• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මඩකළපුවේ අතිසංවේදී සිදුවීමක්! ගෙදරින් දන්නෙත් නෑ ඉස්පිරිතාලෙන් දන්නෙත් නෑ! උසස් පෙළ සිසුවිය දරුවෙක් බිහිකරලා ජනේලෙන් එළියට වීසි කරලා! තරුණ පරම්පරාව මේ තත්ත්වයට පත්වුණේ කොහොමද? වැරැද්ද කොතැනද? Sri Lanka Latest News

March 1, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මඩකළපුවේ අතිසංවේදී සිදුවීමක්! ගෙදරින් දන්නෙත් නෑ ඉස්පිරිතාලෙන් දන්නෙත් නෑ! උසස් පෙළ සිසුවිය දරුවෙක් බිහිකරලා ජනේලෙන් එළියට වීසි කරලා! තරුණ පරම්පරාව මේ තත්ත්වයට පත්වුණේ කොහොමද? වැරැද්ද කොතැනද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අම්මා කෙනෙක් තමන්ට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්දා පටන්, දරුවා මෙලොවට බිහිකරන තුරු අසීමිත කැපකිරීමක් කරනවා. ඒත් ඒ වාසනාව හැම අම්මා කෙනකුටම ලැබෙන්නේ නැහැ. බොහෝ කාන්තාවන් මවක වීමේ සිහිනය සැබෑ කරගන්න බැරිව පසුතැවෙනවා. Sri Lanka Latest News

දස මාසයක් කුසේ දරාගෙන බිහිකරපු දරුවාගේ මුහුණවත් නොබලා වීසිකරන්න සැබෑ අම්මා කෙනෙකුට පුළුවන්ද? ඒත් අද සමාජය ඒ තරමටම පිරිහිලා. වර්තමානයේ ඇතැම් තරුණ මවුවරුන් එලෙස කටයුතු කරන්නට පෙලඹීම කොයිතරම් කනගාටුදායකද? හැඟීම් දැනීම් පිරිහුණු දරුවන් පිරිසක් සමාජයට බිහිවෙලා. මෙහෙම වෙන්න ඇත්තටම හේතුව මොකක්ද? ඒ තත්ත්වය ඇතිවුණේ තමන්ගේ ආදරණීයයන්ගෙන්ම වෙන්නට බැරිද? දරුවන්ට ආදරය කරුණාව ගෙදරින් ලැබෙනකොට ඔවුන් නොමඟ යන්නේ නැහැ.
පසුගියදා ඉතාම අනුවේදනීය පුවතක් සමාජ මාධ්‍යයෙන් අසන්නට ලැබුණා. ඒ, මඩකළපුව ශික්ෂණ රෝහලෙන්. උසස් පෙළ හදාරන සිසුවියක් රෝහලක වැසිකිළියක් තුළදී දරුවකු බිහිකර රෝහලේ ජනේලයෙන් එම දරුවා පිටතට වීසිකළ බව එම පුවතෙන් කියැවුණා. නමුත් සතුටට කරුණ නම් රෝහල් කාර්ය මණ්ඩලයේ මැදිහත්වීම නිසා එම දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිව තිබීමයි.

දරුවා බිහිකළ සිසුවිය ජීවත්ව සිටින්නේ මඩකළපුවට ආසන්න ප්‍රදේශයකයි. පසුගිය 23 වැනිදා හටගත් උදරාබාධයක් හේතුවෙන් ඇය සිය මවුපියන්ද දැනුවත් කර එදින අලුයම 3.30ට පමණ රෝහල්ගත වී තිබුණා. කෙසේ වෙතත් ඇය ගැබ්ගෙන ඇති බව රෝහල් කාර්ය මණ්ඩලයෙනුත් ඇගේ මවුපියන්ගෙනුත් වසං කර තබාගැනීමටයි මෙම සිසුවිය කටයුතු කර තිබුණේ. ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර සිසුවිය වැසිකිළියට ගොස් තිබුණේ ඇයට දැනුණු වේදනාවත් සමගිනි. එම අවස්ථාවේ ඇය වැසිකිළිය තුළදී දරුවා බිහිකර ඇත. පොලිස් විමර්ශනවලට අනුව අනාවරණ කර තිබුණේ ඇය බිහිකළ දරුවා ජනේලයෙන් පිටතට වීසිකරන අවස්ථාවේ දරුවා හඬන හඬ ඇසී, හෙදියන් කිහිප දෙනකු මැදිහත්ව දරුවා බේරාගැනීමට කටයුතු කර ඇති බවයි. අනතුරුව වහාම බිලිඳාව දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර තිබෙනවා.

මඩකළපුව ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය කලාරංජනී ගනේෂලිංගම් මහත්මිය පවසා තිබුණේ දරුවා සහ මව මේ වනවිට නිරෝගී සුවයෙන් පසුවන බවයි. ඇය වැඩිදුරටත් පවසා සිටියේ සිද්ධිය දැනගත් වහාම රෝහල් කාර්ය මණ්ඩලය ඉක්මනින් ක්‍රියාත්මක වී බිලිඳාට අවශ්‍ය ප්‍රතිකාර කළ බවත්, මේ වනවිට මව සහ බිලිඳා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවයි. එසේම ඉදිරියේදී මෙවැනි සිදුවීම් සිදු නොවීම සඳහා තරුණ ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන් රෝහල් පරිපාලනය විසින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, රෝහලට ඇතුළත්වන ගැබිනි මවුවරුන්ගේ මෙවැනි අවදානම් තත්ත්ව හඳුනාගැනීමට විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවත් වෛද්‍යවරිය සඳහන් කර සිටියා.

මේ සිදුවීම සම්බන්ධව සිසුවියගේ පවුලේ සාමාජිකයන්ගෙන් සහ රෝහල් කාර්ය මණ්ඩලයෙන් තොරතුරු එක්රැස් කරමින් පරීක්ෂණ පවත්වන බව මඩකළපුව පොලිස් ස්ථානාධිපති ගජනායක මහතා ප්‍රකාශ කර කළා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙය සංවේදී සිදුවීමක් බවත්, මේ සිදුවීම පිටුපස ඇගේ සමාජයීය, ආර්ථික, මානසික තත්ත්වය ගැනද අධ්‍යයනයක් කළයුතු බවයි. මේ සිදුවීම ඇයට පමණක් සිදුවූවක් නොව, මුළුමහත් සමාජයටම සිදුවූවක් ලෙස සලකා ඊට පිළිතුරු සෙවීමට බලාපොරොත්තු වන බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

මෙම සිදුවීම සම්බන්ධව විශේෂඥ මනෝ වෛද්‍යවරුන්ගේ අදහස වී තිබුණේ නව යොවුන් දැරියන් බාහිර ගැබ්ගැනීම් පිළිබඳ විවිධ සමාජයීය හා මානසික සාධක ක්‍රියාත්මක වන බවයි. පසුගිය වසර කිහිපය තුළම මෙවැනි සිදුවීම් රාශියක් වාර්තා වී තිබුණ බව අපට දැකගන්නට ලැබුණා. මේ හේතු නිසාම මෑතක සිට අධ්‍යාපන අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව පාසල් විෂය නිර්දේශයට ලිංගික අධ්‍යාපනය සහ සෞඛ්‍ය අධ්‍යාපනය ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටිනවා. නව යොවුන් වියට පාතබන දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශයෙන් දැනගන්නට ලැබුණේ.

පාසල් වයසේ සිටින ඇතැම් දරුවන් ඇතිකරගන්නා පෙම් සබඳතා දුරදිග යෑම මෙවැනි සිදුවීම්වලට ප්‍රධාන හේතුව වන්නට පුළුවන්. පෙම්වතිය ගැබ්ගැනීමෙන් පසු පෙම්වතා ඇයව මගහැරීම නිසා දැරියට මෙවැනි තත්ත්වයන්ට මුහුණපාන්නට සිදුවේ.

තරුණ වයසේ පසුවන පාසල් සිසුවියන්ට මේ සිදුවීමෙන් ලබාගත හැකි පාඩම අතිමහත්ය. මවුපියන්ට වඩා පෙම්වතුන් කෙරෙහි විශ්වාසය තැබීම නිසා මුළාවට පත්වීම මෙවැනි කනගාටුදායක තත්ත්වයන්ට හේතුව වෙයි.

මේ සිදුවීම මෙසේ සිදුවෙද්දී පසුගිය 26 වැනිදා ජාත්‍යන්තර පාසලක අවුරුදු 15ක දරුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. එම පාසලේ සිසුන් 06 දෙනකු මේ සම්බන්ධව අත්අඩංගුවට ගැනීමට ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණ ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අපයෝජනය 2023 වසරේ සිට මේ වර්ෂයේ පෙබරවාරි මාසය දක්වාම සිදුව ඇති බවයි පරීක්ෂණවලින් හෙළිව තිබුණේ. අපයෝජනයට ලක්වූ සිසුවාට අවශ්‍ය උපදේශන සේවා සහ මානසික සහාය ලබාදීමට පියවර ගෙන ඇති බව ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරනවා.

මේ වන විට පාසල් පද්ධතිය තුළ සිසු සිසුවියන් අපයෝජනය වන ප්‍රතිශතය ඉහළ යමින් පවතින බව මෙවැනි සිදුවීම් තුළින් අනාවරණ වෙයි. පසුගිය වසරේද තණමල්විල ප්‍රදේශයේ පාසල් සිසුවියකට මත්පැන් පොවා, සිසුන් විසිදෙදෙකු විසින් සමූහ දූෂණයට ලක්කරන අයුරු වීඩියෝ ගතකර තිබුණා. කාලයක් තිස්සේම මේ දූෂණය සිදුවුණත් ඒ සම්බන්ධයෙන් පාසල් පරිපාලනය පාසල දැන නොසිටීම කනගාටුවට කරුණක් වුණා. මවුපියන් දරුවන්ව පාසලට එවන්නේ එහි තම දරුවාට ආරක්ෂාව ඇතැයි යන විශ්වාසයෙන්. නමුත් පාසල් කාලය තුළදී දරුවන්ට මෙවැනි අපයෝජන සිදුවීම ඉතා කනගාටුදායක තත්ත්වයක්.

මේ අතර, ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් පවසන්නේ දරුවන්ට ලිංගික අධ්‍යාපනය ලබාදිය යුතු නිශ්චිත වයසක් නොමැති බවත්, කුඩා කල සිටම දරුවන්ට ලිංගික දැනුම ලබාදිය යුතු බවයි. ඇත්තෙන්ම පාසල් දරුවන් මෙවැනි ලිංගික අපයෝජනවලට ගැබ් ගැනීම්වලට ලක්වන්නේ දරුවන් තුළ ලිංගික දැනුවත්භාවයක් නොමැතිකම හේතුවෙනි. මේ තත්ත්වයන්ට අහිංසක දරුවන් පත්වන්නේ ආදරණීයයන්ගෙන් මවුපියන්ගෙන් නිසි ආදරයක් ඔවුන්ට නොලැබීම, ප්‍රතික්ෂේප කිරීම, අපහාස කිරීම, ඉටුකළ නොහැකි බලාපොරොත්තු ලබාදීම, ඉගෙනීමට ඇති අවස්ථා අවහිර කිරීම වැනි කාරණා නිසා දරුවන් ඉච්ඡාභංගත්වයට පත්වීම හේතුවෙනි. මේ හේතුවෙන් දරුවන් ලැබෙන තැනකින් ආදරයක් සොයා යමින් නොමගට පත්වන අවස්ථා සමාජයේ නිතරම දක්නට හැකිය. මවුපියන්ගෙන් නිසි රැකවරණයක් නොලැබෙන තැන දරුවන් රැකවරණයක් සොයා යමින් මුළාවට පත්වන්නේ තමන්ට තාවකාලිකව ලබාදෙන ආදරයට රැවටීමෙනි.

නව යොවුන් වයසේ සිටින දරුවන්ට ආදරය කියන දේ අත්‍යාවශ්‍ය අංගයක්. ඔවුන්ගේ මානසික වර්ධනයට, පෞරුෂ වර්ධනයට ආදරය, රැකවරණය අත්‍යාවශ්‍යයි. වර්තමානයේ මවුපියන් කාර්යබහුලත්වය නිසාම දරුවන්ට ආදරය කරන්න වෙලාවක් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා. බොහෝ මවුපියන් දන්නේ නැහැ දරුවන්ට දැනෙන්න ආදරය කරන්න. මේ නිසාම දරුවන් ගෙදරින් ඈත්වෙනවා. දරුවන්ට හොඳ නරක කියා නොදීම, ඇහුම්කන් නොදීම දරුවන් නොමගයාමට ප්‍රධාන වශයෙන් බලපානු ලබනවා.
පාසල් පද්ධතියක් තුළ මෙවැනි තත්ත්ව ඇතිවීම ඉතාම කනගාටුදායකය. බලධාරීන් වහාම මේ පිළිබඳ අවධානය යොමුකළ යුතුයි. පාසලේ විනය ගැන මීට වඩා අවධානය යොමුකර, දරුවන් ආරක්ෂා කරගැනීමට කටයුතු කළ යුතුයි. දරුවකුගේ ජීවිතයක් එක තැනකින් වැරදුණොත් ඒ දරුවාගේ මුළු ජීවිතයම අඳුරට වැටෙනවා. ඒ නිසා ඔබත් මෙවැනි ළමා අපයෝජන සිදුවීක් පිළිබඳ දන්නේ නම් වහාම ළමා ආරක්ෂක අධිකාරියේ 1938 දුරකතන අංකයට දැනුම් දෙන්න. හැම කෙනෙක්ම, සෑම දරුවෙක්ම තමන්ගේ දරුවකු ලෙස සිතා කටයුතු කළොත් යහපත් අනාගතයක් ගොඩනගා ගැනීමට එය මහත් රුකුලක් වේවි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

පුංචි ඡන්දයේ දිනය මේ සතියේ! Sri Lanka Latest News

Next Post

කැල්වියන් තුඩුව පහුකරන් රාමේෂ්වරම හරහා ආදරයේ සංකේතය මන්නාරමට ආපහු ඇවිත්! යන්න දැන්ම ගිහින් බලන්න! Sri Lanka Latest News

MORE NEWS

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.