අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැක පුද්ගලයා මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසූවේ අදාළ සැකකරුව අද (12) උදෑසන ගල්නෑව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.
සැකකරු හමුදාවෙන් පළා ගිය අයකු බවට ඊයේ (11) දිනයේ දීම හඳුනාගෙන තිබූ අතර ඔහු සොයා පොලිස් කණ්ඩායම් පහක් මඟින් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කළේය.
මෙම සිදුවීම මුල් කර ගනිමින් සෞඛ්‍ය සේවකයන්ගේ ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු ඇතුළු සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩල මේ වන විට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇති අතර, රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් අද දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්වීමට තීරණය කර තිබේ.
Sri Lanka Latest News










