• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

අපි නොදන්න බටලන්ද! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

March 22, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
අපි නොදන්න බටලන්ද! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බටලන්ද වධකාගාරය ගැන පළමුවරට හෙළිදරව් කළේ ‘රාවය’ පත්තරයය. ඒ කාලයේ වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුවේ දූෂණ සහ භීෂණ අනාවරණය කළේ ‘රාවය’ පත්තරයය. හැබැයි ‘රාවය’ පත්තරය ඒ අනාවරණ කළේ චන්ද්‍රිකාගේ දේශපාලන න්‍යාය පත්‍රයට අනුවය. චන්ද්‍රිකාත් සමග 1994 ජනාධිපතිවරණයට තරග කරන්න යූ.ඇන්.පී.ය ගාමිණී දිසානායකව නම්කළ විට ‘රාවය’ ගාමිණීගේ රාජ්‍ය වාහන අවභාවිතයක් හෙළිකළේය. එම හෙළිකිරීමත් සමග චන්ද්‍රිකාගේ ආණ්ඩුව ගාමිණීට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළේය. ඒ කාලයේ රනිල් හිටියේ චන්ද්‍රිකා එක්ක ඩීල් එකකය. ඒ ගාමිණීගේ දේශපාලනය ඉවර කරන්නටය. රනිල් විපක්ෂ නායක ඡන්දයෙන් ගාමිණීට පරාජය වූ විට ඩීල් එක ජයට වැඩ කළේය. ගාමිණීට අල්ලස් චෝදනා ගොනුකරන වැඩේ චන්ද්‍රිකා බාරගත් අතර, ගාමිණීගේ කකුලෙන් ඇද පරාජය කරන වැඩේ රනිල් බාරගත්තේය. එල්.ටී.ටී.ඊ.ය ගාමිණීව ඝාතනය කළාට පසු රනිල් යූ.ඇන්.පී. සහ විපක්ෂ නායක වූ පසු ‘රාවය’ බටලන්ද වධ කඳවුර අනාවරණ කළේ දැන් චන්ද්‍රිකාගේ ටාගට් එක රනිල් බව දැනගෙනය.Sri Lanka Latest News

‘රාවය’ අනාවරණයෙන් පසු චන්ද්‍රිකා ජනාධපති කොමිසම් දුසිමක් පමණ දැම්මාය. ඒ කොමිෂන් ඔක්කොම දැම්මේ වසර 17ක යූ.ඇන්.පී. ආණ්ඩුව ටාගට් කරලාය. බටලන්ද කොමිසමත් යූ.ඇන්.පී, ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූත්, එවක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වූත් විජේපාල මෙන්ඩිස්ට එරෙහි චෝදනා විභාග කරන්න පත්කළ කොමිසමත් ඒ අතර විය. විජේපාල මෙන්ඩිස්ට එරෙහි දූෂණ චෝදනාව වූයේ විජේපාලට අයත් අනුරාධපුරේ නිසරු ඉඩමක් දංකොටුවේ සරු පොල් ඉඩමකට මාරු කිරීම පිළිබඳ චෝදනාවකි. මෙම චෝදනාවට විජේපාල වැරැදිකරු බව ජනාධිපති කොමිසම තීරණය කළේය. විජේපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමටද ජනාධිපති කොමිසම නිර්දේශ කළේය. විජේපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කරන යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ඒමට නියමිතව තිබුණේ 1997 ඔක්තෝබර් මස අවසන් සතියේය. එය ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණේ එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියය.
විජේපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව සිරිකොතෙහි බෝම්බයක් පත්තු කළේය. පක්ෂ නායක සහ විපක්ෂ නායක රනිල් සහ පක්ෂ ලේකම් ගාමිණී අතුකෝරාළ ඇතුළු යූ.ඇන්.පී. නවක මන්ත්‍රීවරු විජේපාලගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාවට පක්ෂ වීම හෝ විජේපාලව පක්ෂයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ යුතුය යන මතයක සිටියහ. එයට හේතු වූයේ 1994 යූ.ඇන්.පී. පරාජයට හේතුව පක්ෂයේ භීෂණ සහ දූෂණ ඉතිහාසය නිසා බවත්, ඒ ඉතිහාසයට සම්බන්ධ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් එකින් එකා ඉවත් කොට පක්ෂය පිරිසුදු පක්ෂයක් බවට පත්කළ යුතු යැයි ඔවුන් දරපු මතයය. රනිල් පක්ෂයේ භීෂණ සහ දූෂණ ඉතිහාසයට ඍජුවම නෑකම් කීවත් රනිල්ද මේ මතය දැඩිව පිළිගත්තේය. රනිල් විජේපාල මෙන්ඩිස්ට එරෙහි චෝදනා විභාග කොට ඔහු පක්ෂයෙන් ඉවත් කරන්න කෘත්‍යාධිකාරී මණ්ඩලයේ පක්ෂ ලේකම් ගාමිණී අතුකෝරාළගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළේය. කමිටුවේ තීන්දුව වූයේ විජේපාලව පක්ෂයෙන් ඉවත් කළ යුතු බවය. මේ තීන්දුවෙන් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයන් කෝපයට පත්විය. පක්ෂයේ හිටපු සභාපති සහ ජ්‍යෙෂ්ඨ නායකයෙක් වූ හමීඩ්, විජේපාලට ඔහුට එරෙහිව ජනාධිපති කොමිසම නගා තිබූ චෝදනා අධිකරණයකින් ඔප්පු කරන තෙක් ඔහුව ආරක්ෂා කළ යුතු යැයි තරයේ කියා සිටියේය. ඒත් විනය කමිටුව විජේපාලට එරෙහි විමර්ශන ආරම්භ කළ විට හමීඩ් කමිටුවෙන් නැගිට ගියේය. එවක යූ.ඇන්.පී. මන්ත්‍රී වූ අනුර බණ්ඩාරනායකද විජේපාල වෙනුවෙන් පෙනී සිටියේය. එම්.එච්. මොහොමඩ්, පෙස්ටස් පෙරේරා, ධර්මදාස බණ්ඩා, නන්ද මැතිව්, ඒ.එම්.එස්. අධිකාරී, සුසිල් මුණසිංහ පක්ෂය විජේපාලව ආරක්ෂා කළ යුතුය යන මතයේ දැඩිව සිටියහ. විජේපාලට එරෙහි ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව නම්වූ බෝම්බයෙන් සිරිකොත ගිනිගනිද්දී විජේපාල ජනාධිපති කොමිෂන් නිර්දේශවලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ගියේය. ඒත් අතුකෝරාළ කමිටුව විජේපාලගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කරන්න කළ නිර්දේශය කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළේය.

චන්ද්‍රිකා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන විජේපාලට එරෙහි ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව යටගසා විජේපාලව පන්නන්න රනිල් ගත් තීරණයට එරෙහි වූ යූ.ඇන්.පී. ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරු දිනාගන්න මෙහෙයුමක් දියත් කළාය. ඇයගේ මෙහෙයුම සාර්ථක විය. මේ අතරතුර විජේපාල කොමිසමට එරෙහිව පවරපු නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්විය. ශ්‍රේෂ්ඨාධිකරණය කීවේ චෝදනාවලට විජේපාල වරදකරුවකු නොවන බවය. එසේම විජේපාලට නඩු ගාස්තු ගෙවන්න යැයිද ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

විජේපාලව යූ.ඇන්.පී.යෙන් ඉවත් කළ රනිල් ඇතුළු කණ්ඩායමට තරු වීසිවිය. අර්බුදය මෝරා ආ විට චන්ද්‍රිකා විජේපාල ඇතුළු රනිල් විරෝධී පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පක්ෂයෙන් කඩලා ගත්තාය. යූ.ඇන්.පී.ය හතර ගාතෙන් ඇද වැටුණි.

මේ වෙනකොට බටලන්ද ජනාධිපති කොමිසමේත් කාලය ඉවර වෙන්න ළං වෙමින් තිබිණි. ඒ කාලයේ බටලන්ද කොමිසම කරේ තියාගෙන ගියේ චන්ද්‍රිකාගේ දේශපාලන අගසවුවන් වූ මංගල සහ එස්.බී.ය. මංගල සහ එස්.බී.ට අවශ්‍ය වූයේ එක්කෝ රනිල්ව අත්අඩංගුවට ගන්න නැත්නම් රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්නටය. එවක මාධ්‍ය ඇමැති වූ මංගලගේ රාජ්‍ය මාධ්‍යවල එකල ප්‍රධාන සිරස්තලය වූයේ බටලන්දය. බටලන්දේ සාක්ෂි විමසීමට රනිල්ටද කොමිසමට යෑමට සිදුවිය.

රනිල් කොමිසමට සාක්ෂි දීමට ගියේ යූ.ඇන්.පී. පාක්ෂිකයන් පිරිවරාගෙනය. ඒ සාක්ෂි දීමෙන් චන්ද්‍රිකා ආණ්ඩුව රනිල්ට ඔක්සිජන් දුන්නාය. කොමිෂන් වාර්තාවේ චන්ද්‍රිකාගේ ආණ්ඩුව සැලසුම් කළ විදියට රනිල්ට චෝදනා එල්ල වී තිබිණි. එම නිසාදෝ කොමිෂන් වාර්තාව හමස් පෙට්ටියට වැටුණි. රනිල්ව හිරේ දමා ප්‍රජා අයිතිය නැති කරන්න බලා සිටි මංගල සහ එස්.බී.ට කටඋත්තර නැති විය.

බටලන්ද වාර්තාව නිකුත් වෙනවිට බටලන්ද වධ කඳවුර හෙළිදරව් කළ ‘රාවය’ පත්තරය සහ ‘රාවය’ කර්තෘ වික්ටර් අයිවන් සිටියේ රනිල් එක්කය. මේ කාලයේ රාවයේ ප්‍රධාන හතුරා වූයේ අගවිනිසුරු සරත් එන්. සිල්වාය. ‘රාවය’ බය නැතිව අගවිනිසුරුවරයාට එරෙහි චෝදනා පුවත්පතින් ප්‍රකාශයට පත් කළේය. රනිල් ලවා අගවිනිසුරුවරයාට එරෙහි දෝෂාභියෝගයක් ගෙන එන්න වික්ටර් අයිවන්ට වුවමනා විය. ඔහු එයට යූ.ඇන්.පී. නායකයන් එකඟ කරගත්තත් රනිල් පස්ස ගැහුවේය. එයට හේතුව ලෙස වික්ටර් කීවෙත්, ලීවේත් බටලන්ද කොමිසමෙන් රනිල්ව හිරේ යවන චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ දේශපාලන සැලසුම පරාජය කරන්න රනිල් සහ කොමිසම විභාග කරන විට නීතිපති ධුරයේ සිට පසුව අගවිනිසුරු වූ සරත් සිල්වා සමග රහස් එකඟතාවයක් තිබූ බවය.

රනිල් අගවිනිසුරුට එරෙහි දෝෂාභියෝගය ගෙන ඒම කඩාකප්පල් කළ නිසාම වික්ටර් පක්ෂයේ නියෝජ්‍ය නායක කරු ජයසූරිය සහ උපනායක ගාමිණී අතුකෝරාළ එක්කොට රනිල්ට එරෙහිව කැරැල්ලක් දියත් කළේය. රනිල් සරත් සිල්වාට එරෙහිව දෝෂාභියෝගය ගේන්න එකඟ වීමෙන් කැරැල්ල යටපත් විය. ඒත් දෝෂාභියෝගය විභාග කරන්න ඉඩ නොදී චන්ද්‍රිකා පාර්ලිමේන්තුව විසුරුවා හැරියාය. මහමැතිවරණයෙන් රනිල් අගමැති විය. යළිත් සරත් සිල්වා ඉවත් කරන යෝජනාව වික්ටර් අයිවන් ගෙන ආවේය. කරු ඒ වෙනුවෙන් ලොකු සටනක් කළේය. ඒත් රනිල් සරත් සිල්වා ඉවත් කරන්න කැමැති නොවීය. එහිදීත් වික්ටර් පමණක් නොව පක්ෂයේ බොහෝ මන්ත්‍රීවරු කීවේ බටලන්ද සම්බන්ධයෙන් රනිල් සහ සරත් සිල්වා අතර ඩීල් එකක් ඇති බවය.

මෙහි ඇත්ත නැත්ත කුමක් වුවත් අන්තිමේ බටලන්දෙන් රනිල්ව හිරේ දමන්න ගිය එස්.බී.ත්, මංගලත්, චන්ද්‍රිකාත් රනිල්ට සෙට් වූහ.

බටලන්ද පාර්ලිමේන්තුවේ සභාගත කළේ විජේපාල මෙන්ඩිස්ය. තමාට එරෙහිව ජනාධිපති කොමිසම චෝදනා කළ විට පක්ෂය දූෂණයෙන් ආරක්ෂා කරන්න කියා තමාව පක්ෂයෙන් ඉවත් කළ රනිල් ඔහුට එරෙහිව බටලන්ද කොමිෂන් වාර්තාව ආ විට පක්ෂය ඔහුව ආරක්ෂා කරගන්න පාවිච්චි කළා යැයි විජේපාලට ලොකු කේන්තියක් තිබිණි. ඔවුන් චන්ද්‍රිකාට එක්වූයේ ඇය බටලන්ද කොමිසමෙන් රනිල්ව හිරේ යවයි කියා හිතාගෙනය. ඔවුන් හිතුවේ එවිට යළි යූ.ඇන්.පී.යට ගොස් බලය අල්ලන්නටය. එහෙත් කොමිෂන් වාර්තාව යටගැසූ විට ඔවුන් කෝපයට පත්විය.

එහෙම බලනකොට බටලන්ද කොමිසම ලංකාවේ දේශපාලනය කලත්තපු මැජික් පොල්ලකි. මැජික් කරන්න මැජික් පොලු අතට ගත්ත අයම මැජික් පොල්ලෙන් විනාශ වෙනවා යැයි සුරංගනා කතාවල තිබේ. බිමල් අනුරට දෙන බටලන්ද මැජික් පොල්ලෙන් කවුරු විනාශ වෙයිදැයි තවම කිව නොහැකිය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

ඇතුළෙන් කාලා ඇති වෙයි! දේශබන්දු එළියෙන් කන්න ඉල්ලයි! I Sri Lanka Latest News

Next Post

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

Load More
මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දීම නවත්වන ලෙසට නාමල් රාජපක්ෂ මහතා පසුගිය දිනෙක දැනුම් දුන් බව හිටපු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය.Sri Lanka...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.