හිටපු පළාත් සභා මන්ත්‍රී සංජය සිරිවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
ඒ ඔහුට අයත් අත්තනගල්ල ප්‍රදේශයේ ඉඩමක තිබී ටී 56 ගිනි අවියක්, මැගසින් දෙකක්, පතොරොම් 130ක් බෝර 12 ගිනි අවියක් සොයා ගැනීමත් සමගය.
මීට අමතරව ටී 56 ගිනි අවි කිහිපයක් සහ උණ්ඩ සඟවා තබා ඇතැයි ඔහු පැවසීමත් සමග එම ගිනි අවි සොයා විමර්ශන ක්‍රියාත්මක කිරීමටද පොලීසිය පියවර ගෙන තිබේ.
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල මහතාගේ මූලිකත්වයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරේ.










