ග්‍රෑන්ඩ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් එම වෙඩිතැබීම සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
තුවාල ලබා ඇත්තේ අවුරුදු 22 සහ 28 යන වයස්වල ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනෙකු බව පොලීසිය සඳහන් කළේය.
තුවාල ලැබූ පුද්ගලයින්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.
මෙම වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ග්‍රෑන්ඩ්පාස් පොලීසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.










