රු. 9000 විදුලි බිල රු.6000ත් රු.3000 විදුලි බිල රු.2000ත් ලෙස 1/3කින් විදුලි බිල අඩු කරනවා යැයි රජය මැතිවරණ සමයේ පැවසූ බවත් ජනතාව රජය මත පීඩනය පැටවූ නිසා විදුලි බිල 20%ක සාමාන්‍යයකින් අඩු වුවත් විදුලි බල ඇමතිවරයා ප්‍රකාශ කරන ආකාරයට නුදුරේදීම විදුලි බිල වැඩි වන බවත් මේ විදුලි බිල සූත්‍රය වෙනස් කර ජනතාවාදී කරනවා කියා තිබියදී විදුලි බිල ඉදිරියේ දී වැඩි වන්නේ කෙසේද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News
මෙසේ විදුලි බිල වැඩි වූ විට නව ආයෝජනවලට මෙන්ම සාමාන්‍ය ජනතාවට ද බලපෑමක් වන නිසා මේ ගැන අවධානය යොමු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.










