• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හඳගම කෙලෙසූ රාණි ගැන ඥාති දියණියකගෙන් ලියුමක්! විකෘතියක්! අපරාධයක්! චිත්‍රපටය පුරාවට රැගෙන එන්නේ වේදනාවක්! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
හඳගම කෙලෙසූ රාණි ගැන ඥාති දියණියකගෙන් ලියුමක්! විකෘතියක්! අපරාධයක්! චිත්‍රපටය පුරාවට රැගෙන එන්නේ වේදනාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මට දෑස් වසාගත් වහා, මනෝරාණිගේ රුව මනසෙහි ඇඳගත හැකිය. තම කෙස් කලඹෙහි පිච්ච මල් පලඳින්නියක වූ ඇය, සෑම විටම ශ්‍රී ලාංකික සාරියකින් සැරසුණාය. කිසි දිනෙක ඉන්දියානු සාරි නොඇඳි මනෝරාණිගේ උස් ශරීරයට, ඒ මල් මෝස්තර සහිත නයිලෙක්ස් සාරි අතිශය සුන්දරව ගැළපුණි. Sri Lanka Latest News

ඕ සෑම විටම පවුඩර් පොට්ටුවක් පැලඳ සිටියාය. පවුඩර් පොට්ටුවක් සඳහා වැය කිරීමට තරම් කාලය නොමැති වූ දිනයකදී, තොල් ආලේපන ස්වල්පයක් නළලතෙහි රඳවා, ඒ මත පොට්ටු බිඳක් අලවාගන්නට හුරුව සිටියාය. මනෝරාණි කිසි දිනෙක වෛද්‍ය බෑගයක් රැගෙන ගමන් නොකළ නමුත්, ඇයගේ උරහිස මත නොවැරදීම එල්ලී තිබූ වෙද නළාවකි.

ඇය සිය නිවහනෙහි මත්පැන් තබා නොගත්තාය. ඇය පමණක් නොව, රිචඩ්වත් එසේ නොකළ බව මම දනිමි. ඔවුන්ගේ නිවහන එවන් ස්ථානයක් නොවුණි. එය තම තමන්ගේ රාජකාරි අවසානයේ, එසේත් නැතිනම් සමාජීය වැඩකටයුතු අවසානයේ හෝ ඉඳහිට මත්පැන් බිඳක් තොලගා අවසානයේත් ඔවුන් පෙරළා පැමිණෙන ස්ථානය විය. එය කියැවීමට, ලිවීමට සහ විවේක සුවය විඳීමට වෙන් කෙරුණු නිවහනකි.

මනෝරාණි කිසි විටෙකත් රිචඩ්ට ‘රිචඩ්’ කියා ඇමතුවේ නැත. ඇය ඔහුට කතා කළේ ‘සොයිසා’ යනුවෙනි. ඔහු ද සිය මෑණියන් ඇමතුවේ ‘සොයිසා’ නාමයෙනි. ඒ ඔවුන් දෙදෙනාම ‘තනි පුද්ගලයකු’ සේ හැඟවෙන අදහසින්, එකිනෙකා වෙනුවෙන් යොදාගත් අනෝන්‍ය ආදර ආමන්ත්‍රණයකි. සොයිසා සහ සොයිසා.

ඔවුන් කිසි විටෙකත් එකිනෙකා වැලඳගත්තේ නැත. සත්තකින්ම මනෝරාණි කිසිදිනෙක අප කිසිවකුත් වැලඳගත්තේ නැත. මනෝරාණි යන උණුසුම් ගැහැනියගේ විෂයෙහිලා, එය සෑමවිටම ඇයගේ සිනහව විය. අප සියල්ලන් කෙරෙහි ඇය තුළ වූ ආදරය, සෙනෙහස ආදී සියල්ල කියාපෑ භාෂාව ඒ සිනහව විය.

‘මනෝරාණි ආන්ටා’ – අප ඇය දැන සිටියේ එනමිනි. අඩුම තරමේ, උපතේ සිටම මගේ ජීවිතයේ කොටසක් වූ ඇය, මා දැන සිටියේ එලෙසිනි. එතෙක් මෙතෙක් කාලයක් පුරාවට මා දැන සිටි උදාරතම, ධෛර්යවන්තම ගැහැනිය ඇය වූවාය. ඇයගේ ස්වරය බලසම්පන්න බව සැබෑය. නමුත් ඒවා කිසි විටෙකත් රළු, නොහික්මුණු වදන් නොවීය.
සිය වෛද්‍ය වෘත්තීමය කටයුතුවලදී මනෝරාණි හුදෙක් අපගේ ආදරණීය පවුලේ වෛද්‍යවරිය පමණක් නොවූවාය. ප්‍රායෝගික, සන්සුන් සහ අවබෝධාත්මක ගුණයෙන් පොහොසත් ඇය, අනිසි වැල්වටාරම්, විකාර නොරිසි වූ නියම පරමාදර්ශී පවුලේ වෛද්‍යවරිය වූවාය. මගේ දියණියන් දෙදෙනාම මෙලොව එළිය දුටුවේ ඇයගේ සහායෙනි. මගේ පමණක් නොව, ඇය තරුණ පරම්පරාවකම ස්ත්‍රීන්ගේ දරුවන් බිහි කළාය. මනෝරාණි බොහෝ ආකාරවලින්, එක්තරා තරුණ පරම්පරාවක ස්ත්‍රීන් සඳහා ‘අයිකනයක්’ වූවේ යැයි කීම අතිශයෝක්තියක් නොවේ.

ඇය සමීපව දැන සිටි අප වැනි අයට මෙන්ම, ඇය යන්තමින්, දුරස්ථව දැකගැනීමට ලැබුණු බොහෝ අයටත්, ඇය තම සයිකලයෙහි නැගී විශ්වවිද්‍යාලයට යන එන අයුරු දකිනා වෛද්‍ය ශිෂ්‍යාවන්ටත්, පසුකාලීනව ඇය නියෝජනය කළ ශ්‍රී ලංකාව පුරා විසිරුණු මවුවරුන් සිය ගණනකටත් මනෝරාණි යනු අඳුරෙහි පෑයූ ආලෝකයක්ම වූවාය.
නමුත් මම ඉන් තරමක් ඉදිරියට පැමිණෙමි.

මනෝරාණි යන ගැහැනිය, අපට කෙතරම් වැදගත්ද, එසේ වන්නේ කුමක් නිසාද, ඇය පිළිබඳ මතකය මෙතරම් පිරිසකට වටින්නේ ඇයිද යන්න පිළිබඳ පැවසීමට පළමුව, මනෝරාණිට වඩාත්ම වැදගත් වූවේ කුමක්දැයි පිළිබඳ පවසන්නට මට ඉඩ දෙන්න.

නිසැකවම ඒ සොයිසාය. ඇයගේ ජීවිතය කේන්ද්‍රගතවී තිබුණේ සිය රාජකාරී ජීවිතය සහ තම පුත්‍රයා හෙවත් ‘සොයිසා’ වටාය. මනෝරාණි සහ රිචඩ් අතර වූ සබඳතාව, ඇය සතු හොඳම ගතිගුණ මතුකර දක්වන්නට හේතුවූ අන්දමේ බැඳීමකි. අතිශය ගැඹුරු බුද්ධිමය සබඳතාවක් වූ එය, මනස තුළ ගොඩනගා හදවතෙහි රඳවා තබන ලද සෙනෙහසකි. ඔවුන් අතර වූ බැඳීම එතරම් ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කළ යමක් නොවේ. එය ඉතා පෞද්ගලික බැඳීමක් වුවද, ඔවුන්ගේ චරිතවල ස්වභාවය හේතුවෙන්ම එය ඔවුන් දෙසටත්, ඔවුන් වටාත් මිනිසුන් ආකර්ෂණය කරගැනීමටද හේතු විය. එසේම බැලූ කල, මනෝරාණි කිසි විටෙක හුදෙකලා නොවූවාය. සෑම විටම එනම් රිචඩ්ගේ මරණයෙන් පසු පවා, ඇයට ආදරය කළ, ඇය ආදර්ශයට ගත් පිරිස ඇය වටා රැඳී සිටියහ.

රිචඩ්ගේ මරණයෙන්, ඇයගේ ලෝකය සහමුලින් බිඳවැටුණි. අපගේ ඇස්පනාපිට එය සිදුවන අයුරු අපි බලා සිටියෙමු. එසේ වුවද, මනෝරාණි නම් ගැහැනියගේ ‘හරය’ එම මරණයෙන් පවා වෙනස් වූයේ නැත. ඇය කිසි දිනෙක බීමට ඇබ්බැහි වූවේ නැත. කිසි දිනෙක පරුෂ, නොසරුප් වචනයෙන් කතා කළේද නැත. කෝපයෙන් වියරු වූවේද නැත. කොටින්ම තම පුත්‍රයාගේ මිනීමරුවන් හමුවේදී පවා, ඕ ඇදහිය නොහැකි තරම් උදාර, ගෞරවාන්විත බවකින් යුතුව ඔවුන්ට මුහුණ දුන්නාය.

රිචඩ්ගේ මරණයෙන් පසු උදාවූ කාලය, වචනයෙන් විස්‍තර කළ නොහැකි තරම් වූ භීතීන්ගෙන් පිරුණු කාලයකි. සෑම මිනිත්තුවකට වරක්ම බියවීමට අලුත් කාරණාවක් මතුව ආ යුගයකි. අප සියල්ලෝම දිවි ගෙවූවේ, මහත් වූ භීතියකින් ආතුරවය. අපි අපගේ ජීවිත පිළිබඳ බියපත්ව උන්නෙමු. අපගේ දරුවන්ගේ ජීවිත පිළිබඳ බිය වූවෙමු. කොටින්ම ඔවුන්ව දුරබැහැර ඥාතීන් වෙතට යවන්නට පවා පෙලඹුණෙමු. අපි අපගේ නිවෙස් තුළ නිදන්නට බියවීමු.

අප කිසිවකුත් අපේක්ෂා නොකළ අන්දමේ වෙනසක්, අකීකරු විරෝධාකල්පයක් මනෝරාණි තුළ ගොඩනැගෙන්නේ මේ අවධියේය. සියල්ල ආරම්භ වූයේ, සොයිසාගේ අවමංගල්‍ය උත්සවය සමගිනි.

පවුලේ කෙනකු මියගිය පසු, එම තැනැත්තාගේ සිරුර ආදාහනය කිරීම හෝ භූමදාන කිරීම අපගේ පවුල්වල එතෙක් පැවැති සාමාන්‍ය සම්ප්‍රදාය විය. නමුත් සිය පුත්‍රයාගේ මළගම වෙනුවෙන් පොදු මහජනයාට හොඳින් ප්‍රදර්ශනය වන චිතකයක් තැනීමට තීරණය කරමින් මනෝරාණි ඒ සම්ප්‍රදාය බිඳ හෙළුවාය. එය බිය දනවන ආකාරයේ, හිතුවක්කාර තීරණයකි. අතිදැවැන්ත ප්‍රකාශනයකි. එම චිතකය කෙතරම් සිනමානුරූපීවීද යත්, ඕනෑම චිත්‍රපට නිර්මාණකරුවකු එවන් දර්ශනයක් ප්‍රතිනිර්මාණය කිරීම වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට එකඟ වන තරම් විය.

අනතුරුව උදාවූයේ, උච්චතම ජවනිකාවෙන් පසු උදාවන ජවනිකා සහිත යුගයයි. භීතියට සහ ශෝකයට පසු, මාධ්‍ය සංදර්ශන සහ මහජන හඬ නැංවීම්වලින් පසු ඇයගේ ජීවිතයේ ඉතිරි කාලය ආරම්භ වූයේය. මනෝරාණි එය දේශපාලන ගමනක් ලෙස නොදුටුවාය. එය හුදෙක්ම මවක ලෙස ‘සොයිසා’ සමග ඇය පැවැත්වූ සබඳතාව මෙන්ම අතිශය පුද්ගලික හැඟීමකින් පෝෂණය වූ, පෞද්ගලික චාරිකාවකැයි කිව හැකි ආකාරයේ ගමනකි.

සෑම මසකදීම මනෝරාණි සමග මහව අසල පිහිටි කුඩා ගම්මානයකට යන්නට මම පුරුදු වී සිටියෙමි. ඇය එහි ගියේ, භීෂණ අවධියේදී සැමියන් අහිමිවූ ගැහැනුන් හමුවනු පිණිසය. මෙකී ගම්මානයේ සිටි සෑම මිනිසකුම පාහේ පොලිසිය විසින් රැගෙන ගොස් තිබූ අතර, ඔවුන් කිසිවකුත් පෙරළා ගම්මානයට පැමිණියේ නැත. එහි අතුරුදන්ව සිටියේ පිරිමින් වුවද, මනෝරාණි එම ගම්මානය හැඳින්වූයේ ‘අතරමං වූ ගැහැනුන්ගේ ගම්මානය’ යනුවෙනි. ඒ මක්නිසාද යත්, මේ සමය වනවිට පවුලේ මුදල් හරිහම්බ කළ පිරිමින් නොමැතිව, ඔවුන්ගෙන් යැපුණු ගැහැනුන් මුළුමනින්ම තම අවශ්‍යතා සපුරාගත නොහැකිව අන්ත අසරණව සිටි බැවිනි. මෙම ගැහැනුන් ගමේ විහාරස්ථාන භූමියට එක්රැස් වූ අතර, මනෝරාණි ඔවුන්ට අලුතෙන් ජීවිතය ගැටගසා ගන්නා ආකාරය පිළිබඳ ඉගැන්වීමටත්, ඔවුන් දිරිමත් කිරීමටත් කටයුතු කළාය. ඒ අතරතුර මගේ රාජකාරිය වූයේ, මෙම අසරණ බිරින්දෑවරුන් සමග පැමිණි කුඩාවුන් සමග කෙළිසෙල්ලම් කිරීමය. මනෝරාණිගේ උත්සාහය, උඩුගම් බලා යෑමට දත කෑමක් මිස කිසිසේත්ම පහසු වූවක් නොවේ. නමුත් ඇය කෙසේ හෝ එය සාර්ථක කරගැනීමට සමත් වූවාය. ගම්මානයේ කාන්තාවෝ තම තමන්ගේ කුඩා ව්‍යාපාර ආරම්භ කරමින්, දෙපයින් නැගී සිටීමට පටන් ගත්හ. ‘ඇය අපිට දේවතාවියක් වගේ’ ඔවුන් ඇය පිළිබඳ කියන්නට හුරුව සිටියේ එලෙසිනි.

අද වනතුරුම, මෙම ගම්මානයේ උන්නතිය උදෙසා ඇය විසින් කළ මෙහෙවර ලියැවී තිබෙන්නේ, එකම එක කුඩා පුවත්පත් ලිපියක පමණි. එය කිසිදු ආකාරයකින් දේශපාලනික අරමුණු වෙනුවෙන් සිදුකළ දෙයක් හෝ ප්‍රසිද්ධිය වෙනුවෙන් කළ සංදර්ශනාත්මක කාර්යයක් නොවීම, ඊට හේතුවයි.

එය ‘මවුවරුන්ගේ පෙරමුණ’ යන බැනරය පසුපස සිටගැනීම වෙනුවෙන් සිදුකළ දෙයකට වඩා, ඇයට සැබෑම සහෝදරත්වයක්, බැඳීමක් දැනුණු එම රජය යටතේ ඇය මෙන්ම ප්‍රිය විප්‍රයෝගයට මුහුණ දුන් ගැහැනුන් නගාසිටුවීමෙහිලා ඇය තුළ වූ අධිෂ්ඨානය හේතුවෙන් සිදුකළ යමක් විය.

මට දෑස් වසාගත් විට, මනෝරාණිලා දෙදෙනාම මවාගත හැකිය. රිචඩ්ගේ මරණයට පෙර සිටි මනෝරාණි සහ ඔහුගේ මරණයෙන් පසු ජීවත් වූ මනෝරාණි. ඔහුගේ මරණයෙන් පසු ඇය කිසි දිනෙක පෙර මෙන් සිනාසුණේ නැත. නමුත් තමා තුළ වූ සියලු ශක්තිය, අරමුණු සහ ගෞරවාන්විත බව එලෙසින්ම රැකගැනීමට ඇය සමත් වූවාය. මෙම චිත්‍රපටය තුළ ඉන් කිසිවක්, ඇය පිළිබඳ අංශුමාත්‍රයකුදු දක්නට නොලැබීම අවාසනාවකි. අවාසනාවකටත් වඩා, එවන් උත්තරීතර ගැහැනියක, මෙතරම් වැරදි, නිග්‍රහශීලී අන්දමකින් මවා පෙන්වීමට තැත්කිරීම සිත වේදනාවට පත්කරවයි. නමුත් දෛවයේ සරදම වන්නේ, මනෝරාණි නිසැකවම ජීවිතයට වඩා විශාල, එවන් පුළුල් තිරයක් වෙනුවෙන්ම ඉපදුණේ යැයි කිවහැකි තරම් වූ ශ්‍රේෂ්ඨතම ගැහැනියක වීමය.

අප වැනි අය හොඳින් දැන සිටියවුන්ට එම චිත්‍රපටය පුරාවට රැගෙන එන්නේ වේදනාවක් බව සත්‍යයකි. එනමුත් අවම වශයෙන් ඇයගේ මතකයන් තුළ හෝ සැනසීමක් ලැබීමට තරම්වත් අපි වාසනාවන්තයන් වෙමු. ඒවා කිසි දිනෙක, කිසිදු ආකාරයකින් විකෘති කළ නොහැකි අමරණීය මතකයන් වේ.

සැබෑම ශෝකාන්තය නම්, මෙම චිත්‍රපටය, නව පරම්පරාව වෙනුවෙන් සිදුකර ඇති දේය. මනෝරාණි සරවනමුත්තු නම් ගැහැනියකගේ චරිතාංග ලක්ෂණ, අනන්‍ය වටිනාකම් ආදී කිසිවක් ග්‍රහණය කරගැනීමට අසමත් වූ නමුත්, කලා කෘතියක්, සංස්කෘතික ඉතිහාසයක කොටසක් ලෙස සමාජය තුළ ස්ථානගත වීමට මෙම චිත්‍රපටය උත්සාහ දරමින් සිටියි. එමගින් ‘රාණි’ ඇයගේ මතකයට සිදු කරන්නේ දැවැන්ත අපරාධයකි. ඇය එයට වඩා ගෞරවාන්විත මතකයක් වීමට බෙහෙවින් උරුමකම් කියන දැවැන්ත පෞරුෂයකි.

(මනෝරාණි සරවනමුත්තුගේ ඥාති දියණියක වන මාරි – හෙලේන් ඩි අල්මේදා විසින් ලියන ලද ලිපියක සිංහල පරිවර්තනයකි. ඇය නාට්‍ය හා කලා ඉංග්‍රීසි ගුරුවරියක වශයෙන් සේවය කොට විශ්‍රාම ලබා සිටින්නීය.)

නිලේකා ධනංජනී ගුණවර්ධන

SendShareShare
Previous Post

කැල්වියන් තුඩුව පහුකරන් රාමේෂ්වරම හරහා ආදරයේ සංකේතය මන්නාරමට ආපහු ඇවිත්! යන්න දැන්ම ගිහින් බලන්න! Sri Lanka Latest News

Next Post

ත්‍රාසජනක අත්දැකීමක්! අයිස් ගෝනි ඒක මළවුන්ගේ ලෝකයේ මොහොතක්! Sri Lanka Latest News

MORE NEWS

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැමරා අල්ලගෙන.. මයික් අල්ලගෙන මෙහෙමත් පචවෙන ලංකාවේ මාධ්‍ය! VIDEO I Sri Lanka Latest News

සජබය සහ එජාපය එකතුවීම සම්බන්ධයෙන් එජාප මහලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මාධ්‍ය නාලිකාවක් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී අතුකෝරාල මහත්මිය ඊට ප්‍රතිචාර...

Read more
ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ප්‍රධාන පෙළේ ඉන්දීය ආයෝජකයන් සහභාගී වූ Vestige Investor and Dealer සමුළුවට විපක්ෂනායක සජිත් එක්වෙයි! ඉන්දීය ආයෝජනවලින් රට ගොඩගන්න සැලසුම් ලෑස්තියි! සජිත් කතාව කරගෙන යද්දී ඉන්දීය ආයෝජකයන් අත්පොලසන් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අන්තිම කැමැති පත්‍රය ලියන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල ගුවන් හමුදාව ඉරාන අහස අල්ලා ගනී! රුසියාව දීපු ගුවන් ආරක්ෂණ පද්ධතිය පළමු ප්‍රහාරයෙන්ම විනාශයි! ඉරාන සියලු ගුවන් හමුදා මූලස්ථානවලට එකවර ප්‍රහාර එල්ල වෙයි! VIDEO I Sri Lanka Latest News

සටන් විරාමය ඉවරයි! ඉරානය ඊශ්‍රායලයට මිසයිල ගහන්න පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.