කොරෝනා වෛරසයෙන් සුවය ලැබූ බවට හෝමාගම රෝහලේදී සිදුකළ වෛද්‍ය පරික්ෂණයන්ගෙන් තහවුරු වීමෙන් අනතුරුව නිවෙස බලා ගිය අනුරාධපුරය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ කාන්තාවකට දිනකට පසු යළිත් කොරෝනා රෝගය වැළදී ඇති බව වාර්තා වේ.
මෙම කාන්තාව කුවේට් සිට මෙරටට පැමිණ කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් හෝමාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු වේ.
36 හැවිරිදි එම කාන්තාව අනුරාධපුරයේ, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සිය නිවසට යලි පැමිණීමෙන් පසු සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස වැනි රෝග ලක්ෂණ මතුවීම නිසා යළිත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් වෙනුවෙන් වෙන් කොට සිටින මෙත්සිරි සෙවණ වෙත ඇතුලත් වූ බව එහි අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර ප්‍රකාශ කළේය.
සිදුකළ PCR පරීක්ෂණයක් අනුව එම කාන්තාවගේ ශරීරයේ කොරෝනා වෛරසය ඇති බවට තහවුරු වූ බවත් ඒ අනුව ඇයව IDH රෝහලට මාරු කර යැවීමට පියවර ගත් බවත් රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කර සිටියේය.








