදරෙයි. ඔවුනුත් මාත් එක්ක එකතු වෙලා අලින්ව පාර මාරුකරන්න සම්බන්ධ වෙනවා.
ලංකාවේ ලොකුම දළ ඇතා විදියට සැලකෙන කාවන්තිස්සත් මේ ස්ථානයෙන් පාර මාරුවෙනවා නේද?
ඔව්. එහා පැත්තේ තියෙන තේක්ක කැලෑවේ ඉඳලා මහ වෙල් යාය හරහා ඇවිත් මෙතැනින් තමයි පාර මාරුවෙන්නේ. කාවන්තිස්සත් මගේ අණට කීකරු වෙලා, මම සංඥා කළාම තමයි පාර පනින්නේ. හැබැයි කාවන්තිස්ස මේ දවස් ටිකේ නම් දකින්න ලැබුණේ නැහැ. නමුත් තව ටික දවසකින් නැවත ඒවි.
මේ කාලයේ අලි ඇතුන් මියයෑම වැඩිවෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් තමයි ඒකට හේතු වෙලා තියෙන්නේ. ඉතින් අලි සම්පත ආරක්ෂා කරගන්න අපේ රටේ ජනතාවට ඔබට දෙන්න තියෙන පණිවුඩය මොකක්ද?
අලි කියන්නේ අපේ රටට වටිනා සම්පතක්. මිනිස්සුන්ට වගේම ඒ සතුන්ටත් මේ රටේ, ගහේ කොළේ අයිතිය තියෙනවා. ඉතින් ඒ වටිනා සම්පත රැකගන්න අපි හැමෝම කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අලි ගැවසෙන මාර්ගවල ගමන් කරද්දී දැඩි අවධානයකින් යන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම අලින්ව ඝාතනය කරන්න, උන්ට හිංසා කරන්න එපා, අපේ රටේ තව ඉතුරු වෙලා ඉන්නේ අලි ඇතුන් බොහොම ටික දෙනයි. ඉතින් ඒ සතුන් ඉදිරි පරම්පරාව වෙනුවෙන් රැකබලා ගන්න කියලා මම හැම කෙනෙක්ගෙන්ම ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා.

‘කාසිකොටේ අලි කුමාර’ වැනි සතා සිවුපාවුන්ට ආදරය කරන පිරිස් තව තවත් අපේ රටේ බිහිවිය යුතුය. රටට සුන්දරත්වයක් එක්කරන, රටට සංචාරක ආකර්ෂණය ලබාදෙන මේ වන අලි සම්පත හෙට දිනයටත් ආරක්ෂා කිරීමට වෙහෙසෙන කුමාර වැනි හිත හොඳ මිනිසුන් ඇගයීමට වගකිව යුත්තන්ගේ අවධානය යොමුවිය යුතුය. නිහඬව මහා මෙහෙවරක් කරන ඔවුන් ‘පරිසර විරුවන්’ වශයෙන් සලකා සම්මානයට පාත්‍ර කිරීම හරහා රටට හඳුන්වා දීමට බලධාරීන් කටයුතු කළ යුතුය. ඒ අගය කිරීම තුළින් අලි – මිනිස් ගැටුමට යම් හෝ විසඳුමක් ලැබෙනවා සේම, පරිසරයට ආදරය කරන තවත් විශාල පිරිසක් අපේ රටේ විනාශ වෙමින් යන අලි සම්පත ආරක්ෂා කරගැනීම වෙනුවෙන් යම් උත්තේජනයක් ලබන බව කැලෑ කොලමේ අපේ අදහසයි.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ඩීප් ස්ටේට් සහ වචීපරම චින්තකයෝ! Sri Lanka Latest News

Next Post

මාලිමාවේ කෑගල්ල මන්ත්‍රී හදිසි හෘදයාබාධයකින් මියයයි! අවුරුදු 38යි! I Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ලංකාවට ගහපු 10%ක අමෙරිකානු තීරුබද්ද ට්‍රම්ප් තවදුරටත් දීර්ඝ කරයි! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.