• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

හරිනි සහ විමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! VIDEO I Sri Lanka Latest News

March 2, 2025
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
හරිනි සහ විමල්! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ 1994 මහ මැතිවරණයට ජාතිය ගලවා ගැනීමේ පෙරමුණෙන් තරග කළේ 88-89 ජවිපෙ භීෂණය ගැන මිනිසුන්ගේ මතකය අලුත් වේය යන බියෙන්ය. 1994 ජවිපෙ මහ මැතිවරණයට තරග කරන විටත් ජවිපෙට ජනතාව අතරට යන්න ස්ලෝගන් එකක් තිබුණේ නැත. 88-89 ජවිපෙ රටම හොල්ලපු ඉන්දියානු විරෝධී, පළාත් සභා විරෝධී ස්ලෝගන් එක ඒ වෙනකොට අවලංගු වී තිබිණි. මේ නිසා ජවිපෙ තෝරාගත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන ස්ලෝගන් එකය. 1994 ජනාධිපතිවරණයට ජවිපෙ ඉදිරිපත් කළ අපේක්ෂකයා වූ ජවිපෙ මන්ත්‍රී නිහාල් ගලප්පත්ති පොදු පෙරමුණු අපේක්ෂිකා එවක අගමැතිනි චන්ද්‍රිකා සමග ගිවිසුමක් ගසා ජනාධිපතිවරණයෙන් ඉවත් වූයේ ජවිපෙ නම්කරන දිනයක විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන පොරොන්දුව මතය. චන්ද්‍රිකා ජනාධිපති වී ඒ පොරොන්දුව ඉටුකළේ නැත. ඉන් පසු ජවිපෙට ඒ ස්ලෝගන් එක කරේ තියාගෙන යෑමත් ප්‍රශ්නයක් විය. Sri Lanka Latest News

ජවිපෙ 1997 පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වනවිට ස්ලෝගන් එකක් නැතිව හිටිය ජවිපෙට ස්ලෝගන් එකක් දෙන්නේ පළාත් පාලන ඡන්දයට කොළඹ නගර සභාවට තරග කරන විමල් වීරවංශය.

‘උනුත් එකයි මුනුත් එකයි – මෙදාපාර අපි ජවිපෙට…’

මේ, විමල් ජවිපෙට ඔක්සිජන් දෙන්න හදන ස්ලෝගන් එකය. මේ ස්ලෝගන් එකට හරියන්න කතාව කරන්නේ විමල්ය. මේ නිසාම ජවිපෙ සුපර් ස්ටාර් වූයේ විමල්ය. වැඩි කලක් නොගොස් විමල් ලංකාවේ දේශපාලනයේ සුපර් ස්ටාර් විය. ජවිපෙ 1999 පළාත් සභා ඡන්දයට, 1999 ජනාධිපතිවරණයට, 2000 මහ මැතිවරණයට තරග කරන්නේ මේ ස්ලෝගන් එක කරේ තියාගෙනය.

2001දී එවක පොදු පෙරමුණු ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වූ මංගල ජවිපෙට දැල එළන්නේ විමල්ව අල්ලාගෙනය. 2001දී පාර්ලිමේන්තු බහුතරය අහිමි එවක ජනාධිපතිනි චන්ද්‍රිකා සමග පරිවාස ආණ්ඩුවකට යන්න ජවිපෙ එකඟ වන්නේ කොන්දේසි දමලාය. ජවිපෙ ඇමැතිකම් ගත්තේ නැති වුවත් ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ජවිපෙය. එතැන් සිට ජවිපෙට ‘උනුත් එකයි මුනුත් එකයි’ ස්ලෝගන් එක වැඩකරන්නේ නැත. හේතුව ජවිපෙ ශ්‍රීලනිපය ප්‍රමුඛ පොදු පෙරමුණු ආණ්ඩුවේ ආරක්ෂකයා බවට ජවිපෙ පත්වුණු නිසාය.

2001 චන්ද්‍රිකා-ජවිපෙ පරිවාස ආණ්ඩුව රනිල් වැට්ටුවාට පසු ජවිපෙට ‘උනුත් එකයි මුනුත් එකයි’ ස්ලෝගන් එක විකුණන්න බැරි බව තේරුම් ගියේය. හේතුව ජවිපෙ ශ්‍රීලනිපය සමග සන්ධානගත වෙන්න හිත හදාගෙන සිටි නිසාය. රනිල් අගමැති වී ප්‍රභාකරන් සමග සටන් විරාම ගිවිසුමට අස්සන් කිරීමෙන් පසු විමල් ජවිපෙට අලුත් ස්ලෝගන් එකක් දුන්නේය. ඒ, මවුබිම සුරැකීමේ දේශප්‍රේමී ස්ලෝගන් එකය. නෝර්වේ මැදිහත්ව දියත් කළ සාම ක්‍රියාවලියට එරෙහිව ජවිපෙ දේශප්‍රේමී සංවිධාන එක්ව පාරට බැස්සාහ. ජවිපෙ රට පුරා රනිල් සහ යූ.ඇන්.පී. ආණ්ඩුවට එරෙහිව දේශප්‍රේමය අවුලන්න විමල්ට ජවිපෙ තුළ සිටිමින්ම දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය නමින් වෙනම සංවිධානයක් හදන්න අවසර දුන්නේය. ජවිපෙ, ශ්‍රීලනිපය සමග සන්ධානගත වී ජවිපෙ මන්ත්‍රී සංඛ්‍යාව 39 දක්වා වැඩිකර ගත්තේ ඒ දේශප්‍රේමී ස්ලෝගන් එකෙන්ය. ජවිපෙ 2004 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ ඇමැතිකම් ගත්තේත් ආණ්ඩුවෙන් ඉවත් වී පසුව මහින්ද දිනවන්න 2005 ජනාධිපතිවරණයට බැස්සේත් මේ දේශප්‍රේමී ස්ලෝගන් එක අතැතිවය. මංගලත් ඒ කාලේ නැටුවේ ජවිපෙ දේශප්‍රේමී පදයටය.

2005 මහින්ද ජනාධිපති වුණාට පසු මංගල විදේශ ඇමැති වී ලෝකෙ වටේ යන්න පටන් ගත්තාට පසු මංගලට දේශප්‍රේමය එපා විය. ඒත් විමල් දේශප්‍රේමය අතහරින්න කැමැති වුණේ නැත. මේ වෙනකොට මහින්ද සහ රාජපක්ෂ පවුලේ දේශප්‍රේමය සමග විමල් සහ ජවිපෙ දේශප්‍රේමය හොඳට පෑහුණි. මේ වෙනකොට විමල් සමග දේශප්‍රේමී වේදිකාවේ බඩපිනුම් ගහමින් සිටි අනුරව මංගලගේ දේශප්‍රේමී විරෝධී දැලට හසුකරගන්න මංගල සමත් විය. මේ වෙනකොට දමිළ ඩයස්පෝරාව, රාජ්‍ය නොවන සංවිධාන එවක ජවිපෙ තිරය පිටුපස ප්‍රබල නායකයකු වූ කුමාර් ගුණරත්නම් හරහා ජවිපෙ සමග සංවාදයක් පටන්ගෙන තිබිණි. විමල් විරෝධී තැනක සිටි අනුරද මෙයට සහාය දුන්නේය. මංගල රනිල්ට එක්වී 2008 අයවැයෙන් මහින්දගේ ආණ්ඩුව වට්ටන්න සැලසුම් කරද්දී එයට ජවිපෙ සහාය පැතූහ. විමල් දේශප්‍රේමී ස්ලෝගන් එක අතහරින්න අකැමැති විය. ඔහු කීවේ යුද්ධය අවසන් කරන තෙක් මහින්දගේ ආණ්ඩුවට සහාය දියයුතු බවත්, නූතන දොන් ජුවන් ධර්මපාල සේ ජවිපෙ හංවඩු ගහන රනිල් සමග එක්වීම ජවිපෙ සියතින්ම ගෙල සිඳගැනීමක් බවත්ය. කුමාර් සහ අනුර ජවිපෙ රනිල් සහ මංගල සන්ධානයට අදිද්දී විමල් ජවිපෙ මහින්දගේ දේශප්‍රේමී සන්ධානයට ඇද්දේය. ජවිපෙ දෙකඩ විය. විමල් ජවිපෙ මන්ත්‍රීවරු රොත්තක් සමග මහින්දගේ ආණ්ඩුවට එක්විය. එතැන් සිට ජවිපෙට නරක කලදසාව උදාවිය.

2008 ජවිපෙ දෙකඩ වීමෙන් පසු ජවිපෙ ස්ලෝගන් එකක් නැතිව අයාලේ ගියේය. 2012 විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සම්මේලනය නොහොත් ෆුටා මහින්දගේ ආණ්ඩුවට එරෙහිව පාරට බැස්සේ යහපාලනය නමැති ස්ලෝගන් එකට අවශ්‍ය අඩුම කුඩුම රැගෙනය. ෆුටා මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ගිය පෙළපාළිය සංවිධාන කළ විශ්වවිද්‍යාල ආචාර්යවරු අතර ප්‍රධාන චරිතයක් වූයේ විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්යවරියක වූ හරිනි අමරසූරියය. ශක්‍රයාටවත් වට්ටවන්න බෑ කී මහින්දගේ ආණ්ඩුවට පළමු ගල ගහන්නේ ෆුටාය. අධ්‍යාපනයට වැඩි මුදල් වෙන්කිරීම, වියතුන් පාලනයට හවුල් කරගැනීම, හොරකමට එරෙහි වීම වැනි ස්ලෝගන් එළියට එන්නේ මින් පසුවය. එවක අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායකට එරෙහිව දෝෂාභියෝගය මේ සමග මුවහත් කරන්න සමත් විය.
2015 ජනාධිපති සටන හොරකමට එරෙහි යහපාලන සටනක් බවට පත්කරන්නේ ෆුටා, ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ ජවිපෙය. ඒ රැල්ලේ පිහිනා බලය ගත්තේ මෛත්‍රී සහ යූ.ඇන්.පී.යය. මෛත්‍රී-රනිල් ආණ්ඩුව විකාරයක් වනවිට යහපාලනය ඇතිකරන්න එක්වූ සංවිධාන ජවිපෙ වටා එක්වෙයි. එහිදී ප්‍රධාන චරිතය තිරය පිටුපස සිට රඟපාන්නේ හරිනිය.

‘වල් පැළ වෙනුවට මල් පැළ හිටවන හොරු පන්නන පාර්ලිමේන්තු ශ්‍රමදානය’ කියන ස්ලෝගන් එක හැදුවේ කවුද කියා දන්නේ නැති වුණත් ඒ මතවාදය හදන්නේ හරිනිය. උගතුන් වියතුන් පාර්ලිමේන්තු යවන ස්ලෝගන් එකට පණ දෙන්නේත් හරිනිය.

1999 ජවිපෙ නැගිට්ටුවේ විමල් නම්, 2022 ජවිපෙ නැගිට්ටවන්නේ හරිනිය. විමල් ජවිපෙ නැගිට්ටුවේ දේශප්‍රේමී ස්ලෝගන් එකෙන්ය. හරිනි ජවිපෙ නැගිට්ටුවේ ලිබරල් ස්ලෝගන් එකෙන්ය. විමල් දේශප්‍රේමී සංවිධාන ජවිපෙට එකතු කළේය. හරිනි රාජ්‍ය නොවන සංවිධාන ජවිපෙට එකතු කළාය.

ඇත්තටම හරිනි 2020 මහ ඡන්දයෙන් ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු ආවත් 2022 තෙක් මිනිස්සු අතර ඇය ජනප්‍රිය චරිතයක් නොවීය. අරගලයේදී ජනප්‍රිය වී සිටියේ සමගි ජන බලවේගයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍රය. හේතුව ඇය බය නැතුව රාජපක්ෂලා සමග හැප්පුණු නිසාය. හරිනි එළියට ආවේ අරගලය අවසන් වී රනිල් ජනාධිපති වූවාට පසුවය. හැබැයි ඇය හිරුණිකා හදපු අරගලයේ කාන්තා ප්‍රතිරූපය උදුරා ගන්න සමත් වූවාය. 2012 සිට 2022 දක්වා ඇය ජවිපෙට පණ දුන්නේ තිරයෙන් පිටුපසය. 2022ට පසු ඇය තිරය කඩාගෙන ආවාය. අද ඇය ඉන්නේ 2000 දශකයේ විමල් සිටි තැනය.

විමල්ට ජවිපෙ තුළ වැඩි දුරක් යන්න බැරිවූයේ ඔහු තම මතයට ජවිපෙ නම්මවා ගන්න ගිය නිසාය. ඒ වගේම ඔහු ජවිපෙ තුළ නිල නොවන නායකයෙක් වන්න ගිය නිසාය.

‘හරිනිටත් ඒකම වෙයිද?’

‘හරිනිත් විමල් වගේ ජවිපෙ සමග ගැටුම් හදාගනීද…?’

විමල් ජවිපෙ සාමාජිකයෙකි. හරිනි ජවිපෙ සාමාජිකයෙක් නොවේ. හැබැයි දෙදෙනාම රඟපාන්නේ එකම චරිතයය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

බිමල් හරියට පන්ති කාමරේ මොනිටර් කෙනෙක් වගේ මන්ත්‍රීවරු විතරක් නෙමෙයි ඔබතුමාවත් හසුරුවන්න හදනවා! අපිත් මන්ත්‍රීවරු! බිමල් කොහොමද එහෙම කරන්නේ? සුජීව කතානායකතුමාගෙන් කෙළින්ම අහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

සීරියස් විදියට හිතන පතන හුරතල් කෙල්ල – නෙත්මි රොෂෙල්! Sri Lanka Latest News

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Exclusive

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News
Exclusive

රටවල් 43ක් අනුමත කළ ඩෙංගු එන්නත ඉන්දියාවේත් අනුමතයි! ඩෙංගු වසංගතයක් වෙලා 56ක් මියගිය ලංකාවට ගේන්නේ කවදාද? I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

2023 වසරේ සිට මේ දක්වා ඇමරිකානු ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් නීති විරෝධී ලෙස රටින් පිටකර ඇතැයි, ජනාධිපති අනුර කුමාර දිසානායක...

Read more
කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

මාලිමාවේ මන්ත්‍රීවරු තුන්වේලම පාර්ලිමේන්තුවෙන් කාලා ගෙදර ඔතාගෙනත් යනවා කියලා විපක්ෂය කරන චෝදනාවට බිමල් සැර උත්තරයක් දෙයි! පාර්ලිමේන්තුවේ කෑම වේලක් 3000ට වැඩි කරන්නත් ලෑස්ති වෙයි! දැන් ඉතින් ඔක්කොම සල්ලි ගෙවලා කාපල්ලකෝ! VIDEO I Sri Lanka Latest News

ඉස්සර රට පාලනය කළේ සිරිකොතෙන්.. ඩාලි පාරෙන්..! එතකොට ප්‍රශ්නයක් නෑ! දැන් රට පාලනය කරන්නේ පැලවත්තෙන්! පැලවත්තට තමයි බලය හම්බවුණේ..! බිමල්ගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

මහාධිකරණයෙන් ඇප ඉල්ලුවත් දුන්නේ නෑ! ත්‍රස්ත පනත යටතේ අවුරුදු 15ක් රිමාන්ඩ් කර සිටි ධනූෂ්ට අභියාචනාධිකරණය ඇප නියම කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.