පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් භාර ගැනීම අද (19) දිනයෙන් අවසන්වීමට නියමිතව තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනුව අද දහවල් 12.00 දක්වා පළාත් පාලන මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතිනවා.
මේ අතර පළාත් පාලන මැතිවරණය සඳහා ඊයේ (18) දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 21 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක් නාමයෝජනා භාරදී තිබුණා.
පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා භාර ගැනීම හෙට (20) දිනයෙන් අවසන්වීමට නියමිතයි.










