• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුර නිහඬවෙයිද? බිමල් ද්‍රෝහිවෙයිද? බටලන්දෙ බෝම්බයෙන් රනිල් තනිවෙයිද? Sri Lanka Latest News

March 23, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අරගලය පටන් අරන් ගෝඨාව ගෙදර යවපු වසන්ත මුදලිගේගෙන් රටටම ලොකු පණිවුඩයක්! අනුර යන්නෙත් රනිල්ගේ පාරේ! මුන්ගෙන් ගලවන්න ඔන කියලා දෙන්න යන අය ගැනත් හොදට බලන්න! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල, දේශපාලන හැලහැප්පීම් රැසකට මුහුණදී සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉදිරි දේශපාලන අනාගතය පිළිබඳ විග්‍රයක් දේශපාලන විචාරක වරුණ රාජපක්ෂ විසින් පසුගියදා සිය යූටියුබ් චැනලය වෙත ඉදිරිපත් කළා. පහත පළවන්නේ එම විග්‍රහයයි. Sri Lanka Latest News

ලංකාවේ දේශපාලනයේ මෑතකාලීනව සියදිවි නසාගැනීමේ දේශපාලන මෙහෙයුම් දෙකක් සිදුවුණා. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක් සහ බිමල් රත්නායක මහත්තයාගෙන් තවත් සියදිවි නසාගැනීමේ මෙහෙයුමක්. අපි ඉස්සෙල්ලාම රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ සියදිවි නසාගැනීමේ මෙහෙයුම කතාකරමු. රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායක මහත්තයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉතා සැලසුම්සහගතව හිතාමතාම මැදිහත් වුණා කියලා අපි දන්නවා. ඒ මැදිහත්වීමේදී ඔහු විශ්වාස කළා අනුර කුමාර දිසානායක මහත්මයා මේ සිස්ටම් එක අවුල් කරගන්නේ නැතුව පවත්වාගෙන යන්න තරම් පරිණතයි කියලා. ඒ නිසා ඔහු සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක තිබුණු පෞද්ගලික විරසකය නිසා සජිත්ව පරාජය කරලා අනුර කුමාරව ගෙනාවා.

අනුර කුමාර දිසානායක කියන්නේ, අනුර කුමාර දිසානායක විතරක් නෙවෙයි. අනුර කියන්නේ වැටෙන භාජනයේ හැඩය ගන්න පුළුවන් කෙනෙක්. අනුර එක වෙලාවක විමල් වීරවංශව එළවන්න ප්‍රේමකුමාර ගුණරත්නම්ලත් එක්ක හිටගත්ත. අනිත් පැත්තට ප්‍රේමකුමාර ගුණරත්නම්ව එළවන්න සෝමවංශ එක්ක හිටගත්තා. ඒ අනුරම ඊට පස්සේ සෝමවංශව එළවන්න ටිල්වින් එක්ක හිටගත්තා. ඒ නිසා අනුරට ඕනේ හැඩයක් ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනුර කුමාර දිසානායක මහත්තයා ඔහුගේ අනාගත සිහිනය ඉලක්ක කරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක දීර්ඝකාලීන ඇසුරක් පැවැත්තුවා. අපි ඒ ගැන කතාකරලා තියෙනවා මීට කලින්. ඒ සුන්දර ආදර බැඳීමක් දෙදෙනා අතර තිබුණා. ඒ ආදර බැඳීම ඇතුළේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අන්ධ වුණා කියලත් මම කියලා. මම ඒ බව කිව්වම එක්සත් ජාතික පක්ෂයේ මගේ මිත්‍රයෝ බොහෝ පිරිසක් මාත් එක්ක තරහා වුණා. අදත් ඔවුන් කතාබහ කළත් පොඩි හිත් රිදවාගැනීමක ඉන්නවා. මම ඒ වෙලාවේ කිව්වා රනිල් වික්‍රමසිංහට වඩා අනුර කුමාරව මම හොඳට දන්නවා. රනිල් වික්‍රමසිංහ මහත්තයට මට වඩා හොඳට දේශපාලනය තේරෙනවා ඇති. ඔහුට මට වඩා අනාගතය පේනවා ඇති. හැබැයි මම රනිල්ට වඩා අනුරව දන්නවා. මම රනිල්ට වඩා ජේ.වී.පී. එක දන්නවා. ඒ නිසා මේ දේශපාලන තීරණය ඇතුළේ රනිල් වික්‍රමසිංහට තියා අනුරටවත් කළමනාකරණය කරගන්න බැරි දේශපාලන නිමේශයක් එනවා. එතැනදී අනුර විතරක් නෙවෙයි රනිලුත් පරාජයට පත්වෙනවා කියන කාරණය මම කිව්වා. අද ඒක සත්‍යයක් වෙලා තියෙනවා. අද අනුර කුමාර නිහඬයි. අනුර කුමාර මගහැරලා ඉන්නවා. ටිල්වින්, බිමල් රත්නායක ඇතුළු පැලවත්තේ පිරිස බටලන්ද අරගෙන රනිල් වික්‍රමසිංහ මහත්තයාව බිත්තියට හේත්තු කරනවා. මේ බිත්තියට හේත්තු කරනකොට බොහෝ දෙනෙක් හිතුවා රනිල් වික්‍රමසිංහ මහත්තයා බර අවි ප්‍රහාරයක් එල්ල කරයි කියලා. ‘රනිල්ගෙන් බටලන්ද ගැන බර අවි ප්‍රකාශයක්’ කියලා තමයි දාලා තිබුණේ. නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයගේ ප්‍රකාශයේ එහෙම මොනවත් නෑ.

මේ කතාව ඇදගැනීමේ සංවාදය ඇතුළේ රනිල් වික්‍රමසිංහ මහත්තයත් විනාශ වෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් විනාශ වෙනවා කියලා මම කියනවා. රනිල් වික්‍රමසිංහ කේන්ද්‍ර කරගෙන එල්ල වෙන ප්‍රහාර මාලාවේ අවසානය නෙවෙයි මේ. නමුත් කරන්න දෙයක් නෑ රනිල් වික්‍රමසිංහ මහත්තයා, මේක ඔබ විසින්මයි කැඳවාගත්තේ. ඔබ විසින්මයි මේ දොර ඇරලා දුන්නේ. ඒ සඳහා ඔබ තමයි වගකීම ගන්න ඕනෙකම තියෙන්නේ. අපිට කරන්න දෙයක් නෑ. දේශපාලන වගකීමක් විදියට ඉතිහාස කතාවේ, කවුරු පෙනී නොසිටියත් දේශපාලන වාදභේද අපිට නෑ. බටලන්ද ගොඩදාලා ඒකෙන් කරන්න පුළුවන් දේකුත් නෑ, ඒකෙන් වැඩකුත් නෑ කියලා මම කියලා තියෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ ගත්ත තීරණයේ වැරැද්ද සමාජයට ඔප්පු කරමින් ඉන්නවා. ඔහු ජනාධිපතිවරණයේදී ස්වයං විනාශකාරී තීරණයක් ගත්තා.

මොකක්ද දෙවැනි සියදිවි නසාගැනීමේ මෙහෙයුම? ඒක ගෙනාවේ බිමල් රත්නායක. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් ඒ වෙලාවේ ඩී.බී. විජේතුංග වගේ අය ඉඩ දුන්නා ඔවුන්ට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එන්න. ඒ වගේම සෝමවංශ වගේ පරිණත නායකයෙක් ඒ අවස්ථාව ගත්තා. අරගෙන විමල් වීරවංශලගේ කටවල්වලින්, නන්දන ගුණතිලකලගේ කටවල්වලින්, ගම්වල බැණුම් අහගෙන, අවලාද අහගෙන ඉදිරියට ගියා. මට මතකයි ඒ දවස්වල මම දකුණු පළාත් සභා ඡන්දයට මාතර කැන්වසිං ගියාම ‘මේ අයිඩෙන්ටී කාඩ් එක දෙන්න, ඡන්දේ දෙන්න’ කියලා කිව්වා. සමහර තැන්වල අපේ හිතවතුන් පක්ෂයට ආධාර ගන්න ගියාම කාමරේට අරන් ‘අපේ තාත්තා මැරුවේ ඕගොල්ලෝ’ කියලා කියපු අවස්ථා තිබුණා. සමහර තැන්වල නම් කියලා, අන්න අපේ ගමේ අහවල් තැන මෙහෙම කළා, මෙහෙම වුණා, ඌ දැන් කොහෙද? කියලා අහපු අය හිටියා. ඒ ඉතිහාසය ඇතුළේ ගුටිකාගෙන, බැණුම් අහගෙන අවුරුදු තිස් ගානක් තිස්සේ ජනතා විමුක්ති පෙරමුණ සිල් රැක්කා. සිල් බිඳපු අවස්ථා තිබුණා. විශ්වවිද්‍යාලයේ සමන්ත ඕවිටිගල සිදුවීම වගේ තැන්වලදී සිල් බිඳගෙන පරණ යකා මතුවෙච්ච තැන් තිබුණා. පෙරටුගාමී එක කැඩිලා යද්දී ඔවුන්ට විරුද්ධව ඒ පරණ යකා මතුවෙච්ච අවස්ථා තිබුණා. ගෝල්ෆේස් අරගලයෙන් පස්සේ ගෙවල් ගිනිතියලා කැරැලි ඇතිවෙනකොට ඒ පරණ යකා මතුවුණා. නමුත් සමස්තයක් විදියට පහුගිය ඉතිහාසය ඇතුළේ ඔවුන් සිල් රැකලා, සමාජය තුළ හදාගත්තා අපි පරණ ජනතා විමුක්ති පෙරමුණ නෙවෙයි කියලා මතයක්.

ඒ වගේම 89 සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයට, හමුදාවලට තිබුණු චෝදනාත් යම් සංහිඳියාවකට පත්වුණා. එහෙම සංහිඳියාවට පත්වෙලා ඉවරයි කියන එකට හොඳම උත්තරේ තමයි මාලිමාව. මාලිමාව හැදෙද්දී විජේවීරට වෙඩිතිබ්බා කියලා කියන තෝරදෙණිය මාලිමාවේ වේදිකාවට නැග්ගා. සෙල්ලම් වැඩක් නෙවෙයි ඒක. ඒ තරටම මේ කතාව ඉවර කරලා ඉතිහාසය සමාදාන කළෙත් ජනතා විමුක්ති පෙරමුණම තමයි. දැන් බටලන්ද සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහව වැරැදිකාරයා කරනවා. නමුත් රනිල් එක්ක මොනවද ජනතා විමුක්ති පෙරමුණ නොකළේ? කතාවට කියනවනේ නරිත් එක්ක දඩයමේ යන්නයි, හාවොත් එක්ක උඳුපියලිය කන්නයි බෑ කියලා. ඔබ හිතන්න. පහුගිය කාලේ මහින්ද රාජපක්ෂලාව අල්ලස් කමිටුවලට ගේන්න, 2015 යහපාලන ආණ්ඩුව හදන්න පෝස්ටර් ගැහුවේ කවුද? කැම්පේන් කළේ කවුද? රටම දන්නවා? කාගේ මුදල්වලින්ද? ෆොන්සේකාගේ ඉලෙක්ෂන් කැම්පේන් එක කළේ කොහොමද? රනිල් වික්‍රමසිංහයි අනුර කුමාරයි කොයි තරම් යාළුද? දැන් එක පාරටම ආයෙත් අනිත් පැත්ත හැරිලා. අන්න රනිල් වධකයා කරලා. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේම ඉතිහාසයට විරුද්ධව, සංහිඳියාවට පත්වෙච්ච ඒ ඉතිහාසය ඉවර කරලා, ආයෙත් ඉර ගහලා බෙදනවා. මොකටද? ඉර ගහලා ද්‍රෝහියෝ සහ වීරයෝ බෙදනවා. ඒ බෙදනකොට මොකද වෙන්නේ? දැන් එනවා විජය කුමාරතුංග මැරුවේ කවුද? සාගරිකා ගෝමස් මැරුවේ කවුද? ස්ටැන්ලි විජේසුන්දර මැරුවේ කවුද? කියලා පෝලිමක් එනවා. දැන් ඒ ප්‍රශ්න කිරීම නැවත නැවත එනවා. දැන් ප්‍රශ්න කරනකොට, බටලන්ද කොමිසම ගන්න. විජේවීරට වෙඩිතිබ්බේ කවුද කියලා ඒකත් හොයන්නකො පරීක්ෂණ කරලා. ඉන්නවනේ ඒකට සාක්ෂිකාරයෙක්. කැමරාමන් ඉන්නවනේ. අන්න දැන් එනවා පෝලිමක්. ඒ පෝලිම එනකොට දැන් ජනතා විමුක්ති පෙරමුණට මොකද වෙන්නේ? අවුරුදු 35ක් තිස්සේ වෙහෙස මහන්සි වෙලා කරපු සංහිඳියාව ඉවරයි. 89 හිටපු ජේ.වී.පී. එක නෙවෙයි මේ ඉන්නේ කියලා සමාජය ඇතුළේ හදාගත්ත මතය විනාඩි 10න් බිමල් රත්නායක ඉවර කරලා දැම්මා. අන්න ඒක තමයි බිමල් රත්නායක ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයට කරපු, ලොකුම ද්‍රෝහිකම. ලොකුම දිවි නසාගැනීමේ මෙහෙයුම.

බිමල්ට කොහොමත් අනුරව දිරවන්නේ නෑ. ඒක ඇත්ත. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි, එක වෙලාවක් තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය ඇතුළේ, ජනතා විමුක්ති පෙරමුණ මහින්දට උදව් කරනවද නැද්ද? මහින්දගේ ආණ්ඩුවත් එක්ක දිගටම ඉන්නවද නැද්ද කියන විවාදය. ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහට ඉඩ දෙන්න ඕනේ කියලා හිතුවේ අනුර කුමාර. බිමල්ලා හිටියේ මහින්දට ඉඩ දෙන්න ඕනේ කියන ලයින් එකේ. ඒ වෙලාවේ සිදුවීම් ජාලයක් වුණා. විමල් වීරවංශ ජවිපෙන් කැඩිලා යන වෙලාවේ, නන්දන ගුණතිලක ජවිපෙන් යන වෙලාවේ බිමල් රත්නායක, සෝමවංශ අමරසිංහ, ලාල්කාන්ත හිටියේ විමල්ලා එක්ක යන්න. හැමෝම හිතන්නේ විමල්නේ මේ කට්ටිය කඩලා අරගෙන ගියේ කියලා. නෑ. විමල් වීරවංශ නෙවෙයි කට්ටිය කඩලා අරන් යන්නේ. සෝමවංශ අමරසිංහ තමයි විමල්ට ඒ ඕ.කේ. එක දෙන්නේ. සෝමවංශගේ වචනෙත් එක්ක තමයි බිමල්ලා හිටියේ. ඒ සිදුවීමෙන් පස්සේ එදා ඉඳන් පෙරටුගාමීන් ඒ පක්ෂයෙන් අයින් වෙලා යනකල්, මොකද පෙරටුගාමී එකේ හිටපු ටීම් එක තමයි මහින්දත් එක්ක ජනතා විමුක්ති පෙරමුණ ඩීල් එක ගහපු එකට විරුද්ධව හිටපු පිරිස. ඒ නිසා එදා සිට ඒ වෙනකල් අවුරුදු ගානක් බිමල් රත්නායක සී.සී. එකේ වචනයක් කතා නොකර මුණිවත රැකපු කෙනෙක්. පෙරටුගාමී එක අයින් වෙලා යද්දී අඬ අඩා ඔහු සී.සී. එකේ කතාකළා. බිමල්ට ඒ ඇරියස් එකත් තිබුණා යූ.ඇන්.පී. එකත් එක්ක. බිමල් හිටියේ මහින්දගේ ලයින් එකේ. මොකක් හරි ලොකු පෞද්ගලික සම්බන්ධයකුත් තියෙනවද කියලා මම දන්නේ නෑ. ඒ නිසා දැන් ඔන්න බිමල්ගේ ඒ ඇරියස් එක විසින් බිමල් සියදිවි නසාගන්නා වැඩක් කරනවා. ඔවුන් අවුරුදු 35ක් තිස්සේ සංහිඳියාවට පත්කරගත්ත ඉතිහාසය විනාශ කරලා යකාව මතුකරලා සමාජය ඉස්සරහා තියාගත්තා. ඒ නිසා බටලන්දෙන් ඇත්තටම වුණේ වෙන මොනවත් නෙවෙයි. මේකෙන් වුණේ සමාජයක් විදියට නිමිලා සමහන් වෙලා තිබුණු ප්‍රතිවිරෝධයක් ආයෙත් ඇවිස්සුණා. ඒ ප්‍රතිවිරෝධය ඇවිස්සෙන්න ඕනේ කරන ඓතිහාසික පසුබිම නිර්මාණය කරපු රනිල් වික්‍රමසිංහ මහත්තයත් මේකෙන් විශාල විනාශයකට ලක්වුණා.
ඒ වගේම අනිත් පැත්තට මේ මෙහෙයුමේ ඊළඟ පියවර, ඒ කියන්නේ මේ ඇරලා දීපු දොරෙන් ඉස්සෙල්ලාම කඩාගෙන පැනලා, දොර ඇරලා දීපු එකාට ගැහුවේ බිමල්. ඒ ගහලා බිමල් අනිත් පැත්තට ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයටත් දැවැන්ත හානියක් කරලා, මැතිවරණ ඉනිමං දිගේ නැගපු ජනතා විමුක්ති පෙරමුණ ආයෙත් පහළටම ඇදලා දැම්මා වගේ, ආයෙත් 90 දශකයට අරන් ගියා වගේ වැඩක් කළේ. ඒ නිසා මේ මෙහෙයුම් දෙකම ලංකා දේශපාලන ඉතිහාසයේ සිදුවෙච්ච සියදිවි නසාගැනීමේ මෙහෙයුම් දෙකක්. මේ දෙකේ ප්‍රතිඵල ඉතා කෙටි කාලෙකින් ඔබට බලාගන්න පුළුවන් වේවි.

Waruna Rajapaksha යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

Invest Sri Lanka 2025 ජාත්‍යන්තර ආයෝජක සංසදය කොළඹදී! Sri Lanka Latest News

Next Post

මුළු රටම බලන් ඉන්න සෙනසුරු මාරුව 29 වෙනවා! මෙන්න පෙරවදනක්! Sri Lanka Latest News

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

අගුරුවාතොට, බටගොඩ ප්‍රදේශයේ දී ගිනිගැනීමට ලක්වූ  “මව්පිය සෙවන සෙනෙහසේ කැදැල්ල” රැඳවුම් මධ්‍යස්ථානය කිසිදු රාජ්‍ය ආයතනයක් යටතේ ලියාපදිංචි කර නොමැති බව...

Read more
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.