ලෝක විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීමේ ලයිස්තුවේ පළමු වතාවට ඉහළට ඒමට පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමත්ව තිබේ.
ඒ අනුව ලෝක විශ්වවිද්‍යාල ලයිස්තුවේ 401ත්-500ත් අතර කාණ්ඩයට පේරාදෙණි විශ්වවිද්‍යාලය ඇතුළත්ව ඇත.
මෙම විශ්ව විද්‍යාල අතරට ඉන්දියාවේ විශ්වවිද්‍යාල 56 ක්, මැලේසියාවෙන් 16ක්, තායිලන්තයෙන්13 ක් ඇතුළත්ව ඇත.
වසර ගණනාවක් තිස්සේ ලැයිස්තුවේ සිටි කොළඹ විශ්ව විද්‍යාලය, 1001+ කාණ්ඩයට ශ්‍රේණිගත කර ඇති නමුත්, 2018 හි 801- 1,000ත් අතර කාණ්ඩයට සාපේක්ෂව පහළ ශ්‍රේණිගත කිරීමකි.
කෙසේවෙතත් මෙරට ජනප්‍රිය මොරටුව, ශ්‍රී ජයවර්ධනපුර සහ කැලණිය විශ්වවිද්‍යාල මෙම ලයිස්තුවට ඇතුළත් වීමට අපොහොසත් වී ඇත.
එහි මුල් ලයිස්තුවේ එක්සත් රාජධානිය සහ එක්සත් ජනපද විශ්වවිද්‍යාල ඇතුළත්ව ඇත.













