• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ත්‍රාසජනක අත්දැකීමක්! අයිස් ගෝනි ඒක මළවුන්ගේ ලෝකයේ මොහොතක්! Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ත්‍රාසජනක අත්දැකීමක්! අයිස් ගෝනි ඒක මළවුන්ගේ ලෝකයේ මොහොතක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමාජ අසාධාරණය රට තුළ ඔඩුදුවන්නේ අද ඊයේ සිට නොවේ. ‘දවස’ කර්තෘ මණ්ඩලය තුළ ගෙවීගිය කාලය තුළදී කිසිවක් කරකියාගත නොහැකිව අසාධාරණයට ලක්වූවන් දිනපතා කර්තෘ නමට නාමිකව සහ නිර්නාමිකව එවනු ලබන ලිපි සංඛ්‍යාවද ගණනය කිරීමට බැරි තරම් විය. ඒ ලිපිවලින් කියැවෙන සිද්ධීන් කතුවරයා තෝරා බේරා සොයා බැලීමට බාරදෙන්නේ මාධ්‍යවේදීන්ටය. පොලිසියේද සහාය ලබාගත යුතු මහජන පැමිණිලි යොමුකරන්නේ මගේ මේසයටය. Sri Lanka Latest News

1979 යුගයේ එවක ‘දවස’ කර්තෘවරයාව සිටි අධිනීතිඥ එස්.එල්. ගුණසේකර මහතා හදිසියේම මා ඔහුගේ කාමරයට කැඳෙව්වේය. මා එහි යනවිට වාඩිගෙන සිටියේ සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ තවත් පිටස්තර අයෙකි. සෑම දෙනාගේම ජීවිතයේ අවසානය මළවුන්ගේ ලෝකය වුවද, මෙලොව හැරදා ගිය පිරිස්වල පරීක්ෂණ අවසන් වන තෙක් දුක් විඳින්නේ මියගිය අයගේ ඥාතීන්ය. මෙම සිද්ධිය දෝලනය වන්නේ මළ සිරුරු නිදහස් කරගැනීමට එන අයිතිකරුවන්ට විශාල ප්‍රමාණයේ ගෝනියක් පුරා විශාල අයිස් කැටයක් පොලිස් මෘත ශරීරාගාරයට බාරදීමට සිදුව තිබීමේ දුක්බර සිද්ධියකි. ඒ තොරතුර රැගෙනවිත් තිබුණේ පොලිස් මෘත ශරීරාගාරය ආසන්නයේ රාජකාරි කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙකි. පොලිස් මෘත ශරීරාගාරයේ වායුසමීකරණය ක්‍රියා විරහිත වී මාසයකට අධික කාලයක් ගතවී ඇති නමුදු ඒවා ඒ වනවිටත් පිළිසකර නොකර තිබීම නිසා කොළඹ මහ රෝහලේ මියයන පුද්ගලයන් ගැන පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වෙන තුරු මළවුන්ගේ ලෝකයට ගිය අය අවසන් හුස්ම හෙළා ගෙදර යෑමට නොහැකිව ඥාතීන්ට දුක් දෙමින් සිටියේ මෙතැනය. ඒ පිළිබඳ තොරතුරු කර්තෘවරයාද සටහන් කරගෙන තිබිණි. කර්තෘ හමුවීමට පැමිණි පොලිසිය කීවේ ක්‍රියා විරහිතව ඇති වායුසමීකරණවල ඡායාරූප ගැනීමට රහසිගතව උදව් කළ හැකි බවයි.

‘දවස’ කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් අප සමග කීවේ උද්ගතව ඇති තත්ත්වය නිසා පැතිරී යන දුර්ගන්ධය ඉවසාගත නොහැකි නිසා ඔවුන් රාජකාරි කරන්නේ නාසය තදින් වැසෙන සේ රෙදිකඩක් ඔතාගෙන බවයි. මේ ගැන වගකිව යුතු නිලධාරීන්ට පැවැසුවද ඔවුන්ගේ පිළිතුර වී ඇත්තේ ඒවා සවිකළ ආයතනයට දන්වා ඇතත් ඔවුන් තවමත් නොපැමිණි බවයි. වායුසමීකරණය ක්‍රියා විරහිත වී තිබූ මොහොතක නොදන්නා අයකු ඒ ගැන බලන්න ගිය අවස්ථාවක එය කඩාවැටී ඇති බවක්ද ඔවුන්ගෙන් කියැවිණි. එම නිලධාරීන්ට මා කියා සිටියේ ‘එදිනම හවස 5ට විතර මම එනවා. එතන ඉන්න කම්කරුවන් දෙන්නා ඉවත් කර තියන්න’ කියායි.

ඒ අනුව එදින සවස් යාමයේ ඡායාරූප ශිල්පී ගාමිණී වික්‍රමසිංහ සහ මම ‘දවස’ වෑන් රියකින් පුංචි බොරැල්ල නගරය ආසන්නයේ අතුරු මාර්ගයක පිහිටා තිබූ පොලිස් මෘත ශරීරාගාරයට ගියේ වෑන් රිය අතරමග නවතා තබාය. අපද එහි ගියේ ලේන්සුවලින් මුහුණු ආවරණය කරගෙනය. පොලිස් මෘත ශරීරාගාරයේ සිටින කම්කරුවන් දෙදෙනාට පොලිසිය මුදලක් දී පුංචි බොරැල්ල පැත්තට පිටත් කර යවා තිබුණේ මත්වතුර පානය කරන්නටය. ඒ අනුව ලද අවස්ථාවෙන් මටත් ඡායාරූප ශිල්පී ගාමිණීටත් මෘත ශරීරාගාරයේ දොර විවෘත විය. අප දෙදෙනා ඇතුළට දමා පොලිසිය දොර වසා කීවේ ඉක්මනින් ඡායාරූප ගෙන යළි දොරට තට්ටු කරන ලෙසයි.

ගාමිණී සහ මම ඇතුළට යද්දී මළ සිරුරු 10ක් පමණ ශීතකරණය නැතිව විවෘතව තිබෙනු දුටු විට වඩාත් බියට පත්වූයේ ගාමිණීය. ඇතැම් මළ සිරුරු අසල විශාල ප්‍රමාණයේ අයිස් ගෝනි හේත්තු කොට තිබුණද ඒවායින් ඒ තරම් ප්‍රතිඵලයක් නැතුවා සේය. කැඩීබිඳී ගොස් තිබූ වායුසමීකරණවල ඡායාරූප ක්ෂණිකව ලබාගත් ගාමිණී, මා සමග යළි දොර අසලට පැමිණ දොරට තට්ටු කළද පොලිසිය දොර විවෘත කළේ නැත. පිටත සිටි පොලිසිය ශබ්ද නොනැගෙන ලෙස කීවේ, ‘හදිසි ප්‍රශ්නයක්. ශබ්ද නොකර ටික වෙලාවක් ඉන්න’ යනුවෙනි. ඒ සුළු මොහොතද අපට දැනුණේ පැයක් මෙන්ය. සුළු මොහොතක් මටත් ගාමිණීටත් මළවුන් අතර තනි වෙන්නට සිදුවිය. ඒ වනවිටත් මා සමග සිටි ඡායාරූප ශිල්පී ගාමිණී මට බණින්ට ගත්තේ ඇතුළත ඇති දුර්ගන්ධය ඉවසාගත නොහැකිවය. ඒ අවස්ථාවේ පොලිසිය දොර විවෘත නොකළේ පුංචි බොරැල්ලට පිටත් කළ කම්කරුවන් දෙදෙනා කිසියම් දෙයක් අමතක වී ආපසු පැමිණ තිබූ නිසාය. කම්කරුවන් දෙදෙනා යළි ගිය විට දොර විවෘත කර අප දෙදෙනා එළියට ගන්නා විට පිටස්තර අයකු අප අසල සිටියා නම් සසර කලකිරෙනවා නොඅනුමානය යන අදහස මගේ සිතට නැගුණේ ඒ වනවිට මගේ ඇඳුම්වල තැවරී තිබූ ඉවසිය නොහැකි දුර්ගන්ධය නිසාමය. ගාමිණීගේ බැණවැදීම තවදුරටත් පැවැතිණි. ඔහුව අස්වැසූ පොලිස් නිලධාරියකු පුංචි බොරැල්ලේ පිහිටි ඔහුගේ හිතවතකුගේ නිවසට ගාමිණී කැඳවාගෙන ගියේ. එහි සිටි පොලිස් මිතුරාට කාරණාව කියා ගාමිණී ඇඳ සිටි කමිසය ගලවා අලුත් කමිසයක්ද ලබාදී, එම නිවසින් පිටස්තරව පිහිටා තිබූ නාන කාමරයට ඔහුව යවා පිරිසුදු වන්නට උපදෙස් දී තිබිණි. මමද කමිසය ගලවා මුහුණකට සෝදා පිරිසුදු වී ඇඳ සිටි කමිසය බෑගයක දමාගතිමි. බැනියම පිටින් ‘දවස’ වෑන් රියට නැග ගාමිණීද මරදාන දුම්රිය ස්ථානය අසලින් බස්සවා මම ගෙදර ගියෙමි.

මා එවක පදිංචිව සිටියේ රත්මලාන සොයිසා පුර මහල් නිවාස සංකීර්ණයේ පහත මහලේය. නිවසට ගිය මම ගෙයින් පිට සිට හෝස් පයිප්පයකින් යළි නාගත්තේ හැඳ සිටි ඇඳුම පිටින්මය. පසුව ගෙදරින් ගෙන්වා ගත් අලුත් ඇඳුමක් හැඳ නිවසට අතුළු වුණෙමි.

අප මිනී කාමරයකට රිංගා ලබාගත් ඡායාරූප මළසිරුරු පෙනෙන නොපෙනෙන අයුරින් සකස් කර වායුසමීකරණ ක්‍රියා විරහිත වීමේ දර්ශනද ඇතුළත් කර පසුදා ‘දවස’ පත්‍රයේ මුල් පිටුවේ පළකළේ ‘මළවුන්ගේ ලෝකයට අයිස් ගේන්න සිදුවෙලා… ශීතකරණ අබලන්… මළ සිරුරු අයිතිකරුවන් ‘දවස’ට දුක කියයි’ යන සිරස්තලය යටතේය. එම ප්‍රවෘත්තිය පළවීමෙන් පසු පැය 48ක් යෑමට මත්තෙන් පොලිස් මෘත ශරීරාගාරයේ වායුසමීකරණ යන්ත්‍රය යළි පණගන්වා තිබිණි.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

හඳගම කෙලෙසූ රාණි ගැන ඥාති දියණියකගෙන් ලියුමක්! විකෘතියක්! අපරාධයක්! චිත්‍රපටය පුරාවට රැගෙන එන්නේ වේදනාවක්! Sri Lanka Latest News

Next Post

ඡන්දේ අස්සේ ගහපු ගැහිලි! දෙයි හාමුදුරුවනේ මුන්ට පුළුවන්ද රටකට මෙහෙම කරන්න…? Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.