පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය තීන්දු කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතය. Sri Lanka Latest News
මේ අතර විෂය භාර අමාත්‍යවරයාගේ ගැසට් නිවේදනය අනුව ලබන ජුලි මස 2 වැනිදාට ප්‍රථමයෙන් පළාත් පාලන මැතිවරණය පවත්වා එහි සභිකයන් ගැසට් කර සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා පවත්වාගෙන යෑමට කටයුතු කරන්නේ යැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පසුගිය 21 වැනිදා පැවති මැතිවරණ නියාමන පනත් කෙටුම්පත පිළිබඳ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවේදීය.










