• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාතාල වැඩ කරනවා තියා පාතාලේ ගැන හිතන්නවත් බැරි සමාජයක් හදනවා! පාතාලය මට්ටු කරන හැටි ආරක්ෂක ලේකම් කියාදෙයි! Sri Lanka Latest News

March 9, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාතාල වැඩ කරනවා තියා පාතාලේ ගැන හිතන්නවත් බැරි සමාජයක් හදනවා! පාතාලය මට්ටු කරන හැටි ආරක්ෂක ලේකම් කියාදෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රට තුළ පාතාල ක්‍රියාකාරකම් ඉහළ යෑම සම්බන්ධයෙන් සහ ඒවා මැඬපැවැත්වීමට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා අදහස් පළකළා. පසුගිය 22 වැනිදා පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අතරතුරදී තුයියකොන්තා මහතා දැක්වූ අදහස් පහත පළවේ.

සියලු පාතාල ක්‍රියාකාරකම්වල වැඩිවීමක් අද පෙන්නුම් කළාට මේවායේ ඉතිහාසය ගත්තොත් එහෙම දීර්ඝකාලීනව දේශපාලන රැකවරණය සමගින් පාතාලය පෝෂණය වීමක ප්‍රතිඵල තමයි අපි අද දකින්නේ. ඒකට හේතුව ඉතා විස්තරාත්මකව විග්‍රහ කරනු ලැබුවා පොලිස්පතිතුමා සහ ලේකම්තුමා. ඒකට හේතුව හැටියට මම දකින්නේ අද වෙනකොට මේ පාතාල ක්‍රියාකාරකම්වලට කිසිම දේශපාලන සම්බන්ධකමක් සහ රැකවරණයක් ලැබෙන්නේ නැහැ. ඒත් එක්කම මේවාට අවශ්‍ය කරන නීතිමය ක්‍රියාමාර්ග ඉතාමත් ඉක්මනින් ලබාගෙන තියෙනවා. ඒ අනුව ක්‍රියාත්මක වෙන ඒ පාතාල කල්ලි විසින් ඔවුන්ගේ ඇතුළත තියෙන ගැටලු තමයි මේ එළියට එන්නේ. රජයක් හැටියට ආරක්ෂක ලේකම්වරයා හැටියට මේ තත්ත්වය දැනගෙන අපි මේ රජය පත්වුණු වහාම කිසිම අනුකූලතාවකට බැඳිලා නැතුව නිකුත් කරලා තියෙන ගිනි අවි සම්බන්ධයෙන් විගණනයක් අපි ආරම්භ කළා. ඒ අනුව අද වෙනකොට ඉතා සුළු ප්‍රමාණයක් (48ක් වැනි) පමණයි ඒ විගණනයට සම්බන්ධ වෙලා නැත්තේ. අනෙක් සියලු දෙනාම ඒ ගිනි අවි ආරක්ෂක අමාත්‍යාංශයේ බාරයට පත්කරලා තියෙනවා. ඒක ඉතා හොඳ ප්‍රවණතාවක්. Sri Lanka Latest News

ඒත් එක්කම නීති විරෝධී අවි නිකුත් වෙලා තියෙන්නේ මේ රජය පත්වුණාට පස්සේ නෙවෙයි. මේ සම්බන්ධයෙන් ඉතා ගැටලුසහගත තත්ත්වයන් පසුගිය වකවානුවල වෙලා තියෙනවා. ඒ අවි පිළිබඳවත් ත්‍රිවිධ හමුදාව විසින්ම අලුතෙන් විගණන කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි තොරතුරු එක්රැස් කරමින් පවතිනවා. අපිට සෑහෙන සහායක් පොලිසියෙන් ලැබෙනවා. නුදුරු අනාගතයේදීම මේ සම්බන්ධයෙන් සවිස්තරාත්මකව සොයා බලලා අවශ්‍ය පියවර ගන්න අපි කටයුතු කරමින් යනවා. මොකද මේවායේ තියෙන ලියකියවිලි සහ තොරතුරු ලබාගැනීම ඉතා අපහසු තත්ත්වයක තමයි තියෙන්නේ. හමුදා තුනටම අපි දැනුම් දීලා තියෙනවා මේවායේ විස්තරාත්මක තොරතුරු කඩිනමින් ලබාදෙන්න කියලා. ඒවාට අනුයුක්ත වෙලා තියෙන නිලධාරීන් දවසට පැය 10-12 තමන්ගේ රාජකාරිය කරමින් ඉතා පරිශ්‍රමයකින් මේ තොරතුරු එක්රැස් කරමින් ඉන්නවා. ඒ සඳහා යම් කාලයක් ගතවෙනවා. මොකද අපි නිවැරැදි තොරතුරු ලබාගන්න ඕනේ, මේවාට මොකද වුණේ කියන එක සම්බන්ධයෙන්. නමුත් මම සහතික වෙනවා මේ රජය යටතේ එවැනි කිසිම අනීතික අවි ගනුදෙනුවක් හෝ අවි ආයුධ එළියට යෑමක් වෙන්නේ නෑ කියලා.

මම හිතනවා ආරක්ෂක ලේකම්වරයා හැටියට මේක අභ්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් වුණාට, ජාතික ආරක්ෂාව පැත්තෙන් හිතනකොට අපිට වගකීමක් තියෙනවා, ආරක්ෂක ලේකම්වරයා හැටියට. බුද්ධි තොරතුරු හරහා සහ ත්‍රිවිධ හමුදාවේ සූදානම් වීම ඉතා ඉහළ මට්ටමක තියෙනවා. අවශ්‍ය ඕනෑම අවස්ථාවකදී සහාය ලබාදෙන්න ත්‍රිවිධ හමුදාව සූදානමින් ඉන්නවා. මම සහතික වෙනවා මේ ක්‍රියාකාරකම්වල වැඩිවීමක් සිදුවුණාට ඒවා ඉදිරියේදී අවම මට්ටමකට පත්කරන බවට.

මෙවැනි දේවල් කරනවා තබා කරන්න හිතන්නවත් බැරි සමාජයක් නුදුරේදීම නිර්මාණය කරන්නයි අපිට අවශ්‍ය. ඒ වගේම මේවාට සම්බන්ධ වෙන වෙනත් අංශ තියෙනවා. බන්ධනාගාර ප්‍රශ්න තියෙනවා. ඒ හැම ප්‍රශ්නයක්ම අපි හඳුනාගෙන තියෙනවා. ඒවාට අවශ්‍ය පිළියම් යොදන්නත් අපි පියවර අරගෙන තියෙනවා. ඒ අනුව, මේ වකවානුව තුළ කිසිම දේශපාලන රැකවරණයක් මොවුන්ට ලැබෙන්නේ නෑ. නියම දේශපාලන නායකත්වයක් තුළින් මොවුන්ට එරෙහිව ක්‍රියාකිරීම අපි ආරම්භ කරලා තියෙනවා කියන එකත් සඳහන් කරනවා.

SendShareShare
Previous Post

අල්ජසීරා එක ඇද්දට පස්සේ මෙන්න JVP ඇමැතිවරුන්ට බටලන්ද මතක් වෙලා! බේරෙන්න දෙන්නෙ නෑලු! වාර්තාව සූදානම්ලු! යටගහන්න දෙන්නේ නෑලු! ඒකත් බලමුකෝ..! VIDEO I Sri Lanka Latest News

Next Post

මෙන්න රනිල්ගේ ආණ්ඩුවේ තවත් කෙළියක්! ඓතිහාසික අනුලා ස්තූපය හදන්න විදුර වික්‍රමනායක මිලියන 300ක ගිවිසුමක් ගහලා මොකුත්ම හදලා නෑ! මහානායක හිමිවරුත් දැනුවත් නොකර වැඩේ කරලා තියෙන්නේ! මොනවද ඒ සල්ලිවලට වුණේ? VIDEO I Sri Lanka Latest News‍

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.