• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද සජිත්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 29, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
දේශබන්දුට ෂොට් එක දුන්නේ අනුරද සජිත්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මම රාජකාරිය අකුරට ඉටුකරන අවුරුදු 33ක් පොලිස් සේවයේ යෙදී හිටපු නිලධාරියෙක්. ජේ.වී.පී.කාරයෝ මගේ ගෙදරට ගිනි තිබ්බා. ගිනි තියන වෙලාවෙ මගේ අම්මා, මගේ මල්ලි, මල්ලිගේ බිරිඳ, මල්ලිගේ කුඩා දරුවන් දෙදෙනා ඔක්කොම හිටියේ ගෙදර. ඔවුන් ඔක්කොම ගේ ඇතුළේ දමලා තමයි ජේ.වී.පී.කාරයො ගෙට ගිනි තිබ්බේ. මගේ අම්මගේ අළුවුණු මළ මිනිය දැකලා මට දරාගන්න බැරි වුණා. මට ශක්තිය දුන්නේ මගේ අම්මගේ මරණය…’Sri Lanka Latest News

මේ, දකුණු පළාත භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොළ ‘අහිමි විප්ලවය’ නම් වූ පොතේ කර්තෘ මහාචාර්ය රොහාන් ගුණරත්න සමග සම්මුඛ සාකච්ඡාවකදී කී කතාවය. ඒ කාලේ උඩුගම්පොළගේ නම කියනකොට රටම බයෙන් වෙව්ලන්න විය. ඔහු ජවිපෙ මර්දනය කිරීමේ මෙහෙයුමේ නායකයෙකි. ඔහුගේ ම්ලේච්ඡ මර්දනය ගැන රටම කතා කළහ. ජවිපෙ මර්දනය කරන කාලයේම ඔහුගේ ම්ලේච්ඡත්වය ගැන ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට වාර්තා විය. ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලින් ඔහුට එරෙහි මානව හිමිකම් කඩකිරීමේ චෝදනා ෆයිල් පිටින් ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ගොඩගැසුණි. උඩුගම්පොළට එරෙහිව පියවර ගන්නා ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන එවක ජනාධිපති ප්‍රේමදාසට පෙත්සම් පිට පෙත්සම් එවූහ. උඩුගම්පොළ, ප්‍රේමදාසට ලොකු හිසරදයක් විය. උඩුගම්පොළ සිතා සිටියේ තමා ජවිපෙ මර්දනය කොට කළ සේවයට ප්‍රේමදාස ඔහුව පොලිස්පති කරයි කියාය. මේ වෙනකොට ලංකාවට ආධාර දෙන විදේශ ආධාර සමුළුව පැරිස් නුවර රැස්වීමට නියමිතව තිබිණි. පෙබරවාරි 07 පැරිස් ආධාර සමුළුව රැස්වීමට නියමිත වූ අතර, මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම රැස්වීමට නියමිතව තිබිණි. මේ අතරතුර උඩුගම්පොළගේ සේවය දික් කිරීමේ ලිපිය ප්‍රේමදාසගේ මේසය මතට ඇවිත් තිබිණි. මේසයේ අනෙක්පස පැරිස් ආධාර සමුළුවේ රටවලට ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන උඩුගම්පොළට එරෙහිව යවපු චෝදනා පත්‍ර සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ උඩුගම්පොළට එරෙහි චෝදනා පත්‍ර ගොඩගැසී තිබිණි. ප්‍රේමදාස, උඩුගම්පොළගේ සේවය දික් කිරීමේ ලිපියට අස්සන් කළේ නැත. එසේම ඔහු නීතිඥ විජයදාස ලියනාරච්චි ඝාතනයට උඩුගම්පොළගේ සම්බන්ධය හොයන්න විමර්ශන කමිටුවක් පත් කළේය. ප්‍රේමදාසගේ තීන්දු දෙකෙන් උඩුගම්පොළ හොල්මන් විය. ඔහු රටින් පැන ගියේය. ඔහුට රටින් පැන යන්න උදව් කළේ උඩුගම්පොළට එරෙහිව පැරිස් ආධාර සමුළුවට, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානවලට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානවලට පැමිණිලි කරපු ශ්‍රීලනිප නායිකා සහ විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනියය. උඩුගම්පොළ ජවිපෙ මර්දනය කළ විට ඔහුව ම්ලේච්ඡ මිනීමරුවකු ලෙස හංවඩු ගසා ඔහුව පොලිස්පති නොකරන ලෙස කෑගැසුවේ බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ශ්‍රීලනිපයය. ප්‍රේමදාස ජනාධිපති, උඩුගම්පොළට එරෙහිව විමර්ශනයක් ආරම්භ කොට ඔහුගේ සේවය අවසන් කළ විට බණ්ඩාරනායක මැතිනිය ඇතුළු ශ්‍රීලනිපයට උඩුගම්පොළ වීරයෙක් විය.

ප්‍රේමදාස උඩුගම්පොළගේ සේවය අවසන් කොට ඔහුගේ ම්ලේච්ඡ ඝාතන ගැන විමර්ශනය කරන්න කමිටුවක් පත්කරන විට රනිල්, ප්‍රේමදාසගේ ආණ්ඩුවේ සභානායක සහ කර්මාන්ත ඇමැති විය.
‘ උඩුගම්පොළ තමන්ට ජවිපෙ භීෂණය මර්දනය කරද්දී තමන්ව ශක්තිමත් කළත්, ඔහුගේ ම්ලේච්ඡ ක්‍රියාවලට දඬුවම් දෙන්න ප්‍රේමදාස තීරණය කළා සේ රනිල්ටත් මානව හිමිකම් චෝදනා එල්ල වූ දේශබන්දුව පොලිස්පති නොකර ඉන්න තිබුණා නේද…?’

දේශබන්දු තෙන්නකෝන් අරගලයට පහර දෙන්න ගෝල්ෆේස් ගියාට පසු එවක ජනාධිපති ගෝඨාභයද දේශබන්දුව අතහැරියේය. දේශබන්දුට එරෙහිව චෝදනා එල්ල වෙද්දී ඔහු දේශබන්දුව ආරක්ෂා කරන්න ඉදිරිපත් නොවීය. එසේ තිබියදී රනිල් දේශබන්දුව පොලිස්පති ධුරයට පත්කිරීම රනිල්ගේ ගෝලයන්ටත් අදහාගත නොහැකි විය.

දේශබන්දු කියන නම අරගලය මර්දනයේ සංකේතයක් විය. ලංකාවේ ජනතාවත්, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානත්, මෙරට බටහිර තානාපති කාර්යාලත් දේශබන්දුගේ මානව හිමිකම් කඩකිරීම් නිසා ඔහුව පොලිස්පති ධුරයට පත් නොකළ යුතුය යන මතය පොදුවේ පිළිගත්හ. රනිල් දේශබන්දුගේ නම වැඩබලන පොලිස්පති ලෙස ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ විට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂ නායක නියෝජිත කබීර් හෂීම් ඔහුට එරෙහිව ඡන්දය පාවිච්චි කළහ. ඒත් වැඩි ඡන්දයෙන් දේශබන්දු වැඩබලන පොලිස්පති ධුරයට පත් විය. දේශබන්දුගේ පත්වීමට එරෙහිව ඡන්දය පාවිච්චි කොට ඔහුගේ පත්වීමට එරෙහිව සජිත් ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළත් ජවිපෙ නායක අනුර කුමාර හෝ ජවිපෙ අනෙක් නායකයන් දේශබන්දු වැඩබලන පොලිස්පති ධුරයට පත්කිරීම ගැන වචනයක්වත් කතා කළේ නැත.

රනිල් දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති තනතුරට පත්කරන යෝජනාව ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළ විට එය පරාජය කිරීමට මෙහෙයුමක් දියත් කළේද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. එදින ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් දෙදෙනෙක් ඡන්දය පාවිච්චි නොකිරීම සජිත් සිය වාසියට හරවාගෙන දේශබන්දු පත්කිරීම වළක්වා ගත්තේය. දේශබන්දුට පක්ෂ සහ විපක්ෂ ඡන්ද සම සම වූවා නම් කතානායකට ඡන්දය පාවිච්චි කළ හැකි විය. එහෙත් මෙතන සම සම වීමක් නොවීය. වුණේ ඡන්දය දීමෙන් වැළකී සිටීමකි.

සාමාජිකයන් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා නම් කතානායකට ඡන්දය ප්‍රකාශ කළ නොහැකිය. මේ ව්‍යවස්ථාදායක සභා නීතිරීති උල්ලංඝනය කරමින් ව්‍යවස්ථාදායක සභා රැස්වීමට පසුව තමා දේශබන්දුට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා කියා කතානායක රනිල්ට ලියුමක් දුන්නේය. රනිල් දේශබන්දුව පොලිස්පති ලෙස නම් කළේය. ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු තීරණ ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි වුවද විපක්ෂ නායක සජිත් මේ කුමන්ත්‍රණය ගැන පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළේය. දේශබන්දුගේ පත්වීමට එරෙහිව සිවිල් සංවිධාන පෙරට ආවේ සජිත්ගේ මේ හෙළිදරව්වෙන් පසුවය.

දේශබන්දුගේ පත්වීම කුමන්ත්‍රණයක් යැයි සජිත් හෙළිදරව් කරන විටත් අනුර කුමාර හෝ ජවිපෙ ඒ ගැන වචනයක්වත් කතා කළේ නැත.

‘ඒ කියන්නේ දේශබන්දු සහ ජවිපෙ අතර ඩීල් එකක් තිබුණාද?’

සජිත් ජනාධිපති ධුරයට පත්වීම වළක්වාලීමේ රහස් එකඟතාවක් රනිල්, ජවිපෙ සහ පොහොට්ටුව අතර තිබිණි. සජිත් විරුද්ධ වෙන ඕනෑම කෙනකුට ජවිපෙ පක්ෂ විය. ටවුන්හෝල්හි රනිල්ට එරෙහි සමගි ජන බලවේගයේ විරෝධතාවයේදී දේශබන්දුගේ පොලිසිය එම විරෝධතාවට ආ සජිත් එල්ල කොට ඔහුගේ මුහුණටම කඳුළු ගෑස් ගැසුවේ ඒ එකඟතාවයේ හයියෙන්ය. දේශබන්දු පොලිස්පති වූයේත් ඒ එකඟතාවයෙන්ය.

අනුර ජනාධිපතිවරණයේදීවත්, මහමැතිවරණයේදීවත් තමන් ජනාධිපති වූ විට හෝ ආණ්ඩුව පිහිටුවූ විට දේශබන්දුව ඉවත් කරනවා කියා ප්‍රකාශයක් කළේ නැත. අනුර ජනාධිපති වී අභියාචනාධිකරණයේ සභාපති බන්දුල නිශ්ශංක කරුණාරත්නව ගෙන්වා ඔහු ඉවත් වන්නේ නැති නම් ඔහුට එරෙහි විශ්වාසභංගයක් ගෙන එන බවට අනතුරු ඇඟවූයේය. අනුර ඒ අනතුරු ඇඟවීම පළමුව කළ යුතුව තිබුණේ දේශබන්දුටය. ඔහු දේශබන්දුට අතවත් නොතියා වැඩබලන පොලිස්පති කෙනෙක් පත්කළේය. කොටින්ම ජවිපෙට මාතෘකාව පොලිසිය නම්, තහනම් වචනය දේශබන්දු විය.

මාතර උසාවිය දේශබන්දුට වරෙන්තු නිකුත් කරන තෙක් ජවිපෙ ආණ්ඩුව හිටියේ ඇස්, කන්, නාස වසාගෙනය. දේශබන්දු හැංගුණු විටදී ඒ ගැන කතා කළේ මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමැති සුනිල් වටගල පමණි.

දේශබන්දු අධිකරණයට භාරවූ විට මහජන ආරක්ෂක ඇමැති කීවේ දේශබන්දුගේ දේපළ රාජසන්තක කරනවා කී නිසා බයේ භාරවූ බවය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව උසාවියට කීවේ දේශබන්දු සන්තකයේ කිසිදු දේපළක් නැති බවය.

මෙයින් පේන්නේ දේශබන්දුව අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට ජවිපෙට කිසිදු වුවමනාවක් නොතිබූ බවය. දේශබන්දුව අත්අඩංගුවට ගෙන ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමේ වුවමනාව තිබුණේ මාලිමාවට ඡන්දය දුන් අරගලකාරයන්ටය. දැන් ජවිපෙ වීරයන් වී දේශබන්දුට එරෙහිව විශ්වාසභංග යෝජනා ගෙන එන්න සූදානම් වේ. හැබැයි සජිත් එදා ව්‍යවස්ථාදායක සභාවේදී දේශබන්දුගේ පත්වීම කඩාකප්පල් කළේ නැතිනම් අනුර කුමාර ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නේ පොලිස්පති ලෙස දේශබන්දුව පිටුපසින් තබාගෙනය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මියන්මාර් පොළොව හෙල්ලුණු එකෙන් අඩුම තරමේ 144ක් මියගිහින්! VIDEO I Sri Lanka Latest News

Next Post

රට ඇතුළේ විශාල ඖෂධ හිඟයක්! ඇදුමට-පෙනහළු ආසාධනයට-නිව්මෝනියාවට-බැක්ටීරියා ආසාදනවලට දෙන බෙහෙත් නෑ! විධායක ජනාධිපතිකමයි තුනෙන් දෙකේ ආණ්ඩුවයි තියාගෙන මේ අය තවම කෙදිරි ගානවා! සජිත් මාතර අපේක්ෂකයන් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමය රජීව්ට බාරදෙයි! I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට මොකද්ද මේ තියෙන හදිස්සිය? අපිටත් පුදුමයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥ සංගමයේ සභාපති මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

Load More
බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රථම කාන්තා සහකාර අධිකාරිවරිය ලෙස දිස්නා කාරියවසම් මහත්මිය පත්කර තිබේ.Sri Lanka Latest News දශක තුනකට ආසන්න කාලයක් පුරා...

Read more
මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට මන්ත්‍රීකම නැතිවෙයි? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.