අපරාධ ක්‍රියාකාරකම් වැඩිවීමට පිළියම් යෙදීමට අනීතික ලෙස පුද්ගලයින් ඝාතනය කිරීම කිසිවිටෙකත් විසඳුමක් නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.Sri Lanka Latest News
නීතියේ ආධිපත්‍යයට අනුගත වන විට අපරාධ මැඩපැවැත්විය හැකි බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සදහන් කළේය.
නිවේදනයක් නිකුත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ බව අවධාරණය කර තිබේ.
පසුගියදා පොලිස් වෙඩිතැබීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියයෑමට හේතු වූ තත්වයන් පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් කඩිනමින් ආරම්භ කරන ලෙස ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනය මගින් ඉල්ලීමක් සිදු කර තිබේ.
එමෙන්ම අනාගතයේදී මෙවැනි ඝාතන සහ අත්අඩංගුවේ පසුවන පුද්ගලයන් මරණයට පත්වීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් එම සංගමය වැඩබලන පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටී.
“නිසි විමර්ශනයකින් තොරව මෙවැනිම ඝාතන අතීතයේ දී සිදුවී ඇති බවත්, වැරදිකරුවන් නීතිය හමුවට පමුණුවා ගැනීම සඳහා කිසිදු අර්ථවත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය කණගාටුවෙන් සඳහන් කරයි. නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ මෙම අක්‍රියතාවය රාජ්‍යයේ පැත්තෙන් දඬුවම් නොලැබීමේ වාතාවරණයක් පිළිබඳ චෝදනාවලට තුඩු දී තිබේ. එවැනි අසාර්ථකත්වයන් හේතුවෙන් යුක්තිය පසිඳලීම ප්‍රශ්න කර ඇති අතර එහි කාර්යක්ෂමතාව පිළිබඳ මහජන විශ්වාසය සැලකිය යුතු ලෙස නැති වී තිබේ,” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් වේ.










