වහල මත සවිකළ සූර්ය බලශක්ති කට්ටල මගින් නිෂ්පාදනය කෙරෙන විදුලි බලය රජය විසින් මේ වනවිට ලබා නොගන්නා බවට පැතිරෙන ප්‍රවෘත්තිය අසත්‍යයක් බව බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි පවසනවා.Sri Lanka Latest News
2030 වසර වනවිට 70% ක පුනර්ජනනීය ඉලක්කයක් කරා යන පැහැදිලි අරමුණක්, ප්‍රතිපත්තියක් ඇතිව ක්‍රියාත්මක වන වත්මන් ආණ්ඩුවට එසේ කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එසේම ඔහු වැඩි දුරටත් පෙන්වා දුන්නේ මෙය රටේ මහජනතාව නොමඟ යවමින් රට තුළ බලශක්ති අර්බුදයක් නිර්මාණය කිරීමට පරාජිත, බංකොලොත් දේශපාලකයින් පිරිසකගේ සහ ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සුළු පිරිසකගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවයි.










